2005 වසරේ ජනපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ රනිල් පැරැද්දුවේ ප්‍රභාකරන් සමග ඩීල් ගසා බව ඒ පක්ෂයේම අය රටට එළිකර ඇතැයි ග්‍රාමීය ආර්ථික සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.
මහනුවර දිගන පැවැති උත්සවයකට සහභාගි වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
ජනපති විශ්‍රාම වැටුපත් මන්ත්‍රි වැටුපත් දෙකම එකට ගන්නා ලෝකයේ එකම පුද්ගලයා මහින්ද රාජපක්ෂ බව හෙතම පැවැසිය.
යුද්ධය අවසන් කිරිමේ ගෞරවය එතුමාට හිමි වුවත් ඔහු දැමු ඩීල් හරහා කරගත් පවු පන්සල් ගොස් අරවාගත නොහැකි බවද අමාත්‍ය වරයා පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කට තිබුණු පලියට කතා කරන්න එපා. රනිල් අාවනම් 2005 දී , දැන් රට දෙකඩ වෙලා. (බ)
තමුන්නාන්සේලා රටට කරන අපරදෙට තව ආත්ම ගණනාවකටවත් තමුන්නාන්සේලාගේත් පවු අරව ගන්න බැරි වේවි තේරුනාද. (බ)
මෙයා ගැන නම් කියලා වැඩක් නෑ (බ)
මොකක්ද ඒ කතාව.(හේ)
මහින්ද මහත්තයාගේ ඩීල් එක රට බේරගත්ත එක. එම පින ආත්ම ගණනකට ඇති . (කෞ)
හැරිසන් මහත්තයෝ අද නිදහසේ පාරේ යන්නේ මහින්ද මහතා නිසයි. (කෞ)
මන් මගේ චන්දෙ දුන්නෙත් මෛත්‍රී තුමාටයි,එත් හොදට මතක තියාගන්න මහින්ද නොහිටියානම් මගේ වගේම ඔබතුමාගේත් කැලි අහුලන්න තිබුන කියලා. (කෞ)
හැරිසන් මහත්තයෝ මේ මොනවද කියන්නේ.(හේ)
මේ අය පාර්ලිමේන්තු ගියේ අනුන්ගේ වැරදි කියන්නද? රටට වැඩක් කරන්න බැරිද? කතාව පැත්තක තබා වැඩක් කර පෙන්වන්න. අනුන්ගේ වැරදි ඇසුවා කියා අපිට වෙන සෙත මොකක්ද? (නි)