IMG-LOGO

මහින්දගේ හමුදා ආරක්ෂාව ඉල්ලා සත්‍යග්‍රහයක්

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉවත් කළ හමුදා ආරක්ෂාව නැවත ලබා දෙන ලෙස ඉල්ලා රජයට බල කිරීමේ සත්‍යග්‍රහයක් අද (07) බණ්ඩාරගම නගරයේ දී ගිහි පැවිදි පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු විය.

සත්‍යග්‍රහයෙන් පසුව පිරිස ජාතික කොඩි අතැතිව බණ්ඩාරගම වටරවුමට රුස්වී විරෝධතාවයකද නිරත විය.

DSC01370 DSC01406 DSC01411 DSC01417 DSC01423 DSC01433



අදහස් (0)

මහින්දගේ හමුදා ආරක්ෂාව ඉල්ලා සත්‍යග්‍රහයක්

පසීර් Sunday, 08 May 2016 10:01 AM

මහිනදට ආරක්ෂාව දිය යුතුයි. එක එහෙම නැහැ කියනවනම්, ඒ කියන්නේ පෞද්ගලික එදිරිවාධිකම් මත මිස, වෙනය කරුණක් නිසා නොව. ඔහුට පරි පුර්ණ ආරක්ෂාවක් දිය යුතුයි. (ර)

:       0       0

සනත් ගුණවර්ධන ස්විස් Sunday, 08 May 2016 10:50 AM

මේ කට්ටිය මහින්දගෙන් යැපුනා. ෆොන්සේකා හිරේ දමද්දී මේ අය කොහෙද හිටියේ? (නි)

:       0       0

සුනිල් Sunday, 08 May 2016 10:49 AM

මේ වගේ සත්‍යග්‍රහ කීයක් තිබුනද හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා මැතිනියගේ ආරක්ෂාව අඩුකළ වෙලාවේ? එතකොට අඩුකළේ ආරක්ෂාව නොවේද? අනේ මෙහෙමත් රටක්! (නි)

:       0       0

විමුක්ති Sunday, 08 May 2016 11:01 AM

මොහු මෙතරම් ආරක්ෂාවක් ඉල්ලන්නේ කුමටද? (නි)

:       0       0

සනත් Saturday, 07 May 2016 08:17 PM

මේවා ප්‍රයෝජනයක් නැති වැඩ. (නි)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Saturday, 07 May 2016 08:39 PM

සහෝදරවරුනි, ඔහුගේ ආරක්ෂාව ඉල්ලලා පොල් ටිකක්වත් ගහලා බලමුද? (නි)

:       0       0

පෙරේරා Saturday, 07 May 2016 09:06 PM

ඇමෙරිකාවේ හිටපු ජනාධිපතින්ටත් එංගලන්තේ හිටපු අගමැතින්ටත් අල්කයිඩා ත්‍රස්තයන්ගෙන් ලොකු අවදානමක් තිබුනත් මොනම ආරක්ෂාවක්වත් ඒ අයට ලැබෙන්නේ නැතිකොට, මෛත්‍රී මහතාටත් තියෙන්නේ විශේෂ පොලිස් කාර්ය බලකායේ ආරක්ෂාවක් පමණක්කොට, මහින්දට පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාවක් මදි මොකද? (නි)

:       0       0

සුමුදු Saturday, 07 May 2016 10:06 PM

තමන්ගේ ළමයින්ගේ අධ්‍යාපනය වෙනුවෙන්, සෞඛ්‍ය වෙනුවෙන් වැඩකළේ නැති කෙනෙකුගේ ආරක්ෂාවක් වෙනුවෙන් සත්‍යග්‍රහ කරනවාද? (නි)

:       0       0

නිශාන්ත Sunday, 08 May 2016 11:44 AM

ජනතාවට බියෙන් සැකෙන් තොරව ජීවත්වෙන්න ත්‍රස්තවාදය අහවර කළා නම් ඇයි එයා විතරක් බියෙන් ජීවත්වෙලා ඉන්නේ? (නි)

:       0       0

ඇන්ජලෝ Saturday, 07 May 2016 10:21 PM

ආරක්ෂාව රජය බලාගනියි. සාමාන්‍ය ජනතාව අනවශ්‍ය දේවල් වලට යොමු කරන්න එපා. යුද හමුදාව තියෙන්නේ ප්‍රභූ ආරක්ෂාවට නෙමෙයි, ජනතාව මේ ගැන දැනුවත් කරන්න (නි)

:       0       0

සිරි Sunday, 08 May 2016 12:00 PM

රට බේරාගත් නායකයාගේ ආරක්ෂාව ඉවත්කිරීම වැරදියි (නි)

:       0       0

ගාමිණි Sunday, 08 May 2016 12:01 PM

නුසුදුස්සන් පළවා හරින්න. රට බේරාගන්න පෙරට එන්න (නි)

:       0       0

ඉසුරන්දි Sunday, 08 May 2016 12:06 PM

අපොයි දෙයියනේ! මහින්ද මහත්තයාගේ ආරක්ෂාවට පොලිසියෙන් 200ක් දුන්නා කිව්වා නේද? එතකොට එ්කත් මදිද? (නි)

:       0       0

ඉන්දික Sunday, 08 May 2016 12:09 AM

අනේ මන්දා මේ අය ගැන මොනවා කියන්නද කියලා (නි)

:       0       0

නලින් Sunday, 08 May 2016 12:30 AM

දැන් අර හාමුදුරුවෝ කිව්වා නේද 1100ක ගිහි පැවිදි හමුදාවක් හදනවා කියලා. මොකද දන්නේ නැහැ වුණේ? පුලුවන්නම් ඒක හදාගෙන අපි කාටවත් කරදරයක් නැතුව ඉන්න. (නි)

:       0       0

බමුණු ආරච්චි Sunday, 08 May 2016 01:35 AM

සත්තකින්ම එය කළයුතුයි. ඒ මහතා රැකගත යුතුයි. අනික් දේශපලකයෝ ඔහොම රැකගන්න තරම් දෙයක් රටට කරලා නැත. එහෙම රැකගතයුතු දේශපාලකයෙක් ගැන දන්නා කෙනෙක් කියන්න බලන්න. මෙම මහතාට රැකවරණය නොදියයුතුයි කියලා කෙනෙක් කියනවා නම් අපේ දැනගැනීම සඳහා හේතු කියන්න. (නි)

:       0       0

චන්දි Monday, 09 May 2016 11:51 AM

දැන් මේ කාගෙන්ද ආරක්ෂා වෙන්න ඕනේ? රටේ ජනතාවගෙන්ද? (අ)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 08 May 2016 01:47 AM

ජනතාව ප්‍රතික්ෂපේ කර ගෙදර යැවූ නායකයෙකුට පොලිසියේ 200 ක් දෙනවා කියලයි සත්‍යග්‍රහ කරන්න ඕනෑ. (නි)

:       0       0

ප්‍රසා Monday, 09 May 2016 11:54 AM

මේ හාමුදුරෝ දැන් පස්ස බලන්නේ නැද්ද? මොකද ඡන්දෙ කාලේ කිව්වා මහින්ද අගමැති කරලා තමයි පස්ස බලන්නේ කියල (අ)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Sunday, 08 May 2016 01:52 AM

ජනතාව ගෙදර යවපු නායකයෙකුට හමුදා ආරක්ෂාවක් දෙන්න කියන්න තරම් කට්ටිය ඉන්න එක ගැනයි මට පුදුමේ (නි)

:       0       0

කමල් Sunday, 08 May 2016 12:56 PM

ජයවේවා ඔබතුමන්ලාගේ සටනට! (නි)

:       0       0

සමන් Sunday, 08 May 2016 12:57 PM

මුළු රට වටේම මෙවැනි ජන රැස්වීම් තියන්න කියා අපි ඉල්ලනවා (නි)

:       0       0

තිලංක Sunday, 08 May 2016 01:53 AM

අශ්වයා ගියාට පසු ඉස්තාලය වසා නම් වැඩක් නැහැ (නි)

:       0       0

බෙනට් Sunday, 08 May 2016 01:55 AM

රාජපක්ෂ මැතිතුමා නොහිටින්න අද අපිත් ඉඳියිද දන්නෙ නැහැ. (නි)

:       0       0

සුමන Sunday, 08 May 2016 02:36 AM

අපේ රටේ තිබෙන එකම ප්‍රශ්නය රාජපක්ෂ පවුලද? වෙන ප්‍රශ්න ඇත්තෙම නැද්ද? (නි)

:       0       0

රොකී Sunday, 08 May 2016 03:08 PM

ස්ත්‍රී පාර්ශවයේ හමුදාවක් එහෙම හදන්න අදහසක් නැද්ද දන්නෙ නැහැ කාගෙවත්? (නි)

:       0       0

පද්මිණි Sunday, 08 May 2016 03:20 AM

කොඩි උස්සගෙන පාරේ ඉන්න දුප්පත් අම්මේ ,තාත්තේ, ඔබලාව මේ විදියට බළල් අතක් ලෙස පාවිච්චි කරන්නේ දේශපාලකයන්. (ර)

:       0       0

රොකී Monday, 09 May 2016 01:49 PM

විචාර බුද්ධියක් නැති, ඒ වගේම මොලය හෝදනු ලැබූ රැලක්! (බ)

:       0       0

ශාන සෞදි Sunday, 08 May 2016 04:36 AM

රටේ පවතින නීතියට පිටින් කිසිදෙයක් දෙන්න එපා. (ර)

:       0       0

නිරාන් Saturday, 07 May 2016 01:31 PM

රට බේරාගත් ෆොන්සේකා මහතා වෙනුවෙන් පාරට බහින්න කවුරුවත් හිටියේ නැහැ (නි)

:       0       0

සහන් Sunday, 08 May 2016 04:57 AM

බෙනෙට් කව්ද කිව්වේ.? (ර)

:       0       0

මහේෂ් Sunday, 08 May 2016 04:59 AM

බෙනට්, ඉස්සර රජවරු නම් යුධ පෙරමුණ ගත්තා. යුද්ධ කළා. දැන් එහෙම කළාද? (ර)

:       0       0

තොටගේ මංගල කුලසිංහ Sunday, 08 May 2016 05:14 AM

අපිට විසදීමට තව ප්‍රශ්න බොහෝ ඇත. (ර)

:       0       0

හුසේන් මොහමඩ් Sunday, 08 May 2016 05:23 AM

රජයේ තීරණය වෙනස් විය යුතු නැහැ. (ර)

:       0       0

ලියනගේ Saturday, 07 May 2016 02:16 PM

අද රටේ තියෙන්නේ සත්‍යග්‍රහ, පොල් ගහන ඒවා. ඒ කාලේ චන්ද්‍රික මැතිනියගේ, ජෙනරාල් සරත් ෆොන්සේකාගේ ආරක්ෂාව අඩු කරනකොට ඉවත් කරනකොට මේ අය කොහෙද දන්නේ නැහැ නේද හිටියේ (නි)

:       0       0

සමන්ති Saturday, 07 May 2016 02:19 PM

නීතිය නොදැනීම නිසයි මිනිසුන් මෙවැනි දේ කරන්නේ (නි)

:       0       0

බණ්ඩාර Sunday, 08 May 2016 06:17 AM

දැන් දෙන්න ඕන මන්ත්‍රී ආරක්ෂාව පමණයි. (ර)

:       0       0

චතුරි Saturday, 07 May 2016 03:07 PM

බණ්ඩාර, ගමේ අය මොකටද? කඩේ යන්න කියලා ඔලුවෙන් හිටගෙන හිටියත් තීරණය එකයි. මහින්ද මහජනතාව ගැන හිතුවද කලින්? (නි)

:       0       0

සහන් Saturday, 07 May 2016 03:29 PM

තවමත් මොහු වෙනුවෙන් මහපාරට බහින අය ඉන්නවනේ? (නි)

:       0       0

සහන් Saturday, 07 May 2016 03:28 PM

කෝ අර අපේ හාමුදුරුවෝ හදනවා කියපු බලකාය? (නි)

:       0       0

මනෝජ් Saturday, 07 May 2016 03:40 PM

රටේ දැනට තිබෙන එකම ප්‍රශ්නය මෙයද? (නි)

:       0       0

දර්ශන Saturday, 07 May 2016 03:42 PM

ඇත්තටම අපේ මිනිසුන්ට මේ තරමටම තේරුමක් නැද්ද? යුධ හමුදාව වෙනුවට එස්ටීඑෆ් භටයන් ඒ ප්‍රමාණයම දීලා තියෙනවා නේද ? (නි)

:       0       0

කුමාර් Saturday, 07 May 2016 03:46 PM

ඕවට ගෙවන්නේ අපේ සල්ලි. නීතිය කාටත් පොදුයිනේ. අනික එයාලා ත්‍රස්තවාදය අවසන්කළානේ. ඇයි මේ බය? (නි)

:       0       0

සෙන්පති Saturday, 07 May 2016 03:47 PM

බොහෝ කට්ටියට ඊර්ෂ්‍යාව ඇති බව පෙනෙනවා. (නි)

:       0       0

ජගත් Sunday, 08 May 2016 07:43 AM

අපේ දැනුමේ හැටියට දැනට දී තිබෙන ආරක්ෂාව හොදටම ප්‍රමාණවත්.(හේ)

:       0       0

කරු Saturday, 07 May 2016 04:20 PM

සත්‍යග්‍රහයකින් රටක නීතිය අප්‍රයෝජනයට බලකිරීම නීතිවිරෝධියි (නි)

:       0       0

මගලි ප්‍රනාන්දු Sunday, 08 May 2016 08:27 AM

දැන් චීනෙන් 5000ක් අාවා කීවා නේද ?(හේ)

:       0       0

බුද්ධික Sunday, 08 May 2016 08:32 AM

ආරක්ෂාව අඩු කරලා නෑ නේද?(හේ)

:       0       0

නන්ද Saturday, 07 May 2016 05:56 PM

මේ වගේ වැඩවලට ජාතික කොඩි යොදාගැනීම සම්පුර්ණයෙන්ම වැරදියි නේද? (නි)

:       0       0

කුමාර් Sunday, 08 May 2016 08:52 AM

පොලිස් විශේෂ කාර්ය බලකාය කියන්නේ ඉතා හොඳින් පුහුණුකළ ත්‍රස්ත මර්ධනයේ ඉතා වටිනා මෙහෙයක් ඉටුකළ සොල්ධාදුවන් පිරිසක්.පොලිස් විශේෂ කාර්ය බලකායේ සේවයකළ අය දැන් ඕමානය වැනි රටවල රාජ නායකයින්ගේ ආරක්ෂාවට සේවයට බඳවාගෙන තිබෙනවා.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 29 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 617 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 340 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site