ශ්‍රී ලංකාවේ තිස් අවුරුදු ත්‍රස්තවාදය අවසන් කළ නායකයා දැන් උසාවි සහ කොමිසම් ගානේ රස්තියාදු කරවන බවත් පසුගිය සිකුරාදා ප්‍රංශයේ පැරිස් නුවරට එල්ල කළ අයිඑස් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ප්‍රංශයද මහින්ද රාජපක්ෂ මහතා වැනි නායකයකු සොයන බවත් කොළොන්නාවේ පැවැති ජාතික නිදහස් පෙරමුණේ පාක්ෂික රැස්වීමකදී එම පක්ෂ නායක විමල් වීරවංශ මහතා පැවසීය.
‘මහින්ද රාජපක්ෂ මහතාගේ උපන්දිනය නොවැම්බර් 18 වැනිදා. ඊට පසුවදා ඔහු කොමිසමකට කැඳවා තිබෙනවා. ඒ කේක් ගෙඩියක් කපන්නද දන්නේ නෑ‘ යනුවෙන්ද විමල් වීරවංශ මහතා කීවේය.
වීඩියෝ - ශාන්ත සෙනෙවිරත්න

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ශාන්, රතන හාමුදුරවො තමයි අර මිලිබැන්ඩලා, ක්ලුශ්නලව එහෙම හම්බවෙලා ජාත්‍යන්තරයෙන් එන බලපෑම් නතරකරේ? ශාන් ඉපදුනේ 2009 වගේ ද?(ස)
ඇයි දන්නෙ නැහැ එයාව හොයන්නේ? (නි)
ප්‍රන්සෙන් අනික් රටවල් වලින් යුද්දේ නවත්තන්න කියපු වෙලේ මහින්ද මහතා නැවැත්තුව නම් ෆීල්ඩ් මාර්ශල් තුමා කරයි යුද්දේ. ෆීල්ඩ් මාර්ශල් තුමා තනියෙන් කොළ නම් ප්‍රභාකරනුත් නිදහස් කරන්න කියාවි. (ස)
ශ්‍රී ලංකාවේ ජීවත්වන බොහෝ දෙනෙකුට දැන් අතීතය අමතකයි (නි)
තමන්ගේ තාත්ත බලුකුඩුවට දාන රටක මේවාගේ කෙලෙහි ගුණ නොදන්නා පිරිසක් ඉන්න එක අහන්න දෙයක් නෑ.අපිට කණගාටුයි.(ම)
මේ වගේ අනුන්ගේ වල්පල් දොඩවන අය නෙවි දැන් අපිට ඕනේ.. රටේ ආර්ථිකය සහ සමාජය ජයගන්න පුළුවන් දැක්මක් තියෙන බුද්ධිමත් සැබෑ ජනහිතකාමීන් (ම)
මහින්ද විතරක් නෙවෙයි....ඒකට හොඳ හමුදාවකුත් ඉන්න ඕනෙ.....(ම)
දැන් ඔය මහින්ද මහත්තයට බනින හැම කෙනාම 2005 කලින් හිටියේ කොහොමද කියලා දන්නවනේ. (ර)
මේවාගේ හොඳ රාජ්‍ය නායකයන් ප්‍රංශයට ගන්නේ නැත. එයාලා ගැන හොඳට දන්නා නිසා (ම)
මේවගේ තැන් වල කමෙන්ට් දාලා තමයි මේ දේශද්‍රෝහියෝ රට විනාශ කරන්න මාන බලන්නේ. ඒක ගොඩාක් දුරට ඒ අයගේ ජොබ් එක. ආර්ථිකය කඩා වැටිලා ඩොලර් එක 200 ට ගියාම ඒගොල්ලෝ ලබන දොළ පිදේනියත් ඉහළ යනවා. අද ගොඩාක් අය, අපේ වීරයෝ කාඩ් බෝඩ් ලෑලි කරන්න හදනවා. සාමාන්‍ය මිනිසුන්ගේ අනන්ත වූ තෘෂ්ණාව මේ අයගේ ආයුධයක් බවට පත්වෙලා. මිනිසුන්ගේ සල්ලි බිලියන ගානක් හොරා ගත්තා කියලා 60 පාරක් ජප කළාම, ඉතාම කුහක භයානක වෛරයක් වෙලා, තමාව ගලවා ගත් මව්බිම බේරාගත් සහ ඔහු වටා ඉන්න අය මේ රට විනාශ කරපු පිරිසක් බවට පත්වෙනවා. (බ)
තිලක් මහත්තයා, අමතකද 88-89 කාලය? ඒ වගේම 2000 වසර ආසන්න කාලය? (නි)
අතුල වගේ ගුණමකුවන් අතර සිටින ඇසල වැනි මිනිසුන්ට මගේ ප්‍රණාමය. ෆොන්සේකා මහතාත් වීරයෙක් එහෙත් හමුදාවට අවශ්‍ය නායකත්වය නැත්නම් රාජ්‍ය අනුග්‍රහය නැත්නම් ඔවුන්ට වැඩක් කරන්න අවශ්‍ය පරිසරය සකස් වෙන්නෙ නෑ. ෆොන්සේකා මහතා මහින්ද මහතා ජනපති වන්නට පෙරත් හමුදාවේ සිටියා ඒත් ඔවුන්ට අවශ්‍ය කෙලින් තීරණ ගන්න නායකත්වයයි නැතිව තිබුණේ. එය ලැබුණාම හමුදාවේ දක්ෂතාවයත් එකතුවෙලා අපේ රටට සාමය උදා වුණා. අද කථා කරන යූ.ඇන්.පී ඇතුළු 1983 - 2009 දක්වා කාලයේ ආණුඩු කරපු සෑම ආණ්ඩුවකටම මහින්ද මහතා කළ දේ කරන්නට අවස්ථාව තිබුණත් ඔවුන් කළේ කොටියා හුරතල් කළ එක මිසක් උන්ට විරුද්ධ වුන එක නෙමෙයි. අද උන් මහින්ද මහතාට ඔරවා එතුමාගේ ජනප්‍රියත්වය දැක රැව්වාට වැඩක් නෑ.(බ)
වීරවංස මහතාණනි , ඔබතුමා මුළු රටේම ජනතාවට මොන තරම් කරදරයක්ද යන එක ඔබතුමාට නොතේරෙන එක රටේම අවාසනාව.(ම)
අනේ මෙයාටත් යන්න පුළුවන් .පාස්පෝර්ට් එක නම් හදාගන්න එක සුළුදෙයක්. (ම)
හොඳම රාජ්‍ය නායකයා .........ප්‍රංශයට එක අවුරුද්දකට දීල බලමු ...(ම)
කව්රු මොන කතා කිව්වත් යුද්ධ කරනවද නැද්ද කියන එක දේශපාලන තීරණයක් .. ව්‍යවස්ථාවෙන් ඒ බලය තියෙන්නේ ජනාධිපති ට .. හමුදාපතිට නෙවෙයි .. යුද්දේ ඉවර කරන්න බැරි උනේ හිටපු නායකයෝ ගැහුවේ දවසේ මැච් .. හමුදාවට පුර්ණ බලතල දුන්නේ නැහැ කකුලෙන් ඇද්දා.. (රේ)
එදා වඩමාරච්චි මෙහෙයුමේදී ජනරාල් කොබ්බැකඩුව මහත්තයා ප්‍රභාකරන්ව අල්ලපු වෙලාවේ ඉන්දියාවට නොබියව මුහුණ දෙන්න මහින්ද මහත්තයා වගේ නායකයෙක් අපට එදා රටේ හිටියනම් අවුරුදු 30 වැනි කාලයක් ඒ යුද්දය ඇදීගෙන යන්නේ නැ.මෙච්චර විනාශයක් අපේ රටට වෙන්නෙත් නැ.ඉන්දියාවෙන් ඇවිල්ල පරිප්පු දැම්ම කියල එදා හිටපු නායකයෝ බයවුණා. එ්ක නිසා එදා ප්‍රබාකරන්ව නිදහස් කළා.30 අවුරුද්දට බිහිවෙච්ච හැම නායකයෙක්ම කළේ යුද්දේ වවාගෙන කාල අපේ කොල්ලන්ව බිල්ලට දීපු එක. මහින්ද මහත්තය නොහිටින්න අපි තාමත් යුද්ද කරනවා. (බ)
බංකර් හදන්නද?(හේ)
මේ ලෝකේ ඔහොම කියන එකම කෙනා වීරවංස පමණයි (හේ)
වෙන්නත් පුළුවන් එහෙම නායකයෝ දැන් ගොඩක් අඩුයිනේ.(හේ)
එහෙමනම් අපි මහන්ද මහත්තයා ප්‍රංශයේ ජනාධිපති කරමු.(හේ)
වීරවංස ඔබ කෙලින් කතා කරන කෙනෙක් ,බහුතර පිළිගනිම එය නිසයි මනාප තුන්ලක්ෂ ගානක් ගත්තේ (හේ)
යුද්දේ කරපු අපි දන්නවා කවුද වීරයෝ කියලා (හේ)
වීරවංස වාසියට පනින කෙනෙක් නොවයි (හේ)
ශ්‍රී ලාංකිකයා යනු, දුක විදහාපාන්නෙක් මිස එය බෙදාගන්නෙක් නොවේ. වසර ගණනක් පැවති ශ්‍රී ලාංකීය යුද්ධය තුරන් කළ බවක්වත් අමතක ශ්‍රීලාංකීකයා හට දෙයක වටිනාකම පවතින්නේ එය මතකයේ රැඳෙන තාක් කල් පමණි. මතකයෙන් ගිලිහීම තුළ යලි කවරදාකවත් එය ඔවුනට ආවර්ජනයක් වන්නේ නැත. (අ)
මේ බලාගෙන ඉන්නේ අයි එස් ත්‍රස්ටයන්ට කියල හරි මහින්දව අයෙත් රටේ නායකයා කරන්න ...ඒවා සුම්ම මල්ලි .(අ)
කටට හක්ක පටස් එකක් දාන්න ඕන .(අ)
නුවන් අපේ රටේ එදා ඉදලම හොඳ ත්‍රිවිද හමුදාපතිවරු සහ ත්‍රිවිද හමුදා සෙබළුන් හිටියා යුද්ධ කරන්න ඔවුන් යුද්ධය වෙනුවෙන් අසීමිත කැපවීම් කරා නමුත් වසර 30 ක් අපේ රට පාලනය කරපු පාලකයින් රටවල් වලින් එන බලපෑම් වලට යුද්ධය නැවැත්තුවා. බලපෑම් වලට නොබියව මුහුණ දුන්න එකම නායකයා මහින්ද විතරයි. (ර)
17 වසරක් රනිල් වික්‍රමසිංහල කරපුදෙවල් මෙයාලට අමතක හැටි (බ)
සියලු බාධක හමුවේ සියලු වරප්‍රසාද හමුවේ සිය ප්‍රතිපත්ති පාවා නොදුන් උතුම් මිනිසා.(ම)
යුද්ධය අවසන්කළේ අහවල් පුද්ගලයා කියමින් වසර ගණනාවක් තිස්සෙ අපේ අය රණ්ඩු කරගන්නවා. දෙවන ලෝක යුද්ධය අවසන්කළේ චර්චිල් කියලා එංගලන්තයේ මිනිස්සු උඩපැන්නෙ නැහැ. ඒ වෙනුවට ඔහු ගෙදර යැව්වා. අපේ රටෙත් එහෙම කළේ කෘතගුණ නොදන්නා නිසා නොවෙයි. රට මහා පරිමාණ දූෂණයෙන් බේරාගන්න. (නි)
මහින්ද හොඳ නායකයෙක්. (ර)
මහින්ද හොඳ නායකයෙක්. (ර)
ඔව්.... කිංග්ස්ලි ඔයා හරි. (ර)
ශාන්.ඔබ හරි.(හේ)
ඔබට ජය. මහින්ද මහතාට ඔබ සහ අපි පමනයි. (ස)
විමල් අයියා කියන දේවල් දැන් අහන්න කවුරුත් නෑ.(හේ)
මොනවද ඉතින් ප්‍රංශයත් අවුරුදු 3-4 යන්න කලින් ඉතියෝපියාවක්,සොමලියාවක්,සුවසිලන්තයක්,උගධාවක්,කෙන්නියාවක් කරලම තමයි පස්ස බලන්නේ.අපි නොදන්නා මහින්ද?(රේ)
අපේ මිනිස්සු කොහොමත් ඉක්මනින් අතීතය අමතක කරනවා.(හේ)
අපිට බැරිද මහින්ද සහ විමල් දෙන්නම සදහටම ප්‍රංශයට දෙන්න ? ලොකු දෙයක් ලංකාවට. (ස)
මහින්ද ප්‍රංශයයට ගියා කියන්නේ අපේ රටටනම් කරන ලොකුම උපකාරයක්. එ්ත් ප්‍රංශයයට/ජනතාවට නම්.. (බ)
සීත නාන කාමර වල ඉඳන් යුද්ද කරන්න ඔබ තුමා, ගම්මන්පිල, වාසු, දිනේෂ්, බන්දුල වගේ අයත් හොයනවාලු. පාස්පෝර්ට් එකක් හදා ගන්න. යන්න පුළුවන්. (ස)
ප්‍රංශයේ අසරණ මිනිසුන්ට වේලක් හැර වේලක්වත් කාල හරි දෙවියනේ කියල ජිවත් වෙන්න ඉඩ දීපල්ලා. (බ)
රටක් "නැති බංගස්ථාන" කරන්න ඕනෙනම් ඒක කරන්න. මොනවද අවුරුදු 2-3 ක් යනකොට ඒ රටේ මිනිසුන්ට කන්න අදින්න නැතිව දරුවන් සමගම ගගට මුහුදට පැනල ජිවිතේ විනාශ කර ගන්න හිතේවි..(බ)
මෙයාට පිස්සුද? (ස)
පසුගිය අවරුදු 5-7 තුලදී අපි විදපු දුක තවත් රටක ජනතාවට දෙනවට මම නම් තරයේ විරුද්ධයි.(රේ)
අනේ යන්න. මුළු රටම විකුණලා යටිමඩි ගහපු අය. සරත් ෆොන්සේකා නොහිටින්න මහින්ද කරාවි යුද්ද. මොන කයිවාරු ගැහුවත් ඔහු තම යුද්දයේ සැබෑ විරුවා. එහෙමනම් මහින්ද හොරකම් ගැන මොකද කියන්නේ? රට ගොඩ ගන්න බැරි තරමට විකුනපු සල්ලි අද කොහෙද තියෙන්නේ? මේවටත් දෙන්න උත්තර. (ස)
මෝඩ කතා කියන්න එපා. අයිඑස් ත්‍රස්තවාදය සහ එල්ටීටීඊ කියන්නේ වෙනස් යුද්ද දෙකක්. මේ වගේ ගැලරි කතා කියල පාලිතල වගේ කට්ටියව උත්තේජනය කරනවා වීරවංස මහත්තය. (ස)
නීතියක් රීතියක් කියල දෙයක් තිබෙන රටකනම් කරලා තිබෙන දුෂණ වංචා වලට මේ වෙනකොට ඉන්න වෙන්නේ කොමිෂන් ගානේ නෙමෙයි, ජීවිතාන්තය දක්වා මහගෙදරයි.(රේ)
මහින්ද මහතා ගැන නැතුව මෙතුමාට කතාකරන්න වෙන මාතෘකාවක් ඇත්තෙම නැද්ද? (බ)
මහින්ද වැනි නායකයින් ප්‍රංශය හොයනවා කියලා හිතමුකෝ. හරි, එතුමන්ව භාර ගන්නවා කියලත් හිතමුකෝ. නමුත් එතුමන්ගේ ඇඟේ එල්ලිලාම එගොඩ වෙන්න බලා ඉන්න කූඩැල්ලන් , මැක්කන් එහෙම භාර ගන්නේ නැහැ නේ. (බ)
මහින්ද වගේ කොන්ද කෙලින් තියාගෙන ත්‍රස්තවාදය නැති කරන්න වෙන කිසිවෙක් ලොවේ නැත. (බ)
ජනවාරි 8 වැනිදා, අප ලක් පොලොවේ මේ තාක් සිදුවූ ඛේදනීයම ඉරණම අප විසින්ම උදා කරගත්තා. තම වාසිය, පරම්පරාගත දේශපාලනය, පුද්ගලික කෝන්තර, අන්තර්ජාතික අත පෙවීම සහ ඩොලර් වල වටිනාකම තම දෙමාපියන්ටත් එහා වටින මවුබිම මේ සියල්ලන්ටම වඩා යටවුණා. සල්ලිවලට යට වුන පෑන සහ ඇමරිකාවේ මුහුණු පොත අපගේ අවුරුදු තිහක කාලකන්ණි කාලය සුරංගනා කතාවක් බවට පත්කළා. පැරිසියට ආවේ එක දවසයි. අපිට ඒවගේ දවස් 10,950 ක් උදා වුණා (බ)
අතුල ෆොන්සේකා අවුරුදු 30 ක් යුද්දෙට ඉස්සෙලා හිටියේ කොහෙද හමුදාවේද ළදරු පාසලේද. මහින්ද නියෝග දෙනකම් හිටියද යුද්දේ ඉවර කරන්න. ඕව කිවුව නම් හොදයි මෝඩයින්ට. කාපු පිගාන අනිත් පැත්ත හරවල පහරපු එකේ ප්‍රතිපල තමයි එයා අද ලබන්නේ. (බ)
පන්චායුද කුමාරයෝත් හොයනවලු. හැබැයි විසා දෙන්න බැරි ප්‍රශ්නයක් නිසා යන්න විදිහක් නැහැ ලු. (බ)
ත්‍රස්තවාදය කෙසේ වෙතත් මහින්ද ප්‍රංශයේ හිටිය නම් ඇතුළේ ,,(ම)
මහින්ද රාජපක්ෂ නමැති ශ්‍රේෂ්ට රාජ්‍ය නායකයාව විනාශ කර රටට මේ තත්වය උදාකර දුන්නේ විමල් වීරවංශ නමැති ව්‍යාජ නමින් පෙනී සිටින පනික්කිරාළ මහතා වැනි දැලිපිහි අතින් ගෙන ක්‍රීඩා කරන රිලවුන්ගේ ගති ලක්ෂණ ඇති මිනිසුන්ය.(ම)
කොන්ද කෙලින් තියාගෙන රටට වැඩක් කර නායකයෙක් .(ම)
මහින්ද මහත්තයා අද උසාවි ගානේ කොමිසන් ගානේ යන්නේ එතුමා යුද්දේ ඉවරකළ එකට නෙමේ අනේ. එතුමා අපේ රටේ මහා ජනතාවගේ මුදල් හුරන් කාපු එකට අද උසාවි ගානේ කොමිසන් ගානේ යන්නේ. එතුමා යුද්දේ ඉවර කළා කියල මහජනතාවගේ සල්ලි මංකොල්ල කන්න ඉඩ දෙන්න බැනේ නේද? (බ)
අතුල වගේ හිතන පතන කට්ටියත් තාම ඉන්නවා. (බ)
කුමා, රටට වෑඩක් කරපු නිසාදෝ පවුලේ එවුන්ට නිකම් ආන්ඩුවෙ ගෙවල් දුන්නෙ? ඔයාල වගේ හරක් ඉන්නකම්, මේ වගේ අය නිවන් යනවා (බ)
ඇසළ හරියට හරි (බ)
එහෙනම් ගෝඨාබය හෝ සරත් ෆොන්සේකාව යවන්න ඒ මිනිස්සුන්ට ඕන ත්‍රස්තවාදය නැති කරන නායකයෙක් මිස අනුන් කළාම තමන් ලකුණු දාගන්න නායකයෙක් නොවේ (බ)
ප්‍රංශයෙන් තව හොයනවලු එක්කෙනෙක් එ්කට විමල් යවන්න (බ)
හොද නරක නොදන්නා යුතුකම් නොදන්නා කළගුණ නොසලකන විඳපු දුක් අමතක මිනිසුන්ට මහින්ද මහත්තයාගේ වටිනාකම දැන්මම තේරෙන්නේ නැහැ. (ර)
අතුලට ...සරත් ෆොන්සේකා යුද්දේ ඉවර කරපු වීරයා වුනාට ..එයත් අවුරුදු 30 යේ යුද්දේ හැම දාම හිටපු කෙනෙක් විතරයි .. යුද්දේ ඉවර කරපු එකේ ගෞරවය මුළු ත්‍රිවිධ හමුදාවටම අයිතියි .. මහින්ද ආවට පස්සේ තමයි යුද්දේ ඉවර කළේ ... මහින්ද නොහිටින්න තාමත් යුද්දේ කරනවා. (බ)
මහින්ද නෙමෙයි යුද්දේ දිනුවේ සරත් ෆොන්සේකා ඇතුළු පිරිස. මහින්ද යුද්දේ අන අනා ඉන්නකොට රතන හාමුදුරුවෝ තමයි මුලිකත්වය ගත්තේ. මහින්ද ප්‍රංශයට ගියොත් ඒ රටටත් දෙවි පිහිටයි. (බ)
උපන්දිනේට පස්සේ දවසෙත් කේක් කපනවාද, විමල්? (බ)
පිට රටවලින් එන බලපෑම් වලට උත්තර දුන්නේ කවූද? යුධ්දේ අවරුදු 30 තිබ්බා. නායකයෝ කියක් හිටියද? එයාලටත් එහෙනම් යුද්ධේ ඉවර කරන්න තිබුනනේ. බලපෑම් වලට යට නොවන එකම නායකයා මහින්ද විතරයි. (ර)
ණයට කහිනවා. ලෝකේ කොහේ හරි දෙයක් මහින්ද මහත්තයට පටලවල උඩු බුරලනවා. ඒ මනුස්සයව කෑවේ තමුන්ලා සෙට් එක තමයි. දැන්වත් ඒ මනුස්සයට පව් නොදී ඉන්න පැත්තකට වෙලා. කට කියවන්නේ නැතුව. (ස)
මේ මිනිස්සුන්ට නම් පිස්සු බොරුවට මරාගන්නවා.ප්‍රංසය කියන්නේ පස්වෙනි බලවතුන්ගෙන් කෙනෙක් .පැරිසියේ එකදවසකට මිනිස්සු පරිබෝජනයකරන දේවල් අපේරටේ අවුරුදු 10 කටවත් පරිබෝජනය කරන්නේ නැහැ.ලෝකයේ හොදම කුලී හමුදාව ඉන්නේ ප්‍රංශයේ.ඒ මිනිස්සු සරණාගතයන්ට පිහිටවෙන්න ගිහින් තමයි මේ විනාසය උනේ.
අතුල, යුද්ධය අවසාන වන මොහොතේ වෙච්ච දේවල් හමුදාපති කෙනෙකුගේ සීමාවෙන් එහා ගිය දෙයක්. විදේශ බලවේග වලට තනියම මුණ දුන්නේ ජනාධිපති පමණි. හමුදාපති නොවේ. (ස)
ශාන් ඔබතුමා යුද්ධයට සම්බන්ධ වෙලා හිටිය කෙනෙක්ද..මම නම් වසර 19 මේ යුද්ධය වෙනුවෙන් දායක වෙලා හිටිය නිලධාරියෙක්...ඒ සිද්ද වෙච්ච දේවල් අපි ඇස් දෙකෙන් දැක්ක..කොහොම නායකත්වයක්ද අපිට ලැබුනේ කියල. නොදන්නා දේවල් මේ වගේ ප්‍රසිද්ධ මාධ්‍ය වල දාන්න එපා.අපිට පක්ෂ පාට නැහැ, (බ)