හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉවත් කළ හමුදා ආරක්ෂාව නැවත ලබා දෙන ලෙස ඉල්ලා රජයට බල කිරීමේ සත්‍යග්‍රහයක් අද (07) බණ්ඩාරගම නගරයේ දී ගිහි පැවිදි පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු විය.
සත්‍යග්‍රහයෙන් පසුව පිරිස ජාතික කොඩි අතැතිව බණ්ඩාරගම වටරවුමට රුස්වී විරෝධතාවයකද නිරත විය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහිනදට ආරක්ෂාව දිය යුතුයි. එක එහෙම නැහැ කියනවනම්, ඒ කියන්නේ පෞද්ගලික එදිරිවාධිකම් මත මිස, වෙනය කරුණක් නිසා නොව. ඔහුට පරි පුර්ණ ආරක්ෂාවක් දිය යුතුයි. (ර)
මේ කට්ටිය මහින්දගෙන් යැපුනා. ෆොන්සේකා හිරේ දමද්දී මේ අය කොහෙද හිටියේ? (නි)
මේ වගේ සත්‍යග්‍රහ කීයක් තිබුනද හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා මැතිනියගේ ආරක්ෂාව අඩුකළ වෙලාවේ? එතකොට අඩුකළේ ආරක්ෂාව නොවේද? අනේ මෙහෙමත් රටක්! (නි)
මොහු මෙතරම් ආරක්ෂාවක් ඉල්ලන්නේ කුමටද? (නි)
මේවා ප්‍රයෝජනයක් නැති වැඩ. (නි)
සහෝදරවරුනි, ඔහුගේ ආරක්ෂාව ඉල්ලලා පොල් ටිකක්වත් ගහලා බලමුද? (නි)
ඇමෙරිකාවේ හිටපු ජනාධිපතින්ටත් එංගලන්තේ හිටපු අගමැතින්ටත් අල්කයිඩා ත්‍රස්තයන්ගෙන් ලොකු අවදානමක් තිබුනත් මොනම ආරක්ෂාවක්වත් ඒ අයට ලැබෙන්නේ නැතිකොට, මෛත්‍රී මහතාටත් තියෙන්නේ විශේෂ පොලිස් කාර්ය බලකායේ ආරක්ෂාවක් පමණක්කොට, මහින්දට පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාවක් මදි මොකද? (නි)
තමන්ගේ ළමයින්ගේ අධ්‍යාපනය වෙනුවෙන්, සෞඛ්‍ය වෙනුවෙන් වැඩකළේ නැති කෙනෙකුගේ ආරක්ෂාවක් වෙනුවෙන් සත්‍යග්‍රහ කරනවාද? (නි)
ජනතාවට බියෙන් සැකෙන් තොරව ජීවත්වෙන්න ත්‍රස්තවාදය අහවර කළා නම් ඇයි එයා විතරක් බියෙන් ජීවත්වෙලා ඉන්නේ? (නි)
ආරක්ෂාව රජය බලාගනියි. සාමාන්‍ය ජනතාව අනවශ්‍ය දේවල් වලට යොමු කරන්න එපා. යුද හමුදාව තියෙන්නේ ප්‍රභූ ආරක්ෂාවට නෙමෙයි, ජනතාව මේ ගැන දැනුවත් කරන්න (නි)
රට බේරාගත් නායකයාගේ ආරක්ෂාව ඉවත්කිරීම වැරදියි (නි)
නුසුදුස්සන් පළවා හරින්න. රට බේරාගන්න පෙරට එන්න (නි)
අපොයි දෙයියනේ! මහින්ද මහත්තයාගේ ආරක්ෂාවට පොලිසියෙන් 200ක් දුන්නා කිව්වා නේද? එතකොට එ්කත් මදිද? (නි)
අනේ මන්දා මේ අය ගැන මොනවා කියන්නද කියලා (නි)
දැන් අර හාමුදුරුවෝ කිව්වා නේද 1100ක ගිහි පැවිදි හමුදාවක් හදනවා කියලා. මොකද දන්නේ නැහැ වුණේ? පුලුවන්නම් ඒක හදාගෙන අපි කාටවත් කරදරයක් නැතුව ඉන්න. (නි)
සත්තකින්ම එය කළයුතුයි. ඒ මහතා රැකගත යුතුයි. අනික් දේශපලකයෝ ඔහොම රැකගන්න තරම් දෙයක් රටට කරලා නැත. එහෙම රැකගතයුතු දේශපාලකයෙක් ගැන දන්නා කෙනෙක් කියන්න බලන්න. මෙම මහතාට රැකවරණය නොදියයුතුයි කියලා කෙනෙක් කියනවා නම් අපේ දැනගැනීම සඳහා හේතු කියන්න. (නි)
දැන් මේ කාගෙන්ද ආරක්ෂා වෙන්න ඕනේ? රටේ ජනතාවගෙන්ද? (අ)
ජනතාව ප්‍රතික්ෂපේ කර ගෙදර යැවූ නායකයෙකුට පොලිසියේ 200 ක් දෙනවා කියලයි සත්‍යග්‍රහ කරන්න ඕනෑ. (නි)
මේ හාමුදුරෝ දැන් පස්ස බලන්නේ නැද්ද? මොකද ඡන්දෙ කාලේ කිව්වා මහින්ද අගමැති කරලා තමයි පස්ස බලන්නේ කියල (අ)
ජනතාව ගෙදර යවපු නායකයෙකුට හමුදා ආරක්ෂාවක් දෙන්න කියන්න තරම් කට්ටිය ඉන්න එක ගැනයි මට පුදුමේ (නි)
ජයවේවා ඔබතුමන්ලාගේ සටනට! (නි)
මුළු රට වටේම මෙවැනි ජන රැස්වීම් තියන්න කියා අපි ඉල්ලනවා (නි)
අශ්වයා ගියාට පසු ඉස්තාලය වසා නම් වැඩක් නැහැ (නි)
රාජපක්ෂ මැතිතුමා නොහිටින්න අද අපිත් ඉඳියිද දන්නෙ නැහැ. (නි)
අපේ රටේ තිබෙන එකම ප්‍රශ්නය රාජපක්ෂ පවුලද? වෙන ප්‍රශ්න ඇත්තෙම නැද්ද? (නි)
ස්ත්‍රී පාර්ශවයේ හමුදාවක් එහෙම හදන්න අදහසක් නැද්ද දන්නෙ නැහැ කාගෙවත්? (නි)
කොඩි උස්සගෙන පාරේ ඉන්න දුප්පත් අම්මේ ,තාත්තේ, ඔබලාව මේ විදියට බළල් අතක් ලෙස පාවිච්චි කරන්නේ දේශපාලකයන්. (ර)
විචාර බුද්ධියක් නැති, ඒ වගේම මොලය හෝදනු ලැබූ රැලක්! (බ)
රටේ පවතින නීතියට පිටින් කිසිදෙයක් දෙන්න එපා. (ර)
රට බේරාගත් ෆොන්සේකා මහතා වෙනුවෙන් පාරට බහින්න කවුරුවත් හිටියේ නැහැ (නි)
බෙනෙට් කව්ද කිව්වේ.? (ර)
බෙනට්, ඉස්සර රජවරු නම් යුධ පෙරමුණ ගත්තා. යුද්ධ කළා. දැන් එහෙම කළාද? (ර)
අපිට විසදීමට තව ප්‍රශ්න බොහෝ ඇත. (ර)
රජයේ තීරණය වෙනස් විය යුතු නැහැ. (ර)
අද රටේ තියෙන්නේ සත්‍යග්‍රහ, පොල් ගහන ඒවා. ඒ කාලේ චන්ද්‍රික මැතිනියගේ, ජෙනරාල් සරත් ෆොන්සේකාගේ ආරක්ෂාව අඩු කරනකොට ඉවත් කරනකොට මේ අය කොහෙද දන්නේ නැහැ නේද හිටියේ (නි)
නීතිය නොදැනීම නිසයි මිනිසුන් මෙවැනි දේ කරන්නේ (නි)
දැන් දෙන්න ඕන මන්ත්‍රී ආරක්ෂාව පමණයි. (ර)
බණ්ඩාර, ගමේ අය මොකටද? කඩේ යන්න කියලා ඔලුවෙන් හිටගෙන හිටියත් තීරණය එකයි. මහින්ද මහජනතාව ගැන හිතුවද කලින්? (නි)
තවමත් මොහු වෙනුවෙන් මහපාරට බහින අය ඉන්නවනේ? (නි)
කෝ අර අපේ හාමුදුරුවෝ හදනවා කියපු බලකාය? (නි)
රටේ දැනට තිබෙන එකම ප්‍රශ්නය මෙයද? (නි)
ඇත්තටම අපේ මිනිසුන්ට මේ තරමටම තේරුමක් නැද්ද? යුධ හමුදාව වෙනුවට එස්ටීඑෆ් භටයන් ඒ ප්‍රමාණයම දීලා තියෙනවා නේද ? (නි)
ඕවට ගෙවන්නේ අපේ සල්ලි. නීතිය කාටත් පොදුයිනේ. අනික එයාලා ත්‍රස්තවාදය අවසන්කළානේ. ඇයි මේ බය? (නි)
බොහෝ කට්ටියට ඊර්ෂ්‍යාව ඇති බව පෙනෙනවා. (නි)
අපේ දැනුමේ හැටියට දැනට දී තිබෙන ආරක්ෂාව හොදටම ප්‍රමාණවත්.(හේ)
සත්‍යග්‍රහයකින් රටක නීතිය අප්‍රයෝජනයට බලකිරීම නීතිවිරෝධියි (නි)
දැන් චීනෙන් 5000ක් අාවා කීවා නේද ?(හේ)
ආරක්ෂාව අඩු කරලා නෑ නේද?(හේ)
මේ වගේ වැඩවලට ජාතික කොඩි යොදාගැනීම සම්පුර්ණයෙන්ම වැරදියි නේද? (නි)
පොලිස් විශේෂ කාර්ය බලකාය කියන්නේ ඉතා හොඳින් පුහුණුකළ ත්‍රස්ත මර්ධනයේ ඉතා වටිනා මෙහෙයක් ඉටුකළ සොල්ධාදුවන් පිරිසක්.පොලිස් විශේෂ කාර්ය බලකායේ සේවයකළ අය දැන් ඕමානය වැනි රටවල රාජ නායකයින්ගේ ආරක්ෂාවට සේවයට බඳවාගෙන තිබෙනවා.(හේ)