රජයේ ආයතන කිහිපයකින් වැටුප් ගත්තැයි ද, ව්‍යාජ ලියැවිලිවලින් පිටරට ගියැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සම්බන්ධීකරණ නිලධාරියකු වූ චම්පක කරුණාරත්න කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා විසින් ඇප මත මුදා හරිනු ලැබීය.
රුපියල් 25000ක මුදල් හා රුපියල් දස ලක්ෂය බැලින් ඇප කරුවන් දෙදෙනකුගේ ඇප මත මුදා හළ සැකකරුගේ විදේශ ගමන් බලපත්‍රය ද තහනම් කැරිණි.
විභාගය මාර්තු 17ට කල් තැබිණි.
සැකකරු රිමාන්ඩ් කිරීමට තරම් පැමිණිල්ලෙන් සාක්කි ඉදිරිපත් නොකළ බව අධිකරණයේ දී කියැවිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්දට නිකම් හරි ගෑවිලාවත් තිබුනා නම් නිකම් ඇති. (ර)
එ්ක ඇත්තනේ දහම් .දැන් බලාගෙන යනකොට මහින්දගේ වටේ හිටපු හොරු රැළ ගැන ලියන්න වෙනම පත්තරයක් ගහන්න ඕන (බ)
ලොකුම හොරු දෙන්නගෙන් එකෙක් ඉන්නේ යුක්රේන් වල අනිකා කොළඹ හතේ ගෙවල් දුසිමක් විතර තියාගෙන තවම ලංකාවේ. සිංහල ජාතික නායකයෙක් නැති කළ මොවුන්ට නම් කිසිම සමාවක් දෙන්න එපා. (බ)
එහාකොට මහින්ද පැන්ෂන් දෙකක් ගන්නේ. (ස)
තව කොච්චර මේ වගේ අය බේරිලා ඉන්නවාද? (නි)
කෝවිලේ කපුවා හිටගෙන කරන දේ ගෝලයා දුව දුවා කරනවලු. ඉතින් පුදුම වෙන්න දෙයක්ද? (නි)