ජපානයේ පෞද්ගලික සංචාරයකට ගිය හිටපු ජනාධිපති හා කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ට කටුනායක, හොංකොං හා ටෝකියෝ ගුවන්තොටුපළවලදී වීඅයිපී සැලකිලි හා සෙසු වරප්‍රසාද සලසන්නැයි විදේශ අමාත්‍යංශයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වුණාලු.
මන්ත්‍රීවරයකුට හිමි සැලකිලි පමණක් කළ හැකි බව ඔහුට කීවාලු. ඔහුට ඉතා වැදගත් පුද්ගලයන්ගේ ධූරය අනුව නිල වශයෙන් සැලකිලි හා වරප්‍රසාද ලබාදෙන ලෙස ඔහුගේ පෞද්ගලික ලේකම් උදිත් ලොකුබණ්ඩාර විදේශ ලේකම් චිත්‍රාංගනී වාකිෂ්ඨ ද ලිපියක් යවමින් ඉල්ලා ඇත.
මහින්ද සමග තවත් 23 දෙනෙක් ජපාන ගමනට එක්වූහ. ඔහුගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරි මේජර් නෙවිල් වන්නිආරච්චි ඇතුළු ආරක්ෂකයෝ 10 දෙනෙක්ම ඔහු සමග ගියහ.
මීට අමතරව විමල් වීරවංශ ඇතුළු තවත් පිරිසක් ද ගමනට එක්වූහ.
මහින්ද උගන්ඩා ජනාධිපති දිවුරුම් දීමේ උත්සවයට ද යෑමට පෙර විදේශ අමාත්‍යංශයෙන් ප්‍රොටොකෝල් සහාය ඉල්ලා සිටියේය. ඒ අනුව කොළඹ - ඩුබායි - කම්පාලා ටිකට්පත් වියදමද රජයෙන් දැරීය. එහෙත් ජපානයේ පන්සලක උත්සවයකට යන බව රාජපක්ෂ මහතා කියා තිබිණි. එහෙත් ඔහුට ඇරියුම් කර ඇත්තේ ජයන්ත හෙට්ටිආරච්චි ය.
ජපාන මිත්‍රත්ව සංගමයේ සංවිධායක ලෙස ඔහු රාජපක්ෂ මහතාට ඇරයුම් කර තිබිණි. ඔහු එම ආරාධනය කර ඇත්තේ සවෝරි එක්ස්පෝට්ස් නම් ආයතනයක ලිපි ශීර්ෂයකිනි. ඒ සමාගම ශ්‍රී ලංකාවට පාවිච්චි කළ ට්‍රක් හා යන්ත්‍ර සූත්‍ර එවන ආයතනයකි. එහෙත් රාජපක්ෂ කණ්ඩායමේ වීසා ඉල්ලුම්පත්‍රවල සඳහන් වූයේ පන්සලක උත්සවයකට යන බවයි. මේ පිරිස ජූලි 21 වැනිදා යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද අපිට රටක් දුන්නා. මහින්දට බනින අය හිතන්න අද අපිට රටක් තියෙනවද කියා. කොටි ඊළම ජිනීවා පිළිගෙන. වෙනස මාරයි රට හමාරයි (නි)
එයාලට 'විසිට්'. අපිට බදු (නි)
පක්ෂ-විපක්ෂ සම පිටරට-රට එක තැන (ම)
එහෙම කෙනෙකුට ආරාධනා කරන්නේ ඒ වගේ කෙනෙක්ම තමයි. (නි)
අශිකගේ මතය මම එකහෙලාම අනුමත කරනවා. (ර)
ලාල් නිකන් කට තියෙනවට කියවන්න එපා. (ර)
පවු! මෙතුමාට අන්තිමේදී අත්වුණ ඉරණම (නි)
ඉල්ලන හැම දෙයක්ම දීමට රජය බැඳිලත් නැහැ. එයා දැන් සාමාන්‍ය මන්ත්‍රී කෙනෙක් විතරයි නේද ? (ර)
දැන් ඔය මහින්දට බනින බක පණ්ඩිතයෝ ලංකාවට වෙලා තියෙන දෙය දැක්කද? බඩු මිල අඩුවෙලා හැම ගෙදරකම තුන් වේලට බත්. මෙහෙමත් මිනිස්සු ඉන්න රටක ඉපදුන එකත් පවක්. හෙට අනිද්දා අර්ජුන මහේන්ද්‍රන් අායෙත් පත්කළාම තේරෙයි. දැන්වත් ඇස ඇරලා බලපල්ලා මිනිසුනේ (නි)
ඇස් පෙනෙනවා නම්, මොළෙත් ටිකක් තියෙනවා නම් අර පින්තූර ටික බලන්න. මහින්දට ජපන් ගමනේදී ලැබුණු සැළකිලි. (නි)
පුදුම මානසිකත්වයක්. ඉල්ලන්නේම සැළකිලි. (නි)
බයවෙන්න දෙයක් නැහැ. එයාගේ මිත්‍රයෝ මෙහෙත් ඉන්නවා. ඒ හින්දා දෙන්න පුළුවන් හැම තල්ලුවක්ම දෙයි. උගන්ඩා ගියෙත් එහෙමනේ. අනේ අපේ සල්ලි. (නි)
රන්ජිත්, බලලෝබය තිබුනා නම් කවදාවත් ත්‍රස්තවාදය නැතිකරන්නේ නැහැ. (නි)
අද බලවත් රටවල නායකයන්ට පවා විසඳා ගැනීමට නොහැකිව අසරණ වී සිටින ගැටලුවට ලංකාවේ දී නිසි පිළිතුරු දී ත්‍රස්තවාදයට දිය යුතු පිළිතුර ලොවට පෙන්වා දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුවට මරණ බයක් නැතිව යන්න රට නිදහස් කළ උදාර නායකයා මහින්ද මහතායි. ඔහුට අපහස කරන පිරිස පවා මේ ගැන නොදන්නවා නෙමෙයි (බ)
රටට සේවයක් කර සතුටක් ලබා විශ්‍රමයැම තමා නිහතමානි නායකයෙකුගේ යුතුකම. (බ)
මොන දේ ලැබුනත් නොලැබුනත් මහින්ද යන ගමන යනවා. ඒ එයාගේ හැටි. (නි)
අශිකා, ලී කුං යෙව් කෙනෙක් අපේ රටට බිහිවුණත් ජනතාව එයා කියන දෙයට ඇහුම්කන් දෙයිද? කවදාවත් නැහැ. මමත් කැමතිම පුද්ගලෙයක් ඒ (නි)
බලය අහිමිවෙලා අවුරුදු එකහමාරක් ගියත් මේ මහදැනමුත්තාටයි ගෝලයෝ රොත්තටයි බලය සහ වැජඹීමේ ආශාවට ඇති පිස්සුව සුව වන පාටක් නම් පෙනෙන්නේ නැහැ වගේ (නි)
දේශපාලකයින් පන්සල් ගියාට වැඩක් තියේද හිත් දුසිරිතෙන් පිරී ඇත්නම්? (නි)
සමහර දේශපාලකයෝ නම් පන්සල් ගියත් බොරුව විතරයි කරන්නේ (නි)
මොනවටද තමන්ගේ තත්ත්වය ඔහොම හෑල්ලු කරගන්නේ? (නි)
මහින්දගේ ආණ්ඩු කාලේ ජපන් අග්‍රමත්‍යතුමා ලංකාවට අා වෙලේ පාර්ලිමේන්තුවේ කතාවක්වත් පවත්වන්න ඉඩදුන්නේ නැහැ. දැන් ඉතින් කොහොමද ජපානෙන් ගරු සැළකිලි බලාපොරොත්තු වෙන්නේ? උඩ පනින උස තරමට තමයි බිම වැටෙනකොට රිදෙන්න්නේ (නි)
අනේ ඉතින් අපේ කුරුණෑගල මන්ත්‍රීතුමා ඉල්ලපු දෙයක් නෙමෙයිනෙ මේ (නි)
මෙතුමාට තවමත් පන්සල් වල උත්සව වෙනුවෙන් අරාධනා ලැබීම තේරුම්ගත නොහැකිය. (නි)
බලයට අපේ අයගේ කෑදරකම ගැන කියද්දී ටික කලකට පෙර ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණේ ප්‍රචාරක විවාදයකදී සිදුවූ දෙයක් මතක්වුණා. ප්‍රශ්න විචාරක මාධ්‍යවේදියා ප්‍රාන්ත අගමැතිව "ප්‍රිමියර්" කියා ආමන්ත්‍රණය කළා. එවිට අගමැති කිව්වා මට ප්‍රිමියර් කියන්න එපා, රජය විසුරවලා තියෙන්නේ, මම වැඩබලන අගමැති (ඇක්ටින් ප්‍රිමියර් ) මිසක් තවදුරටත් අගමැති නොවෙයි කියලා. ඒකෙ තියන වැදගත්ම දේ නම් ප්‍රශ්නයට උත්තර දෙන්න එක අයෙකුට ලැබෙන්නේ විනාඩියක් දෙකක් වැනි නිශ්චිත කාලයක් වෙලත් ඒ කාලයෙන් කොටසක් තමන්ට අයිති නැති ගරුත්වයක් ප්‍රතික්ෂේප කිරීමට තරම් මේ "මහත්මා දේශපාලකයින්" නිහතමානීවීමයි. (නි)
අපිට නම් මේ දේවල් ගැන තේරෙනවා (නි)
සැළකිළි නම්බුනාම බලෙන් ලබාගත නොහැක (නි)
කොහොමත් ජපන්කාරයො අපිව ගණන් ගන්නෙ නැහැ.මට මතකයි "ජපානෙ බේරාගත් වීරයා කියලා" ඒ දවස් වල අපේ හිටපු ජනපති ජේ.ආර්.ට ලොකු ප්‍රචාරයක් ගියා. එතුමා ජනපති වුණ ගමන් ජපානෙ සංචාරෙකට ගියා. අපි හිතුවා ජපන් අධිරාජයා මුලු රජ පවුලම එක්ක ගුවන් තොටුපළට විත් පිළිගනීවි කියලා. ඒත් එතුමාව පිළිගන්න ඇමතියෙක්වත් ඇවිල්ලා හිටියෙ නැද්ද කොහෙද. (නි)
එ්කටත් එකක අපේ නායකයෝ? එයාලට සර් සර් නොකිවුවොත් ඔක්කොම ඉවරයි. දෑතේ දෙපයේ රස්සාවක් නොකර අනුන්ගේ සල්ලි වලින් මුළු ජීවිත කාලයම ගෙවන මේ අය කවදා මේ ණය ගෙවා ඉවර කරන්නද? ලී කුවන් යු වගේ අවංක කැපවෙලා වැඩකරන නායකයෙක් අපේ රටෙන් බිහිවෙනකම් මේ රට කවදාවත් දියුණු කරන්න විදියක් නැහැ. (නි)
ඔබතුමා දැන් විවේකයෙන් සිටියයුතු කාලයයි (නි)
දුක තමයි කරන්න දෙයක් නෑ.(හේ)
එතුමාට වෙච්ච දේ ගැන හිතනවට වඩා අනේ අපිට අත්වුණු වෙනසක චමත්කාරය මොකක්ද කියලා තමයි අපි අපෙන් විමසා සිටියයුතු වන්නේ. ඇස් අැරෙනු ඇත්තේ එවිටයි. (නි)
දැන් කොහොමත් ජනාධිපති සැලකිලි දෙන්න බෑනේ.(හේ)
පැරදුනා නම් ගෙදරට වෙලා හිටියා නම් තමයි හොඳ. (නි)
දැන් මෙතුමාට මොන විදිහේ සැළකිලිද දෙන්න කියන්නේ? (නි)
මෙතුමාගේ වටිනාකම තේරෙයි කෑලි වලට රට බෙදුනහම (නි)
දැන් කොහොමත් මන්ත්‍රී සැලකිලි තමයි.(හේ)
බල තණ්හාව තවමත් සංසිදී නැති බවයි පේන්නේ. කුරුණෑගලට කරන දෙයක් නැහැ. පළාතෙවත් නැහැ උඩ පැනල පත් කරගත්තට. අඩු තරමේ වරායක් වත්.හදලා දුන්නේ නැහැ . නැවු අාවේ නැති වුනාට කමක් නැහැ. කළා කියන්නනේ අපේ රටේ ඉන්න අයට ඕනි. (බ)
එතුමා ඔය කාගෙන්වත් බලෙන් සැළකිලි බලාපොරොත්තු වෙන්නේ නැහැ (නි)
සත්‍යය කවදා හෝ ජයගනීවි (නි)
ඡන්දදායකයිනි, ඔබට දැන් සතුටුද? (නි)
ලාල් , නොදන්නා දේවල් වලට බොරු අදහස් දාන්න එපා. ජේ ආර් ට ජපානේ සළකපු හැටි දන්නා කෙනෙක්ගෙන් අහගන්න. ජපානේ පෙළපොත් වලත් උගන්වනවා එයා ගැන. තව ගොඩක් කියන්න පුළුවන් (නි)
මහින්ද මහත්තයාට ලැබෙන ගරුබුහුමන් එතුමා පෙර කළ පින් බලයයි (නි)
ජනපති සැළකිලි ලැබෙනවා නම්බුකාර විදියට විශ්‍රාම ගියා නම්. දැන් ඉතින් නිකම්ම නිකන් මන්ත්‍රීනේ (නි)
රජ්ජුරුවන්ගේ ආසාව සිහිනය තවම කිසිම අඩුවක් නැහැ ජපානයේ සිරිත් මෙයා පිළි පදිද නිතරම ඔලුව පහත් කර ගරු කරන්න ඕන මුළු ලොවම දන්නවා පැරදුන ජනපති කෙනෙක් කියල නමුත් මෙයා එක පිළිගන්නේ නැහැ හම්බන්තොට නිසා වෙන්න ඇති (බ)
මහින්දත් පුදුම සැලකිල්ලක් බලාපොරොත්තු වෙන කෙනෙක් (බ)
එතුමාට කාගෙන්වත් විශේෂ සැළකිලි නැතුවාට අපේ හදවත් තුළ සදා සැළකුම් ලබනවා (නි)
දැන් ලංකාවේ යන්න පන්සලක් නැතිව ඇති .ලැජ්ජා නැතිව හැම පන්සලකදිම දේශපාලනය කතා කරනවා .(ම)
මම දැක්ක මහින්ද මහත්තය ආපු වෙලාවේ ඔය පන්සලේ හමුවට ගිහින් හිටිය 90% ක්ම යුඑන්පි එකේ ජේවීපී එකේ නිදහස් පක්ෂේ ඕනෑම ඇමති කෙනෙක් මන්ත්‍රී කෙනෙක් ආපුවම මුණ පෙන්නලා මොකක් හරි උදවුවක් ගන්න පුළුවන්ද කියල බලන්න ඕවලට යන කණ්ඩායමක් රනිල් ආවත් මෛත්‍රී ආවත් , මහින්ද ආවත් , අනුර ආවත් ඔය කට්ටිය යනවා හම්බුවෙන්න . හැබැයි ජපානේ ඉන්නේ ලංකාවට අඩිය තියන්න බැහැ මරණ තර්ජන තියෙනවා කියල දේශපාලන රැකවරණ විසා එකෙන් (බ)
මහින්ද රාජපක්ෂ මැතිතුමාට ඔහු කැමති රටකට යාමට ඒමට නිදහසක් ඇත. (අ)
රට බේරාගත් නායකයාට කරන කෙණෙහිලිකම් ගැන කණගාටු වෙනවා. (නි)
රට බේරාගත් මිනිසුන්ට මෙහෙම කරන එක හරිද? (නි)
ඔව් ඉතින් ඔය යන ගමන් රාජ්‍ය ගමන් නොවන නිසා යන යන තැන විශේෂ වරප්‍රසාද දෙන්න ගියොත් ඉවරයක් නැහැ , අනික් එක එම වරප්‍රසාද මොහු එක්ක යන හැම හෙන්චයියෙක්ම භුක්ති විඳිනවා (බ)
අද ජීවත්වෙන බොහෝ දෙනෙකුට අමතකයි අතීතය ගැන (නි)
සැලකිලි බලන්න අර පොටෝ බලන්න , ඔහු තවමත් මේ රටේ ජනපති තමයි, (බ)
ගිය සියල්ලන්ගේ වියදම රජයෙන්ද? (නි)
බලලෝභය නිසා එන්න එන්නම තමන්ගේ තැන නැතිවෙනවා (නි)
ජපානේ මිනිස්සු මහින්දට සලකන්නේ සිරිසේනට වගේ නෙවෙයි (ම)
සමහරුන්ට පංච ශීලය රකන්න බැරිය. අනුන්ගේ දේවල් සොරකම් කිරීමට හැක. මෙවන් අකුසල හැමවිටම ඔවුන් පසුපස ගමන කරයි (නි)