හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව බරපතල දූෂණ විමර්ශන ජනාධිපති කොමිසම හමුවේ පැවැත්වෙන විභාගය සිකුරාදාට කල් තැබිණි.
ඊට හේතුව වූයේ පැමිණිල්ලේ සාක්කි විත්තියට නොලැබීමයි.
රාජපක්ෂ මහතාගේ නීතිඥ ගාමිණී මාරපන මහතා කොමිසමට කියා සිටියේ එම සාක්කි නොමැතිව හරස් ප්‍රශ්න ඇසිය නොහැකි බවයි.
එම සාක්කි ලබාදෙන ලෙස පැමිණිල්ලට නියම කළ කොමිසම සාක්කි විභාගය සිකුරාදාට කල් තැබීය. රාජපක්ෂ මහතා අද පැමිණ සිටියේ නැති අතර ඔහු කැමැති නම් කොමිසමට පැමිණ සාක්කි ලබාදිය හැකි බවත් කොමිසම ප්‍රකාශ කර ඇත.
නාමල් රාජපක්ෂ මහතා අද එහි පැමිණ සිටියේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගාමිණි මාරපන කියන්නේ තිලක් මාරපනගේ සහෝදරයෙක්ද? (බ)
කවදා මේ පළිගැනීම් ඉවර වෙයිද වෛරය ක්‍රෝධය මේ රටේ ඉහවහා ගිහිල්ලා බුදු දහම පවතින රටක් නේද මේක (බ)