‘ජනතාව බලාපොරොත්තුවන සැබෑ වෙනස තියනවාද කියන එක ගැටළුවක්. අද ජනපතිගේ තීන්දුව පිළිගන්නේ නැති මුදල් ඇමැතිවරයෙක් ඉන්න රටක් බවට අපේ රට පත්වෙලා‘ යැයි රංගන ශිල්පිනී ඕෂධී හේවාමද්දුම අද කොළඹ ජාතික පුස්තකාලයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාන්තා නියෝජිතයන්ගේ මාධ්‍ය හමුවකට එක්වෙමින් කීවාය.
‘මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව කාලේ කලාකරුවන්ට පොලී රහිත වාහන ණයක් දුන්නා. ජනවාරි 8න් පසු යහපාලන ආණ්ඩුවෙන් ඒකත් නැහැ. රණවිරු දඩයම්, සංඝයාවහන්සේලා දඩයම අනුමත කරන්න බැහැ. ජනමාධ්‍යවේදීන් කරන බලපෑම් අනුමත කරන්නත් බැහැ. සියලු දෙනා මරණයෙන් මුදවපු මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ අයට පවා අද පහර දෙනවා.‘
මේ සියලු දේවල්වලට විරුද්ධව මාර්තු 8ට යෙදෙන ලෝක කාන්තා දිනයේදී නවගමුව පත්තිනි දේවාල භූමියේදී විශේෂ පූජාවක් පවත්වන බවත් ඇය පැවසුවාය. කොළොන්නාව හිටපු මන්ත්‍රීනි අශෝකා ලංකාතිලක ඇතුළු ශ්‍රීලනිපයේ කාන්තා පිරිසක් මාධ්‍ය හමුවට එක්වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතුමා සිරිමා බණ්ඩාරනායක අගමැතිනියගේ කාලේ ගුරු පත්වීම් දුන්න නෝනලා එහෙමත් ඔතන ඇති නේද? (බ)
කොසොල් රජ දචස පත්තිනි අමිමලා හිටියා මෙහි ඉන්න අය වාසියට වැඩකරන අය ගැනු ජාතියටම කරන අවමානයක් ලැජ්ජයි..(බ)
නිම්මිගේ කතාව හරි අනේ ඇත්තටම ප්‍රබාකරන් හිටියනං හොඳයි තමයි. ලංකාවම අවුල් ජාලාවක් සිහලුනි දැන්වත් ඇස ඇරලා බලපල්ලා රටට වෙලා තියෙන දේ (බ)
“මහින්ද නැවත රටට උවමනාවීමට නම් ප්‍රභාකරන් බෝම්බ ගහන්න ඕනෑලු“. පුදුම තර්කයක්නේ. බජිරි වැපිරුවාම බාස්මති ලැබෙන්නේ නැහැ (නි)
පුයර නෝනලා පොරවල් වෙන්න යනවා. ගෙදරට වෙලා ඉන්න අක්කේ. (බ)
නංගි අලුත් වැඩක් පටන් ගන්න වගේ....මරු කට්ටිය (හේ)
දැන් ඉතින් හොද හොද සෙල්ලම් ටිකක් බලා ගන්න පුළුවන්.(හේ)
බොහොම හොදයි සුදු නංගියෝ! අපි රටේ සාමාන්‍ය ජනතාවට පරිප්පුයි බතුයි කන්න දීලා, ඔයාලට පොලී රහිත වාහන ණයක් දුනන්ම ඔක්කොම ප්‍රශ්න ටික ඉවරයි නේද?(හේ)
අනේ සාධු! (නි)
කලාකාරයෝ කියන්නේ මිනිසුන්ව සතුටු කරවන පිරිසක්. එහෙම ජනතාව සතුටු කළ අය නම් ඔවුන්ගේ ජනප්‍රියතාව හා දක්ෂකම මත දේශපාලනයේදීත් ඔවුන්ගේ භූමිකාව රංග දක්වනවා. එකේ නම් කිසිම වරදක් දකින්නේ නැහැ. එත් මේ කොහෙවත් යන අය ලොකුවට හිතාගෙන කරන ඒවා දකිද්දී අපිට හිනා යනවා.(හේ)
දැන් එක එක බලවේග එන්න පටන් ගෙන වගේ.(හේ)
දැන් ඔය පුජාවත් කරලා බලමුකෝ.(හේ)
නියම කට්ටයක් තමයි එකතු වෙලා තියෙන්නේ.(හේ)
බලාගෙන නංගී එදාට පත්තිනි මෑණියෝ කෙසේ වෙතත් කාලි මෑණියෝ උදහස් වෙන්න පුළුවන්. දෙයියෝ රවට්ටන්න බැහැ. (හේ)
නියම කණ්ඩායමක්නේ! (නි)
නියම කට්ටිය. මට නම් ඇඬෙනවා තනි ඇහැට මේවා දකිනකොට (නි)
නියම කට්ටිය එකට එකතුවෙලා තියෙන්නේ (නි)
කාගෙන්වත් පලිගැනීමක් නොවෙයි කරන්නේ ,වැරදි කල අයගෙන් පමණයි , රණවිරුවෝ, හාමුදුරුවෝ කියල රටේ වෙනම නීති නැහැ ,උසාවියේදී නිදොසේ බව පෙන්නන්න ,(අ)
මේ නෝනලා තමාවත් විශවාස නොකරන දෙවියන්ව මහින්ද වෙනුවෙන් පාවිච්චි කරන්න ගිහිල්ල කාලි මෑණියන්ගේ උදහසට ලක්වෙනවා එහෙම නෙවෙයි ! ඔන්න් කීව (අ)
මහින්ද දැන් වැඩක් නැ.....අවලංගු කාසියක්...(අ)
කලා/නලා කරුවන්ට මොකටද පොලී රහිත නය දෙන්නෙ. එයාල කලාවෙ යෙදෙන්නෙ නොමිලේ ද.....? එතකොට විදෙස්ගත ස්‍රමිකයන්ට මොනවද නොදෙන්න ඕනෙ....? අද රට දුවෙන්නෙ එයාල ලංකාවට එවන විදේශ විනිමයෙන් නේද.....?(අ)
අනේ මෙයා දන්නා දේසපාලනය .මේ පත්තිනි අම්මගේ හැටි දන්නා අය දන්නවා (අ)
මේ අය නම් ඉතින් පුජාව හැමෝටම කරන බව රටම දන්නවා. හැබැයි පත්තිනි නම ගාවා ගන්න මේ අයට අයිතියක් නැහැ. (අ)
මට නම් දැනෙන්නේ ටෙලි නාට්‍යක් බලනවා වගේ කියල (අ)
කාන්තාවන් පෙරමුණ ගැනීම බොහොම හොඳ දෙයක් (නි)
අන්න එහෙම පෙරටම යමු (නි)
නියමයි සහෝදරියනි! (නි)
පත්තිනි දෙවියෝ නම් රවටන්න බැරිවෙයි නගෝ.(ම)
ඔබ කරන යහපත් ක්‍රියාවට දෙවියන්ගේ ආශීර්වාදය නොඅඩුව ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි! (නි)
පූජාවට මොන මොනවා තබයිද මන්දා? (බ)
මේ ඔක්කොම පත්ත්නි අම්මලාද? (බ)
මුදලට රඟපෑම කලාවකි. කුලියට කැහීම අවමානයකි. අක්කල නංගිලා මේ දෙක පටලවා ගන්න එපා.(අ)
රනිල් ඇවිල්ලා නියම කොන්දක් තියෙන මිනිහෙක්. මාධ්‍යය නම් කියලම විවේචනය කළා. නැතිව හොරෙන් ගිහින් මාධ්‍යවේදීන් මැරුවේ නැහැ. ලසන්ත වික්‍රමතුංග මැරුව වෙලාවේ ධීවරයෝ වෙඩි තියලා බල්ලෝ වගේ මරපු වෙලාවේ මේ අය කොහෙද හිටියේ (බ)
මේ වගේ අය කියන ඒව පත්තිනි අම්ම අහයිද මන්ද ? (බ)
සිද්ධ පත්තිනි අම්මගෙත් රෙද්දෙ තුත්තිරි කිව්වලු (බ)
මේ කතා කරන ගෑනුන්ට තියෙන්නේ පුදුම කටවල්නෙ. ඔක්කොමටම හාපික් කිලෝ එක ගානේ යවන්න ඕනේ කටවල් සුද්ද කරන්න. මහින්ද ආයේ බැට් කරන්න බැරිවෙන්නම අවුට් වෙලා ඉන්න වෙලාවේ මෙයාලා පිස්සු කෙලිනවා (බ)
විගඩම් (බ)
නියම පත්තිනි අම්මලා (බ)
යහපාලනේට කඩේ යන පත්තිනි අම්මලත් ඉන්නවා හොඳේ ?(අ)
කේන්දර සුමනේද , සිරසේ අන්ධ තොටවත්තද මේක කරවන්නේ . මේ අය මේ පුජාව කරන්නේ වාහන ලබාගන්න , පත්තිනි අම්මත් වාහනයක් ඉල්ලුවද දන්නේ නැහැ (බ)
මේ මොන චිත්‍රපටියේ ෂූටින්ද? අනේ නම දාල නැහැනේ. (අ)
රජයත් වාහන රෙන්ට් එකට ගන්න එකේ නරකද කැබ් එකක ගියොත්. (බ)
අනේ මන්දා මේ ගෑනු කෙනා මොනා හිතගෙන ඉන්නවාද (බ)
මෙයාවත් එෆ්සීඅයිඩී එකට එක්කන් යන්න වෙයි වගේ: මොකද මහින්දට ඔච්චර කෑගහන අය අවුල් වෙලා තියෙන්නේ කලින් තිබුන වරප්‍රසාද නැතිවීම නිසා: (බ)
පොලී රහිත ණයක් දෙන්නේ මොකක් කළාටද ? කලා කරුවෝ කියන්නේ කට්ටක් දුන්නම සූප්පු කර කර ඉදල ඒක නැති වුනාම පත්තිනි පූජා තිය තිය රට වටේ යන මේ වගේ නලා කරුවෝ නෙවෙයි. මේ නලා කරුවෝ කලාකරුවෝ කියාගන්න එක සැබෑ කලාකරුවොන්ට අවනම්බුවක්. (බ)
ඔය පූජාවට අපිට එන්න බැරිද? (නි)
බොහොම හොඳයි (නි)
මෙය කොහේ ඉඳලද මේ එලි බැහැල තියෙන්නේ? කවුද මේ? ගෝනිය කරේ තියාගෙනම කඩේ යන්න ඇවිත් වගේ. (බ)
අපිත් එනවා ඔය පූජාවට (නි)
නල්ල මලේ අම්මන්ඩිල ටික එකතුවෙලා ඉන්නේ (බ)
අති භයානක අනාගතයක පෙරනිමිති පහළ වෙන යුගයක් ඉදිරියට ආවා. තවත් විහාර මහා දේවියක් වගේ (බ)
මරු පත්තිනි අම්මලා සෙට් එක (බ)
හැඳිමිටි ටික නියමෙට කඩේ යනවා.අපේ කිරි සප්පයින්ගේ පිහිටට ඉන්න පත්තිනි මෑණියෝ එහෙම උදහස් කරනවා නෙමයි. (බ)
ඕගොල්ලෝ වෙනසක් බලාගෙන යහපාලනය ගෙනෙන්න උදව් කළාද? නැත්නම් වලව්වට කඩේ ගියාද? යහපාලනයෙන් වෙනසක් බලාපොරොත්තුවෙන් හිටපු අයට ඒ වෙනස දැනෙනවා, කඩේ ගිය අයට කෝකටත් බඩ දනව. (බ)
ෂා ... මරු පත්තිනි අම්මලා සෙට් එක .. .එල එල (බ)
ඕව අපිට කියන්න ඔයාට තියන සුදුසුකම මොකද්ද නංගියේ (බ)
මරු අනේ (බ)
මේ පත්තිනි. අම්මල කෑගහන්නේ එයාලට වාහන. ගන්න ණය. දුන්නේ. නැති එකට. මහන්සි වෙලා. හම්බ කරලා වාහන ගන්න. මේක. දුප්පත් රටක්. කොහේ තියෙන සල්ලිද මේ ඉල්ලන්නේ. මුදල් ඇමති. හොඳ නැතිනම් නළු. බට්ටේක්ව දාගන්න. කාලිමෑනියන්ට කියල (බ)
මේ බොරු වැඩ වැඩක් නැහැ මහින්ද මහත්තයා දිනනවාමයි. (ර)
මේ ඈත දුෂ්කර ප්‍රදේශවල ඉන්න අහිංසක දරුවන් වෙනුවෙන් යමක් කරන්න. තමන්ගේ වාසිය වෙනුවෙන් ඕව කරන එක අපට නම් පේන්නේ, (ම)
නියම කතාව (නි)
මේ ගැනුන්ටත් ඉතින් වැඩක් තියෙන්න එපැයි. බොරු පොරොන්දුම දෙනගමන් මිනිස්සු මුලා කරනවා හොරු ආරක්ෂා කරනවා. (බ)
පව් අනේ! පත්තිනි මෑණියන්ගේ පිහිටට ඉන්න සත්පත්තිනි අම්මලා.(බ)
දැන් සමහරු දේශපාලනය නිසා දෙවියන්වත් විකුණගෙන කන්න යනවා. (නි)
කතාව ඇත්ත යහපාලනය කියාගෙන අද කරන්නේ පළි ගැනීමයි (බ)
අනේ අපි නම් ඕවට මොකුත් කියන්නේ නැහැ (නි)
කවුද මේ ඕෂධී හේවාමද්දුම....... කියන්නේ...? "කලාකරුවන්ට පොලී රහිත වාහන ණයක් දුන්නා" එක බල්ලලෙක් පැන්න නේද එලියට. අම්මෝ ජනතා සේවය..(බ).
කවුද මෙතන ඉන්න පත්තිනි අම්මලා? (බ)
මහින්ද මහත්තයා ඉදිරියට යන එක ස්ථිරයි (නි)
‘රණවිරු දඩයම්, සංඝයාවහන්සේලා දඩයම අනුමත කරන්න බැහැ. ජනමාධ්‍යවේදීන් කරන බලපෑම් අනුමත කරන්නත් බැහැ" - ඇත්ත නේන්නම්. රණවිරුවන් හිරේ දාපු එක, සෝභිත හාමුදුරුවන් රෝහල් ගත වෙන්න සලස්සපු එක, ජන මාධ්‍යවේදීන් අතුරුදහන් කරපු එක එහෙම අනුමත කරන්නම එපා. (බ)
ලක්ෂ ගණනක් දරුවන් මන්දපෝෂණයෙන් පෙළෙන රටක කාන්තාවක් පොලි රහිත වාහන ගැන කථා කිරීම පිළිකුල් සහගතය. මාර්තු 8 විශේෂ පුජාවේදී, රාජ්‍ය දේපොළ මංකොල්ල කාපු සහ අනාගතයේ කන අය ගැන විශේෂ සිහිකිරීමක් කරන ලෙස මෙම කාන්තා නියෝජිතවරියන්ගෙන් ඉතා ගෞරවයෙන් අපි ඉල්ලා සිටිමු. (බ)
පත්තිනි දේවියගේ පිහිටවත් ලැබෙයිද බලමු එහෙනම් (නි)
මේ කට්ටිය පත්තිනි අම්මාවරුන්ගේ දානයකට ගන්නවද? (බ)
මේ. සෙට්. එක දැන් රිකන්ඩිෂන්. ඉතින් මේ අය කොහොමද .බ්‍රැන්ඩ් නිව් වාහන ගන්නේ. (බ)
හොද පත්තිනි අම්ම වැඩේට බැහැල තියෙන්නේ මේ පාර මහිදත් ගස් ගිහින් තමා නතර වෙන්නේ (බ)
ඕෂදී නංගි ඔයාට වෙන වැඩ නැද්ද මේවාගේ වැඩ පස්සේ දුවන්නේ (ම)
ආනේ ඇත්තද ? පව් නේ ? (බ)
නිලියක් වුනා කියල රටේ පාලනයට ඇඟිලි ගහන්න තියෙන අයිතිය මොකක්ද මෙයාල පිළිගත්තු නිලියෝද,,(බ)
ගෙදරට වෙලා පොල් සම්බෝලයක් හදාගෙන බත්ටිකක් කන්න දරුවොත් එක්ක. මේ විගඩම් වලට වැය කරන කාලය තමන්ගේ පවුලේ දියුණුවට මිඩංගු නොකිරීම ගැන ඔයාලගේ මහත්තුරුත් ඇත්තටම කැමති නැතුව ඇතිනේද? (බ)
එතකොට රාජපක්ෂ පාලනයේ පීඩාවට පත්වූ අනෝමා ෆොන්සේකා, සන්ද්‍යා එක්නැලිගොඩ, ශිරාණි බණ්ඩාරනායක එතුල තවත් පීඩාවට පත්වූ මව්වරුන්,බිරිඳලා, දු දරුවන් ගෙන මොකද කියන්නේ? එක් පවුලක් ගෙන විතරක් බලන්නේ නැතුව පොදුවෙන් බලන්න. (බ)
කලිසම් නැතිව ඉඳලා අහුවුණ සරත් නන්ද සිල්වයි ඕෂධී මද්දුම හේවායි විමල් වීරවංශයි ප්‍රාදේශීය සභා කට්ටියයි කළුතර රත්තරන් සෙට් එක පෙළ ගැසුනාම මරු (බ)
අනේ ඕෂධී අපිට මේවාට හිනා යනවා ඔයා ගැන අපි දන්නවානේ (බ)
දෙවියනේ, මේ කියන දේ අසත්වා! (නි)
මෙතන ඉන්න එක පත්තිනි අම්ම කෙනෙක්වත් අපි කිසි දවසක දැකල නැහැ. කොහොම වුනත් මේ පත්තිනි දේවිලා ටිකගේ සහ අනිත් අන්ධයන්ගේ ඇස් ඇරෙන්නත් එක්කල පූජා තුනක් විතර තිබ්බොත් හොඳා. (බ)
"මරල හරි බලය ගන්න තිබුනනේ" කියල ඒ පුජනිය ප්‍රකාශය කරපු පත්තිනි අම්මත් මෙතන ඉන්නවනේ? (බ)
ෂා ... මරු පත්තිනි අම්මලා සෙට් එක .. .එල එල (බ)
මෙයා හිතන්නේ ටෙලි නිලියක් වුණාම මේයාට වැඩිය කෙනෙක් නැ කියල. දන්නා වැඩේ කරලා කුලියක් අරගෙන හිටියනම් හොඳ යි නේද? (බ)
වැරදි කරන අයව ආරක්ෂා නොකර නිතිය හමුවට පැමිණවීම දඩයමක් හැටියට දකින ඔයාගේ නුවන ගැන අපිට කණගාටුයි .නොදන්නා දේශපාලනය කතා නොකර දන්නා රගපෑම කරගෙන හිටියොත් තමයි හොද කියල අපිට හිතෙනවා (බ)
බෝධි පූජා, දේව පූජා, පොල් ගැසීමේ පූජා....!!! තවත් අය ගම්මිරිසුත් අම්බරනවලු රජයට විරුද්ධව. ශිරන්තිද මේ පූජාවන් කිරීමට මුල්වන්නේ? රටවැසියාට ඇතිවී තිබෙන කරදර, අපහසුකම් වෙනුවෙන් දෙවි පිහිට ඉල්ලීමට වඩා රාජපක්ෂ පවුලේ අයට ඇතිවී තිබෙන එෆ්.සි.අයි.ඩී. ගමන් බිමන්, ලුතිනන් පුතාගේ රජයේ බෝඩිමේ නවාතැන ගැන පිහිටක් පතලා වෙන්න ඇති මහින්ද පත්තිනි පූජාවක් පවත්වන්න හදන්නේ.... දෙවි දේවතාවන් වුනත් වැරදි, අයහපත් වැඩ කරන අයට පිහිට වෙන්නේ මොන රටේද ?(බ)
මේ රටේ ඉන්නේ මහා ගුණයක් නැති සත්තු. අනේ දෙයියනේ ප්‍රබාකරන් මැරුණේ අපරාදේ. මුන්ට බෝම්බ 2 3 දැම්මනම් මහින්ද මතක් වෙයි. කෙලෙහි ගුණ නැති ජාතියක්. එ් කනේ වද වෙලාම යන්නේ.(බ)
කාර් කාර් කාර්...ලංකාවෙ හෑමෝටම තියෙන්නෙ කාර් ප්‍රශ්න...දොස්තරලට, කලාකාරයන්ට, ආන්ඩුවෙ සේවකයන්ට, ඉන්ජිනේරුවන්ට , දේශපාලකයන්ට ඔක්කොම අඩන්නෙ කාර් වලට...රණවිරුවොන්ටයි , දුප්පත් මිනිස්සුන්ටයි විතරයි මේව අදාල නැත්තෙ..මේ අය තමයි මහින්දව කෑවෙ..(බ)
නංගි ලොකු මල්ලක් අරන් කඩේ යන ගමන් වගේ..! නාමල් බේබි ඔයාව හොදින් බලාගනී..!! (බ)
මේ අම්මල ටික කොහෙද මෙච්චර කල් හිටියේ.... අර අැඹිලිපිටියේ අම්ම වෙනුවෙන් එක විනාඩියක් කට අැරියාද ? (බ)
‘මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව කාලේ කලාකරුවන්ට පොලී රහිත වාහන ණයක් දුන්නා. ජනවාරි 8න් පසු යහපාලන ආණ්ඩුවෙන් ඒකත් නැහැ‘ වැදගතම කොටස එ්කයි..(බ)
අර කිව්ව වගෙ මාර පත්තිනි අම්මල සෙට් එක.මේ තමයි ලංකාවෙ අනාගතේ කන අම්මණ්ඩිලා (බ)