හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන මෙහෙයුම් කාර්යාලයක් බත්තරමුල්ලේ දී අද (12) පෙරවරු 9.26 ට යෙදුණු සුබ මොහොතින් විවෘත කැරිණි.
මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් වැඩියෙන්ම පෙනී සිටින හිටපු ඇමැති විමල් වීරවංශ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහත්වරුන් එම අවස්ථාවට පැමිණ සිටියේ නැත.
මන්ත්‍රී පද්ම උදය ශාන්ත කීවේ වීරවංශ මහතා විදේශ ගතව ඇති බවයි.
බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිවරයා ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියේය. මීට පෙර ඇමැති විමල් වීරවංශ ප්‍රසිද්ධියේ බැසිල් රාජපක්ෂ විවේචනය කළේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පන්සල් නැතිව ඕනේ තැනක දේශපාලන මෙහෙයුම් කාර්යාලයක් පටන් ගත්තට අපිට කමක් නැහැ.අපේ නිර්මල බෞද්ධ ධර්මය තවත් චිරාත් කරලයක් ලංකාවේ පවතින්න ඕනේ. (ම)
ඕවා කළාට වැඩක් නැහැ.(හේ)
යකඩෝ.. මොකද මේ කට්ටිය මෙතුමාට මෙච්චර බය..ජන්ධිපතිවරනෙත් පැරදිලා මහා මතිවරනෙනුත් පැරදිච්ච ශ්‍රී ලංකා එකේවත් කිසි බලයක් නැති මෙතුමාගේ දේශපාලනය ගැන කට්ටියගේ හිත්වල තියෙන බය දැක්කම පුදුමත් හිතෙනවා..(කෞ)
මේ රටේ කාලකන්නින්ට තව දුක් විදින්න වෙන්න ඕනේ. ගුණයක් නැති ජාතියක්. ඔබට දිගායු මැතිදුනි.(කෞ)
මහින්දට ජයවේවා! (නි)
රටට ,ජාතියට ආදරේ සියලුම දෙන පක්ෂ බේද නැතිව මෙතුමා සමග එකතු වියයුතුයි (බ)
බෝක්කුවක්වත් හදා ගන්න බැරි යහපාලනය (බ)
ඔබ අපිට රජෙකි (බ)
මේ රටේ කෙලෙහි ගුණ නොදත් පිරිසක් සිටි,,උන් තමන්ගේ අම්මවත් අමතක කරන ජාතියේ අය (බ)
මහින්දට ජයවේවා අපි ඔබ සමඟයි (ම)
මම කිව්වේ දේශපලනඥයාගේ සොබාවය . ඒවගේම අපේ සොබාවය. මිස ශේප් නියාය නොවේ (කෞ)
මහින්දට දේශපාලනය කිරීමට අයිතියක් ඇත. එහෙත් ඔහුගේ පරමාර්ථය පැහැදිලි නැත. මෙම ආණ්ඩුව රටේ ආර්ථිකය නිසි මගකට සෙමින් උවත් ගන්නා බවක් පෙනේ. (ර)
කව්රු තෙපර බෑවත් ඔබ වගේ වීරයෙක් ආය අපට ලැබෙන්නේ නැහැ. මොන පක්ෂයෙන් ආවත් අපි හැමදාම ඔබ සමගයි. ජය වේවා.! (ර)
කාගෙන්ද නැකත ගත්තේ ? ගාල්ලේ සුමනදාස ගෙන්ද?(ම)
අනේ මහත්තයෝ ..ඔය කන්තෝරුව බෝගම්බරම විවෘත කළානම් නේද හොඳ ..යන්න එන්නත් පහසුවේවිනේ. හැබැයි ඉතින් මාංචු පිටින් තමයි වැඩ කරන්න වෙන්නේ. (බ)
මහින්ද වට පෙළගැසෙන ජනයා ඉල්ලා සිටිය සංකේතාත්මක ස්ථාවරය පටන් ගැනුනුනා. (ර)
ඔබ තුමාට අබ සරණයි කියල තමයි කියන්න තියෙන්නේ. (ර)
පැරදිලා පැන්ෂන් එකෙන් කකා ඉන්නේ නැතුව,තාමත් බලයට එන්න හදන්නේ අපිට තියෙන ආදරේටද (බ)
ජීවිතේට ආයෙ දිනන්න ලැබෙන්නෙ නෑ. (ර)
අනේ මිනිසුන්ගේ තණ්හාවක මහත (ම)
මොනවා කිව්වත් යහපලානේ හොඳයි. කට්ටිය බයවෙලා මහින්ද මහත්තයව ෆෝරම් කරනවා වගේ පේනවා. (ර)
ජය වේවා .අනාගත බලාපොරොත්තුව ඔබයි (ම)
මෙතුමන් නැත්නම් ලක්දිව තවමත් බෝම්බ පිපිරෙනවා (නි)
තවම බලය නැවත ලබාගැනීමට දැඩි තණ්හාවෙන් සිහින දකිමින් සිටී මෙය සැබෑ නොවන්නකි මෙයින් සිදුවන්නේ දේශපාලන මඩවගුරේ තවත් අතරමං විමයි (ම)
ජය ජය වේවා මැතිදුනි ! අපගේ උණුසුම් සුබ පැතුම් ! (ම)
මේ රටේ ප්‍රදාන පක්ෂ දෙක හැර වෙන කිසිවෙකුටවත් අනාගතයක් නැත . (ම)
ජයවේවා ! (ම)
ජයවේවා අපි ඔබ සමඟයි (ම)
මතක තියාගන්න, මහින්ද කියන්නේ තෙම්පරාදු බතක් වගේ. බැදෙන්න බැදෙන්න ඈතට සුවඳයි… කටට රසයි….. (නි)
අනේ මෙහෙම තණ්හාවක්! උපාලිලා වගේ අය ඉතින් හැමදාම අනුන්ට ජයවේවා කිය කියා ඉඳියි (නි)
බල තන්හාව උපරිමයට ඇවිත් දැන්.(හේ)
ඒ කියන්නේ මහින්ද මහත්තයා අලුත් පක්ෂයක් හදනවා කියන එකනේ.(හේ)
බල තණ්හාව තවම ඉවර නැහැ වගෙයි. (නි)
බොරු වැඩ.(හේ)
ගයාන්, ඔබේ මතය වැරදියි. ඔබ කියන දේශපාලනය කල්පැන ගිහින්. දැන් ජනතාව දන්නවා පක්ෂ තීන්දු ජනතාවට පිහිටක් නැහැ කියලා. පුද්ගලයායි වැදගත්. හැමෝටම බලාගන්න පුළුවන් ප්‍රාදේශීය සභා ඡන්දෙදි (නි)
බල තණ්හාව නැති නිසා වෙන්න ඇති විපක්ෂයේ පොදු අපේක්ෂකයා වුනේ.(හේ)
නියම කට්ටිය තමයි ඇවිත් තියෙන්නේ.(හේ)
පුදුමයි ඒ දෙන්නා නැති එක.(හේ)
අන්න එහෙම කරන්න, බොරුවට පාරම් බාන්නේ නැතුව වෙනම පක්ෂයක් හදනවා කියා කියා. පුලුවන් නම් ඔබතුමා වෙනම ඡන්දෙකට වෙන පක්ෂයකින් ඉල්ලලා දිනලා පෙන්වන්න. (නි)
අපි මේවට කලබල වෙන්න අවශ්‍ය නැහැ (නි)
සෙමිනි, කමල්, ගයාන්, හමීඩ්, එතුමාගේ වැඩක් එතුමා කරගනී. ඔයාලා ඔයාලගේ වැඩක් බලාගන්න. මොකද යමෙක් දේශපාලනය කරනවද නැද්ද කියන එක එයාගේ තීරණයක්. ඔයාල ඒ ගැන වද නොවී තමන්ගේ දියුණුවට වැඩක් කරගන්න (නි)
මොන වගේ දේශපාලු මෙහෙයුම් කරන්නද මේක අටවා ගත්තේ ?(හේ)
එයාලා වෙලාවට එයි (නි)
ඕනා කාර්යාලයක් අටවා ගත්තාට කමක් නැහැ. ගෙදර වැඩකාරයාටත් අසවල් වෙලාවේ පාරේ යන්න ඕනෑ කියලා ඇතුල්කෝට්ටේ හන්දිය වහන්න නම් එපා. අපි උදේ සවස වැඩට යනවා. (නි)
අපගේ උණුසුම් සුබ පැතුම්! (නි)
මේකට තමයි කියන්නේ බල තණ්හාව කියලා (බ)
පන්සලේ තිබුන මෙහෙයුම් කාර්යාලයට මොකද වුණේ? ඔය අළුත් තැන හදිසියකට පින්තූරෙකට පෙනී සිටින්න සුදුසු තැනක්ද? (නි)
වසන්ත රත්නායක, ඔබට ඕන මහින්දව අායි ගෙනල්ල රටේ ඉතුරු ධනයත් ඒ කට්ටියගේ පොත්පත්වල දාල දෙන්ඩද ? ඔය ගැති මානසිකත්වයෙන් මිදෙන්න අමාරුද ? (බ)
ජයවේවා! ඉදිරියටම යමු (නි)
හෙට අනිද්දා නිතර නිතර වැලිකඩ පැත්තේ යන්න වෙන නිසා මේක වැලිකඩ පැත්තෙන් ඇරියා නම් හොදා..ඔබ තුමාට අබ සරණයි ! (බ)
උණුසුම් සුබ පැතුම්! (නි)
ජයවේවා ! මහින්ද මහත්තය පක්ෂයක් හැදීම කළ යුතුමයි. මොන ලකුණෙන් ආවත් අපි ඡන්දෙ දෙනවා. (බ)
බල තණ්හාව නොවේද මේ? (නි)
නියමයිනේ! (නි)
අහංගම මහත්තය, කියන්නකෝ තෙල්මිල අඩු වුනත්, මොනවද ඒ අනුව අඩු වුනේ කියන්නකෝ ?. අඩුගානේ බත් පැකට් එකක්වත් ? (බ)
සමහර උදවිය ඔබතුමාට විරුද්ධව ප්‍රතිචාර ලිව්වට මේ රටේ බහුතරය දැන් ඔබතුමාගේ පැත්තට හැරීගෙන එනවා. ඔහොම යනවිට සුළු ජාතීනුත් සම්බන්ධ වෙයි. (නි)
ජය වේවා! (නි)
ඡන්ද 29 පැරදුන අයට බල තණ්හාවක් තිබුනෙම නැහැ නේද? (නි)
මිනිහෙකුට හරි වෙලාව ආවහම ඉතා බලගතු හමුදාවකටවත් බැරිලු එයාව වළක්වන්න (නි)
මමත් ඡන්දය දුන්නා මේ අයට, එදා මහින්දගේ වැරදි හින්දා. ඒත් දැන් නම් මටත් හිතෙනවා මේ හදාගත්ත ආණ්ඩුවට වඩා නම් මහින්ද හොඳයි කියලා. බලය ගන්න බොරු ගොඩක් ඇදබාලා බලය ගත්තට ආණ්ඩුවක් කරගෙන යන්න තරම් හැකියාවක් නැහැ (නි)
ගිලෙන්න යන කොට ලග තියෙන්නේ මොකද්ද, ලග ඉන්නේ කවුද කියල බලන්නේ නෑ,මොකක් හරි, කාව හරි අල්ලාගෙන ජීවිතේ බේරගන්න බලන්නේ. (ර)
අනේ මෙහෙම තණ්හාවක්... අනේ මෙහෙම ආශාවක්....මිනිසුනි ලැබේද ඉන් සැනසීමක් (නි)
ජයවේවා.! (ර)
මේකේ සමහරු ලියලා තියෙනවා බල තණ්හාව කියලා. එතකොට අනෙක් අය බල තණ්හාව නිසා නොවේද තිස් වතාවක් විතර පැරදිලත් අතහැරියේ නැත්තේ (නි)
කුලිය ගෙවන්නේ කවුද එතකොට? (නි)
ඔබතුමාට ජය ස්ථිරයි (නි)
මේක තණ්හාව නොවේ, බය. ඔක්කොම යන්න කලින් කොහොම හරි පෙරළාගන්න බලන්නේ. (නි)
ජය වේවා! යහපාලනය, ඉක්මනට ඡන්දෙ තියන්නකෝ (නි)
කළ පව් වල ආදීනව ටිකක් අඩුකරගන්න උත්සාහ කළොත් හොඳයි. නැවතත් ආවොත් කරන්නෙ ඊටත් වඩා වැරදි වැඩ. (නි)
අහන්ගම, ලෝක වෙළදපලේ තෙල් බැරලයක් පසුගිය කාලෙ ඩොලර් 108 ත් වතර වුනා එතකොට පැට්රල් 160 යි අද තෙල්බැරලය ඩොලර් 30 යි අපිට දෙන්නෙ ලීටරයක් රු 117/= ට කොයිකද යහපාලනේ කියල ගනන් හදලම බලන්න. (ර)
අනේ දැන් බලයේ ඉන්න අයට නම් තණ්හාවක් ඇත්තෙම නැහැ. ඒකනේ පැරදුනු අයත් පාර්ලිමේන්තුවට ගන්නේ (නි)
හමීද්ගේ හිතට අමරුයි වගේ... (ර)
බණ්ඩාරගේ කතව හරි. (ර)
උණුසුම් සුබ පැතුම් ජය වේවා....! බණ්ඩාර ඔබ හරි. (ර)
බල තණ්හාව මහින්දට විතරද අනිත් අයට නැද්ද.? (ර)
බණ්ඩාර , මම එකේ අනිත් පැත්ත. .. දැන්නේ අපි ඡන්දෙ දුන්න සන්ධානේ අයගේ පැටිකිරිය තේරෙන්නේ. ඉස්සර අපි හිතුවා මේවා බොරු කියලා. (ර)
කට්ටියක් පොඩ්ඩක් බයවෙච්ච ගතියක් පේනවා. අපොයි ඔව් අපිට පේනවා දැන් ආණ්ඩුව/පක්ෂේ කරන වැඩවලින් කාටද තණ්හාව තියෙන්නේ කියලා. මිනිසුන්ගේ පිළිගැනීමක් නැති තැනක් බලෙන් රින්ගන් ඉන්නේ කව්ද කියල පේනවා හැමෝටම. (ර)
තෙම්පරාදුව රොස් උනාම බත ඉවුව කෙනාට බනිනවා වගේ, බත රොස් කරගෙන ගොඩක් කල් දැන් ටු ලේට්. මහින්ද මහත්තය ගැනත් ඔයිට වඩා දෙයක් කීමට නැත. (ර)
ගිලීන්න යන කොට ඉතින් පිදුරු ගහේ හරි එල්ලිලා බලනවා බේරෙන්න ක්‍රමයක් .ගිලෙන්න යන මිනිහා දගලනකොට ඒක අපි තේරුම් ගන්න ඕනේ. (ර)
විකල්පයක් අවශ්‍යයි. (ර)
අහංගම කියන ගමටත් ලැජ්ජාවේ බැහැ දැන් තෙල් බැරල් එකක් ඩොලර් 28ක් විකුනන්නේ 108 තිබුන ගණන් වලට බිලියන 4.5 ක් ගිය වසරකට දැන් බිලියන 2ක් යන්නේ. (ර)
පරාද වීමේ වාර්තා වේ පළමුවෙනියා කව්ද කියලා මේ අයට අමතකයි. අපි සදා ඔබ සමගයි ජයවේවා.! (ර)
ජාතිය නිදහස් කරගත් වීරයණනි.. ඔබට ජය.! කෙලෙහිගුණ නොදන්නා කීප දෙනෙක්ගේ කමෙන්ට්ස් ගණන් ගන්න එපා. (ර)
කව්රු කෙසේ කිවත් ඕක තමා දේශපාලනයේ යථාර්තය . අද මේ තැන ඔය දොඩවන කව්රුසිටියත් කරන්නේ ඔය දේම තමා . (ර)
අනේ අපේ වයඹ ඡන්දේ... (ර)
මේනක මොකද තරහින් වගේ කතා කරන්නේ. එයාගේ රස්සාව එයා කරගත්තාවේ. තමුන්ගේ රස්සාව තමුන් කරගත්තම ඉවරයිනේ. එදා පින්දුන්නා, අද ගල් ගහනවා. (ර)
මේකට නැකත හේදුවේ අරයා නොවනනිසා , මොනවා හෝ ප්‍රතිපලයක් ලැබෙන්න පුළුවන්. (ර)
සමන්ගේ අදහසට මාගේ හදපිරි උත්තමාචාරය! (නි)
වැඩිය දඟලන්න එපා. ඊළඟ කාර්යාලය කොහේ අරින්න වෙයිද දන්නෙ නැහැ (නි)
විකල්පයට තැනක් (නි)
අනේ දැන්වත් කියන්නකෝ, සී.එස්.එන්. නාලිකාවට සල්ලි ලැබුනේ කොහොමද කියලා. අපි දැක්කා යෝෂිතව අත්අඩංගුවට ගත් වෙලාවේ මහින්ද මහත්තයාගේ දෑසේ කදුළු පිරුණු ඡායාරූප. කළ දේ පළ දේ කියන්නේ ඕකට තමයි. (නි)
ජයවේවා මැතිඳුනි!!! සිරිලකෙහි ගැළවුම්කරු ඔබය (නි)
"අනේ මෙහෙම තණ්හාවක්... අනේ මෙහෙම ආශාවක්....මිනිසුනි ලැබේද ඉන් සැනසීමක් ....." කියා කරුණාකර යහපාලනයෙන් අහන්න . (නි)
රනිල් විසිනම වතාවක් පැරදිලා ඉල්ලුවා නම්, මහින්ද එක වතාවක් පැරදිලා ඉල්ලුවාම මොකද? (නි)
නිශාන්ත, වැරැද්ද තියෙන්නේ අපි එක එකකෙන කතා කරන්නේ අපේ වාසිය වෙනුවෙන්. ඉතින් අපි හිතනවා අනේත් අයත් මම වගේම වාසියට කතාකරනවා කියලා. අපිට වාසියක් වෙනවනම් කාට හෙනගහුවත් මොකද කියන කට්ටියත් ඉන්නවා. හැබැයි ඒ අයට ඉදිරිපත් කරන්න තර්ක නැහැ. තර්ක කරලා දිනන්න බැරිම තැන "කවුරු ආවත් ඔහොමයි කියලා" කියලා ශේප් වෙන්නේ තමන් ඉන්න ස්ථාවරය අවංකය, හරිය කියලා අනෙක් අයට පැහැදිලි කරලා දෙන්න බැරිවෙන අය. (ර)
කොච්චර හොඳද? (නි)
ඉසුරු, සමන්, ඒ බත් සුවඳ හැමුවේ 2002-2010දී. දැන් පිලුණුවෙලා දුගඳ හමනවා. අපිත් මහජනතාව රැවටුනා. (නි)
ජය නියතයි ඔබට මොනරාගල ජනතාවගේ උණුම් සුභපැතුම්.! (ර)
ජය ශ්‍රී ඔබට! (නි)
මොනරාගල ජනතාවගේ උණූසුම් සුභ පැතුම්.! (ර)
සමන් , තණ්හාව තිබ්බට කමක් නැහැ රට හරිමගට ගන්න. නමුත් ඔයාගේ නායකයෝ තණ්හාව තිබුනේ වෙන දේකට. කට්ටිය බයවෙලා ඉන්නේ. (ර)
මම මේ තීරයෙන් සමුගනිමි අකමැත්තෙන් වුණත්.... (නි)
සමහරු බලන්නේ මේ මනුස්සයා තවත් කරදරේට දාන්න. ආගමට යොමු කරන්න එක්කෙනෙක්වත් නැ. කල්‍යාණ මිත්‍රයෝ ඇත්තෙම නැ. මේ මනුස්සය අන්දලා තමන්ගේ වෙඩ ටික කරගන්න තමය් බලන්නේ. (ර)
බණ්ඩාර බොරු කියන්න එපා. මේ ආණ්ඩුවට ඡන්දෙ දීපු කෙනෙක් නෙමේ ඔයා. මේ ආණ්ඩුවට ඡන්දෙ දීපු අය මේ ගොල්ල වැරද්දක් කලොත් විවේචනය කරනවා මිසක් මහින්ද මහත්තය හිටියනම් හොදයි කියන්නේ නැහැ. ඔයා ඡන්දෙ දීපු කෙනෙක් නෙමේ . (ර)
අනේ! නැවත ජයවේවා! (නි)
මම කැමතියි අහන්න සමහර කොමෙන්ට්ස් දාපු අයගෙන් ඇයි මහින්දට විතරක් බල තණ්හාව කියන්නේ? මහින්දට තමයි ඔක්කොම ප්‍රශ්න. රටට වැඩක් කරන්න පුළුවන් එකම මිනිහා මහින්ද කියලා දැනගත්තොත් හොඳයි. (ර)
සමහර කමෙන්ට්ස් වලින් පෙනෙන්නේ එතුමාට කොච්චර බයක් තියෙනවාද කියාලා හිතෙනවා. එතුමා එතුමාගේ රැකියාව කරගත්තවේ, පැරදුනත් පැරදෙන්නේ එතුමානේ. සමහරුන්ට හරි වේදනාව ආයේත් ඡන්දයකට ඉදිරිපත්වෙලා පරදියි කියලා. ඒක නෙමෙයි ඇත්ත මේ යහපාලනය යන විදිහට දැන් එතුමා වටා ජනතාව රොක්වන එක වලක්වන්න බැහැ. (ර)
හම්බන්තොට ජීවත්වන මාත් මාගේ පව්ලේ උදවියත් 20 වතාවකට වඩා රාජපක්ෂවරුනට ඡන්දය දී ඇත. නමුත් දැන් අපි සත්‍ය දනිමු. අයෙත් රාජපක්ෂ ගෑවුණු කෙනෙකුට අපේ පරම්පරාවේ කිසි කෙනෙකුගේ ඡන්දය වැටෙන්නේ නැත . (ර)
විමල්ලා ප්‍රසන්නලා සහ තව අය සුදුසු වෙලාවට එකතුවේවි. අද රටට පුරප්පාඩු වෙලා තියන සැබෑ විපක්ෂ භූමිකාව පිරවීම මේ මොහොතේ ඔබතුමාගෙන් සිදුවිය යුතු කඩිනම් යුතුකමයි. එතනින් පටන්ගෙන ඉදිරියට යමු. හැබැයි ඔබතුමාට යෝෂිතටත් වඩා කටුක අත්දැකීම් වලට මුහුණපාන්න වේවි. සුභ අනාගතයක්! (නි)
ජය වේවා ! ප්‍රධාන පක්ෂ දේශපාලනයෙන් ඔබ්බට ..(හේ)
මමත් ජන්දේ දුන්නේ මහින්ද මහත්තයට තමයි. නමුත් ඉතින් දැන් හිතෙනවා යහපාලනය හොඳයි කියලා. අපි ගමුකො, ලෝක වෙළඳපොලේ බොර තෙල් මිල කොපමණ අඩු වුනත් ඒ කාලේ තෙල් හරිම ගණන්. ඒ සහනය ජනතාවට ලබාදුන්නේ යහපාලනයයි. යහපාලනයට බනින මිනිස්සුන්ට තේරෙයි නැවතත් අරගොල්ලෝ අවොත්. හැබැයි ඉතින් මටනම් ඒක හීනයක් විතරයි. (ර)
අනේ මෙහෙම තණ්හාවක්, අනේ මෙහෙම ආසාවක්..... (නි)
අනේ මෙහෙම තණ්හාවක්. අනේ මෙහෙම ආසාවක්. මැතිදුනි ලැබේද ඉන් සැනසීමක්. (කෞ)
සංජීව , රනිල් අපි දන්නා තරමින් විසිවතාවක් ඡන්දෙ ඉල්ලලා නැහැ (නි)