රටට වුණු විපර්යාසය ගැන ඇසිය යුත්තේ ජනපතිගෙන් බව හිටපු ජනපති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා අද මහ නුවර දී කීවේය.
‘අපි යහපාලනය දෙස බලා ඉන්නවා. රටට වෙච්ච විපර්යාසය ගැන ජනතාවගෙන් ඇසූවිට තේරෙනවා. විපර්යාසය ගැන ජනාධිපතිතුමාගෙන් තමයි අහන්න ඕනෑ. පසුගිය ජනවාරි අට වැනි දා අපේ රජය පැරදුනා. මෛත්‍රීපාල මහත්තයා ජනාධිපති වුණා. ඒ ගැන සුබපතනවා. නමුත් යහපාලනය ගැන නම් සෑහීමකට පත් වෙන්න හැකියාවක් නෑ.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
18 ව්‍යවස්ථාව ගෙනත් සදාකාලිකව සනුහරේම බලයේ ඉන්න හදපු ඔබව ජනතාව ගෙදර යැව්වා . ඒක තමා විපර්යාසය (බ)
වෙනස තේරුම් ගන්න (නි)
රවී බණ්ඩාර, අපි නම් නොසතුටෙන් ඉන්නේ රටේ කෝටි ප්‍රකෝටි ගණනින් ගසා කාලා ලෝකයේ බැංකු පුරවපු හොරුන්ට අද වෙනතුරු කිසිම දඬුවමක් නොදුන් එක ගැනයි. ඒ මුදල නැවත ජනතා සතුකර ගන්න නොහැකිවීම ගැනයි. (නි)
එදා වෙනසක් නොවෙන්න අද වෙනකොට බලාගන්න තිබුනා අපේ රටට අපිට මොකද වෙන්නේ කියලා. (නි)
ඉතියෝපියාවක්, සෝමාලියාවක්, කෙන්යාවක්, උගන්ඩාවක්, ස්වාසිලන්තයක් වෙන්න තිබුන රටක් අපි නිදහස් කරගත්තා කියන සතුට තියෙනවා. (නි)
හිසරදයට කොට්ටය මාරුකිරීමක් (නි)
අපෙත් කිසිම සතුටක් නැහැ (නි)
යහපාලනයට පින් සිද්ධවෙන්න රාජපක්ෂලා නිදහසේ ඉන්නවා. (නි)
රටට ඔබේ සේවය අවශ්‍යව ඇත. (නි)
බලනකොට කවුරුත් එකයි. (නි)
අපිත් පුදුම කළකිරීමකින් ඉන්නේ (නි)
වත්මන් රජය මොනවද රටේ සංවර්ධනයට අලුතින් එක්කළේ? මේ රජයේ කතාව තියෙන්නේ විවෘත සංශෝධන ගැන පමණි. බලාඉන්න මේ වසර අන්තිමට මොකද වෙන්නේ කියලා (නි)
අපිත් ඔබ සමඟයි (නි)
මැරිලා ඉපදිලා වගේ. දැන් මේ දුකට කියවන දේවල්. (ස)
යහපාලනය කියන්නේ පට්ට පල් බොරුවක්. රණවිරුවෝ හිරේ දාල කොටි නිදහස් කරපු පාලකයෝ ඉන්න රටක් මේක . (ස)
ඔබතුම දැන් හළන්නේ නියම කඳුළුද, කිඹුල් කඳුළුද කියන්න මම දන්නේ නැහැ. සියලු දෙනාටම සාමයෙන් ජීවත්විය හැකි මේ රට ගොඩගැනීමේ, සිංහලයාගේ, බෞද්ධයාගේ අනාගාතය සුරක්ෂිත කිරීමේ සියලු හැකියාව තිබියදී එය අමතකකර පවුල් රාජ්‍යයක් ගොඩනැගීමට ගිය ඔබතුමත් මේ තත්වයට රට පත්වීමේ පාපයට වගකියන්න ඕනෑ (නි)
අද වී වපුරලා හෙට අස්වැන්න නෙලාගන්න බැහැ. අපි අවුරුදු පහක් බලමු. ඔබතුමාට අවුරුදු 12ක්ම දුන්නා. (ර)
වර්තමානයේ අඩුම වශයෙන් අදහස් දැක්වීමේ නිදහස තියෙනවා .අපි පන්සිල් පද පහ අනුව ජිවත් වෙන නිසා හිතේ සැනසීමෙන් ජිවත් වෙනවා . (ම)
ඔබතුමා කොහෙත්ම මේ රටට ලබාගත්තු නිදහසට කැමති නැහැ කියල අපි හොඳට දන්නවා. ඔබතුමාගේ කාලේ රට කොහොමද තිබුනේ කියල වගේම රටට වෙන්න තිබුන දේත් අපි දන්නවා. ඔබතුමා සතුටු වෙන්න ඕනේ කාරණාවකුත් තියෙනවා. ඒ තමයි ඔබතුමාව පළිගැනීමේ චේතනාවෙන් අල්ලලා හිරේ දාපු නැති එක වගේම ප්‍රජා අයිතිය අහෝසි කරපු නැති එක (යුද්දයට නායකත්වය දීපු සරත් ෆොන්සේකාට කරා වගේ). අපිටත් පුංචි කලකීරීමක් තියෙනවා එත් ඔබතුමාගේ කාලේ වගේ කලකීරිකම් අපිට නැහැ. මේ ආණ්ඩුව අත්‍යවශ්‍ය භාණ්ඩ දෙක තුනක් හරි අඩුවට දුන්නා ඔබතුමාගේ කාලේ ඒම දුන්නේ නැහැනේ? වයිමා ආවත් බඩුමිල අඩුකරන්න බැහැ කීවා නේද? ඔබතුමාගේ කාලේ ජාති වාදය පැතිරිලා මොනතරන් රට පිරිහීමකට පත් උනාද? මාධ්‍යවේදියෝ කීදෙනෙක් මැරුණද? අහිංසක ජනතාව වගේ මාධ්‍ය වේදියෝ කීදෙනෙක් අතුරුදහන් උනාද? සිරස මාධ්‍යට ගල් ගැහුවේ ගිනිතිබ්බේ මේ ආණ්ඩුවේ අයද? තාජුදීන් මරල විධිමත් පරීක්ෂණයක් කරන්නේ නැතුව කොලේ වහල ඉන්න හැදුවේ මේ ආණ්ඩුවේ අයද? ඔබතුමාගේ ආණ්ඩුවේ ඇමතිලා තමන්ගේ පුත්තුලා නටපු නාඩගම් ගැන ජනතාව දන්නේ නැහැ කියල හිතුවද? ඔබතුමනේ කොහේදෝ රැස්වීමකට ඇවිත් කියල තිබුනේ "අපේ සමහර කට්ටියක් කරපු බලුකන් කුපාඩිකන් බල බල මට අහක බලාගෙන ඉන්න උනා" ඒ වචන ටික කටින්ද ඔබතුමා කීවේ? බලන් ගියාම මේ ආණ්ඩුව ඔබතුමාගේ ආණ්ඩුවට වැඩ කීප ගුණයකින් හොඳයිනේ. (අ)
බොහෝ ප්‍රතිචාර කියවූ විට පෙනෙන්නේ , දේසපාලන අවබෝධයක් නැතිකම යි . බඩු මිල පාලනය කිරීමට මොන ජගතෙකුට වුවත් බැරිය. අතීතය ගැන කල්පනා කරන්න. (ර)
2009 ට පෙර රට තිබු තත්වය ගැන කතා නොකර අලුත් නිදහස ගැන කියනවා .හිතින් මවාගත් සුරංගනා ලෝකවල ජීවත් වෙනවා . (ර)
එහෙනම් ඉතින් ඔය කියන්නේ එයාගේ කාලේ “පාලනය“ ගැන වෙන්න ඇති (නි)
එයා නම් කවදාවත් සෑහීමකට පත්නොවෙන කෙනෙක් බව පහුගිය වසර තුළම අපි දැක්කා.කොහොම වුණත් පහුගිය වසර කිහිපය තුළම මේ රටේ ජනතාව බොහෝ කරුණු කාරනා නිසා ඔබගේ පාලනය ගැන සෑහීමකට පත්නොවුණ නිසානේ 2015 ජනවාරි මාසයේ නව විපර්යාසයක් ඇතිකළේ !!!! (නි)
මේක අලුතින් කියන්න දෙයක්ද ?. මහින්ද මහත්තය සතුටින් ඉන්නේ කොහොමද මේ ආණ්ඩුව ගැන. අපි නම් බොහොම සතුටින් ඉන්නවා. මෛත්‍රී මහත්තයට ඡන්දෙ දීපු ලක්ෂ 62 ම සතුටින් ඉන්නවා, ඔය කලකිරිලා කියන්නේ මහින්ද මහත්තයට ඡන්දෙ දීල දැන් බොරුවට මෛත්‍රී මහත්තයට දුන්න කියන අය. 19 වන සංශෝධනය , ඩීසල්, පැට්‍රොල් , ගෑස් මිල අඩු කිරීම, පඩිය 10000 කින් වැඩි කිරීම , ජිනීවා මානව හිමිකම් ප්‍රශ්නය රටට වාසිදායක ලෙස විසදීම , මේවා කරන්නනේ අපි මහින්ද මහත්තයව පැරැද්දුවේ. (බ)
අනේ අපි නම් ඔය අය ගෙදර යවපු එකට ජනතාවට ස්තුතිවන්ත වෙනවා. යහපාලනය ගැන සතුටින් ඉන්නේ. ජය වේවා! (නි)
අනේද කියන්නේ එදා ඔබට තිබුණු සතුට කොතරම්ද කියලා අපට හිතාගන්නවත් බෑ. ඕවා ඔහොම තමයි. ඇත්තෝ කති බොති. නැති අපිට කවදත් නොසතුට. (ර)
රටේ වැඩිහරියක් ඔබ කාලයේ පාලනය එපා කිව්වා නේද? ඔබට අවංකවම හිතට අමාරු රට ගැනද? (නි)
තිලක්-ඩුබායි, නන්දලාල් - ප්‍රංශය , පිටිගල මිලානෝ, රටෙන් පිට ඉදන් ඔහෙලා කොහොමද යහපාලනය ගැන කියන්නේ ලංකාවට ඇවිත් යහපාලනය ගැන කතා කරන්න. (ර)
ඕක අහන්නත් දෙයක්ද ඉතින්? (නි)
ඡන්දය දුන් වැඩි දෙනෙක් ඉන්නෙ නොසතුටෙන් තමයි. යහපාලනය වෙනුවෙන් කතාකරපු අය දැන් හොයාගන්නත් අමාරුයි. (නි)
අපේ කාලේ කොහොමද නේද? (නි)
අපිත් නොසතුටෙන් ඉන්නේ (නි)
තිලක්-ඩුබායි මහින්ද මහත්තයට පින් සිද්ධ වෙන්න අපි කොළඹ බය නැතිව රස්සාව කරගෙන ඉන්නවා,...(බ)