හමුදාපතිවරයාට නොදන්වා ජනපතිවරයා හමුවීමට ගිය හමුදා නිලධරයින් 9 දෙනාගේ වාර්තා වලට තවත් ලුණු ඇඹුල් එක් කරන ලෙස විශ්‍රාමික හමුදා නිලධාරියෙක් හමුදා පාලනාධිකාරියෙන් අමුතු විදිහේ ඉල්ලීමක් කර ඇතැයි දැනගන්නට ඇත.
මෙම නිලධාරියා රජයේ වැදගත් ආයතනයක සේවය කරන අතර එම ආයතනය හා ආරක්ෂක සේවා අතර සම්බන්ධීකරණ කටයුතු සිදුකරන්නේ ඔහුය.හමුදාවේ ඉහළ තැන් සමග ඔහුට සබඳතාද ඇති බව පැවසේ.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මෙවැනි විශ්‍රාමික හමුදා නිලධාරීන් වෙනුවෙන් රජයෙන් වෙනස් ඉල්ලීමක් සිදුකළේය.ඒ පසුගියදා පාර්ලිමෙන්තුවේදීය.
‘යුද්දයේ අවසාන කාලයේදී වැදගත් කාරයභාරයක් ඉටුකරපු හමුදා නිලධාරීන්ට ඔවුන්ට ලබාගත හැකි සේවා දිගු ලබාගැනීමට අවස්ථාව නොදී ඔවුන්ව විශ්‍රාම යැවීමට සැළැස්මක් තිබෙන බව මට දැනගන්නට ලැබුණා.මෙහෙම විශ්‍රාම යැව්වට පස්සේ මේ නිලධාරීන්ට හමුදාවෙන් කිසිම සහයක්වත්,ආරක්ෂාවක්වත් ලැබෙන්නේ නැහැ.‘
‘යුද අපරාධ සම්බන්ධ පරීක්ෂණයක් පවත්වන්නට යන වාතාවරණයක මෙහෙම බලහත්කාරයෙන් හමුදා නිලධාරීන් විශ්‍රාම යවන්නේ මොකටද කියලා පැහැදිලියි.අවදානම පහව යනකම් මේ නිලධාරීන්ට සේවා දිගු ලබාදිය යුතුයි කියන එකයි මගේ අදහස.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිලිප්, නීතියයි ක්‍රියාත්මක කරන්නේ. එතුමා කළ එක වරදක් එළිකළේ නැති දිලිප්ලා වගේ ඉස්සගේ ඔලුවේ තිබෙන ඒවා තිබෙන අයට දිලිප්ගේ කතා හොඳයි (නි)
මෙතන ප්‍රශ්නය තියෙන්නේ මහින්දගේ වැරදි ගැන නෙවෙයි රට බේරගන්න දායක වුන හමුදා නායකයින් ඉක්මනට ගෙදර යැවීම කරන්න එපා කියලයි මහින්ද යොජනා කරලා තියෙන්නේ ඒකේ ඇති වරද මොකක්ද මෙතන මහින්ද අල්ලගෙන පට්ට ගහන්න හදන්නේ දේශපාලන පාටවලින් අන්ධ වුන අයයි.(හේ)
ප්‍රභාකරන් කිව්වේ සම්පූර්ණ ඇත්ත. සිංහලයට හැමදේම ඉක්මනට අමතක වෙනවා. ලංකාවේ ත්‍රස්තවාදයක් තිබුනදවත් කියලා හුඟ දෙනෙකුට අමතක වෙලා. හමුදාවේ මානසිකත්වය අඩුකරගෙන යන්නේ කාගේ උවමනාවකටද කියලා හිතාගන්න බැහැ. මේ යන විදියට ගියොත් ලංකාවේ හමුදාවටත් ඉන්දියාවෙන් කට්ටිය ගෙන්නගන්න වේවි (නි)
ගුණමකුවීම මහා පාපයකි. (නි)
ඔබතුමා අපේ උත්තරීතර ත්‍රිවිධ හමුදාවට කරන්නවූ කෘත ගුණ සැලකීම ගැන අපගේ ප්‍රසංශාව..........!!!! (ම)
දහම්, ඔබේ ප්‍රතිචාරයට මගේ ගෞරවය! (නි)
මේ සිංහල රටයි කියන්නට බැරි කිසිම දේශපාලකයෙකුට හෝ හිටපු ජනපතිතුමාට ගැතිකම් කරන අයෙකු නොවේ මම. එතුමාගේ කතාව ඇත්ත. යුද්ධය මෙහෙයවූ හැම සෙනෙවියෙකුටම, අද තත්වය අනුව ජිවිතය අවදානමකට පත්විය හැක. දෙමළ ජාතිවාදයේ ඉතිහාසය නොදැන හෝ දේශපාලන ගැති බව නිසා හෝ වෛරය පිරිමසා ගැනීම සඳහා හෝ යුද්ධය මෙහෙය වූ හෝ, එයට නායකත්වය දුන් අය දෙමළ ජාතිවාදයට බිලි නොදෙන්න. (නි)
එතකොට එයා ඉන්න කාලේ 55ට කලින් ගෙදර යවපු නිලධාරීන් ගැන මොකක්ද කියන්න තියෙන්නේ? (නි)
ලංකාවේ ඉන්න මෝඩයින්ට මනුස්සයෙකුගේ වටිනාකම තේරෙන්නේ වැරදුනාට පසුවයි (නි)
මහින්ද මහත්තයාට ජයවේවා! (නි)
නාලක, මධු වගේ අයට මුල අමතක වුණාට අපිට අමතක නැහැ. මෙතන තියෙන්නේ මහින්ද රාජපක්ෂගේ ප්‍රශ්නයක් නොවේ ප්‍රශ්නය අපේ උදාර රණවිරුවන්ගේ ආරක්ෂාව නැතිවීම. (නි)
නිමල් ලාලිත, මසුරන් කියමන්. නුවන්, සත්‍යා, ලලිත් කුමාර ඔයාල හරි කියන තැනයි මමත් ඉන්නේ. මම ඉහල දැක්වෙන සියලුම ප්‍රතිචාර ආශාවෙන් කියවනවා. ලොකු සතුටක් ලබනවා. ඒකනිසා කිසිකෙනෙක් මව වරදවා තේරුම්ගන්න එපා. පක්ෂ විපක්ෂ සියලු දෙනාට මගේ ප්‍රණාමය. අපි මොනවා ලිව්වත් මේවා මහින්ද, මයිත්‍රී හෝ රනිල් මැතිදුන් බලන්නෙත් නැහැ බැලුවත් එයාලගේ ප්‍රතිපත්ති වෙනස්කරගන්නෙත් නැහැ. එ්කයි ඇත්ත. (බ)
ජනාධිපති පුටුවෙන් ඉවත්වෙලත් පාඩුවේ ඉන්න බැරි හැටි? (නි)
මහින්ද රාජපක්ෂ මහත්තයා රටේ හිටපු ජනපති හැටියට ලබාගත යුතු සැළකිල්ල මෙවැනි දේ නිසා ගිලිහී යනවා. වතුර යටින් ගින්දර ගෙනියන", බළලුන් ලවා කොස් ඇට බාවාගන්නා තත්වයකට ඔහු දැන් පත්වෙමින් තිබෙනවා. ඒ මොකද කියා හැමෝටම තේරෙනවා. (නි)
අනේ පෙරේරා, තමන්ටත් කලින් කොහොමද හිටියේ කියලා මතක නැහැ වගෙයි (නි)
නැතුව වෙන කවුද ඔවුන් වෙනුවෙන් බැට්කරන්නේ. (ර)
මෙයා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා තුමාට නම් අකුරටම සැලකුවා. අනේද කියන්නේ? (බ)
ඔබතුමාගේ යෝජනාවත් නරකම නැහැ ඉතින් (නි)
ඔබතුමාලා ටිකක් මේ පුවත කියවලා බලන්න. මහින්ද මැතිතුමා මේ ඉල්ලීම කරන්නේ අපේ කාලයේ වීරයෝ බේරා ගන්න කියලා නෙමෙයිද ? (ර)
අනේද කියන්නේ! යුද්ධය දිනවපු හිටපු හමුදාපතිට අධිකරණයේ පිහිට පතන්න වුණා වෙලාවට බෙහෙත් ගන්නත්. කරුණාට ශ්‍රීලනිපයේ උප සභාපතිකමකුත් දීලා කේපීටත් සැළකුවනේ. (නි)
මහින්ද රාජපක්ෂ මහතා කතා කරන්නේ මැරිලා ඉපදුනු කෙනෙක් වගේනේ. බලය අහිමිව වසරක් ගතවීමටත් පෙර මෙවැනි ප්‍රකාශ කිරිම පුදුමයට කරුණක්. (නි)
දහම්ගේ අදහස නාලකටයි,මධුටයි නියමෙට ගැළපෙනවා (නි)
ජේම්ස්, යුද්ධය කියන්නේ මොකක් කියලද හිතාගෙන ඉන්නේ? ඒක තනි කෙනෙකුගේ වැඩක් කියලද? එහෙම වුණා නම් මේ යුද්ධය ඉවරවෙන්නේ කොබ්බෑකඩුව, විමලරත්න, ජානක පෙරේරා වගේ විරුවන් හිටිය කාලේ. සිංහලයෙක් වීම ගැන මම අවංකවම පසුතැවෙනවා (නි)
පෙරේරා, ඇයි දන්නවද එතුමාට පාඩුවේ ඉන්නේ බැරි? මොකවත් නෙමෙයි, රටක් ජාතියක් ගැන කැක්කුමක් තිබෙන නිසා. මුල අමතක කරන ගුණමකුවෙකු වෙන්න එපා. (නි)
ඔබතුමා කළ එකම වරද කොටින්ගෙන් රට බේරාගත් එකයි. අපේ සිංහලයට මුල මතක තියනවද? (නි)
හැමදේටම ඔය ෆොන්සේකා මහත්තයා ඉස්සරහට දන්නේ නැතුව, මේ කියන දේ ගැන විමසිලිමත් වෙන්න. පොලිසියට අවුරුදු 60ක් විශ්‍රාම කාලය දික්කරනකොට හමුදාවේ අයව 55න් යවනවා. ඒ මොකද? ඉදිරියේදී හමුදා ලොකු පුටුවලට එන්න ඉන්නේ, යුද්ධය වෙනුවෙන් මහා මෙහෙයක් කළ නිලධාරීන්. ඔවුන්ව ඉක්මනින්ම විශ්‍රාම යවන්නේ ඇයි කියලා තේරුම් ගන්න අමාරුද? (නි)
නිශාඩ්, මහින්ද මහතාට හොඳටම ජයයි (නි)
ඇමරිකන් තාලෙට නටමින් රට යන අත අවිනිශ්චිතයි (නි)
මෙතන මුල මතක නැති අය හා ඕනෑකමින් අමතක කරන අය බොහෝය. මහින්ද ඔය කියන ලෙස රණවිරුවන්ට සැළකූ හැටි අපි දැක්කා. තවම මතකයි. මහින්ද යුද්ධයට නායකත්වය දුන්නා තමයි. හැබැයි අවසානයේදී ඒක තනියෙන් කළ සටනක් කරලා දැම්මා. (නි)
යුද්ධයෙන් පස්සෙ රට නැත්තටම නැතිවුණා. පසුගිය ආණ්ඩුව හොරකම්කළ තරම අතිවිශාලයි. ඔවුන් කළ හොරකම් වලට දඬුවම් ලැබිය යුතුමයි (නි)
රට වෙනුවෙන් කවුරු කවුරුත් කටයුතු කළ ආකාරය ඉදිරියේදී ලස්සනට හෙළි වෙන වාතාවරණයක් දැන් තියෙන්නේ.රජයේ සාක්ෂිකාරයෝ ඉදිරිපත් වීම තුල සියල්ලන් දැන් කලබල වෙලා. රට ජාතිය ගැන තියෙන කැක්කුම් එවිට බල ගන්න පුළුවන්. (හේ)
මහින්ද රණවිරුවන්ට සළකපු විදිය අපි දන්නවා (නි)
මෙහි මහින්දට විරුද්ධව අදහස් දා ඇති අය කොටි බෝම්බෙක අත්දැකීම් ලබා නැති එක ගැන කණගාටුයි. (නි)
කවුරුත් හොඳට මතක තියාගන්න. අපිට ඕනෑ අපේ රණවිරුවෝ. මහින්දත් රණවිරුවන්ගේ පැත්තේ ඉඳීවි. අපිත් ඉන්නවා. (නි)
අපේ හිටපු රජතුමා හිතාගෙන ඉන්නේ අපි උදේ දවල් රෑ අසිහියෙන් ඉන්නවා කියලද? මිනිසුන්ගේ ඉවසීමේත් සීමාවක් තිබෙනවා. ලෝකේ නීතියක් සදාචාරයක් තිබෙනවා. මොළේ නැති අය මිලියන ගානක් හිටියත් අපිට නම් ප්‍රශ්නයක් නැහැ (නි)
දිලීප්ලාට පෙරේරලාට නිධානය පහළවෙයි ඉදිරියේදී. ඔහොම යමු (ම)
යුද්දේ තිබුන කාලේ ලංකාවේ අපි හිටියේ කොහොමද කියලා (හේ)
කාට කාටත් බලන්න තිබුනා ප්‍රභාකරන් රට භාර අරගෙන මැදමාවතේ යනහැටියි, නීතිය අකුරට පිළිපදින හැටියි යුද්ධය අවසන්කළේ නැත්නම්. දැන් කාටත් අමතකයි වගේ අමුඅමුවේ ස්වාමින් වහන්සේලා මරපු හැටි, බඩේ ඉන්න දරුවෝ කපලා දාපු හැටි. මට ප්‍රශ්නයක් නැහැ ඔයාල කොළ කණ්ණාඩියෙන් බැලුවත්, නිල් කණ්ණාඩියෙන් බැලුවත්. මට පක්ෂයක් නැහැ. එහෙත් අපි පුරුදුවෙන්න ඕනෑ හරිදේට හරි කියන්නත්, වැරදිදේට වැරදියි කියන්නත්. ඒකයි නියම මිනිස්කම. කරුණාකර මට මැද මාවත කියලා දෙන්න එන්න එපා. (නි)
දැන් හුඟ දෙනෙක්ට යුද්ධය අමතක වෙලා. (ර)
ධනුෂ්ක, මැදුම් පිළිවෙතින් හිතන්න පුරුදුවෙන්න. (ස)
රට ජාතිය ගැන කැක්කුමක් තිබෙන්නේ මහින්දට විතරද? අඩුම වශයෙන් ජාතිය ගැන කැක්කුමක් තිබුනා නම් අපේ වීරෝධාර හමුදා සෙබළුන්, හාමුදුරුවරුන් ඝාතනයකළ කරුණා , පිල්ලෙයාන්, කේපී වගේ මිනීමරුවන් ඔඩොක්කුවේ තියාගෙන සුරතල් කරනවද? (නි)
දිලිප් අපරාදේ ඔයා හමුදාවේ නොහිටියේ. (ස)
ධනුෂ්ක ,අපි දන්නවා එතුමාට පාඩුවේ ඉන්න බැරි ඇයි කියල , මුළු රටත් දන්නවා එ්ක, බල කෑදර කම, එකධිපතිකම. (ස)
යුද්ධය නිම කරන්න නායකත්වය දුන්න තමයි. එ්කේ විවාදයක් නැහැ. එ්ත් එය දඩමීමා කරගෙන කරන , ඉස්සරහට ගෙන කරන සියලු වැරදි වලට එහෙයි කියා අනුමත කරන්න පුළුවන් රටේ නීතියක් තියෙනවද? මිනිසුන්ව ගොනාට ඇන්දවීම පාපයකි. තවදුරටත් එය නොදැනීමට තරම් මිනිසුන් අන්ධය.යන විදිහට ඉදිරියේදී සියල්ල නීතියට අනුව හෙළි වේවි. (බ)
සිංහලයට හැමදේම ඉක්මනට අමතක වෙනවා. උදේට රාජකීය විද්‍යාලය අසලට ගිහින් බලන්න. හමුදාවල ලොකුලොක්කන්ගේ වාහන කීයක් එතන නවත්වා තිබෙනවද කියලා. සාමාන්‍ය සොල්දාදුවන්ගේ ළමයින්ට මොකද වෙන්නේ? සිංහලයෙක් වීම ගැන මම අවංකවම පසුතැවෙනවා. (ස)