එක්සත් ජාතීන්ගේ පරිසරය දුෂණය වැළැක්වීමේ ජාත්‍යන්තර පැරිස් සම්මේලනය නොවැම්බර් 29 වැනි දා පැරීසියේදි ආරම්භ වුයේය. ලෝකයේ රාජ්‍ය නායකයෝ 147 දෙනෙකු සහ රටවල් 196 ක රාජ්‍ය නිලධාරයෝ 45000 ක සහභාගි වුහ. මෙම සම්මේලනයට ශ්‍රී ලංකාවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ප‍්‍රධාන නියෝජිත පිරිසක් ද සහභාගි වුයේය. එක්සත් ජාතීන්ගේ මහ සැසිවාරයට පසු විශාල මෙතරම් රාජ්‍ය නායකයෝ පිරිසක් සහභාගි වන මෙම සම්මේලනය ඩෙන්මාර්කයේ කෝෆන්හේගන් සමුළුවට පසු පැවැත්වෙන ලොකුම සමුළුව ලෙස සැළකේ. ලෝකයේ ප‍්‍රථම ධනපතියා වන ඇමෙරිකා ජාතික බිල් ගේට් , ප‍්‍රංශයේ ප‍්‍රසිද්ධ පරිසරවේදි නිකොලා හුලෝ ද ඊට සහභාගි වෙති.
පසුගියදා ත‍්‍රස්ත ප‍්‍රහාරයට හසුවු ප‍්‍රංශයේ ජාතික පාපන්දු ක‍්‍රීඩාංගනය, හා ප‍්‍රංශ ආරක්ෂක ප‍්‍රහාරයෙන් මරුමුවට පත් පැරිස් ප‍්‍රහාරයේ මහ මොළකරුවූ අබ්ඩෙල් හමීඩ් අබයුඩ් සැඟවී සිටි නිවස පිහිටි සෙන්ට් ඩෙනිස් නගරයට යාබද ලාබුර්ජේ නගරයේ පිහිටි ගුවන් හමුදා පරිශ‍්‍රයක සමුළුව දෙසැම්බර් 11 වැනි දා දක්වා පැවැත්වේ. රාජ්‍ය නායකයන් හමුවන ප‍්‍රථම දින දෙක පැරීසිය හා ඒ අවට දැඩි ආරක්ෂක වළල්ලකට මැදි කොට ඇත. සමුළු පරිශ‍්‍රය ලෝකයේ රටවල ධජ වලින් වර්ණවත්වී ඇති අතර එම ප‍්‍රදේශය ඉතාමත්ම දැඩි ආරක්ෂිත කලාපයක් බවට පත්වී ඇත්තේය.
නොවැම්බර් 30 වැනි දා හරියටම උදේ 09.09 ට ප‍්‍රංශයේ ජනාධිපති ප‍්‍රංශුවා ඔලොන්ද් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන්කි මූන් ප‍්‍රංශ විදේශ ඇමැති ලෝරොන් පැබියුස් සහ ප‍්‍රංශයේ පරිසර හා බලශක්ති ඇමතිනි සෙගොලොන් රෝයල් විසින් ශ්‍රී ලංකාවේ ජනාධිපති පිළිගත් අතර සවස 03.15 ට පමණ ශ්‍රී ලංකාවේ ජනාධිපති විනාඩි තුනක දේශණය පැවැත්වීණී. පැරිස් සමුළුවට පැමිණි අතරතුර පැරීසියේ ශ්‍රී ලාංකිකයන්ද හමුවූ ජනපති ප‍්‍රංශයේ තානාපති තිලක් රණවිරාජා ප‍්‍රධාන කාර්ය මණ්ඩලය හා පැරීසියේ ශ්‍රී ලාංකිකයන්ද සහභාගීවූ සභාවක්ද ඇමතීය.
පසුගිය ජනවාරි 08 වැනි දා ජනපති වු ඔහුට යහපාලනයක් හා නව දේශපාලන සංස්කෘතියක් බිහි කිරීම උදෙසා පෙරමුණ ගත් විදේශ ගත ශ්‍රී ලාංකිකයන්ගේ පැරිස් එකමුතුවේ ශ් රීලාංකිකයන් මුණගැසී ඔවුන් ඇමතීමට ලැබීම ගැන සිය සතුට පළ ජනපති ඒ සඳහා ඉදිරිපත් වූ සැමට ස්තුතිය පිරි නැමීය. "පැරීසියේ සමුළුවට පැමිණි මෙම අවිවේකි අවස්ථාවේ හදිසියෙන් හෝ ඔබ මුණගැසීම මම ඉතා වැදගත් කොට සළකනවා. ශ්‍රි ලංකාවේ මෙන්ම එයින් පිටත විදේශ ගත ආයෝජකයන්, ශ‍්‍රමිකයන්, වෘතීකයින්, ව්‍යාපාරකයින්, ලෙස ඔබලා ගැන විශාල ගෞරවයක් තිබෙනවා. ලොකේ කොහේ හිටියත් ලාංකිකයන් ලෙස ඔබ සැම කරන මෙහෙවර ඉතා අගේ කොට සළකනවා."
නවීන ලෝකයේ ඉදිරියට ගමන් කරන රටක් ලෙස අපි ඉදිරියට යායුතුයි. ශ්‍රි ලංකාවේ මෙන්ම අන්තර් ජාතිකව අන්තර් ජාතික සංවිධාන අපේ රටේ නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය , මානව හිමිකම් සම්බන්ධයෙන් ජනවාරි 08 වැනි දා පෙර අපට බොහෝ ප‍්‍රශ්න තිබුණා. එම නිසාම අන්තර් ජාතිකව අප කොන් කළා. අන්තර් ජාතිකව අපි හුදෙකලා වුණා. ඒක තමයි සත්‍ය තත්ත්වය. අපි භෞතික වශයෙන් මෙලේච්ඡ එල්ටිටිඊ ත‍්‍රස්තවාදය පරාජය කළත් ඉන් පසු පශ්චාත් යුද සමයෙන් පසු අපේ රටේ ඇති කළ යුතු ජාතික සමගිය, ජාතික සංහිඳියාව වගේ දේවල් ශක්තිමත් කිරීමට අප කටයුතු කළේ නැහැ. සිංහල,දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ ලෙසත් බෞද්ධ, කතෝලික, හින්දු, ඉස්ළාම් ආදි වශයෙන් එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස ගොඩ නැගීමට අවශ්‍යය සැකය දුරු කිරීම, අවිශ්වාසය නැති කිරීම, සමගිය ඇති කිරීම, මිත‍්‍රත්වය ගොඩ නැගීම වගේම ජාතියක් ලෙස සහෝදරත්වයෙන් ජීවත්වීම අතවශ්‍යය දෙයක් බව ඔබ සැවොම දන්නවා. ප‍්‍රංශය කියන්නේත් එවැනි යහපත් ලක්ෂණ ඇති රටක්. එම නිසා ඔබ සැවොම මාව බලයට පත් කළේ එම දේශපාලන ප‍්‍රතිසංස්කරණ ඇති කිරීමටයි.
අපේ ආණ්ඩුවක් පිහිටුවා තවම මාස 11යි. මාස 11ක් යනු ඉතා කෙටි කාලයක්. ඒ කාලයේ අවුරුදු 5ක වැඩ කරන්න බැහැ. නමුත් අවශ්‍යය දේශපාලන, ආර්ථික, වාණිජ, සමාජ, අන්තර් ජාතික ප‍්‍රතිසංස්කරණ සඳහා අවශ්‍යය අත්තිවාරම ආරම්භ කරලා තිබෙනවා. ඒ ප‍්‍රතිසංස්කරණ සඳහායි ඔබලා මාව බලයට පත් කළේ. අවුරුදු 40ක පමණ සිට කර ගැනීමට නොහැකිවූ මැතිවරණ කොමිසම හා වෙනත් කොමිෂන් සභා යළි පණ ගන්වලා තිබෙනවා. 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සමඟ ජනාධිපති ධූරයට හිමි සමහර බලතල ඉවත් කර තිබෙනවා වගේම ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් මත ජනමත විචාරණයකින් මෙහි ඉතුරු බලතලත් ඉවත් කිරීමට සිදුවණ බැවින් පාර්ලිමේන්තුවේ 2/3 ක කැමැත්ත මත හෝ එසේ නොවේ නම් ජනමත විචාරණයකින් ඒ අවශ්‍යය ප‍්‍රතිසංස්කරණ සිදු කිරීමට ඉදිරි කාලයේදි මම බලාපොරොත්තු වෙනවා. ඊට අදාළ යෝජනා මාලාවක් පසුගියදා මා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා. සමහරු නව මාස 10 ත් අවුරුදු 10ක් පේනවා.
ඔබලා ජාතික ආරක්ෂාව ගැන ප‍්‍රශ්නයක් ඇසුවා. රටේ ජාතික ආරක්ෂාව ගැන කිසිම බියක් ඇති කර ගන්න එපා. දැන් රට ජාතිය ගැන කථා කරන අයට වඩා මම රටට ජාතියට ආදරය කරන කෙනෙක් එය පැහැදිලිවම කිව යුතුයි. දැන් ජාතික ආරක්ෂාව ගැන කථා කරන සමහර උදවිය රටට ජාතියට ආදරය කළේ කොහොමද? කියලා මම හොඳට දන්නවා. පසුගිය කාලේ යුද සමයේ සිදුවුණා කියන මානව හිමිකම් කඩවීම් සම්බන්ධව ජිනිවා මානව හිමිකම් කොමිසම හරහා අපට අන්තර් ජාතිකව එල්ලවූ චෝදනා වලින් අපේ රට නිදහස් කරගත යුතුයි. ඒ සඳහා අපි බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි. එම චෝදනා අනුව එහෙම දෙයක් සිදුවී තිබේද? චෝදනා වලින් ඇති වෙලා තිබෙන තත්වය කුමක්ද? අපි එම අභියෝගයන්ට මුහුණදී ජය ගන්නේ කෙසේද? ආදි ලෙස බුද්ධිමත්ව හිතලා රටත් ජාතියත් ත‍්‍රිවිද හමුදාවත් යන සියල්ලන්ගේ ගෞරවය ආරක්ෂා වන අයුරට කටයුතු කරන්න ඕනේ. හමුදාවේ යම් අයෙක් එහෙම වැරදි කර තිබේ නම් , ඒ ගැන අපි අවධානය යොමු කළ යුතු වන අතරම ඒ වෙනුවෙන් මුළු හමුදාවක් පාවා දෙන්නවත් එහි ගෞරවයට හානි වෙන්නවත් ඉඩ දෙන්න බැහැ. ජාතික ආරක්ෂාව ගැන කථා කරන කොට ත‍්‍රිවිද හමුදාව විශේෂ වෙනවා. එයට හොද විනයක් මෙන්ම ගෞරවයක් තිබෙනවා. එය රැක ගන්න ඕනේ. එයට හානිවන අයුරින් හැසිරෙන අයට දඬුවම් දීම අද ලෝකයේ සිදුවන සාමාන්‍ය දෙයක්. එම නිසා එම තත්ත්වයන්ට මුහුණ දෙන්න අපට සිදුවෙනවා. එම නිසා මම ජාතික ආරක්ෂාව භාර ඇමති ලෙසත් ත‍්‍රිවිද හමුදාවේ භාරකරු ලෙසත්, ඔය රට ජාතිය ගැන මහ හයියෙන් බෙරිහන් දෙන අයට වඩා රට ගැන රටේ ආරක්ෂාව ගැන හැගීමක්, අවබෝධයක්, කැක්කුමක්, ආදරයක් තිබෙන කෙනෙක් බව පැහැදිලිව කියන්න කැමතියි.
අනෙක තමයි රටක ජනාතාවගේ හැඟීම් අවුස්සන පහසු ක‍්‍රමවේද බොහෝමයක් තිබෙනවා. රට, ජාතිය, භාෂාව, ආගම, ජාතික ආරක්ෂාව ගැන කථා කළාම ඒ ජනතාවගේ හැඟීම් පහසුවෙන් ඇවිස්සීමට පුළුවන්. නමුත් එම හැඟීම් අවුස්සනවට වඩා ඒ සම්බන්ධව නිවැරදි ජාතික ප‍්‍රතිපත්තියක් මත සාධාරණව ක‍්‍රියා කිරීම ඉතාම වැදගත්. එම නිසා ජාතික ආරක්ෂාවට අබ පියල්ලක තරම්වත් හානියක් වෙන්න අපි කටයුතු කරන්නේ නැහැ. ඒක නිසා විවේචකයන් විවේචනය කරපුවාවේ. විවේචකයන් හැමදාමත් හිටියනේ. අදත් ඉන්නවා. එම නිසා එහි වගකීම ඇත්තේ අපට බැවින් ඒ ගැන දැඩි අවබෝධයෙන් බුද්ධිමත්ව අපි කටයුතු කරගෙන යනවා. එබැවින් ජිනිවා සම්බන්ධව කටයුතු කරන කොට නොයෙක් ආකාරයේ චෝදනා විවේචන එල්ල වෙනවා. හැබැයි ජනවාරි 08 වැනි දා මම පරාජයවී මහින්ද රාජපක්ෂ මහත්මයා බලයට පැමිනියා නම් , අපේ රටට මොකද වෙන්නේ කියලා ඔබලට බලා ගන්න තිබුණා. නමුත් වාසනාවකට එහෙම වුණේ නැහැ. රටේ ජනාතාව බුද්ධිමත්ව තීන්දුවක් දුන්නා. එබැවින් රටේ ජනතාවගේ අනාගතය වෙනුවෙන් මුළු ලෝකයම අද අපි දිනා ගෙන තිබෙනවා.
මෑත කාලයේ ලංකාවේ නායකයකුට එකවර එක ළඟ රාජ්‍ය නායකයෝ තිදෙනෙක් මුණගැසීමට කවදාවත් අවස්ථාවක් ලැබී නැහැ. පසුගිය කාලේ අපේ රටේ නායකත්වය ඔවුන් විසින් පිළිගත්තේ නැහැ. මුණගැසීමටවත් අවස්ථාවක් නොදී ප‍්‍රතික්ෂේප කළා. නමුත් මෝල්ටා රාජ්‍යයේ පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවෙන් පසු කැනඩාව, ඕස්ටේ‍්‍රලියාව, එංගලන්තය අගමැතිවරු හමුවී ද්විපාර්ශික විශේෂ සාකච්ඡා පැවැත් වීමට අවස්ථාව ලැබුණා. එය අපේ රටට කීර්තියක්. ඔවුන් අපේ රටට උදව් උපකාර කිරීමට කැමැත්තෙන් ඉන්නවා. අපේ රටේ නව දේශපාලන වෙනස් වීම් ගැන හොඳ අවබෝධයකින් පැහැදීමකින් ඉන්නවා වගේම අප සමඟ හොඳ මිත‍්‍රත්වයක් ගොඩ නගලා තිබෙනවා. එබැවින් අපි ප‍්‍රධාන වශයෙන් පැහැදිලිවම මේ වන විට ජාත්‍යයන්තරයේ හොඳ හිත දිනා ගැනීමට හැකිවී තිබෙනවා.
අපේ රටට එල්ලවී ඇති චෝදනා වලින් නිදහස් වීමට අවශ්‍යය මූලිකම දේ තමයි, ජාත්‍යයන්තර සහයෝගය ලබා ගැනීම. මුලදී අපට ඒ දේ නොලැබී තිබුණ නමුත් ඒ තත්වය යහපත් අතට දැන් හැරිලා තිබෙනවා. එමනිසා තවදුරටත් ජාත්‍යයන්තර සහයෝගය ලබා ගැනීමට මම දැඩි කැපවීමෙන් කටයුතු කරනවා. ඉහත ප‍්‍රශ්න වලින් මිදිලා අපේ රටේ ජාතික ආරක්ෂාව රැක ගැනීමටත් හමුදාවන්ගේ ගෞරවය රැක ගැනීමටත් ඉහත කැපවීම රුකුලක් වේවි යැයි මම විශ්වාස කරනවා. එය නිවැරදිව ඉටු කිරීමට මම සැම විටම උත්සහ ගන්නවා. රටේ ජනතාවගේ හා අනාගත දරු පරපුරේ ආරක්ෂාවද ඇති කර ගැනීමට එසේ කළ යුතු වෙනවා. එය මගේ වගකීමක්. ඒ අනුව අපේ ආණ්ඩුව ඉදිරි කටයුතු කරගෙන යන අතරම විදේශ ශ්‍රී ලාංකිකයන් ලෙස මේ ගැන අවබෝධයෙන් උනන්දුවෙන් කැපවීමෙන් අපට මෙන්ම රටට උපකාර කිරීමට ඔබ ඉදිරිපත්වීම ගැන සතුටු වෙන අතරම ජනවාරි 08 වැනි දා කළ කැපවීම මෙන්ම අපේ මාතෘ භූමිය ශක්තිමත් කොට නවීන ලෝකයේ දීප්තිමත් රටක් ලෙස ඔසවා තැබීමටත් කැපවීමෙන් කටයුතු කරන බව ඔබ ඉදිරියේ පැවැසීමට කැමැත්තෙමි.

![01[2]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/12/012.jpg)
![02[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/12/021.jpg)
![003[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/12/0031.jpg)
![09[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/12/091.jpg)
![27[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/12/271.jpg)
![49[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/12/491.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විරුවා වටකර ගත් විරුවෝ රැලක් කියල සදහන් කළා නම් සාගරට විකාර නැති ඔලුවක් තියෙන බවවත් පාඨකයෝ පිළිගනීවි. සාගර දැන් ඉතින් මොනවා කරන්නද? ඔයාට ඔලුවට බෙහෙත් ගන්න වෙන ලෙඩෙක් කියල ඔක්කොම දැනගෙන ඉවරයි . එම නිසා ලෙඩුන්ගේ කතා ගැන එතරම් කලබල විය යුතු නැහැ .මොකද ? (බ)
සම්පත් මල්ලී ඔය වන්සගේ කතාවලට කලබල වෙන්න එපා . බලමුකෝ සුද්දගේ අධිකරණය ගැන එයාගේ කතාව .අධිකරණය ගැන කතා කරනවා .නමුත් වයිෆ්ගේ පාස්පෝර්ට් කෙස් එකේදී අධිකරණයට යන්නේත් ගමේ අයියල එක්ක .බොරු චන්ඩි . අපි ඕවට භය නම් සොහොනේ ගෙවල් හදන්නේ නැහැ හරිද? (බ)
හොඳ ලිපියක් මේක (නි)
සාගර පණු පරම්පරාවෙන් එන කෙනෙක් වෙන්න ඇති (නි)
මට කියන්න දේවල් ගොඩක් තිබුණත් මම ඒවා මෙතන ලියන්නේ නැහැ (නි)
නිවටයෙකු ලෙස සිටීමට වඩා සිංහලයෙකු ලෙස මියයාම මා හට සැපතකි. (නි)
මොකද වෙන්නේ ඉතින් හැමදාම අපිම පරාදයි.(හේ)
මහින්දට බලය ගියා නම් අපිට කොන්ද කෙළින් තියාගෙන ජාතියක් හැටියට ඉන්න තිබුනා කියලයි මම නම් හිතන්නේ. (නි)
සවිස්තරාත්මක ලිපියක් ඉදිරිපත්කළ ලංකාදීපයට ස්තූතියි! (නි)
මහින්ද ගැන අදටත් අපිට ඇත්තේ ප්‍රසන්න හැඟීමක් (නි)
මහින්දට බලය ගියානම් අපි අදටත් නිදහස් නිවහල් ජාතියක්.(හේ)
මිනිසුන් අතර මිනිසෙක් (බ)
සුද්දගේ අධිකරණය ගැන සිංහලෙන් කතා කරන්න ලන්ඩන් වලට ආපු කෙනාගේ කතාව අහන්න සූ ගාල 50-60 විතර හිටියලු. සෙනග නැති නිසා වැඩසටහන පැය දෙකක් පරක්කු වෙලා පටන් ගත්තා කියන කතාව ඇත්තද? දුකත් හිතෙනවා. කොහොම හිටිය මිනිහෙක්ද (බ)
එදත් අදත් ඉදිරියටත් වෙස් අරගෙන පරයි එනවා.... දළදා මාලිගේත් අරන් උන් දවසක යන්න යනවා.... තමන්ගේ වාසියට මිසක් උන් ඒවිද පිහිට වෙන්න.....(බ)
මහින්ද නැති රටේ හැමෝම පිස්සු නටන අරාජික කාලයක් බව පැහැදිලිව පේනවා. (බ)
මහින්දට බලය ගියා නම් ??? එ්ක ගැන කියන්න තව අවුරුද්දක් විතර යන්න ඕනේ ..(බ)
රටේ ගරුත්වය රකින්න තමන්ගේ ගරුත්වය රැකගන්න අවබෝධය තිබීය යුතුය. (බ)
ඉතිහාසේ සිට රට බේරාගන්න දකුණෙන් අාවේ (බ)
බටහිර අය කරන්නේ ඔවුන්ගේ අවශ්‍යතා වලට අපිව පාවිච්චි කරන එක මිසක් අපිට උදව් කරන එක නෙමෙයි. අනේ මෙහෙමත් නාටක..! (නි)
අපිට කොටි ත්‍රස්තවාදීන් සමඟ සාකච්ඡා කරන ලෙසත්, යුද්ධ නොකරන ලෙසත් බල කළ බටහිර තවත් රටවල් ආක්‍රමණය කරමින් යුද්ධ කරන හැටිත්, ඒ රටවල ජනයාගේ මානව හිමිකම් පාගාදමා සිය දහස් ගණන් අහිංසක ජනයාට මරණය ගෙන දෙන අන්දමත් නොපෙනේද? එයින්ම නොපෙනේද ඔවුන් මේ කරන්නේ දේශපාලන රඟපෑමක් පමණක් බව? (නි)
ඔහුට මිනිස්සු නෑ....ජනප්‍රසාදයක් නැ....ඉතින් ලජ්ජා ඇති 10-15 වට කරගෙන ඉන්න හැටි දැක්කම ....මහින්ද ගියානම් කොහොමද..?(රේ)
දැන් චන්දෙ දීපු මිනිස්සුත් නෑ හොයාගන්න වෙලා තින දේවල් දැකල....(රේ)
මහින්දට බලය ගියා නම් මහා වින්නැහියක් වෙන නිසා අපිත් අපේ මුළු ශක්තියෙන් වෙනසක් වෙනුවෙන් ජනමතය හදන්න සමාජ ජාල වල කටයුතු කළා. හැබැයි දැන් කටයුතු සිද්ධවේගෙන යන විදිය දැක්කහම මහින්දට බලය ගියාට වඩා වැඩි වෙනසක් යහපාලන තොරොම්බල් කරත්තෙත් නැති බව පෙනෙනවා. අපේ කතිරයෙන් බලයට එන හැමෝම කරන්නේ කටේ නරිවාදම් කියමින් අපිට කොකා පෙන්වන එකයි. (නි)
මේ අයද ලාංකිකයෝ වෙනුවෙන් පෙනීසිටින්නේ? (නි)
අලුත් ආණ්ඩුව මහින්ද ගැන කතාකරමින් කාලය නස්තිකරනවා හැරෙන්න වෙන දෙයක් කරන බවක් නොපෙනේ. (ර)
ඔබ නියම එඩිතර නුවණක්කාර රජෙක් . ජයවේවා (ම)
සමහර අදහස් දැක්කහම දුකයි (නි)
මහින්ද මහතා තමයි අපේ වීරයා (නි)
මේ බොරු අහන්න තවත් ඉන්නවනේ යුරෝපයේ ඇමරිකා ව එක්ක මේ සම්බන්ධකම් සිරිසේන එයාල කියන දේවල් කරන්න පොරොන්දු වුණ නිසා නැතිව වෙන දෙයකට නෙමෙයි අද ලෝකයේ හැම රටකම ජාති බේදය ආගම බේදය තියෙනවා (බ)
පනුවා වටකරන් පණු රැලක් .(හේ)
මහින්ද මෙහෙම කළා, ගෝඨාභය මෙහෙම කළා කිය කියා ඉන්නවා මිසක රටට ,සිංහල ජාතියට කරන දෙයක් නම් පෙනෙන්න නැහැ. අපි කොටින්ගේ බෝම්බ වලට බයේ පණ ගැහි ගැහි ඉන්න කාලේ ඔය එක රටකින්වත් ශ්‍රී ලංකා මහා ආණ්ඩුවට උදව් කළේ නැහැ. ඒවා අපේ අයට මතක නැහැ. (නි)
කතාවේ හැටියට වැඩත් තිබුණා නම් හොඳයි (නි)
හොඳ ලිපියක් (නි)
පැරිසියේ කට්ටියක් කියලා තිබුණා නේද මොකක්දෝ හේතුවක් නිසා ජනාධිපති හමුව අවලංගු කළා කියලා. ඔය දැන් හොඳට තිබිලා තියෙන්නේ. (නි)
බොහොම හොඳ පැහැදිලිකිරීමක් (නි)
සිංහ රජෙකු වටකරගත් සිංහ පැටවු ගොඩක් (නි)
සාගර මොනවද මේ කියන්නේ? (නි)
කිඹුල කනවා උහුලන්න පුළුවන් කොහිල කටු ඇනෙනවා උහුලන්න බැ.වැඩ කරනවට වඩා කයියනේ ගහන්නේ (බ)
ජනාධිපතිතුමාගේ හරවත් කතාවට සමහරුන්ට ගොඩක් රිදිලා වගේ (නි)
සමහරු දැන් කියන්නේ මොනවද, කරන්නේ මොනවද කියලා ඔවුන්වත් දන්නේ නැහැ (නි)
දැන් ඉතින් දෙන්නකෝ උත්තර (නි)
ගරු ජනාධිපතිතුමනි, රටකන අයට යටත්නොවී ඔබගේ ඇති නිරහංකාරකමින් හා අවංකකමින් රට නිවැරදි මාර්ගයකට ගෙනයාමට ඔබට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවායි පතමි! (නි)
සාගර වැනි අය ගැන දුකයි (නි)
මොනවා වෙන්නද? මේ වෙන දේවල්ම වෙයි.(හේ)
දස ගුණයේ සංවර්ධනය කෝ? මහින්ද 2005 ජනාධිපති නොවුණා නම් එක්සත් ශ්‍රී ලංකාවක් වර්තමානයේ අපිට ලැබෙයිද? රැකදුන් නිදහස විනාශ කිරීමට ඉඩ දෙනවද? (නි)
මහින්ද දුන්නා නම් රටම දිනුම්.(හේ)
මොනවා වෙන්නද ඉතින්? (නි)
2005 මහින්දට බලය ගියපු නිසා මහවිරු දිනය නැති වුනා, දකුණේ බෝම්බ, මරණ බය නැති වුනා, කොටි පාලන ප්‍රදේශ නැතිව ගියා.(හේ)
මසුරන් වටින කතාවක්.(හේ)
අපි නම් මේවට මොකුත්ම කියන්නේ නැහැ (නි)