මෛත්‍රීපාල සිරිසේන බලයට පත් වුවහොත් තමාව විදුලි පුටුවට ගෙන යාමට උත්සහයක් ඇතැයි කියමින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ජනතාව මුලා කිරීමක් සිදු කළ බවත් නමුත් තමා බලයට පත් වූ නිසා මහින්ද රාජපක්ෂ මහතා විදුලි පුටුවෙන් බේරා ගැනීමට හැකි වූ බවත් මෛත්‍රීපාල සිරිසේන ජනපති  අද (13) පොළොන්නරුව වැලිකන්දේ පැවති පිබිදෙමු පොළොන්නරුව දිස්ත්‍රික් වැඩසටහනේ උත්සවයකට සහභාගී වෙමින් පැවසීය.

ජනපති වැඩි දුරටත් ප්‍රකාශ කළේ  යුද්ධ නතර කිරීමේන් පසු සිදු වූයේ  බොම්බ පිපිරීම්, අවි ආයුධ ප්‍රශ්න හා කපා කොටා ගැනීම අවසන් වීම පමණක් බවත් යුද්ධය ඇතිවීමට විසඳුම් නොලැබුණු බවයි. මේ රජය යුද්ධය ඇතිවීමට විසඳුම් ලබා දී නැවත යුද්ධයක් ඇතිවීම වැලැක්වීමට විසඳුම් ලබා දෙන බව ද කීවේය.

එසේම මෙම රජය පසුගිය රජය මෙන් තෝරා බේරා ගත් ප්‍රදේශ පමණක් සංවර්ධනය නොකරන බවත් මුළු රටටම සමබර සංවර්ධනයක් ලබා දෙන බවත් ජනපති කියා සිටියේය.