හිටපු ජනපති හා පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත ජාතික කොඩියක් මල්වානේ සිට දොම්පෙට යෑමට හැරෙන හංදියේ ඇතැයි ප්‍රදේශවාසීහු කියති.
මෙය ජාතික කොඩිය විකෘති කිරීමක් යැයි ප්‍රදේශවාසීහු පවසති.
සිංහ කොඩියේ සිංහයාගේ කඩුවට ඉදිරියෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ ඡායාරූපය ඇතුළු කර ‘රටට උපන් දිනයක් ලබා දුන් ඔබට සුබ උපන් දිනයක්‘ යනුවෙන් මුද්‍රණය කර ඇත.
ජාතික කොඩිය විකෘති කළ නොහැකි බවත්, මේ සිද්ධිය ගැන සොයා බලන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
සිංහකොඩිය විවෘත කිරීම දඬුවම් ලැබිය හැකි බරපතල වරදක් බව ස්වදේශ අමාත්‍යංශය කියයි.
ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ජාතික කොඩිය භාවිතය පිළිබඳ රීති සංග්‍රහයේ දැක්වෙනුයේ කොඩිය කිසිම ආකාරයක විකෘති කළ නොහැකි බවයි.
කිසිදු ආකාරයක භාණ්ඩ හෝ වෙනත් ඕනෑම දෙයක්, ලාංඡනයක්, අකුරක්, රූපයක්, මෝස්තරයක්, පින්තූරයක් තැබීම නොකළ යුතු බව ද එහි සඳහන් ය.
(විකෘති කළ කොඩියේ ඡායාරූපයක් එසැණ සතුය.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද මහත්තයාගේ මුහුණ දාපු එකේ වැරැද්දක් මම නම් දකින්නේ නැහැ (නි)
දැන් ඉතින් හැමදේම වගේ විකෘතිවෙලානේ තියෙන්නේ (නි)
තිලක් ඩුබායි ඔබ යුද්ධය තිබුණ කාලේ කොහෙද හිටියේ ලංකාවේ නෙමෙයිද මෙතුමා නොසිටියානම් අද දේශය දෙකඩ වෙලා මහත්තයෝ. එහෙනම් අපට අද උස්සන්න වෙන්නේ සිංහ කොඩියෙ නෙමෙයි එල්ටීටීඊ කොඩිය. විග්නේෂ්වරන් ඇයි අද ඉල්ලන්නේ අධි ආරක්ෂිත කලාප ඇයි නාගදීප නම වෙනස් කරන්න කියන්නේ (බ)
රටට උපන් දිනයක් ලබා දුන් ඔබට කියලා කිව්වේ ජනවාරි 8 වෙනිදා ගැන වෙන්න ඇති. බොහොම සතුටුයි. (බ)
බොරු වැඩ වලට කාලය නාස්ති කරන්න එපා.(හේ)
ජාතික ගීයත් වෙනස්කළ එකේ ඕකත් මොකද්ද කියලා හිතෙනවා (නි)
සිංහයෙක් සිටින සෑම කොඩියක්ම ලංකාවේ ජාතික කොඩිය වන්නේ නැහැ,ඒ නිසා මෙහි කිසිම නිතිමය ගැටලුවක් නැහැ,(හේ)
කවුරු හරි තරහට කළ වැඩක් වෙන්න ඕනේ.(හේ)
මේ ගැන කතා කළ යුතුයි.(හේ)
මේ ගැන සොයා බලන්න.(හේ)
මේ සිද්ධිය හෙළා දැකිය යුතුයි.(හේ)
ජාතික කොඩිය කාගෙවත් බූදලයක් නෙවේ. මහින්ද කියන්නේ එක නායකයෙක් විතරයි. මේ වගේ බාල වැඩ නිසා රට අවුල් වෙන බව බොහෝ දෙනෙකුට වැටහෙන්න නෑ. (ස)
තිලක් ඩුබායි, මම හිතන් හිටියේ ඔබ එක පැත්තක් අරගෙන කතාකරන කෙනෙක් කියල. නමුත් අද මම තේරුම්ගත්තා ඔබ ඇත්ත වටහාගෙන කතාකරන කෙනෙක් බව. කොහොමඋනත් රට යනවිදිහටනම් ජාතික කොඩිය සදහටම වෙනස් වෙයි වගේ. (ස)
මහින්ද සර්ට කොහොමහරි මඩගහන්න තමයි හදන්නේ. ඔව් ඉතින් යහපාලනයනේ. (ස)
තිලක් ඩුබායි නීතියට එතුමා හුඟක් ගරුකරනවා ඒක නිසයි එතුමා කොමිසමට නිහතමානීව පැමිණෙන්නේ (බ)
කෝ ඔය කියන කොඩිය... සතියකට විතර කලින් මන් දැක්ක ගොඩක් අය ප්‍රංශ කොඩියට එයාලගේ මුණු ගෙන ඉන්නවා. ඒවත් ඇල්ලුවොත් මොකෝ? (ස)
තිලංක කවුරුත් දන්නවා ජාතික කොඩිය කාගෙවත් බූදලයක් නොවෙයි කියලා මේකත් හිතන්න ත්‍රිවිධ හමුදාව ඒවගේම සේනාධි නායකයන් පිරිවරා එඩිතර නායකත්වයක් දෙමින් මේ රට නිදහස් කරගන්න ශක්තියක් දුන්නා. මෙතුමා මෙවැනි දෙයක් කරන්නේ නැත. අනුබල දෙන්නේද නැත (බ)
මේ සම්බන්ධව මහින්ද මහත්තයා දන්නේ නැතිව ඇති. (ම)
එහෙනම් මෙහම වැඩක් කරමු කොඩියක් සදා, සිංහයෙක් ඇද සිංහ මූන වෙනුවට මහින්ද මහත්තයාගේ මූන දමා හතර පැත්තට දුවව හිවල්ලු යෙදූ කොඩියක් ... අරුත බලන ඔබ සතුය (බ)
මේකනම් ඉතාම පහත වැඩක්... නමුත් අපේ රටේ ජාතික ගීය වෙන භාෂාවකින් ගයන්න මේ ඉන්න අය නායකයෝ අවස්ථාව දුන්න එකේ මේවා වෙන එක අහන්න දෙයක් නෑ (ම)
ඔය කොඩිය මහින්ද මහත්තයා ඇවිල්ලා දාපු කොඩියක් නොවෙයිනේ. කවුරුහරි මේ රටට කළ සේවය ගැන කෙළෙහිගුණ දන්න මනුස්සයෙක් කළ දෙයක්. හැබැයි ඕකටත් මහින්දව විශේෂ ජනාධිපති කොමිසමට ගෙන්වයිද මන්දා. අනේ කලේ වනේ වාසේ කිවුවලු. මේ කොසොල් රජුගේ සිහින 16 ම ඇත්ත වේගෙන යන කාලේ. (නි)
මිනීමරු ප්‍රභාකරන් කළෙත් අසරණ දුප්පත් දෙමළ මිනිසුන්ගේ දරුවන්ගේ මොළ හෝදලා සයිනයිඩ් කරලක් බෙල්ලේ එල්ලලා මරාගෙන මැරෙන්න එවපු එකයි. අපේ සිංහල දේශප්‍රේමියත් කරන්නේ අසරණ මිනිසුන්ගේ මොළ හෝදලා දේශප්‍රේමි නාමයෙන් එදිරියට එවන එකයි. මේ දෙන්නගේ කිසිම වෙනසක් නැහැ. (බ)
මෙතන අදහස් දැක්කම "මොළ හෝදපු සම-හරක්" ඉන්න එක ගැන දුකත් හිතෙනවා. අපිට ලේ දෙන්න පුළුවනි. එ්ත් මොලේ දෙන්න බැහැනේ. (බ)
මහින්ද කියන්නේ සමහර මිනිසුන්ගේ වීරයෙක්. (බ)
මහින්දගේ මෙගා ගැහිලි ගැන හෙළි නොකිරීමයි මේ සියල්ලටම මුල.දැන්වත් කරන පරීක්ෂණයක් කරන්න ජෙනරාල්ව ඉදිරියට ගන්න. (බ)
රටක් නිදහස් කරගත්තට මදි. මිනිසුන්ගේ මොළත් පුනරුත්තාපනය කරලා යථා තත්වයට ගන්න ඕනෑ. (නි)
මේක එතුමාට ඇති ගෞරවයට කළ දෙයක් (නි)
අනේ හැබෑට මෙහෙමත් මිනිස්සු! (නි)
මේ සම්බන්ධයෙන් කුමක පියරක් ගත්තත් මහින්ද මහත්තයට කරන්න දෙයක් නැහැනේ (නි)
මෙහෙම දෙයක් කළා නම් ඒක වැරදියි (නි)
නාගදීපයේ නම වෙනස්කරනවා කියන අාරන්චියට පෙළපාලි ගිය අපේ හාමුදුරුවරු මේගැන මොකද කියන්නේ? (බ)
දැන් එතකොට ප්‍රංශේත් නඩු දායිද දන්නේ නැහැ එයාලගේ ජාතික කොඩියට තම තමන්ගේ පින්තුර ඔබ්බවලා ෆේස් බුක් එකේ දාපු එකට. (බ)
ජතික කොඩියට මහින්ද මහතාගේ පින්තූරේ දානවනම් එය ඉදිරිපිට දැමිය යුතු පින්තූරෙ මතක් වෙනවා (බ)
රට ඇතුළේ දැවෙන ප්‍රශ්න නැහැ. සියල්ලම සම්පූර්ණ වෙලා දැන් මිනිසුන්ට තියෙන ප්‍රශ්න මේවා තමයි (බ)
සංජීව මහින්ද මහත්තයාගේ මුහුණ දාපු එකේ වැරැද්දක් මම නම් දකින්නේ නැහැ (අපි සිංහයව අයින් කරලා, මහින්ද මහත්තයව දාමු ) (බ)
කුරිරු යුද්දයෙන් අපේ රට දිනවපු කෙනෙක්ව සිංහ කොඩියට දැමීම තමයි ලොකුම වරද නමුත් පසුගිය සතියේ උතුරු නැගෙනහිරදී සිංහ කොඩිවලින් පාපිසි මහල තිබුන ඒවාට කිසි කෙනෙක් කතා කරලා නැහැ අපේ ජාතියේ හැටි තමයි (ස)
ඇමෙරිකාවේ බකිංහම් මාලිගෙන් ගෙනාපු රත්තරන් අස්පයෝ, ලම්බෝගිනි, භූගත මාලිගා, අැවන්ට් ගාඩ් වලින් පස්සේ රට්ටු රවට්ටලා තියන්න මේවගේ සුකුරුත්තන් ඕනනේ ඉතින්. මේවා ලොකු කරලා රට්ටු රවට්ටලා කිසිම වැඩක් නොකර බලන් ඉන්නයි තියෙන්නේ. ලංකාවේ මෝඩ ජනයාටත් වටින්නේ මේවගේ බොරු දේවල් මිසක් රටට දියුණුවක් වෙන වැඩක් නෙවෙයි. (ස)
තිලක් පලාතම ගඳයි. පොඩ්ඩක් කට වහන්න. (ස)
උතුරේ එවුන් ජාතික ගී 2 ගානෙ කිව්වත් කාටවත් ගානක් නැහැ. ජාතික කොඩිය පාපිසි වලට දැම්මාට ගානක් නැහැ. ජඩ දේශපාලනේ. ප්‍රභාකරන් සමරනවා ඒවට කට නැහැ. කොන්ද පන නැති අාණ්ඩුවක්.(ස)
කුරගල දෙවනගල විකෘත්ති කල පුදබිම් ඒවත් නීතිය ක්‍රියාත්මක කොරන්ඩ ඕනේ ආයුබෝවන්ඩ මගේ ලග ඡායාරුප තියනවා .අනවසර ඉදිකිරීම් තුලින් පුදබිම් විකෘත්ති වෙලා . (ස)
සමහරු හිතාගෙන ඉන්නේ එයා තවමත් ලංකාවේ ලොක්කා කියලා....මොනවා කරන්නද (ස)
එහෙනම් ජාතික ගිය දෙමළෙන් කියන්නේ ඒකටත් නඩු දාන්නකෝ (අ)
මොකක්ද මේ දේ.(හේ)
යුද්ධය තියන කාලේ හැංගිලා ඉඳලා සමහරු දැන් මෙතන දාන අදහස් දැකලා අපිට නම් හිනාත් යනවා (නි)
අනේ මන්දා මේ දේවල් වලට මොනවා කියන්නද කියලා (නි)
මෙය ඉතා බරපතළ වරදක් (නි)
එතුමා මේ ගැන දැනුවත් නැතුව ඇති (නි)
මහින්ද මහත්තයාට නම් ප්‍රශ්න වලින් ගැළවීමක් නැතුවා වගෙයි (නි)
ඕක ඉතින් එතුමාගේ අනුදැනුම උඩ සිදුවුණා කියලා හිතන්න බැහැ නේද? (නි)
මහින්ද මහතාට මිනිස්සු තවමත් කොච්චර ආදරේද කියලා මේ සිදුවීමෙන් මට දැනුනා (නි)
ආයෙත් වැරදි පාරේ යන්නද හදන්නේ? (නි)
කලින් විශ්‍රාමගිය ජනපතිවරු මෙහෙම උපන්දින සමරා නැහැනේ. කවදාද මේවා නවතින්නේ? (නි)
කමක් නැහැ අනේ යුද්දේ දිනන්නේ.. ජාතික කොඩිය මොකටද අපේ ආඩම්බරකාර තාත්ත කරපු සේවය කොඩියකින් මනින්න පුළුවන්ද? (ස)
මෙය මහින්ද කෙරෙහි ඇති දැඩි භක්තිය නිසා සිදුකළ වරදක්. මහින්දට දොස් නඟන්න එපා (නි)
ඩිමේෂ්, කරුණු හොයලා බලලා කතාකරන්න (නි)
ජාතික කොඩියට පමණක් නොව ජාතියටම වෙන්නට යන දේ ගැන අපි අවදියෙන් සිටිය යුතුයි (නි)
ජාතිය සම්බන්ධ ප්‍රශ්න මොනවා වුණත් කොඩිය විකෘති කරන්න බැහැනේ සුනිල් (නි)
මේවට කලබලවන්න ඕනෑ නැහැ .මොන දුර්වලකම් තිබුනත් ජාතිය බේරාගත් එතුමාට අපකීර්තියට පත්වනසේ එතුමාගේ උපන්දිනය වෙනුවෙන් ආශිර්වාද කිරීම සඳහා නොමඟ ගිය පිරිසක් කළ වැඩක් බැවින් මෙය දුරදිග නොයවා මෙම කොඩිය ගළවන ලෙස පොලිසියට උපදෙස් දීම වටී (නි)
අනේ අනේ! දැන් ඉතින් මේක තමයි ලොකුම වරද. (නි)
මේ සම්බන්ධ වැරදිකරුවන්ට දැඩි දඬුවම් දෙන්න (නි)
මොනවද මන්දා මේවා? (නි)
දැන් ඉතින් ඒකත් වැටෙන්නේ මහින්ද මහත්තයාගේ ගිණුමටනේ (නි)
හොඳින් සොයාබලා සාධාරණ තීන්දුවක් දෙන්න (නි)
මම මහින්ද සරණන් ගච්චාමි කෙනෙක් නොවෙයි. නමුත් ඔබට මතක් කළයුතු දෙයක් තිබෙනවා. ජාතික කොඩිය සහිත පා පිස්නයක් හදලා උතුරේ වෙළඳ සලක විකුණලා තිබුණා. ඒකට මොකද වුණේ? ඒවාට මොකුත් විවේචන නැහැ. ඒවා වැරදි නෙමෙයිද? (නි)
මේවා සමහරුන්ට නම් ඉතින් ලොකු වැරදි නෙමෙයිනේ (නි)
දරුණු වැරැද්දක් මහින්ද මහතා සිදුකොට ඇත. රටේ නීති පැනවෙන්නේ අසරණ ජනතාවට පමණද? කාටත් පොදු නීතියක් තිබිය යුතුයි. (නි)
අපි මේ ප්‍රශ්නය දෙස සාවධානව බැලියුතුයි නේද? (නි)
මේවා නම් අනුමත කරන්න බැහැ (නි)
ජාතිය බේරාගත් වීරයාට අපහාස කරන්න එපා (නි)
රටම දිනලා දුන්නා මදිද? (නි)
ඇයි එයාට නීතිය අදාළ වෙන්නේ නැහැ කියලා හිතාගෙනද වැඩකරලා තියෙන්නේ? (නි)
දැන් මේකට මොකක්ද කරන්නේ? (නි)
මතක තියාගන්න. අද ජාතික කොඩියක් තියෙන්නෙත් මහින්ද,ගෝඨා ඇතුළු රණවිරුවෝ නිසා කියලා. (නි)
දේශපාලනය කෙසේවෙතත් ඒ මනුස්සයා නොසිටින්න විකෘතියක් කරන්නවත් කොඩියක් ඉතුරුවෙන්නේ නැහැ. අනෙක ගම්වල මිනිසුන්ගේ කළගුණ සැළකීම නැති කරන්න බැහැ. කියන හොරකම් ඔක්කොම ඇත්ත වුණත් ඒ මනුස්සයා ඊටවැඩිය වටිනවා (නි)
මට නම් ජාතික කොඩියේ සිංහයා වෙනුවට මහින්ද දැම්මත් කමක් නැහැ. මොකද රට බේරාගත් නායකයානේ. සිංහයාගෙන් පිළිබිඹුවෙන තේජස, ජවය, නිර්භීතකම නොසැළෙන නායකත්වයක් තිබෙන බව ඔප්පු කළ නායකයෙක් මහින්ද (නි)
දැන් ඉතින් අපේ අයට මේක රටේ ලොකුම දැවෙන ප්‍රශ්නය වෙයි (නි)
විකෘති කරන්නවත් අපිට කොඩියක් ඉතුරුකරලා දුන්නේ එතුමා (නි)
ඉතිං මේ යන ආකාරයට ගියහොත් පොළවෙන් අඩි 6 ක් යටට පැන සැඟවීමට සිදුවනුයේ මහින්ද ගේ අඩිපාරට බට මෛත්‍රීට නොව ඔහු ගැන අනන්ත අප්‍රමාණ විශ්වාසය තැබූ ජනතාවට ය......(ස)
හැමදේටම මහින්ද මහත්තයාවම අල්ලගෙන හරියන්නේ නැහැනේ (නි)
වෙන කවුරුහරි කරන හැම වැරැද්දක්ම මහින්ද මහතාගේ අනුදැනුම ඇතුව වෙනවා කියන්න බැහැනේ. (නි)
අපේ මහින්ද මහත්තයා මේ ගැන මොකද දන්නෙ නැහැ කියන්නේ? (නි)
මම නම් මොන වැරැද්දක් තිබුණත් මහින්ද මහත්තයාට වචනයක්වත් කියන්නේ නැහැ (නි)
අපේ සමහරුන්ට ජාතියට වෙන දේ පෙනෙන්නේ නැහැ. කොඩිය තමයි ඕනෑ (නි)
මහින්ද මහතාට පින්සිද්ධ වෙන්න අපේ ජාතික කොඩිය තවම තිබෙනවා (නි)
ඔන්න ඒ ගමන තව වැඩක් අහුවුණා... (නි)
අනේ මන්දා මහත්තයෝ මේවා! (නි)
අපිට ඇති ලෝකයක් විතර ප්‍රශ්න අමතක කරවන්න මේවා හොඳයි (නි)
පාලිත, අනේද කියන්නේ කිව්වලු? (නි)
මෙහි අදහස් දමා ඇති බොහෝ දෙනෙකු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෝ පවතින නීතිරීති ගැන කිසිත් නොදැන එසේත් නැත්නම් කිසිත් නොතකා තමන්ගේ යටි අරමුණු එළියට දමා ඇති බවයි පෙනෙන්නේ. නීතියට පටහැනිව ක්‍රියාකරන අයට නීති මඟින්ම දඬුවම් දියයුතුයි. (නි)
රටක නීතියේ ආධිපත්‍ය බිඳවැටෙනකොට ඔවැනි දේවල් තව තවත් අහන්න දකින්න පුළුවන් වේවි. (නි)