හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට වෙන්කර සිටි 500 ක යුද හමුදා ආරක්ෂක බල ඇණියක් ඉවත් කර ඇතැයි රජයේ ආරංචි කියයි.
පොලිසියේ 130 ක බල ඇණියක් ඔහුගේ ආරක්ෂාවට යොදවා ඇත.
ඔහුට ඊට වඩා අතිරේක පිරිස් අවශ්‍ය වන්නේ නම් ඒ සඳහා ජාතික ආරක්ෂක කවුන්සිලයේ තක්සේරු වාර්තාවක් තිබිය යුතු බවද දැනගන්නට ඇත.
මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අරක්‍ෂාවට යුද හමුදාව විසින් සෙබළුන් හා නිලධාරීන් 102 ක් අනුයුක්ත කර ඇති බවත් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතා කියයි.
එම නිලධාරීන්ගෙන් 80 දෙනකු ආරක්‍ෂාව සදහාත් 22 දෙදෙනකු පරිපාලනමය කටයුතු සඳහාත් යොදා ඇතැයි එහි සඳහන්ය.
‘මෑතක සිට වර්තමාන රජය පුනරුත්තාපනය නොකළ දරුණු එල්.ටී.ටී.ඊ රැඳවියන් නිදහස් කිරීම නිසා වසර 30 ක යුද්ධය අවසන් කළ රාජ්‍ය නායකයා ලෙස මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ ජීවිතයට විශාල තර්ජනයක් එල්ල වී ඇත. කොටි සංවිධානයේ සාමාජිකයන් 11,000 කට වැඩි ගණනක් පුනරුත්තාපනය කර රාජපක්‍ෂ මහතාගේ ආණ්ඩුව විසින් නිදහස් කරනු ලැබූ අතර දිගටම රදවාගෙන සිටියේ පුනරුත්තාපනය කළ නොහැකි දරුණු ගණයේ ත්‍රස්තවාදීන් පමණි. මේ ආණ්ඩුව නිදහස් කරන්නේ මේ අයයි. මෙවැනි තත්වයක් යටතේ මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්‍ෂාව සදහා දැනට ලබා දී තිබෙන හමුදා නිලධාරීන් සංඛ්‍යාවට අමතරව තවත් සෙබලුන් හා නිලධාරීන් අනුයුක්ත කිරීම ආණ්ඩුවේ වගකීම වේ.‘ යැයි එම නිවේදනයේ සඳහන්වේ.
අලුත් තත්වය යටතේ, මහින්ද රාජපක්ෂ මහතාගේ පමණක් නොව යුද්ධයේ ප්‍රධාන කාර්යභාර්යක් ඉටුකල සෙසු හමුදා හා සිවිල් නිලධාරීන්ගේ ද ආරක්‍ෂාව ගැනත් සුදුසු පියවර ගැනීම ආණ්ඩුවේ යුතුකම බව රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයෙන් අවධාරණය කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම මෙච්චර දවසක් හිතන් හිටියේ ඩුබායි තිලක් සිංහල කියල. (ස)
මේ අය ආරක්ෂාවට යොදවා ගත්තා වගේ නෙමෙයිනේ මේ අයට යන වියදම කොච්චරද.ඔය කළ දේ හරි.(හේ)
ඒ ගත්ත ක්‍රියාමාර්ගය ගොඩක් හොඳයි.(හේ)
කතා කරලා වැඩක් නෑ අපේ කාලේ අපරාදේ.(හේ)
අනේ කාලේ වනේ වාසේ. අර එදා වගේ තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසා ගත්ත යුතුයි.(හේ)
මෙතරම් ආරක්ෂාවක් දාගෙන හිටියද?(හේ)
කොකාට වාරය නම් තිත්තයාට වාරය දැන් ඇවිල්ලා කොකාටත් තව වාරයක් අත ලඟ වගෙයි. (හේ)
මොලේ පාවිච්චි කරලා වැඩකරන්න. පස්සට පසුතැවිලි වෙන වැඩ කරන්න එපා. කිසිම පක්ෂ බේදයක් නැතිව කිව්වේ.(හේ)
ආරක්ෂාව අඩු කරාට ප්‍රශ්නයක් නෑනේ. දැන් යුද්ධයක් මේ රටේ නෑනේ.(හේ)
මෙතන උඩ කමෙන්ට් දාල තියන ඔක්කොම මැරිල ඉපදිච්ච කට්ටිය ද කොහෙද ? (බ)
දේශපාලන පළිගැනීමකි (බ)
‘‘අපේ පිපාසය දෙමළ ඊළමයි” උතුරේ පෝස්ටර් කියන ප්‍රවෘත්තියට කමෙන්ට්ස් දාන්නකෝ බලන්න (බ)
අමෙරිකාවේ හිටපු ජනාධිපතින්ටවත් මෙච්චර ආරක්ෂාවක් නැහැ. 130කුත් වැඩියි, 10-20ක් හොඳටම ඇති. (බ)
හොඳ වෑයමක් (බ)
හොද වෑයමක් ...!!! (බ)
අනිත් අයට කරපුදේ හිටපු ජනාධිපති තුමාට කරන්න එපා එයා නිසා අපි නිදහසේ ජීවත් වෙනවා එයාගේ ආරක්ෂාව අඩු කරන්න එපා (බ)
අපේ වැඩේ හරිනේ. දැන් කොටි බයක් නැහැනේ අපිට. ලාංකිකයන්ගේ හැටි ඔන්න ඔහොමයි. වැඩිය කියන්නේ නැහැ. (බ)
ඒ කියන්නේ 630ක් ඉඳලා තියෙනවා. ඒ තරම් ආරක්ෂාවක් මොකටද? මම කලින් දැනගෙන හිටියා නම් අදහසකින් හෝ විරුද්ධත්වය ප්‍රකාශ කරනවා. (නි)
හමුදාවත් ප්‍රතිසංස්කරණය කරලා, ත්‍රස්තවාදය ලංකාවෙන් තුරන්කරන්න තීරණය ගෙන බටහිරට යටත්නොවුණු එකම නායකයාව අපි අරක්ෂා කරගත යුතුයි (නි)
හොඳ තීරණයක් (නි)
ප්‍රමාදවෙලා හරි කළ හොඳ වැඩක් (නි)
පෙරේරා, ඇමරිකාවේ නෙමෙයි ලෝකයේ කොහෙවත් මහජන ඡන්දයෙන් ගෙදර යවපු කෙනෙකුට මෙවැනි හමුදාවක් දීලා තිබුනේ නැහැ. (නි)
ඔන්න ඔහේ ළගකදී විශ්‍රාම යන්න ඉන්න කොස්තාපල්ලා දෙන්නෙක් බැටන් පොලු දෙකක් එක්ක දීල දාන්න .ඒ හොදටෝම ප්‍රමාණවත් (බ)
500 ක යුද හමුදා ආරක්ෂක බල ඇණියක් නඩත්තු කරන්නේ මොකෝ මහින්දගේ කුඹුරෙන් එන මුදලින්ද? (බ)
මෙවැනි කොන්ද කෙලින් තියන් තීරණයක් ගන්න මාස 12ක් ගියානේ. මම නම් කියන්නේ 130 ගැනත් සලකල බලන්න කියලයි.(හේ)
130ක්. මේක පොඩි ලංකාවද කියලා හිතෙනවා. 500ක් තියාගෙන හිටියා නම් විශ්‍රාම ගිහිල්ලා , ඉන්නකොට කොහොම ඉන්න ඇතිද? (හේ)
ඔය 130ත් වැඩි නැද්ද?(හේ)
අපි හැමදාම එක තැන ඉන්නේ ඔය වගේ වැඩ නිසයි.(හේ)
මෙතුමාගේ ආරක්ෂාව අඩු කරන එක හරිද?(හේ)
ඉදිරියට මොනවා සිද්ධවෙයිද දන්නෙ නැහැ (නි)
දෙයියෝ සාක්කි එකෙනෙක්ව රකින්න 500 ක්. ගිනස් පොතේ දාන්න වටින වැඩක් (බ)
අවුලක් නැහැ..කොටි එළියට දාපල්ලා..ඊලම්වාදීන්ට ජනපති කළාට කලගුණ සලකපල්ලා..රටේ මරබිය නැතිකරපු, අපිට අපේ දරුවන්ට හෙටක් උරුම කරලා දීපු මේ මනුස්සයව කොහොම හරි මරා ගනිල්ලා..එතකොට ඔක්කොටම නින්ද යාවි..හැබැයි ඒ නින්දෙන් ඇහැරෙන්න වෙන්නේ ආයේ මුළු රටටම මරබියත් කැන්දන් කියල අමතක කරන්න එපා..(බ)
රැස්විම්වල හිටපු අය ගැන දැන්නෙ තේරෙන්නෙ.පන්සල් පිරෙන්න සෙනග.අනේ හොදයි. අපි ගෙවමු. (බ)
130 හොදටම ඇති චන්ද්‍රිකාට එච්චර දීල නැහැනේ (බ)
ඇයි වැරදි යුද්දේ ඉවරයිනේ 130 හොදටම ප්‍රමාණවත් (බ)
හැම මන්ත්‍රී කෙනෙකුටම 130 ක පොලිස් ආරක්ෂාවක් ලැබෙනවද ? මොකද මහින්ද උන්නැහේ දැන් සාමාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විතරයි නේද ? (බ)
කොටි ටික නිදහස් කරලා ආරක්ෂාව අඩු කරන්න විශේෂ හේතුවක් ඇති ඕව ජාතික අපරාධ (බ)
ගඩාපිට වෙච්ච දේ වෙනකන් අපේ අයට නින්ද යන්නේ නෑ. මම මේවගේ ගුණමකු සමාජයක සාමජිකයකුවීම ගැන කණගාටු වෙනවා.මතු කවදාවත් මේ මිනිස්සු ඉන්න මහත්ද්වීපයකවත් ඉපදෙන්න එපා.(හේ)
අනවශ්‍ය වියදම් අඩු කරන එක හොඳයි.නමුත් එතුමාගේ ආරක්ෂාව ගැනත් සැලකිලිමත් වුනොත් හොඳයි.(හේ)
ත්‍රස්තවාදී තර්ජන ඇති හෝ නැති ලෝකයේ කිසිම රටක හිටපු ජනාධිපතිවරයකුට 130 කින් යුත් ආරක්ෂක බලඇණියක් නොමැත. අනෙක් අතින් මහින්ද රාජපක්ෂ මහතා පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වීමෙන් දක්වා ඇත්තේ තමාට හිටපු ජනාධිපතිවරයකුට ලැබෙන වරප්‍රසාද අනවශ්‍ය බවයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන ඔහුට 130 කුත් වැඩියි. (නි)
යුද්ධය අවසන් වුණාට ගොඩක් දෙනාට හිතට අමාරුයි වගේ (නි)
ජනපතිගෙයි අගමැතිගෙයි ආරක්ෂාව ඉවත් කළානම් කොපමණ හොඳද (බ)
තිලක් මහත්තයෝ ඔයා ඉන්නේ ඩුබායි මේක ලංකාව , කවදාහරි තමුන්ට ලංකාවට ඇවිත් බයක් සැකක් නැතුව ජීවත් වෙන්ට පුළුවන් වෙන්නේ මහින්ද මහත්තය යුද්දේ අවසන් කරපු නිසා , රටේ නායකයා හැටියට කොන්ද කෙලින් තියාගෙන තීරණයක් ගත්තේ නැත්තන් , ඔබතුමා අද ඩුබායි ඉදල කයිවාරු ගැහුවට , කවද හරි ඔබතුමාට එන්ට වෙන්නේ කොටි ඊළමක් සහිත ලංකාවකට (බ)
පැන්ෂන් ගිය පොලිසි රාළහාමිලා දෙන්නෙක් දෙන්න .හොදටම ප්‍රමාණවත් (බ)
ඡන්දයෙන් ගෙදර යවපු කෙනෙකුට ආරක්ෂාවට 630 ක් හමුදාවක් දෙනවා කියන එකම මොන තරම් අසාධාරණද? (බ)
කේපීලට කිරි පොවපු නායකයන්ට කොටින්ගෙන් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. (බ)
ඔක්කොම අඩුකරත් කමක් නැහැ හැබැයි එතුමාට නිදහසේ ජීවත් වෙන්න දෙන්න ඕනේ. (බ)
පෙරේරා ඇමරිකාව කොළ පාටද රතු පාටද දන්නේ නැති නිසයි අහන්නේ. අමෙරිකාවේ හිටපු ජනාධිපති පෙරේරාගේ බාප්පද. මේක ලංකාව ඇමරිකාව නෙමෙයි. (බ)
යහපාලන පළිගැනීම්. මහින්ද ට නැති ආරක්ෂාව ඔය කාටවත් ඕන නැනේ. කව්ද තරහ ඉන්න උන් එක්ක. හැබැයි තිත්තයටත් වාරයක් එනවා කියල මතක තියා ගත්තොත් හොදයි. (බ)
මේ ගණන් හිලව් ප්‍රසිද්ධ කරන්නේ ඇයි.(හේ)
මේ ඔක්කොටම අතීතය අමතකයි.(හේ)
රට බේරාගත් සෙන්පතියාට කරන මෙවැනි දේවල් අනුමත කරන්නේ නෑ.(හේ)
මෙවැනි දේවල් මහින්දට කරන දේවල් නෙවෙයි නිදහසේ ඉන්න ජනතාවට කරන දේවල් මේවට දේව දඬුවම් ලැබෙයි (බ)
මෙතුමාව කී දෙනෙක් අද මරන්න බලන් ඉන්නවාද මෙතුමාට සෙබළු 500ක් නෙමෙයි 1500ක් දැම්මත් මදි (බ)
මම නම් හිතන්නේ මේ ප්‍රමාණය ප්‍රමාණවත් (නි)
ඒ කරපු දේ හරි.(හේ)