ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වංචා සහ දුෂණ සිද්ධියක් පිළිබඳව ප‍්‍රශ්න කොට ප‍්‍රකාශ ලබා ගැනීම සඳහා නීතිය හා සාමය පිළිබඳ රාජ්‍ය ඇමැති ප්‍රියංකර ජයරත්න සහ ශ්‍රීලංකන් ගුවන් සේවයේ හිටපු සභාපති නිශාන්ත වික‍්‍රමසිංහ බරපතල වංචා සහ දුෂණ විමර්ශන ජනපති කොමිසම හමුවට ලබන 30 වැනිදා කැඳවීමට යයි.
නිශාන්ත වික්‍රමසිංහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මස්සිනාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකුත් වෙන්නේ නැහැ මේගොල්ලෝ බේරෙනවා (බ)
අනේ මන්දා සිල්වා, අපි බලමු... (නි)
" අනේ කුඹියනේ තොපටත් රජෙක් ඉන්නේ" අපට ??? (ම)
අපිට ආසාවට ශ්‍රී ලංකන් ගුවන් යානයක යන්න නැති කරලයි තියෙන්නේ. ප්‍රකාශ සටහන් කර ගන්නවා ඉවරයක් නැහැ. දැන්වත් වැරදි කාරයන් ඉකමනින් කොටු කරගෙන දැඩි දඩුවම් දීපල්ලා. (බ)
තිලක් ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකාට දේශපාලනය කල නොහැක , ඡන්දෙට පෙර බොරු චාටු කතා කියා කරන්න බැරි පොරුන්දු දීම ඔහු විසින් කරන්නේ නැත . ඔහු කියන දේ කරන නීතියට වැඩ කරන මිනිහෙකි , යම්කිසි විදිහකින් වංචනිකයන්ට දඩුවම් කිරීමට ඔහුට ආණ්ඩුවේ යම් තනතුරක් හෝ කොමිසමක තනතුරක් ලැබුන නම් ඔහු කිසිම පැකිලීමක් නැතුවම කොටිසංවිධානයට කලදේම රාජපක්ෂ රෙජිමයට සහ එහි සාමාජිකයන්ටද කරනු ඇත . රනිල් විසින් මෙවැනි පුද්ගලයන් කොමිසම් වලට පත් කරන්නේ නැත. (ස)
ඊලග ඡන්දෙ එනකම් පරීක්ෂණ කර කර ඉදපල්ලා.යහපාලනය ගෙනාපු අපිට දැන් හොදටම සනීපයි. (බ)
ජෙනරාල් ෆොන්සේකාට කළා වගේ මුලින්ම බලු කුඩුවේ දාල ඉන් පස්සේ නිවාඩු දවස් වලත් නඩු අහල ඉක්මනින්ම දැඩි දඩුවම් දීපල්ලා. (බ)
රාජපක්ෂලාගේ හොද නරක කියල කෙනෙක් නැහැ. ඉන්නේ සුපිරිම කට්ටියක් විතරයි. (බ)
ධර්ම ජයවික්‍රම අපටත් රජෙක් ඉන්නවා , ප්‍රශ්නෙකට තිබෙන්නේ කලින් සිටි මහරජාගේ ඇඟේ එල්ලී සිටි කිනිතුල්ලන් , බලු මක්කන්ගෙන් කොටසක් ඇවිත් ඔහුගේ ඇඟේ එල්ලී සිටීම සහ බලු කුක්කන් ඔහුගේ කකුලෙන් ඇදීම නිසා කසමින් එහෙට මෙහෙට අැඹෙරෙමින් සිටීම හැර ඔහුට වැඩක් කරගත නොහැකිවීම, මැක්කන්ට බෙහෙත් දමා බලු කුක්කන් පලවාහැර වැඩ පටන්ගැනීමට තවම ප්‍රමාද නැත (බ)
විමල්ගේ බිරිඳගේ පස්ස්පෝර්ට් වංචාව ලිඛිත සාක්ෂි සහිතව ඔප්පු වී තිබුනත් ඇයට දුන්න දඩුවමක් නැත (බ)
නිධන් හෑරිම ගැන සාක්කි දුන්න හමුදා සෙබලෙක් මේ ළගකදී නාදුනන තුවක්කු කරුවෙකුගේ වෙඩි පහරින් මරුමුවට පත් වුණා. එවැනි සිදු වීම් ගණනාවක් ඉදිරියේදීත් සිදු වෙන්න පුළුවනි.කරන සටහනක් ඉක්මනින් කරගෙන සාක්ෂි අතුරුදහන් කරන්න කලින් කරපල්ලා. (බ)
තිලක් ගේ අදහස මමද අනුමත කරමි , වැරදි වුනත් අර ෆොන්සේකාට කළා වගේ ඉස්සෙල්ල සැක පිට මොවුන් රිමාන්ඩ් කරන්න ඕනේ ඊට පස්සේ නඩු දමා ඇප නොදී කඩිනමින් නඩු අහන්න ඕනේ , වංචා කාරයන්ට දඩුවම් දෙන්න අලුත් උසාවි කොමිසම් අවශ්‍ය නැත තිබෙන උසාවි වලින්ම වැඩේ කළ හැක ," රාජ්‍ය ධනය හොරෙන් ගත්තොත් ලබන ආත්මෙදි බලු කපුටන් වෙලා ඉපදෙනවා " "කීවට විතරක් හරියන්නේ නැත . උන් බලුකපුටන් වෙලා ඉපදුනාට හොරකම් කළ ධනය රජයට ලැබෙන්නේ නැත , ඉදිරියට ඉන්න අය හොරකම් කිරීමට බිය වන්නේද නැත. ශ්‍රී ලන්කන් එකට කරපු විනාසෙට මේ මිනිහගේ දේපල සියල්ල රාජසන්තක කර ජීවිතාන්තය දක්වා හිරේ දැම්මත් මදිය , (බ)
දැනට මාස 10 යක් ගෙවුන.මොන කම්බා හොරාටද දැඩි දඩුවම් දුන්නේ.බඩ ගින්නට බතල අල හාරලා දරුවන්ට කන්න දුන්නු අසරණයට විතරද ලංකාවේ නිතිය ක්‍රියාත්මක කරන්නේ. (බ)
යහපාලන නායකයාගේ ලිපියක් කියවන්න හෝ ප්‍රතිචාර දක්වන්නත් මටනම් ලැජ්ජයි.ජෙනරල් ෆොන්සේකාව ජනාධිපති කරව ගන්න නොලැබුණේ අපේ කරුමෙට කියල හිතෙනවා.අනාගත දරුවන්ගේ අවාසනාවට කියල හිතෙනවා. (බ)
ලංකා ඉතිහාසයේ ලොකුම හොරකම මහා බැංකු මංකොල්ලය යහපාලනෙන් එහෙමම යට ගියා නේද? (බ)
බොරු "ශෝබන" නැතිව දැන්වත් ලංකාව කියන්නේ නීතියක් තියෙන රටක් කියල ලෝකෙට පෙන්වපල්ලා. (බ)
සිල්වා.මුන් හත්මුතු පරම්පරාවකටම ඇති වෙන්න සල්ලි හරි හම්බ කරගෙන ඉවරයි.අපි සහ අපේ උපදින දරුවන් තමයි මුන්ගේ කරුමෙට ණය ගෙවන්නේ.රටක නිතිය කියල දෙයක් තිබෙනවානම් කියව කියව ඉන්නේ නැතිව දඩුවම් දෙන්න ඕනේ.100% විස්වාසයි කිසිම දඩුවමක් ලැබෙන්නෙත් නැහැ.සියලු ධනස්කන්ධය රාජ සන්තක කරන්නෙත් නැහැ. එහෙම කොන්දක් කියල දෙයක් තිබෙන එකෙක් මේ රජයේ නැහැ (බ)
දවසක් පාසල් පොත් ගන්න සල්ලි සොයාගන්න අසල තිබුන වත්තකට ඇතුළු වී පොල්ගෙඩි කිහිපයක් අහුලාගත් කුඩා ගැහැණු ළමයෙක් උසාවි ගෙනිච්චා , ඩොලර් කොටි ගණනක ජාතික ධනය විනාශ කරපු මිනිස්සු කැඳවන්නේ කොමිසම් වලට සමහර වෙලාවල කොමිසම හොරුන්ගේ දෙපා ලඟට ගොස් කට උත්තර ගන්න අවස්ථාද ඇත , රනිල්ගේ ක්‍රමයට ලංකාවේ හොරු ඇල්ලිය නොහැක (බ)
රනිල් මෛත්‍රී මහාපරිමාණ ආර්ථික හොරුන් ඇල්ලීම වැනි ඔබතුමාලට ඉටු කිරීමට බැරි පොරොන්දු මින් පස්සේ ජනතාවට දෙන්න එපා (බ)
තිලක් ඩුබායි සහ සිල්වාගේ අදහස් සමහරුන්ට නයාට අඳු කොළ වාගේ පෙනුනාට ඒ දෙන්නා කියන දේත් අැත්තක් තිබෙනවා මිනිසුනේ.පාට කන්නාඩිය ගලවලා බලපල්ලා.කොච්චර බලාගෙන හිටියත් බලමු සාධාරණේ ඉටුවෙන හැටි.(බ)
කොහොමද සහෝදර සමාගම ගහලා තියෙන ගැහිල්ල. (හේ)
මේවා ඔක්කොම සංදර්ශන පමණයි , ගෙන්වා ප්‍රසිද්ධ කර ආපසු යවා , යහපාලනය කියා පෙන්වනවා , අද වන තුරු කිසිම වැරදී කරුවකු හෝ සොරකම් කළා යන කිසිවක් සොයා ගත්තේ නැහැ , නෙමේ ඒවා කරන්නේ නේ ....(රේ)
සිල්වා බර්ලින්-"රනිල් මෛත්‍රී මහාපරිමාණ ආර්ථික හොරුන් ඇල්ලීම වැනි ඔබතුමාලට ඉටු කිරීමට බැරි පොරොන්දු මින් පස්සේ ජනතාවට දෙන්න එපා".ඔබගේ අදහස 100% සත්‍යයි.....(රේ)
ජෙනේරල් ෆොන්සේකා මිනීමරු ප්‍රභාකරන් එක්ක සටන් කලේ නිර්භිතකම,නොබියවම අවසන් ඉලක්කය කරා ලගා වීමේ දැඩි අධිශ්ඨානය,කැපවීම,කියන දේ කරන,කරන්න බැරි දේ නොකියන, . කියන කාරණාත් එක්ක හොදින් ගැලපීම නිසයි.....(රේ)
ඊළඟ මැතිවරණය වෙනකම් එක එක්කෙනාගෙන් ඔහොම ප්‍රශ්න කර කර ඉන්න වෙන්න ඇති අදහස.....(රේ)
තිලක්, මමත් ඔබ වගේම රාජපක්ෂ රෙජීමය ගෙදර යවන්න රනිල් මෛත්‍රී සංයෝගයට ආශිර්වාද කළා. නමුත් ජනතාවට දුන් පොරොන්දු ඉටුනොකර පැහැරහරින බව දකිනකොට පැකිළීමක් නැතුවම ඔවුන් විවේචනයද කරමි. මුල්‍ය වංචාවක් වෙලා තිබෙනවා නම්, එයට පැහැදිලි සාක්ෂි තිබෙනවා නම් ලංකාවේ නීතියට අනුව අධිකරණයේ නඩු පවරන්න පුළුවන්. (නි)
ඇත්ත වැඩිකලක් නොගොස් හෙළිවේවි (නි)
යහපාලනය නමෝ විත්තියෙන් විමල්ගේ බිරිඳගේ පාස්පෝර්ට් වංචාව හෙළිකරලා වැඩ පටන්ගත්තා. ඊයේ පෙරේදා විමල්ගේ පාස්පෝර්ට් මගඩියත් හෙළිකළා. හුදී ජනයාගේ පහන් සංවේගයට ඔය හොඳටම ඇති....... (නි)
අහෝ දුප්පත් අපේ සල්ලි......! (නි)
මිනිසුනේ, දැන් පාර්ලිමේන්තුවේ ඉන්නේ හොරු. එදත් හිටියේ හොරු, අදත් ඉන්නේ හොරු. ඔය ටික තේරුම් ගන්න පුළුවන් වුන දාට යහ පාලනයක් ඉබේටම බිහි වේවි. මුන් ඔක්කොම එළවලා ස්වාධීන අපේක්ෂයකයන් පමණක් , රටට වැඩකළ අය පමණක්, පාර්ලිමේන්තු යවමු. ප්‍රධාන දේශපාලන පක්ෂ සුනුවිසුණු කළ යුතුය. (බ)
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)