ගාල්ල සමනල ක්‍රීඩාංගණයේ මැයි රැලියට නොඑන ශ්‍රිලනිප මන්ත්‍රීන් , ආසන සංවිධායකයන්, පළාත් සභා මන්ත්‍රීන් යන සියලු දෙනාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව පක්ෂ ලේකම් දුමින්ද දිසානායක මහතා කොළඹ ඩාලි පාරේ ශ්‍රිලනිප මුලස්ථානයේ අද (22) මාධ්‍ය හමුවක දී පැවසිය.
මීට පෙර පක්ෂ සාමාජිකයන්ගේ විනය කඩ වී යැයි නිසි ක්‍රියා නොගත්තැයි පක්ෂ සාමාජිකයන්ට දොස් කියන බවත් දිසානායක මහතා කීවේය. මේ අතර පක්ෂයේ ආසන සංවිධායකවරු පත් කිරිම සඳහා අගමැති ද ඇතුළු සප්ත පුද්ගල කමිටුවක් පත් කර ඇති බවත් දැනට ඉල්ලුම්පත් විශාල ප්‍රමාණයක් ලැබී ඇති බවත් කීවේය.
ප්‍රශ්නය - ඔබ පාක්ෂිකයන්ට තර්ජනය කරනවාද?
පිළිතුර - නෑ නෑ කිසිම තර්ජනයක් නෑ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තමාට නොගැලපෙන ප්‍රකාශ ප්‍රසිද්ධියේ කියමින් ඔහු හැල්ලුවට ලක් වන බව කීවේය. තමා ඒකාබද්ධ විපක්ෂයේ කිරුලපන මැයි රැලියට සහභාගි වන බව ඔහු දැනටමත් ප්‍රකාශ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා දන්නා දේශපාලනයක් තියනවද ? මේ සිරිසේන කරපු වැඩේ තමා ශ්‍රීලනිපය කාපු එක .මේ කිසිම දැනුමක් නැති කෙනෙක්ට ලේකම් කමක් දුන්න.(බ)
එදා ජත්යන්තරය ඉදිරියේ දනින් නොනැමුණු මොහු... මේ වගේ අය ඉදිරියේ දනින් නැමෙයි ද? (ර)
ඔව් අපි බලාගෙන ඉමු... (ර)
තිලක්, මහින්ද ගියොත් පක්ෂය පරදිනවා ඇයි 2015 පැරදුනේ (බ)
මෙයා මහලේකම් වුනේ කොහොමද කියල ජනතාව දන්නවා. දැන් ආසන සංවිධායකවරු පත් කරන්නෙත් අගමැති රනිල්ද? මරු (බ)
අනේ මෙහෙමත් බලයට ඇති කෑදරකමක්? මේගොල්ලෝ බලයට මරා ගන්නවා. බොරුවට ශ්‍රීලනිපයක් ගැන කතාකළාට, කෙසේවෙතත් සිංහල රජ බසකරවූ බුදු දහමට මුල්ම තැන දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද නැහැ. (නි)
ඉතින් මහින්ද මහත්තයා කම්කරුවන් වෙනුවෙන්නේ කිරුලපන යන්නේ. කම්කරු දිනේ අතරේ දේශපාලනය මොකටද ගාව ගන්නේ. මහින්ද මහත්තයට මේ රටේ ඕනෑම කොනක ඉදන් කම්කරුවන් වෙනුවෙන් කතා කරන්න පුළුවන්. (හේ)
දුමින්ද . මොන පක්ෂයේද (අ)
සැබෑ නිල් බලකාය කිරුලපන දී රැව්පිළි රැව් දේ මැය් 1 වැනි දා (ම)
අවංකව එන සෙනඟ එක්කගෙන එන්න (නි)
මහින්දගේ ඉරණම නම් තීරණය වෙලා කලින්ම. ඔබතුමාලාගේ ඉරණමත් ඉදිරියේදී තීරණය වෙයි.. (ම)
නොඑන සියලු දෙනාට දඬුවම් කරන වැනි සුපිරි ප්‍රජාත්‍රන්තවාදයක් තමයි දැන් සිරිසේන ජනදිපතිගේ නිදහස් පක්ෂේ තියෙන්නේ. (ම)
පැරදුනු නායකයෙක් පස්සෙ දුවන්නෙ මොකද? ඒ කියන්නෙ වත්මන් ජනාධිපතිට දැන් ජනබලය අඩුවෙලා කියලද? (නි)
මහින්ද මහතාගේ නොව යහපාලන ආණ්ඩුවට මුක්කු ගසන අයගේ ඉරණම එදාට තීරණය වන එක නැවැත්විය නොහැක.(අ)
මහින්ද ගියොත් පක්ෂය පරදිනවා (අ)
මැයි රැලියෙන් පස්සෙත් මීට ඉසල්ල වගේම කට වහගෙන ඉදි. (අ)
අනේ දෙව්දත් නොදුටු මොක්පුර.(හේ)
ඔය කියන විනය ක්‍රියාමාර්ග ගන්නවද අවේ නැත්තම්.(හේ)
ජයවේවා (හේ)
මම අහන්නේ එකම එක දෙයක් , ජනවාරි අට වැනිදායින් පස්සෙත් තාම හොරු එළියේ ඉන්නේ මොකද ,යහපාලානේ යහ කම නිසාද (අ)
දන්නේ නැති නිසා අහන්නේ. මොනවද ඔය විනය ක්‍රියාමාර්ග කියන්නේ (අ)
අනේ මහත්තයෝ ඔබ කව්ද? මහින්ද කව්ද? (අ)
ඒදා ලලිත් ,ගාමිණි ,ජි.එල් ප්‍රේමචන්ද්‍ර , ඇතුලු විශාල පිරිසක් ඒ.ජා.පේකඩාගන ගියා. බලය ඇල්ලුවාද නෑ අන්තිමට චන්ද්‍රිරිකාට එකතු වුණා චන්ද්‍රිකා බලය ඇල්ලුවා නමුත් ආර් ප්‍රේමදාස ජනාදිපති තුමා හිටියනම් අදටත් ඒ .ජා. ප . ආණ්ඩුවක් කවුරු කොහොම කොච්චර පිරිසක් ගියත් විධායක ජනාදිපතිට කිසිම තර්ජනයක් නොමැත කියන තරම් යකා කළු නෑ... උඩ පැන්ණොත් බිම වැටේ (අ).
මේ මොන චරිතයක් ද? මහින්දට අභියෝග කරන්න මේ මොන හූනෙක්ද? (අ)
කාගේ කාගේත් ඉරණම බටකෙටුව හැටියට සිදුවේ .(අ)
රජ්‍ය නායකයෙක් මෙතරම් බාල්දු වී නොමැති බලයට තියෙන කෑදරකමක මහත
ලිප ගිනි මොළොවන තෙක් දිය හැලියේ සැපයක් ඇයි කකුළුවා සිතනවා (අ)
මහජනතාවගේ ඉරණම නම් විසදිලා ඉවරයි දැනටමත්..(හේ)
හැමදාම විනය පරීක්ෂන ගත්ත තීන්දුවක් .... නෑ (අ)
ඉරණමද බාලගිරි දෝසෙද ..?(හේ)
මෙතෙක් ගත්ත තීන්දු කෝ.(අ)
තීන්දුව මේ පාරවත් බලමු .(අ)
හැමදාම ඉරණම ඇයි මේ ...?(හේ)
බැරිදේ නොකියන් අබරෝ .කිවුවලු (අ)
ඔබගේ අධ්‍යයාපන සුදුසුකම් පොඩ්ඩක් ජනතාවට කියනවද (අ)
මහින්ද කියන්නනේ කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී , දුමින්ද කියන්නේ පක්ෂයේ මහා ලේකම් .... දුමින්ද ඉස්සරහ මහින්ද ලොම් හැලිච්ච නාකි සිංහයෙක් (අ)
බලමුකෝ මැයිදා?(හේ)
අද රට යන දිශාව කිසිවකුටවත් කිව නොහැක..අරාජිකත්වයේ සලකුණු හැම අතින්ම දිස්වන මොහොතක රටට අවශ්‍ය වන්නේ විකල්පයක්.. කවුරුන් කෙසේ කිව්වත් රටට අවැසි නායකත්වය කල පුරුද්දෙන් සහ පල පුරුද්දෙන් පෙන්වා ඇත්තේ මහින්ද පමණි..මිනිසුන් ඔහු වටා එකතුවීම අරුමයක් නොවේ..වැරදි නිවැරදි කරගෙන හොඳ ගමනක් යන්න..සුබ පැතුම්.(හේ)
හැමදාම කියන ඉරනමද ඔය.? (ර)
අපි බලන් ඉමු මොකද වෙන්නේ කියලා.(හේ)
ප්‍රධාන රැලියට එන්නේ නැති සියලු දෙනාම පක්ෂයෙන් නෙරපා හරින්න.(හේ)
කතා කලා ඇති වැඩ පෙන්වන්න හැමදාම කියනවා විතරයි මුකුත් වෙන්නේ නැහැ මේවා විහිලු . (හේ)
කඩුව රත්‍රන් වුණත් යුද්ධයක් නැත්නම් පරිස්සමින් අරන් තියන එක නේද නුවණට හුරු? දැන් තියෙන්නේ හැමදෙනාම එකට එකතුවෙලා රට දියුණු කරන එක නේද? වැඩකරන ජනතාවට ජය වේවා! (නි)
මහලේකම් තුමනි මැයි දිනට පසුව ඉරනාම...යන වචනය . කතානොකර ඉන්න ක්‍රියාවෙන් පෙන්වන්න (අ)
දන්නේ නැද්ද වයසට ගියත් සිංහයා සිංහයමයි . (හේ)
කිරුලපන තිබෙන්නේ කම්කරුවන්ගේ නියම මැයි රැලිය.ගාල්ලේ තියෙන්නේ බලයේ සිටින දේශපාලකයන්ගේ රැලිය. කිරුලපන මැයි රැලියට වැඩකරන අපෙන් සුභ පැතුම්. (හේ)
එදා හයිඩ් පාර්ක් එකේ රැස්වීමට ගිය අයගේ විනය පරීක්ෂණ ඉවරද? (නි)
රැලියට එන්නේ නැති අයට හොඳ දඩුවමක් දෙන්න.(හේ)
2005 දී මහින්ද මහත්තය බලයට නාවානම්, අද ඔය කටදොදවන මහලොකු දේශපාලකයෝ ඇතුළු සියලු දෙනා කොටින් ඉදිරියේ ලොම් හැලුණු සිංහලයෝ වෙලා. එක තමා යතාර්ථය.(හේ)
මහින්ද මේ රටේ මේතාක් කල් බිහිවුන නියම සිංහයෙක්.. (හේ)
මමත් යනවා ඔය රැලියට. හැබැයි මට වාසියක් වෙනවා නම් පමණයි (නි)
බළලා මල්ලෙන් එලියට පැන්නා නේද. (හේ)
බලමුකෝ කාගෙද අවසානය කියලා.(හේ)
මහින්දගේ ඉරණම තීරණය කරන්න කොහොමද මෙයා.(හේ)
බල්ලෝ බුරති කඳු නොසැළෙති. මහින්ද ලොකු කන්දක්. රටට නිදහස දුන් සිංහයා! (නි)
සිංහයෝ එක්ක හැප්පිලා බලන්නකෝ.... (ර)
ජනතාවගේ බුද්දියට අවමන් කරන්න එපා. (ර)
එදා ඉබ්බන්වල හිටපු සෙනග වගේ දහ ගුණයක් කිරුළපනට එනවා. ශ්‍රී ලංකා පාක්ෂිකයෝ කොහෙද කියල එදාට පෙනේවි. (ර)
ඔය යකා කියන තරම් කළු නැ.(කෞ)
පාක්ෂිකයෝ යන්නේ කිරුලපොනටමයි. (ර)
මට ෆ්‍රෙඩී සිල්වාගේ පාන්කිරිත්තා සින්දුව මතක් උනා... (ර)