ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උත්සාහය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩා බිඳ දැමීම නොව විරුද්ධ පක්ෂයේ සියලු බලවේග එකතු කරගෙන ඊළඟ මැතිවරණයේ ජයග්‍රහණය කිරීම යැයි දකුණු පළාත් මහ ඇමැති ශාන් විජේලාල් ද සිල්වා මහතා පැවසීය.
ගාල්ල ලබුදූව දක්ෂිණපාය අමාත්‍යංශ ගොඩනැගිල්ලේ දී අද මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු එසේ කීවේය.
‘‘අපේ පක්ෂයේ මත ගැටුම් ඇති වූ පළමු අවස්ථාව මෙය නොවෙයි. මොන මත ගැටුම් තිබුණත් පක්ෂය ශක්තිමත්ව ඉදිරියට ගියා. පක්ෂයට සහ පක්ෂයේ නායකයාට විරුද්ධව කතා කරන විවේචනය කරන අයට අත්වන ඉරනම් තුනක් තිබෙනවා. එක්කෝ බහුතරය නැවත පක්ෂයට එකතු වෙනවා. නැතිනම් විරුද්ධ පක්ෂයට එකතු වෙනවා. නැතිනම් දේශපාලනයෙන් විශ්‍රාම ගන්නවා. පක්ෂය කඩාගෙන ගිය අයට ඉතිහාසය පුරාම ඔය ඉරනම් අත් වුණා.
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති සමයට වඩා අද පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය තිබෙනවා. එදා රැස්වීමකට ගිය පසු කියන දේ අහගෙන ඉඳලා කිසිවක් කතා නොකර ජාතික ගීය ගායනා කළ පසු පිටව ගියා. අද එවැනි තත්ත්වයක් නෑ. අද පක්ෂයේ කතා කිරීමේ අවස්ථාව තිබෙනවා. පක්ෂය කඩා බිඳ දමන්න වත්මන් ජනපතිට කිසිම උවමනාවක් නෑ.
මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේත් යුතුකම හා වගකීම වන්නේ පක්ෂයට හා නායකයාට සහාය දීමයි.
ඉතිහාසය දෙස බලන විට ගාල්ල මේ රටේ දේශපාලනයේ වෙනසක් කළ පුරවරයක්. නමුත් කිසිම විටක කුමන්ත්‍රණයක් ගාල්ලේ සිදුවී නැහැ. මෙතෙක් කිසිම දිනක දේශපාලන රැලියකට ගාල්ලට නොපැමිණි තරම් පිරිසක් මෙවර ගෙන්වනවා.
පුළුවන්නම් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් නැතිව මැයි රැලියක් කර පෙන්වන ලෙස ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂවලට අභියෝග කරනවා.‘‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්දගේ කට්ටිය ටික ටික අඩුවෙනවා වගෙයි. අනේ අපොයි! (නි)
ශාන් මහත්තයෝ, මේ රටට ඔය කියන නිදහසට කලින් ලබාගත යුතු බොහෝ දේ තිබෙනවා. ආසියාවේ දියුණු වූ අතලොස්සක් රටවල් දිහා බලන්න. ඒ හැම රටකම නායකයෝ තම රට දියුණු කරගත්තේ දැඩි අයෝමය පාලනයක් යටතේ. ඊටපස්සේ තමයි ඔය කියන නිදහස දුන්නේ. සුද්දාගෙන් නිදහස ලැබිලා අවුරුදු 60 වැඩිය ගිහිල්ලා තාම බැරිවුණා හිඟාකන ආර්ථිකයෙන් එහාට මේ රට ගෙනියන්න (නි)
ඒකාධිපතිවාදය කොච්චර ඇඟට ගිහින්ද කියනවා නම් සමහරු පරාදවෙලා අවුරුද්දකට වැඩියි. එ්ත් තවම ඒ ගතිගුණ තමයි දාන්නේ. මේක තේරුම් ගන්න බැරි වහල්බාවයම ඉල්ලන කොටසක් අපේ රටේ ඉන්න එක ගැන නම් කණගාටුයි. (නි)
මහින්දලා බැලුවේ වේලාසනින් ඡන්දය තියාගෙන එය මොන ක්‍රමයෙන් හෝ දිනාගෙන ඉන්පසු ඉදිරි පරම්පරාවට භාර දීලා හොරමැරකම් ටිකත් වහගෙන මැරෙනතුරුම රජකරන්නයි. (නි)
පහුවෙලා හරි තේරුම් ගන්න පුළුවන් එක ගැන සිල්වා සතුටුවෙනවාලු. ඔව් ඔව් එ්කනේ දැන් එළිපිටම වෙනම රටක් ඉල්ලන්නේ. එ්ක දෙන්නෙත් ප්‍රජාතන්ත්‍රවාදය වැඩි නිසා තමයි නේද සිල්වා? (නි)
චතුරි, අපට තිබෙන ලැජ්ජාව ඔහෙලා වගේ අය සිංහලයින් අතර සිටීම. උපුල් වීරසිංහලා, චතුරිලා වගේ අය තමයි ප්‍රභාකරන් උපමාවට ගත්තේ. සිංහලයාට සුමාන දෙකෙන් අතීතය අමතක වෙනවා කියලා. අනේ මෙහෙව් සිංහලයෝ! (නි)
මොන මතගැටුම් තිබුණත් පක්ෂය ශක්තිමත්ව ඉදිරියට ගියාට වැඩක් තිබෙනවද රට පස්සට යනවා නම් (නි)
බමුණුආරච්චි මහත්තයෝ, කොහෙද රට පස්සට යන්නේ? මවාපෑ සංවර්ධනයේ රඟ දැන් එළිවෙනවා (නි)
රොහාන්, ඔයගොල්ලෝ පස්සට හැරිලා යනකොට හිතන්න ඉස්සරහට යනවා කියලා. මවාපෑ සංවර්ධනයේ රඟ දැන් එළිවෙනවා. අවුරුදු 30 තිස්සේ වූ විනාශය නැවැත්වීමම සංවර්ධනයක් නොවෙයිද? මේගොල්ලෝ මෙම අවුරුදු එකහමාරටම කරපු සංවර්ධනය මොකක්ද? (නි)
ගොඩක් අයට රටට මොනවා වුණත් කමක් නැහැ තමන්ගේ උරුමෙන් ලැබුණු පක්ෂය දිනනවා නම්. ඒ වගේ අයට මොන පුද්ගලයෙක් තමන්ගේ උරුමෙන් ලැබුණු පක්ෂයට හොඳක් කිවුවත් ඒක හරිම ලොකු දෙයක්. ඊළඟ ඡන්දෙන් හොඳට තේරෙයි අවුරුදු එකහමාරට කරපුවා ජනතාව අනුමත කරලද නැද්ද කියලා (නි)
ඔය කොයි කවුරුත් අද ඔතන ඉන්නේ මහින්ද නිසා බව අමතකද? නැඟපු ඉනිමඟට පයින් ගහන්න එපා. (නි)
මොනව ද කියනවා , පොලිස්පති පත්කරන්නෙත් ඡන්දෙන්නේ. (අ)
පහු වෙලා හරි තේරුම් ගන්න පුළුවන් එක ගැන සතුටුවෙනවා (අ)
මහින්දට තියෙන්නේ පැරදුන එකට වැඩිය ලැජ්ජාවක් මිනිසුන්ව හිරකරගෙන හිටියේ කිසිම නිදහසක් දෙන්නේ නැතිව දැන් ජනපති කරනදෙවල් මෙයට දිරවන්නේ නැහැ මහින්ද දන්නේ නැහැ එයා ඉන්නේ කොහිද ,කරන්නේ මොනවද , මිනිස්සු එයට මොනවදකියන්නේ කියලා කල්පනා ශක්තිය දුර්වලයි කෝපය වැඩි නිසා (අ)
පසුගිය රජය කාලේ රට සංවර්දනය වුණු බව කියන්නේ අපි විතරක් නෙමෙයි. ලෝකය පුරා කරපු සමික්ෂණයකිනුත් කොළඹ ලොව අංක එකට වේගයෙන් සංවර්ධනය වුණ බව ඔප්පුවුණා. අද මෙයාලට එ්කේ නඩත්තුවවත් කරගෙන යන්න බැහැ (නි)
ඒ ඉතින් ඔයගොල්ලන්ටනේ. කතාව ඇත්ත. (බ)
මහින්ද වැඩ කළා තමයි , හැබැයි එයත් සහ එයාගේ වන්දි බට්ටයෝ ,නෑදෑයොත් සංවර්ධනය වෙන ගමන් වැරදි කළා. (බ)
එතකොට හොදයි නේද? (බ)
සිංහල ජාතිය ඉක්මනින් විනාශ වන ජාතීන් අතර සිටීම ගැන හොඳම සාක්ෂි තමයි මෙතන කමේන්ට දාල තියෙන වැඩි දෙනෙක් ගේ මානසික තත්වය තුලින් පෙනෙන්නේ. කණගාටුයි එ්ත් එ්ක තමයි ඇත්ත. (බ)
චතුරි හරියටම හරි එ්ක තමයි තිත්ත ඇත්ත (බ)
යන විදියට ගියොත් රටට මොකද වන්නේ (බ)
ඒ කාලේ මේ අය මොනතරම් ඉවසිල්ලක් ඉවසගෙන ඉඳලා තියෙනවද කියා අපිට හිතාගන්න පුළුවන්. ඔව්...ඔව්.. රට, දැය,සමයට ආදරය තිබෙන අය එහෙම තමයි. ඉවසාගෙන, දහදුක දරාගෙන තමයි එම මෙහෙවර සිදුකරන්න වෙලා තියෙන්නේ. (නි)
මේවා තේරුම්ගත් අයත් ඉන්නවා. තේරුම්ගන්න බැරි අයත්, තේරුම්ගන්න උවමනාවක් නැති අයත් ඉන්නවා. මොකක්හරි කරන්න ගිහාම කකුලෙන් අදින, කඩේ යන අය තමයි ඒ. තවලම ඇදෙද්දී කට්ටිය බයිලත් කියනවා. අපි අහගෙන ඉන්නවා. වැටී ඇති වළෙන් ගොඩඑන්න පොල් ගහලා හෝ ගුරුකම් කරලා හෝ යම් බලයක් ලබාගැනීමේ අපේක්ෂාවෙන් පැරදුන අය දඟලනවා. (නි)
දැක්කද වෙනස? (නි)
අපිට දැන් ප්‍රජාතන්ත්‍රවාදය නෙමෙයි තිබෙන ප්‍රශ්නය, බඩු මිල වැඩිවීම (නි)
අනේ අපි නම් ඕවා දන්නෙ නැහැ මහත්තයෝ (නි)
වාසි පැත්තට හුරේ... (ර)
අනේ අපි මොනවටද මේවට උත්තර දෙන්නේ? (නි)
උපුල් වීරසිංහ චතුරි වගේ අයට බෝම්බ කාලේ අත්දැකීම් නැහැ වගෙයි (නි)
මහජනතාවගේ තීන්දුව ඉදිරියේදී බලාගන්න පුලුවන්වෙයි (නි)