(සුජිත් හේවාජුලිගේ)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය සහ හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශවය අතර අතර ඇතිවුණු මතභේදය තවදුරටත් උත්සන්නවී ලොකු ගැටුමකට මුල පුරන තත්වයක් නිර්මාණය වෙමින් පවතින බව වාර්තාවේ.
හිටපු ජනාධිපතිවරයාට ලබාදී ඇති ආරක්ෂාව ප්‍රමාණවත් නොවන බවට මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශවය දිගින් දිගටම චෝදනා කරද්දී රටේ පවතින තත්වය අනුව එම ආරක්ෂාව ප්‍රමාණවත් බවට රජයේ පාර්ශවය දිගින් දිගටම ප්‍රකාශ කිරීම හේතුවෙන් මෙම මතභේදාත්මක තත්ත්වය මතුවි ඇත.
මේ අතර හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව අඩු කිරීම සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ දැනටමත් තීරණය කර ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පවසන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු කිරීමට තීරණය ගත්තේ නිසි ආරක්ෂක තක්සේරුවකින් අනතුරුව බවයි.
එය එසේ නොවේ යැයි පවසන්නේ නම් ඒ ගැන යළි සලකා බැලීමට හැකියාව ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.
මේ අතර හිටපු ජනාධිපතිවරයාට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් ගැන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නීතිඥ මනෝජ් ගමගේ මහතා පසුගියදා ඉගියක් කළේය.
මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු කිරීම සම්බන්ධයෙන් ඉදිරි දිනවල පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කිරීමට ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ මන්ත්‍රීවරු බලාපොරොත්තු වෙති.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට දෙන්නේ පොලිසියේ හැට දෙනකු පමණි.
රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් යොදවා සිටි හමුදාවේ 227ක් පසුගියදා ඉවත් කෙරිණ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාලිමාවට රටේ මිනිස්සු ඡන්දේ දුන්නේ ඔය ගොල්ලන්ට වෙන්කරලා තියන අනවශ්‍ය වියදම් අයින් කරන්න. ඒක හින්දා විපක්ෂයේ කෑගැහුවා කියලා වැඩක් වෙන්නේ නැහැ.
ඔය 60ත් වැඩියි. මේ නාකි මහල්ලා හෙන වලින් බේරා ගන්න ඕනෑ නම් අකුණු සන්නායකයක් දෙන්න. හෙල්පින් හම්බන්තොට සල්ලි වලින් ඕනෑ නම් පුද්ගලික ආරක්ෂක කට්ටියක් ගන්න පුළුවන්නේ...!
මහින්ද රාජපක්ෂව වහාම අත්අඩංගුවට ගන්න. ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කරන්න...
දෙපැත්ත ඇවිලෙනවා නම් එයාව මැද්දට දාලා ඉවරයක් කරන්නකෝ..
මහජනයා එන් පී පී එකේ ප්‍රතිපත්තියක් වක පැන්ෂන් ජනාධිපතිලාගේ අනවශ්‍ය ආරක්ෂක පිරිවැය අඩුකරන්න තමයි ඡන්දේ දුන්නේ. ඉතින් ඒ සම්මුතියට අනුව එය සිදුවීම තමයි මහජන කැමැත්ත හෙවත් ප්‍රජාතන්ත්‍රවාදය..
ඉතිං ඔය නඩු කියන්න වියදම් කරන සල්ලියි.. ඇල්ලුවාම හෙලිකොප්ටරෙන් ගිහිං බදාගත්ත කුඩ්ඩන්ගෙනුයි සල්ලි ඉල්ලා ගනිල්ලකෝ.. ඇරත් අර මීහරක් වගේ පුස් ඇඟවල් තියන හරක් තුන් දෙනෙකුත් ඉන්නේ පිං බත් ගිලගිල.. ඔවුන්ට බැරි නම් තාත්තගේ ආරක්ෂාවට යන්න අපි මොකට ආරක්සා කරන්නද? ඔවුන් ලෝකෙ වටේ ආතල් ගන්න යන්නයි අපි නාකි ගාඩ් කරන්න වියදම් කරන්නයි...
මහින්දව කෑවේ වටේ ඉන්න එවුන්. තවත් කරන්නේ ඒ මිනිහා අල්ලන් කන එක... ඒ මනුස්සයා මරන්න කිසිම කෙනෙක් දැන් නැහැ. එහෙම නම් නියම යුද්දේ කරපු ෆොන්සේකාට ඒ වගේ දහ ගුණයක් ආරක්ෂාව දෙන්න ඕනෑ. ඒ නිසා ස්ද්ද නැතිව හිටහල්ලා. දැන් නිකම් පොලිස් කාරයෝ දහයක් හිටියාම හොඳටම ඇති...!
මහින්ද මහත්තයා අපිව නැති කළා. හොඳ වැඩේ තව අඩු කරන්න.
ඉතින් ගිහින් අධිකරණයට කියන්න. එතැනින් කිව්වොත් කරන්නම්...
ඇවිලෙන පොදු පෙරමුණට කට්ටිය ඉන්නවා දැන්...
මෙයාට ආරක්ෂකයෝ නෙවෙයි... සාත්තු සේවකයෝ ටිකක් වැඩි කරන්න.. අඩුගානේ ඒ මනුස්සයාව නැගිටුවන්න.
කොටි මැරුවට... ජවිපය වගේ අහිංසක ජනතාව මරලා ගෙවල් ගිනිතියලා නෑ... හිරේ යවන්න ඕනෑ අය දැන් ඉන්නේ පාර්ලිමේන්තුවේ...
ප්‍රභූ ආරක්ෂාව දන්න යුද හමුදාවේ 60ක් දුන්නා නම් කිසි ගැටළුවක් නෑනේ. කොහොමටත් ඒ අයට පඩි ගෙවනවනේ. පොලිසි වලට රාජකාරි කරන්න නිලධාරින් අඩු එකේ ඒ නිලධාරීන් ටික පොලිසිවලට අනුයුක්ත කරලා. මහින්ද රාජපක්ෂ මහතා 88/89 කාලේ ජේවීපී අය එක මරණකොටත් ඒ වෙනුවෙන් විරුද්ධව හඬනගපු මිනිහෙක්. මේ රටේ ඉන්න බහුතරයකට කළගුණ මතක නෑ.
තම තමා ගැති දේශපාලන මානයෙන් බලන විට ඇතැමෙක් ට අධික ද්වේෂයක් උපදිනවා මිසක් ප්‍රශ්නයක සැබෑ ස්වරූපය හඳුනාගත නොහැකිය. 89 භීෂණය නැති කරන්නට මැදිහත් වුණු සහ වසර 30 ක් තිස්සේ සමස්ත රටම වෙලාගෙන තිබුණු කොටි ත්‍රස්තවාදය අවසන් කිරීමට මුල්වුණු නායකයෙක් හැටියට ඔහුව ආරක්ෂා කිරීම හුදෙක් පටු දේශපාලන මනසිකාර මත නොයැපී සැබෑ අවශ්‍යතාවය මත කටයුතු කිරීමට වර්තමාන රජය ක්‍රියාකළ යුතුයි. යම් හෙයකින් එතුමාට ත්‍රස්තවාදීන්ගෙන් හානියක් සිදුවුවහොත් කවුරු මොන තර්ක දැම්මද වර්තමාන ආණ්ඩුවේ ගරා වැටීම එතැනින් ආරම්භ වනු ඇත.
ඇත්තටම ආරක්ෂාව දෙන්න ඕනේ කොට්ටච්චිට. එයා එන් පී පී කාඩ් කුඩු කරනවා කොටු පැන පැන…
ඩ්‍රෝනා ප්‍රහාරය බිමින් නෙමෙයි එන්නේ උඩින්... ඉතින් ඒකට මොකද යුද හමුදාව... උඩින් එන එක අල්ලන්න වෙන්න ඇති... අපි ඡන්දය දුන්නේ නරි නාවන්න නෙමෙයි.
එක එක ආණ්ඩු කෙලවාගන්න හේතු තියෙනවානේ. මහින්ද කෙලවාගත්තේ වටේ ඉන්න මෝඩයෝ ආරක්ශා කරන්න ගිහින්. රනිල් කෙලවා ගත්තේ මහබැංකුවටයි, සිංහල බෞද්ධකමටයි ගහන්න ගිහින්. ගෝඨා කෙලවා ගත්තේ කෝවිඩ් වසංගත ආපදාවයි, කොම්පෝස්ට් පෝර බෙදන්නයි ගිහින්. මාලිමාව කෙලවා ගන්නේ බොරු කියලයි, මේ වගේ ඕනේ නැති කුප්ප වැඩ කරන්නයි ගිහින්...
මම කියන්නේ මහින්ද රාජපක්ෂ වැලිකඩ බන්ධනාගාරයේ තිබ්බා නම් ඉවරයි කියලා, කොහොමත් ආරක්ෂාව තියෙනවනේ. නැත්තං පනාගොඩ කෑම්ප් එකට දැම්මා නම් ඉවරයි...
මහින්ද ආරක්ෂා කරගන්න ඕනෑ පොදු ජන පෙරමුණේ බයියන්ට විතරයි. ඒ ගොල්ලන්ට ඕනෑ ඕක මහලොකු ප්‍රශ්නයක් හැටියට සමාජ ගත කරකර ඉන්න. කතා කරන්න හේතුවක් හැටියට ගන්න යමක්. නමුත් රටේ ජනතාවට එයාව ආරක්ෂා කරන්න ඕන නැහැ. එයාට ඔය කියන විධියේ තර්ජනත් නැහැ. අනික, රටේ ලොකුම පොහොසතෙක් වනවිට ආරක්ෂාව මදි නම් පුද්ගලික ආරක්ෂාව සලසා ගන්නත් පුළුවන්නේ. ජනතාවට දුන්න පව් ඇති...
හොඳම ආරක්ෂාව දෙන්න පුළුවන් බන්ධනාගාර තුළ නේද? කරපු විනාශයට වගකියන්නත් එක්ක ඇතුළටම ගෙන ආරක්ෂාව දුන්නා නම් රටට යන වියදම ඉතිරියි..
අපේ රට බේරපු මහින්ද ජනාධිපතිගේ ආරක්ෂාව නැති කරන්න ඉල්ලීම LTTE ඩයස්පෝරා අයගේ ඉල්ලීමක්.. ජෙප්පෝ අද වැඩ කරන්නේ LTTE ඩයස්පෝරා සහ පල්ලියේ අන අනුව... ද්‍රෝහීන්
කසුන්ට කියන්නේ අපි යුද්ධෙන් බැට කාපු මිනිස්සු අපේ ගම් කපලා කොටප විනාශ කරලා අපේ අම්මල දරුවො ්මරද්දි අපි විදපු වේදනවා දන්නේ අපි විතරයි. හිටපු ජනාධිපතිවරුන්ට ඉයර කරන්න බැරි උන යුද්ධය අවසන් කරන්න සේනාධිනායකයා හැටියට මහින්ද මහතා ගත්ත නිවැරදි තීරණ නිසා තමයි නැගෙනහිර අපි මෙන්ම රටේ අනික් අයත් අද බය නැතුව පාරක යන්නේ අපේ රණවිරුවන් අත්පා නැති කරගෙන කරපු සටන නිසා තමයි අද කව්රුත් බව නැතුව ඉන්නේ මහින්ද කියන්නේ රැකගත යුතු නායකයෙක්...
මහින්දගේ දන්කුඩ කකා ඉන්න ඩිස්ලයික් හමුදාවට මේ කමෙන්ට් දිරවන්නේ නැති බව පැහැදිලියිද?
එහෙනම් ඉතින් සරත් ෆොන්සේකාටත් ලොකු ආරක්ෂාවක් දෙන්න ඕනේ... මහින්දට වඩා දෙයක් යුද්ධයේදී කළ යුතුමනේ.
යුද්ධයට ගියපු රණවිරුවන්ට කිසි දෙයක් නෑ.
මේ අය මැරෙනකම් රටට නිවනක් නෑ...
අපි මාලිමාවට හෝ පොදු ජන පක්ෂයට කඩේ ගිය අය නෙමේ. ඒත් මේ මාලිමා ක්‍රියා මාර්ග තුළ යම් පලි ගැනීම් ඇති බව පෙනෙන බැවින් අපි ඒවාට විරුද්ධයි. නමුත් මේ ජේ. වී.පී. වඳුරු හමුදාවේ කමෙන්ට් දැක්කාම අප්‍රසන්නයි. එතකොට පොහොට්ටුවේ අය හොඳයි කියලා හිතෙනවා. ජනමතය යනු වෙනස් නොවන්නා වූ දෙයක් නොවේ. ඒ නිසා වැඩිය උඩ පනින්න හදන්න එපා.
මයිනාව කූඩුවේ දාමු. වියදම බින්දුවයි.
ඔය කෑගහන කට්ටියට පුළුවන්නේ. ගෙදර අරන් ගිහින් හරි ඔඩොක්කුවේ තියන් හරි ඉන්න තැනට ඇවිත් හරි බලා ගන්න පුළුවන්නේ. පවුලේ අයටවත් නැති කැක්කුමක්. මොවුන්ට තියෙන්නේ ඩ්‍රෝනා එව්වත්. හරි ඔය දීලා තියෙන සෙට් එකයි. යෝදයෝ වගේ පින්ගුත්තර පුත්තු තුන්දෙනෙක් ඉන්නේ. සමහරවිට කපුටා. කෑගහනවා ඇති මොවුන්ට ඇයි කටවහන් ඉන්නේ. කපුටාට එන්න විදියක් නැහැ මරනෙත්. ඒ බයට එන්නේ නැත්තේ. අයියලා මල්ලිලා... පෙලට හිටගෙන හොරාකෑවේ. දැන් පොලීසියේ 67 ක් එක්ක ඉන්න බයයි කියන්නේ. පුදුම කතාවක්නේ. කොටි ගහනවාට නෙමේ හොරා කාපුවාට දැන් මර බය තියෙන්නේ. යක්කුන්ගෙන්... මලපෙරේතයින්ගෙන් බන්ධන කරලා... වැඩ ගත්තා. මිනී ඔලුත් පැළඳුවා. රජා වගේ ඉඳන් හොරා කන්න. පොලිසිය කට්ටිය ඕනෑ නැහැ මිනිහට අහලා සුමනදාසයි. දේවාලයයි හදලා දෙන්න...
දැන් නාමල්ම මහින්දට කරදර කරන්න ට්‍රයි කරයිද දන්නේ නෑ. මේ අය බලය වෙනුවෙන් ඕනෑම තුච්ච වැඩක් කරන්න පුළුවන් පරම්පරාවක්...
බළලා මල්ලෙන් එළියට පැනලා වගේ... අර ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි කියලා තොරතුරු ආවේ කොහෙන්දැයි බලන්න.
ජෙප්පෝ UNP එවුන් මරණකොට ඊට විරුද්ධ වුණා. එක UN එකට ගෙනියපු. මහින්ද මහත්තයා මරනකන් නින්ද නොයන ජේප්පෝ. නියම ගුණමකුවෝ ජීවත් වෙන රටක්...!
ආරක්සක අංශවල අය කොහේ හිටියත් වැටුප් ගෙවන්න ඕනෑ පොලිස් ආරක්ෂාව වෙනුවට හමුදාව දුන්නාම පොලිස් කස්ටිය සාමාන්‍ය රාජකාරි වලට දැන්ද පුළුවන් කොහේ හිටියත් වැටුප් ගෙවන්න ඕනෑ රාජපක්ෂලා ළඟ හිටියා කියලා වැඩි වැටුපක් ගෙවන්න ඕනෑ නැහැ..
ඇත්තටම මීට වඩා වැදගත් ප්‍රශ්න අපට ඇත්තේම නැද්ද?? ආරක්ෂාව ට 500ක් හිටියත් ඩ්රෝන් එකෙන් ගහනවා නං ඒක නවත්තන්න පුළුවන් ද? අනිත් එක මහින්ද ජාතික වස්තුවක් ද? එහෙනං ගිහින් කටු ගෙයි තියන්න. එතන හොඳ ආරක්ෂාවක් තියනවා.. යුද්ධය නිසා එයාව සුරකින්න ඕන නං..
ආරක්ෂාව මදී කියලා නහින්ඩ හදන එවුන්ටම බැරියැ ආරක්ෂාව සපයන්ඩ .ආර්ථික ඝාතකයෙක් කියලා අධිකරණයෙන් පවා වැරදිකරු වෙලා ඉන්නේ?
කතාවක් තියනව “බල්ලො මරල පව් පුරව ගන්නෙ නැහැ” කියලත්.
ආරක්ෂකයො අඩු කරා කියලා ඒ පොලිස් නිලධාරීන් වෙනත් තැනක වැඩ කරනවා මිස, එයාලට ගෙවන පඩි ඉතුරු වෙන්නේ නෑ.
හොරෙක් ආරක්ෂා කරන්න අපි ඡන්දය දුන්නේ නෑ හමුදා ආරක්ෂාව ඕනේ ඩේසි ආච්චිගේ මැණික්මල්ල ආරක්ෂා කරන්කද ?
සුනාමි ආධාර හොරාකාපු, රට විනාශ කළ කෙනෙකුට මොන ආරක්ෂාද?