මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ ආරක්ෂකයකු වූ මේජර් නෙවිල්ගේ මැදමුලන ඉඩමේ ස්ථාන කිහිපයක් බැකෝවකින් හාරා කිසියම් දෙයක් සොයන බව දැනගන්නට ඇත.
පොලිස් විශේෂ කාර්ය බළකායේ භටයෝ 20 දෙනෙක් පමණ කැඳවනු ලැබ සිටිති.
කිසිවකුටත් එම භූමියට ඇතුළු වීමට ඉඩ නොදී හෑරීම කරගෙන යයි.
මුදල්, සංවර්ණාබරණ සහ ආයුධ ඇත්දැයි සොයන බව රහස් පොලිස් ආරංචි කියයි.
ඔහු විසින් කරන ලදැයි කියන වංචා හා දූෂණ ගැන පරීක්ෂණ පවත්වන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා මූළ්‍ය අපරාධ කොට්ඨාසයට හා රහස් පොලිසියට පසුගියදා නියෝග කළේය.
ඔහුගේ ද, බ්‍රිගේඩියර් දමිත රණසිංහ සහ කැප්ටන් විමලසේනගේ බැංකු ගිනුම්වල විස්තර ලබා ගැනීමට ද රහස් පොලිසිය අධිකරණයේ පිහිට පැතීය.
මෙම තිදෙනාගේ බැංකු 32ක ගිනුම් ද, තවත් මූල්‍ය ආයතන 47ක තැන්පතු ද සොයා බලන ලෙස ද මහේස්ත්‍රාත් අවසර දුන්නේය.
මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂකයා වූ මේජර් නෙවිල් වන්නිආරච්චි රජයේ හිස් ඉඩම් කිහිපයක් හා නිවාස කිහිපයක් ඔහුගේ නමට හරවාගෙන ඇති බවට එෆ්සීඅයිඩිය අධිකරණයට දන්වා සිටියේය.
මග නැගුමට අයත් ටිපර් කිහිපයක් ඔහුගේ පෞද්ගලික පාවිච්චියට යොදාගෙන ඇති බවත්, ඉන්ධනහල් හා බස් ඔහු සතුව ඇති බවත් පොලිසිය කියයි.
නෙවිල් වන්නිආරච්චි නමින් ට්‍රැක්ටර පහක්, ලොරි දෙකක්, බස් හතක් හා මොටර්සයිකලයක් ලියාපදිංචි කර ඇතැයි ද අධිකරණයේදී කියැවිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ වත්තේ මට සැකයක් තිබෙනවා රත්තරන් ඇති කියලා. (නි)
සමහරු නීතිය නොමඟ යවන්න තමන්ම බොරු පෙත්සම් ගහනවා (නි)
රට බේරගත්ත කෙනාට කරන දෙයක්. (ර)
ආණ්ඩුව තමන්ගේම වළ හාරගන්නවා වගේ මට නම් පෙනෙන්නේ (නි)
මේවට පලු පැලෙන්න හිනා. මේවගේ දේවල් ලංකාවේ පමණි වෙන්නේ. (ර)
ගමේ පාරක්, ඇනිකට් එකක්, ඇළක් කපාගන්න ඕනෑ කිව්වොත් ආණ්ඩුවේ බැකෝ එකක් ගන්න අඩුමගානේ විසි තිස් වතාවක් බඩ ගාන්න ඕනෑ එක එක්කෙනා ගාවට. එදා කොටි ගහන කාලේ විතරයි එස්ටීඑෆ් ආරක්ෂාව දුන්නේ කුඹුරු කපනකොට. අද මොකද මේ වෙලා තියෙන්නේ? මෙහෙම ජනතා සම්පත් හමුදාව පොලිසිය මෙහෙම වැඩට ගන්න නෙමෙයි මහත්තයෝ අපි ඔයාලට ඡන්දෙ දුන්නේ?? මහින්දට වැරදි නවත්තලා හොඳට රට කරවන්න. ඒ වුණාට මොකද වෙන්නේ? අද අපිට සල්ලි වලටවත් ගන්න පොහොර නැහැ. ඊළඟ ඡන්දෙදි ඔයාලට වෙන දේ බලන්නකෝ (නි)
කුමාර් මෙන්ඩිස් මහත්තයෝ, ඔහෙට අවසන් හුස්ම වැටෙනතුරු බලාඉන්න වෙයි ඔය හිතා ඉන්න දේ දකින්න. මේ අපේ නියම ප්‍රශ්න අමතක කරවන්න ආණ්ඩුවෙන් කරන බොරු සංදර්ශන බව තේරුම් ගන්න! (නි)
ඒ අය කියන විදිහට කලොත් මේ ආත්මෙ කිසිම දෙයක් අල්ලගන්න හම්බවෙන්නෙ නෑ. අනිවාර්යයෙන්ම මේ කරන වැඩේ කල යුතුමයි. (ර)
මෙය වඩාත් විනිවිදව කරනවා නම් දෙපර්ශවයම ඉදිරියේ කලයුතුයි. රත්තරන් ලැබුනොත් ඒවා මෙහි තුබූ ඒවා නොවේ අද දිනයේම බලයෙන් ගෙනත් දාපු ඒවා කියා කියන්න පුළුවන්...(හේ)
මිනිස්සු කන්න නැතුව බඩගින්නේ. සමහරුන්ට බොන්න වතුර නැහැ. වකුගඩු පිළිකා වලට බෙහෙත් නැහැ. සමහරවිට වලවල් හාර හාර හොයන්නේ පිළිකා වලට දෙන බෙහෙත් වෙන්න ඇති. ලෝකය හිනස්සමු. (ර)
අවූරුද්දක් ඉවරයි තවම එක්කෙක්වත් ඇතුලට ගත්තේ නෑ. (ර)
අනේ මෙහෙමත් වැඩ! (නි)
අන්න කරන්ට් එකත් නැතිවෙලාලු..? ඕක හොරකම් කරලා... මැදමුලන පොල් අතු ගොඩක් අස්සේ ගහලලු.. පස්සේ තොරතුරක් ලැබුනලු වීරකැටියේ හංගලා කියලා.... (ර)
හෙට අනිද්දා මැදමුලන ප්‍රදේශයේ කුඹුරු ටිකත් හාලා ගොඩ දමාවිද දන්නේ නැහැ. අනේ මෙහෙමත් විකාර (නි)
කව්රු බලාගන හිටියත් හුග දෙනෙකුට හුස්ම ගන්න පවා අමතක වෙන දෙයක් නොව්නොත් පුදුමයක්. (ර)
පොළොව හාරන්නෙ නැතුව මේ වගේ දේවල් හොයන්න ඕනෑතරම් ක්‍රමවේද තියෙද්දි මේ කරන්නෙ දේශපාලන පළිගැනීමක් කියලා පොඩි ළමයෙකුට වුණත් තේරෙනවා. දැන් ඉතින් ඉඩම විනාශයි. ඒ විනාශකාරී පළිගැනීම කරන්න යොදාගන්නෙ රජයේ දේපල, මුදල් සහ රජයේ සේවකයන්. මේවත් මූල්‍ය අපරාධ තමයි. (නි)
මේ ආණ්ඩුවට තියෙන ලොකුම වැඩේ මේකද?
ටිබෙට් ජාතික එස්. මහින්ද හිමියන් කියූ කවි පදයක " ඇස ගෙඩි වලට හෙන ගහලද සිහලුන් ගෙ" කියලා ලියවී තිබුනා. යන විදියට නම් දෙපැත්තම හැමදාම ඔහොම අර පක්ෂය හා මේ පක්ෂයත් පොර කුකුල්ලු වගෙ කා කොටා ගත්තොත් රට කොහාට යයිද දන්නේ නැහැ. අර කියමනක් තියනවා. කගේ කාගේත් කිල්ලෝට වල හුණු තියන කතාව. අපි ඔහොම යමු. වැඩිය කතා කලොත් අර කෝටුව රැගෙන ඉන්න ඇත්තෝ අපට තලාවී. අපි ඔහොම යමු. (ර) . .
මේවගේ ආණ්ඩුවේ ඉන්න අය ගැනත් හොයන්නේ නැතේ මොකද??(හේ)
රටම හාරයි දැන් (හේ)
කියක් ගියත් හොයලා බලන්න ඕනෑ මේවා ගැන. අපිට ආදරේට අරන් තියපුවා වෙන්න ඇති (නි)
මේවා නිකන් ඩීසල් පුච්චන්න කරන වැඩ නෙවෙයි .වැරදිකරුවන් ඉතා දක්ෂ ලෙසයි වැඩ කරලා තියෙන්නේ (බ)
මේවා විහිලු. ඔය මනුස්සයට අක්කර 3/4 නොවෙයි 100ක් විතර තිබුනා නම් මුළු ඉඩමම හාරයි. ඇත්තටම පොළොවේ සඟවපු යමක් සොයනවා නම් සොයාගන්නට තාක්ෂණික උපකරණ ඇත. ලංකාවේ සමහර මැණික් ව්‍යාපාරිකයන් සහ නිධන් සොයන්නන් පවා මේ උපකරණ මඟින් පොළොව මීටර් 4-5 ගැඹුරට ස්කෑන් කර බලන බව දන්නෝ දනිති. මේ උපකරණයකින් සොයා බලා එතන හාරනවා වෙනුවට මේ කරන්නේ මාධ්‍ය සංදර්ශන හැර වෙන කුමක්ද? ළඟදි රත්තරන් සොයා පිහිනුම් තටාකයකත් වැලි ගොඩ දැම්මා. (නි)
බඩු හම්බ උනේ නැතිනම් ආයෙත් නොන්ඩි. ලකුනු දාගන්න කරන වැඩ වලින් ආන්ඩුව නිකම්ම සවූත්තු වෙනවා. (ර)
ඔය සල්ලි වලින් සිරිසේන ජනපති සිංගපූර් ගියාද දන්නේ නැහැ (බ)
අපේ ගෙදර කක්කුසි වලක් හාරගන්න ඕන එෆ්සීඅයිඩී එකට කියුවනම් මහින්ද මහත්තය හංගපු රත්තරන් තියෙනවා කියල මට එ්ක නිකන්ම හාර ගන්න පුළුවන්. (බ)
පීකොක් දෙවැනි ජවනිකාව (ම)
ගෝලයන්ටත් හොදට සලකලා.... (ර)
කොළඹ නාන තටාකයේ වල දමා තිබුණා යයි කියන කෝටි ගණන් මුදල්, රත්තරන්, රන් අශ්වයින් එහෙම සමහර විට මෙහෙන් මතු වෙන්නත් බැරි නැහැ. කවුද මේකට ඔත්තුව දුන්නේ ? රජය අපහසුවට පත් කරන්නත්, පොලිසිය නොමග යවන්නත් මෙහෙම ආරංචි පතුරුවන ය ඉන්නත් පුළුවන් නේද ?(හේ)
මහින්ද දේශපාලනයෙන් ඉවත් වුනත් මේ හෑරිල්ල නතර වෙන්නෙ නෑ.(හේ)
අර මහින්දට සහ පවුලේ අයට ගෙනාවා කිවුව හෙලිකොප්ටර් වලලා තියෙන්නේ මෙතන කියලා හොයන්නේ... (ර)
දැන් කියාවි පලිගන්නවෝ කියලා , (හේ)
අද දවසේ හොදම කතාව.(හේ)
රන්ජිත් රත්නායක හරියට හරි (බ)
මහලු ගොවියෙක් සිරගතව සිටින තම එකම පුතාට කිව්වලු "අනේ පුතේ මට මගේ හේන කොටාගන්න අතපය වාරු නැහැ , උඹත් හිරේ , මොකද කරන්නේ ??' කියලා . දින කීපයකින් හමුදාව ඇවිත් මුළු ගොවිපොලේම පොලොව හාරලා බිම් පෙරලලා ගියාලු .ඊට පසු තාත්තා ඇහුවලු " පුතේ උඹ කොහොමද හමුදාව ලව්වා මගේ හේන කොටලා බිම් පෙරලලා දුන්නේ" කියලා . "මම ඒ අයට අහුවෙන විදියට ලියුමක් තැපැල් කළා. ඒකේ ලියලා තිබුනේ මම තාත්තාගේ හේනේ හංගපු වස්තුව ගැන විස්තරයක්" කියලා පුතා කිව්වලු . (හේ)
මාළු අල්ලන ට්‍රෝලර් එහෙම නැද්ද ඒ නමටම අරගෙන.(හේ)
තමන්ගේ රාජපුරුෂයන්ට සැලකීම ඉස්සර රජවරුත් කල දෙයක්. ගම බිම් වරප්‍රසාද දුන්නා. තාන්න මාන්න දුන්නා. (ර)
මමත් ඔත්තුවක් දෙන්න ඕනෑ. අර මත්තල හම්බන්තොට වරායේ යට හංගලාලු ලැම්බෝගිනි සහ රත්තරන් බිස්කට්. හාරලා බලනවද වාරයේ පතුල? (නි)
ෂුවර් එකටම මේ හාරන්නේ හංගපු බඩු හොයන්න නෙවෙයි, ලග එන පළාත් සභා මැතිවරණයට සංදර්ශනයක් පෙන්නලා ඡන්ද හොයන්න. (ර)
ජනතාව අවධියෙන්. (ර)
හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කිවුවලු (නි)
ඔහොම යනකොට කොයි වෙලාවක හරි හංගපුවා එළියට එනවා හොඳේ. ඔය හාරන්නේ නිකන් නෙමෙයි ඔත්තු පිට (නි)
දියුණු තාක්‍ෂණය ඇති මේ කාලයේ මොන විකාරද මේ කරන්නෙ. (ර)
හාරලා අල හිටවලා හරි මිනිස්සුන්ගේ බඩ ගිනි නිවන්න. (ර)
මේ වගේ විහිළු කරන්නද ජනතාවගේ ඡන්ද ගත්තේ? (නි)
අනේ හැබෑට මොනවද මේ කරන වැඩ? (නි)