
(අංජුල මහික වීරරත්න)
අනුර-හරිනි ආණ්ඩුව රනිල්ගෙ අනුප්‍රාප්තිකයා වී ඇතැයි එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
සැප්තැම්බර් 21ට කලින් මේ ආණ්ඩුවේ උදවිය කරන්නේ නැතැයි කී සියලු දේවල් දැන් කරමින් සිටින බවද රණවක මහතා සඳහන් කළේය.
ආණ්ඩුව රනිල්ගෙ අඩි පාරේ යනවා පමණක් නොව එතුමාගේ අනුප්‍රාප්තිකයා හැටියට කටයුතු කරමින් සිටින්නේ යැයිද චම්පික රණවක මහතා චෝදනා කළේය. දේශපාලන වශයෙන් අනාථ වී සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නැවත කෙළින් කිරීමේ වගකීම වර්තමාන ජනාධිපතිවරයා බාරගත යුතු යැයි ද කොළඹදී මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් චම්පික රණවක මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද වගේ දේශපාලනේ දැවැන්තයෙක් කෙලින් කරන්න සට්ටැඹියෝ අවශ්‍ය නෑ. ජනතාව අතර ඔහු කවදත් කෙලින්. හැම පක්ෂයෙන්ම දොට්ට වැටුණු ඔයා නම් ඇද ගැහුණු දේශපාලන අනාථයෙක්.
ඒ ගොල්ලෝ ඒක කෙලින් කර ගනී. ඔයත් පාඩුවේ කෙලින් කරගෙන ගෙදරට වෙලා ඉන්න.
මෙයා කීව-නොකීව හැම පාරකම ගිහිං අනාතවෙලා දැන් මරුවිකල්ලෙන් දොඩවනවා. අර රාජගිරියේ තරුණයාව කෙලින් කරලා ඉන්නවා ඔක්කෝටම ඉස්සෙල්ලා...
හරි හරි ඔයාගේත් දැන් කෙලින් වෙන්නැත්තං අනුරට කියන්න. අනුර මොකක් හරි විකල්පයක් දෙයි.
වෙන වැඩක් නැති නිසා මෙතුමා දැං ‘කෙලිං කරපුවා’ ගැන හොයනවාද කොහේද…!
පොට වරද්දා ගත් කෙනෙක්, පිට පොට ගිහින් එකතැන කැරකෙනවා, පවු...!
අනාථ වෙලා ඉන්නේ මෙයා. ඡන්දේ ඉල්ලන්ඩ පක්ශයක් වත් නෑ . තනියම ඉල්ලුවොත් ඇපත් නෑ. දැන් මරු කියවනවා.
දේශපාලන අනාතයා කවුද කියල රටම දන්නවා.
මතක තබාගන්න. ඔය මොන අප්පුහාමි කෙනෙක්ටවත් ආයෙමත් නැගිටින්න රටේ සබුද්ධික ජනතාවට ඉඩදෙනු නොලැබේ.