IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


මහින්දගෙ ආරක්ෂකයන් කළු සල්ලි සුදු කරලා?

හිටපු ජනාධිපති මහින්ද රාජපකෂ මහතාගේ ආරකෂක නිළධාරීන් තිදෙනෙකු විසින් එක්රැස් කරන ලදැයි කියන මුදල් හා දේපල පිළිබඳ තොරතුරු රහස් පොලිසියේ මුල්‍ය විමර්ශන අංශයට ලබා දෙන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිළපිටිය මහතා ලංකාවේ බැංකු හා මුල්‍ය ආයතන 79 ක කළමණාකරුවන්ට අද නියම කළේය.

ඔවුන්ගේ හා ඥාතීන්ගේ නම් වලින් බැංකුවල සහ මුල්‍ය ආයතන වල ඇති වත්කම් වල තොරතුරු අවශ්‍ය වී ඇතැයි පොලිසිය දැන්වීය.

ඒ අනුව මෙරට ඇති වානිඡ්‍ය බැංකු 32ක සහ මුල්‍ය ආයතන 47ක කළමණාකරුවන්ට සැකකරුවන්ගේ ගිණුම් තොරතුරු ලබා දෙන ලෙස නියම කළේය.

දුෂණ මර්ධන කමිටු ලේකම් කාර්යාලය විසින් රහස් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව රහස් පොලිසියේ මුල්‍ය විමර්ශන අංශය මෙම සිද්ධිය පිළිබදව පරිකෂණ ආරම්භ කොට ඇත.

මෙලෙස පරිකෂණ ආරම්භ කොට ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපකෂ මහතාගේ ආරකෂක නිළධාරීන් ලෙස කටයුතු කළ වන්නිආරච්චි නෙවිල්, තිස්ස විමලසේන හා දමිත් ගෝමිස් රණසිංහ ගැනය.

 



අදහස් (0)

මහින්දගෙ ආරක්ෂකයන් කළු සල්ලි සුදු කරලා?

ක්‍රිෂාන්ත Wednesday, 10 February 2016 03:43 PM

සියලුම තරාතිරම්වල දුෂණ සෙවිය යුතුය (අ)

:       0       0

අරුණ Wednesday, 10 February 2016 07:22 PM

මෙහෙමත් දේවල් වෙලා තියෙනවා කියලා අපිට දැනගන්න ලැබෙන්නේ දැන්නේ ඉතින් (නි)

:       0       0

නන්දලාල් ප්‍රංශය Wednesday, 10 February 2016 11:45 AM

මේ සුද්ද කිරීමේ කටයුතු කොහෙන් නවතීවිද කියලා කියන්න දන්නේ උඩ ඉන්න දෙවියෝ පමණයි. පොල් ටිකක්වත් ගහල බලමුද? අරගොල්ලෝ කියාවි යහපලානේට විරුද්ධ පාක්ෂිකයන් මර්ධනය කිරීම තව අඩියක් ඉස්සරහට අරගෙන කියලා !! (අ)

:       0       0

ලංකාසිරි Wednesday, 10 February 2016 08:49 PM

මේ දුෂණ නොතිබෙන්න ලංකාවට හොඳ කලක් යන්න තිබුනා. පහුගිය දවස් වල ලංකාවේ බඩු මිල වල තත්වය පිටරටවල ඉඳලා එන අපිට හොඳට දැනුනා. අපිටත් එහෙමනම් ලංකාවේ මුදල් උපයා ජීවිකාව ගෙනයන අය ගැන කවර කතාද? ඔහොම යමු. අලුත් අදායම් මාර්ග කෙසේවෙතත් අඩු තරමේ දුෂණයවත් නතරවෙලා තියෙන එක රටටම මහත් ආශිර්වාදයක්. (නි)

:       0       0

දහම් Wednesday, 10 February 2016 12:20 PM

මහින්දට ගෑවුණු එකෙක්ව අත අරින්න එපා. අපේම රටක් වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කළ සටන පරාද කළ එකේ පලිය ගන්න තමයි අපේ ඔහෙලට ඡන්දෙ දුන්නේ. එහෙම නොකොළොත් ඔහෙලත් අපේ හතුරෝ. (බ)

:       0       0

චන්ද්‍ර පැරිස් Wednesday, 10 February 2016 02:04 PM

දහම් ,ඔය නොකියා කියන්නේ යුද්ධය ගැනනේ. ඔන්න දැන් පර්ලිමෙන්තුවටා ආවා යුද්ධය අවසන්කිරීමේ නියම ගෞරවය ලැබිය යුතු ජෙනරාල් වරයා. නැතිනම් ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා. දැන් බලාගෙන ඉන්න මොකද වෙන්නේ කියලා. (ර)

:       0       0

රොකි Wednesday, 10 February 2016 02:20 PM

දහම්, අන්ධ භක්තියේ සීමාවක් තියෙන්න ඕන. සමහර අයට මොනවා කෙරුවත් හොඳයි! හොරකම් කරලා තියනවා නම් ඔවුන් ගැන හොයන්න එපා කියලද කියන්නේ? (ර)

:       0       0

පෙරුමාල් Wednesday, 10 February 2016 02:59 PM

රොනී ඔබ හරි. දේශප්‍රේමයෙන් තමන්ගෙ හොරකම් දූෂණ වහගන්න මොන වීරයෙකුටවත් ඉඩ දෙන්න බැහැ. වීරකමට අපි ගරු කරනවා: හොරකම් කළාට දඬුවම් කරනවා: මිනීමරල තියෙනවනම් එල්ලුම් ගස් යවනවා. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site