බෙල්ල හිරකර දියකාවුන් යොදවා චීනය මාළු අල්ලන ක්‍රමයට මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිද විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන,ගම්මන්පිල හා වාසුදේව යන දියකාවුන් ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් බිලීබාගන්නට යොදා ඇතැයි ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී.හැරිසන් මහතා තලාව ප්‍රදේශයේ පැවති ජන හමුවක දී පැවසීය.
‘චීනේ මාළුකාරයෝ දියකාවෝ රංචුවක් අල්ලන් බෝට්ටුවේ දාගෙන ගිහිල්ලා දියකාවගේ බෙල්ල ටිකක් හිරවෙන්න රෙදි පටියකින් බඳිනවා. බැඳලා වැවට දානවා වැවට දැම්මට පස්සේ දියකාවා යට ගිහිල්ලා ලොකුම ලොකු මාළුවෙක් අල්ලගෙන එනවා. අල්ලගෙන ආවට උඩට ඇවිල්ලා කන්න බෑ. ඌ ආයෙත් කෙලින්ම බෝට්ටුව ළගට ඇවිල්ලා ඒ මාළුවා දානවා එතන්ට. එහෙම තමයි චීනෙ මිනිස්සු මාළු අල්ලන්නේ.‘ යැයිද හැරිසන් අමාත්‍යවරයා කීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දියකාවන්ට විතරක් නෙමෙයි මිනීමරුවන්ට හොරුන්ට වංචාකාරයන්ට කුඩු එතනෝල් ගෙන්වන්නන්ට ඡන්දෙ දීල පත් කරගත්තේ ආණ්ඩුවේ දේපල ඕන තරමක් හොරා කාල තමන්ට සිල් රෙද්දක් හෝ බෙදයි කියලනේ. මෙහෙමත් ජනතාවක් ඉන්න රටකට අනාගතයක් තියෙයිද ? (ස)
ඔය පැත්තට කිඹුලෙක් ආවද? (ස)
නියම උදාහරණයක්නේ අරගෙන තියෙන්නේ (නි)
නියම කතාවක් තමයි මේක නම් (නි)
අවුරුද්දක් විතර වුනා කරපු වැඩ මොනවද.? (ර)
වැඩකට ඇති දෙයක් කියන්නකෝ මහත්තයෝ. ඔහේ කියවලා වැඩක් නැහැනේ (නි)
අම්මපා! අපි මෝඩයෝ කියලද දන්නෙ නැහැ හිතාගෙන ඉන්නේ (නි)
අනේ සෑම් පොලොස් කොට්ටෝරුවන්ට අපහාස කරන්න එපා. (ම)
මේ අදහස් ටිකෙන්ම පේනවා අපේ මිනිස්සුන්ව ගොනාට අන්දන්න බැරි බව ,ඇමතිට පව් තමා...... (ස)
හිටපු මහින්දගෙ වැඩ ගැන කතා කරනවට වඩා තමන්ගෙ තිබෙන වැඩ ටික ගැන බලාකියා ගත්තා නම් හොඳයි නේද? දැන් බලයට පත්වෙලාත් මාස දහයක් වෙනවානේ (නි)
මෙයාටත් අර හිටපු කෙනකුට ලැබුණාවගේ ආචාර්ය පට්ටමක් දුන්නොත් හොඳයි. (බ)
පවු අනේ! කිඹුලා කාල.(රේ)
ඔය කතා අහන්න අපිට ඕනෑ නැහැ. අපිට ඕනෑ වැඩ (නි)
අනුන්ගේ වැඩ ගැන කතාකරනවට වඩා තමන්ගෙ තිබෙන වැඩ ටික ගැන බලාකියා ගත්තා නම් හොඳයි නේද? (නි)
අනුන්ගේ වැරදි හෙව්වා ඇති (නි)
අපි දහදිය මහන්සියෙන්, එදා වේල හොයාගෙන ජීවත්වෙනකොට මෙහෙම කතා ඇහෙද්දී උතුර දකුණ මාරුවෙනවා (නි)
අපිට නම් දැන් කතා අහලා ඇතිවෙලා (නි)
මේ වගේ අයවද මහජන ඡන්දයෙන් පත්කර තිබෙන්නේ? (නි)
මෙයා හරියට චීන්නු මාළු අල්ලනවා බලන් හිටිය වගේ බොරු කියනවා. මෙයාලනම් ටික ටික මිනිස්සුන්ගේ බෙල්ල හිරකරලා මෙයාලගේ මඩිය තද කරගන්නවා. (බ)
බල්ලෝ බීරුවට කඳු පත්වෙන්නේ නැහැනේ.(ම)
මේ වැඩ බැරිනං පුලුවං කෙනෙකුට දීලා පැත්තකට වෙනවා හලෝ. දැං ලංකාවේ තියන ලොකුම ප්‍රශ්නේ ඒකද? වැඩ කරන්න බැරි කම වහගන්න එක එක්කෙනාට ඇගිල්ල දික්කරනවා. ඔහේ රජගෙදර කවයටයාද? (ම)
මාලුවා නහින්නේ කට හින්ද කියල තියෙන එක වෙනස් කරන්න කියනවද මෙයා (බ)
යහපාලනයේ පුතුන්ගේ සුජාත බව ගැන සැකද?(ම)
මේ පොලොස් කොට්ටෝරුව දන්නා දෙයක් නැහැ.ඔය විදියට මාලු අල්ලන්නේ චීනයේ නෙමෙයි ජපානයේ .එක ජපානයේ එක පළාතක තිබෙන සම්ප්‍රදායික ක්‍රමයක්.හුගක් වෙලාවට එක්තරා උත්සවයකදී විතරයි එහෙම මාලු අල්ලන්නේ .මෙයාට වැරදිලා (රේ).
මේක සත පහක වටිනාකමක් තියෙන දෙයක් කියන්න දන්නේ නැහැ. (ම)
මේ කට්ටිය හොඳයි හොද කොමඩි ෆිල්ම් එකකට (ම)
ඉල්ලන් කනවා කියන්නේ මේවට තමයි. දියවන්නාවේ හිටියට දියකාවෝ ගැන දන්නේ නැති ඇමතියෙක්. මේවා අහන්නත් තාම මිනිස්සු ඉන්නවනේ. (ම)
බෙල්ල නුලෙන් ගැට ගහපු දියකාවෝ තමයි අපේ රටෙත් වැඩිපුර ඉන්නේ. හැබැයි වුණුත් දන්නේ නැහැ උන්ගේ බෙල්ල හීන් නුලෙන් ගැට ගහලා කියලා. කොහොමත් අපේ රටේ තියෙන්නේ. "බාගෙන කන්න තියන වල, ඉහාගෙන කන" සිස්ටම් එකනේ. පහුගිය කාලේ එහෙම කල නිසානේ අද මෙහෙම වෙලා තියෙන්නේ? (ම)
වැඩක් කරන්නේ නැහැනේ. කියවනවා විතරනේ (නි)
මේ ලොකු විහුලු, දැන් ආපු දවස ඉඳන් හිටපු පාලකයන්ගේ වැරද්දනේ කියන්නේ. ගත්ත ක්‍රයා මාර්ග මොකුත්ම නැහැනේ. (ර)
එයාලා මෙයාලව විවේචනය කරනවා. මෙයාලා එයාලව විවේචනය කරනවා. රට එතනම පල්වෙනවා. අනේ මන්දා, කවදා මේ රටට හරියයිද කියලා? (නි)
මොවුන්ට දියකාවෝ කිව්වොත් උන් ඇවිල්ලා අපිව කයි. මේ අයට ගැලපෙන නම තමයි වාසුදේව කිව්වේ. (ම)
මේ තමයි මේ ආණ්ඩුවේ කේවට්ටයා. අවුරුදු 30ක් තිස්සේ තමන්ගේ උතුරුමැද පළාතේ මායිම් ගම්මාන වල අහිංසකයන් කොටින්ගෙන් බැට කෑවා, අනුරාධපුරයට කොටි ගැහුවා. එතකොට කට ඇරියේ නැහැ. දැන් තමයි බය ඇරිලා කට කියවන්නේ. (බ)
විසිල් විතරයි බල්ටි නෑ. (ර)
මෙයා කිසී වැඩක් නෑ. කට වහගෙන වැඩකරලා පෙන්වන්න. රජ කලේ අන්දරේ වගේ කතාව. (ස)