හිටපු ජනාධිපතිවරයා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු හය දෙනෙකු වෙත සන්නස් පත‍්‍ර මගින් ලබාදී ඇති අලි ඇතුන් කෙසේ ලැබුණේ දැයි යන්න සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (15) කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය මහතා වෙත දැනුම් දුන්නේය.
මෙම සතුන් ලැබුණ ආකාරය සහ සත්‍ය වශයෙන්ම මෙම සතුන් වනජීවි දෙපාර්තමේන්තුව වෙතින් හෝ ජාතික සත්වෝද්‍යානය මගින් හෝ විදේශීය රටකින් ලැබුණා ද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි රහස් පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය.
වනජීවි දෙපාර්තමේන්තුව විසින් පවත්වාගන යනු ලැබූ අලි පොත වෙනස් කිරීමේ සිද්ධියට අදාළ නඩුව යළි කැදවූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය.
සැකකරුවන් වූ සමරප්පුලිගේ නිරාජ් රොෂාන් නොහොත් අලි රොෂාන්, වනජීවි දෙපාර්තමේන්තුවේ අලි ඇතුන් ලියාපදිචි කිරීමේ විෂය භාරව කටයුතු කළ ලිපිකාරිනියක වූ පි‍්‍රයංකා සංජීවනි සහ වනජීවි දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ (නීති) පැස්කුවන් ෆොන්සේකාලාගේ උපාලි පත්මසිරි අධිකරණයේ පෙනී සිටියහ.
වනජිවි දෙපාර්තමේන්තුවේ අලි ඇතුන් ලියාපදිංචි කිරීමේදී සිදුවී ඇති අක‍්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන අතර සන්නස් පත‍්‍ර මගින් බලය පැවරූ අලි ඇතුන් කිහිප දෙනෙකු ද ලියාපදිංචිය සදහා අයදුම්පත් වනජීවි දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් වී ඇතැයි රහස් පොලීසිය බී වාර්තාවක් මගින් අධිකරණයට කරුණු වාර්තා කර ඇත.
මෙම අයදුම්පත් අතර පාරේ යාය, අත්තනයාල, මැදමුලූන පදිංචි එන්. වන්නිආරච්චි (හිටපු ජනාධිපතිවරයාගේ ප‍්‍රධාන ආරක්ෂක නිලධාරී), අංක 26, ඒ, පැගිරිවත්ත මාවත, මිරිහාන, නුගේගොඩ පදිංචි එන්. ජී. රාජපක්ෂ (හිටපු ආරක්ෂක ලේකම්වරයා), බෙල්ලන්විල රජමහා විහාරය බෙල්ලන්විල විමලරත්න හිමියන්, කන්ඩලම වලව්ව, කණ්ඩලම පදිංචි නිලන්ති බංඩාර වීරසිංහ, ශී‍්‍ර ලංකා පාබල හමුදාව,පනාගොඩ ලිපිනයෙහි සේනාවිධායක සහ පාලටුව, මහ ඕවිට, මැදමුළුන පදංචි උපුල් දිසානායක යන වන බවද එම වාර්තාවෙන් රහස් පොලීසිය අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කර ඇත.
හරිස්චන්ද්‍ර නම් හමුදා නිලධරයකු විසින් පින්නවල අලි අනාථාගාරයට භාරදුන් පැටවුන් දෙදෙනා අතුරින් එක් සත්වයකු වනජීවි දෙපාර්තමේන්තුවේ ගොනු අංක 315 යටතේ ලියාපදිංචි වී ඇති බවත් අනෙක් සත්වයා කිසිදු ලේඛනයක් ලියාපදිංචි කැර නැති බවත් රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.
ඉකුත් 2016. 02. 10 දින අධිකරණයෙන් ලබාගත් නියෝග ප‍්‍රකාරව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හීලෑ අලි ඇතුන් ලියාපදිංචි කිරීම්වලට අදාලව දැනට හදුනාගෙන සිටින ව්‍යාජ ලියාපදිංචි කිරීම් යටතේ භාරයේ තබාගත් අලි ඇතුන් 13 දෙනෙකු වනජීවි භාරයට ලබාගත් බව මෙහිදී රහස් පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කළේය. මේ වන විට සතුන් 31 දෙනෙකු භාරයට ගෙන ඇති බවත් තවත් හතර දෙනෙකු පමණක් භාරයට ගැනීමට ඇති බවත් රහස් පොලිසිය සදහන් කළේය.
අලි පැටවුන් සන්තකයේ තබාගෙන සිටි අය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතීඥවරුන් මහෙස්ත‍්‍රාත් වෙත කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කරනු ලැබුවේ තමන් දරුවන් ලෙසින් රැකබලාගත් අලිපැටවුන් බැලීමට අවස්ථාවක් ලබාදෙන ලෙසට නියෝගයක් ලබා දෙන ලෙසය. කරුණු සලකා බැලූ මහේස්ත‍්‍රාත් සෑම සදුදා සහ සිකුරාදා දිනකම උදේ 10 ත් 12 ත් අතර කාලයේදී මෙම අලි ඇතුන් බැලීම සදහා අවසර ලබා දෙන ලෙසට වනජිවි සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල් එල්. ජේ. එම්. ජි. චන්ද්‍රසිරි බණ්ඩාර මහතා වෙත නියෝගයක් නිකුත් කළේය. එසේම, අධිකරණයේ දැනගැනීම පිනිස මේ වන විට අලි ගහනය කෙසේ වේද? අලින් කොපමණ ප‍්‍රමාණයක් සිටිත් ද? වසරක අලීන් කී දෙනෙකු උපදිනවාද? මැරෙනවාද? අලින් නිසා මිනිසුන් කී දෙනෙකු මියයනවාද යන්න සම්බන්ධයෙන් වාර්තාවක් ද ඉදිරිපත් කරන ලෙසට වනජීවි අධ්‍යක්ෂවරයාට නියම කළේය. සිද්ධියට අදාළ නඩුව ලබන 30 වැනි දා ට යළි කැදවිමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කතා පැත්තක තියලා දැන්වත් විල්පත්තුව වනසන අයට දඬුවම් දෙන්නකෝ. (නි)
අපි රජයෙන් බලාපොරොත්තු වුනේ ඔය වගේ දේවල් වලට වඩා කළා කියන හොරකම් හොයන්න. එ්ත් එයාලා යන්නේ වෙන මගක. (බ)
මේ දන්නේ නැති නිසයි අහන්නේ, මේ ආණ්ඩුවට වෙන කරන්න දෙයක් ඇත්තෙම නැද්ද? රටේ දැවෙන ප්‍රශ්නය මේකද?මොනවද මේ ආණ්ඩුව අවුරුද්දක් තිස්සේ කළ සංවර්ධන වැඩ? මේවා නිකම්ම විහිළු වගෙයි මට නම් පෙනෙන්නේ (නි)
අලින්ගේ නිජභූමි වන වනාන්තර නීතිවිරෝධීව රජයේ අවසරයකින් තොරව එළිපෙහිලි කරමින් කරන විනාශයෙන් අතරමංවෙන අලින් ගැන වගකියන්නේ කවුද? ඒ නීතිවිරෝධී වැඩ කරන අයට දඬුවම් දෙන්නේ නැත්තේ ඇයි? (නි)
ඕකත් අහන්න දෙයක්ද? ඉස්සර නඩුයි බඩුයි දෙකම හාමුදුරුවන්ගෙනේ. දුප්පතාට හූනු පැටියෙක්වත් නැහැ. (නි)
දැන් රටේ තිබෙන ලොකුම ප්‍රශ්නය මේ අලින්ගේ ප්‍රශ්නයද? (නි)
දැන් ඔය පරීක්ෂණ එහෙම ඉවර වුණාය පස්සේ වැට් බද්ද 5% විතර අඩුකරන්න පුළුවන් වෙයිද? අවුරුද්දට බදු මිල අඩුවෙයි නේද? (නි)
රාජපක්ෂලා හිතාගෙන හිටියේ ලංකාව කියන්නේ එයාලගේ බූදලයක් කියලා (නි)
අලි දීම පැත්තකින් තියන්නකෝ. ඕවා හොයන්න ගියොත් අහසේ තරු ගනින්න ගියා වගේ වෙයි. අර ජ්‍යෝතිෂවේදීන් රාජ්‍ය බැංකු වල අධ්‍යක්ෂක මණ්ඩලයට යැව්වේ කොහොමද ආදිය හොයලා බලන්නකෝ. උපාධිධාරින් රස්සා නැතුව වේළෙනවා. (නි)
ඇයි දැන් මෙහෙම සැක කරන්නේ? ඒ කාලේ ගැන කාටවත් මතක නැද්ද? (නි)
නවසීලන්තයට අලි පැටවු දුන්නේ රාජතාන්ත්‍රික සබඳතා වැඩිදියුණු කරගන්න. ඒක එහෙම කරන්න ඕනෑ නිසා තමයි ජනාධිපතිවරයාට සන්නස් මඟින් අලි දෙන්න පුළුවන් කියලා නීතියෙම තියෙන්නේ. නමුත් ඒ පිටින් දාලා තමන්ගේ හිතවතුන්ට සහෝදරයින්ට සන්නස් මඟින් අලි දෙන්න බැහැ. ඒකයි වෙනස (නි)
ප්‍රසිද්ධියේ පිටරටකට අලියෙක් දෙන එකයි, හොරෙන්ම හිතවතුන්ට අලි දෙන එකයි සන්සන්දනය කරන්න පුළුවන්ද? (නි)
අපට මාධ්‍ය මගින් දැනගන්න ලැබුන හැටියට නම් තව බලවත් උදවිය ළඟ අලි පැටවූ ඉඳලා තියෙනවා. අපි බලාගෙන ඉන්නේ යුක්තිය ඉටු වෙනකල්. ඉස්සර කාලෙ වගේ බලවතුන්ට ඕන දෙයක් කරන්න අමාරු බව නම් අපට පේනවා. (ර)
ඕපාත ඔයා යන කඩේ මොකද්ද කියල පොඩ්ඩක් කියනවද අපිටත් යන්න ඔය නිකන් ඉන්න වෙලාවට (බ)
එතකොට යාපනේ ඉඩම් දුන්නේ කොහොමද (බ)
මේ දවස් වල රටේ ප්‍රධාන ප්‍රශ්නය අලි පැටවු. ඔහොම යමුකෝ! (නි)
අලි ඇතුන් වඳ වී ගෙන යන වෙලාවක ඒ අලි ආදරයෙන් බලාගන්න කියල දුන්නම තියෙන වැරැද්ද මොකක්ද? (ර)
අපිට ඉන්න අලි පිටරට දුන්නාම හරිද?(හේ)
අලින්ගෙන් මනුස්යින්ට වන හානිය, අලින්ට මිනිසුන් කරන සාත්තු, අතර තියන වැරද්දක් අපි නොදකි. එතකොට විදේස රටවලට දෙන අලි .(බ)
මේ ඊයේ පෙරේද නවසීලන්තයට දීපු අලි පැටව දුන්නේ කොහොමද අනේ සන්නසකින්ද ? (හේ)
මහින්ද සන්නසකින් ඔය අලි පැටව් 6 විතරද ලියලා දුන්නේ? ඒ පාර අහනවා පිටරටකින් අලි තෑගි වශයෙන් ලැබිලද කියලා? අනේ මගේ කට !!! (නි)
රටම හිනස් වන ඒවා වැඩකට නැති ඒවා ගෙනත් මහජන අවදානය පැත්තකට හරවනවා. (ර)
ලංකාවේ සමහරුන්ට නම් දැන් හොඳටම පිස්සු වගේ. ප්‍රශ්න නැතුවට ප්‍රශ්න (නි)