අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ පුතා පසුගිය දා පැවති රැස්වීමක දී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට කළ අභියෝගය දකින විට තමන්ට කොසොල් රජු දුටු සිහින සිහිපත් වූ බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මහින්ද යාපා අබේවර්ධන මහතා අද නාරාහේන්පිට අභයාරාම විහාරයේ මාධ්‍ය හමුවක දී පැවසීය.
කොසොල් රජු දුටුවේ සිංහයකු පසුපස නරියෙක් එලවාගෙන යන සිහිනයක් යැයි කී අබේවර්ධන මහතා මේ රටේ ජනතාවට දැන් පෙනෙන්නේ සිංහයෙක් පසුපස ඌරු පැටවු පන්නාගෙන යන අයුරු යැයි සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කොසොල් සිහින සැබෑවෙන කාලයේ කළ පව් පස්සෙන් එළවනකොට නරින්ටත් බයේ දුවන්න වෙනවා.මේවා ඔබතුමන්ලාටත් වලංගුයි හොදේ! (නි)
හි හි හි... මරු කතාව. තාත්තටත් නොමිලේම ප්‍රසිද්ධිය ලැබිලා (නි)
උඩ පැන්නොත් ඉක්මනින් බිම වැටෙයි. කට පරිස්සම් කරගන්න. තාත්තයි පුතයි උඩ ගිය තරම. කාටද කතා කරන්නේ කියලා දැනගෙන කථා කරන්න. (ස)
යහපාල උන්නැහේ , හැබැවටම මහින්ද මහත්තයා ගෙදර යැව්වේ කවුද ? අපිට කියල දෙන්නකො ඔයාගේ ඔය මසුරන් කටින්ම. (ස)
කට ඇරියට නියම උත්තරය.(හේ)
රාජිත ගේ පුත්තුත් ඒවගේ තමා. ඇමති සද්ද නෑ. හිතන් ඉන්නේ රට පවතින්නේ මේ අය නිසා කියල .ඡන්දෙ දෙන සිංහල මෝඩ මිනිස්සු නිසා තම යි මේ රට විනාස වෙන්නේ. (ස)
මෙහෙමත් විකාර.(හේ)
නියම පිළිතුර, (හේ)
කොසොල් රජතුමා දැක්ක තව හීනයක් තමයි මීහරක් රංචුවක් ඉදිරියෙන් ගමන් කරන තරුණ මීහරක් කිහිප දෙනෙක්. ඕක කොසොල් රජතුමා බුදුන් වහන්සේගෙන් විමසුවා එවිට බුදුන් වහන්සේ පැවසුවේ රජතුමා කලබල වෙන්න එපා ඉදිරෙයේදී තව වසර දහස් ගානකින් පසුව රටවල් පාලනය කරන්නේ උගතුන් බුද්දිමතුන් වියතුන් පලවාහැර තරුණ බුද්දියෙන් අඩු අවබෝදයෙන් තොර මෝඩ දුෂිතයන් පිරිසක් කියා. ඒ දේ පසුගිය රජයෙන් පෙන්නුම් කරා හිස් බෙලෙක්ක වගේ ගිරිය පුප්ගෙන කෑ ගහන වීර වංසල හිස් මිනිසුන් අදටත් කෑ ගසමින් පරිනතයින් හැල්ලුවට ලක්කරන්න යනවා.(නදී)
හැදෙන පරපුරට ආදර්ශවත් වුණානම් ඔහොම වෙන්නේ නැහැ. (නි)
අපිට නම් කොසොල් රජුගේ හීන සත්‍ය බව පෙනෙන්න අරගෙන ගොඩක් කල් (නි)
මටත් එකපාරටම මතක්වුණේ කොසොල් රජ්ජුරුවන්ගේ සිහිනම තමයි. කලිනුත් යුඑන්පී ආණ්ඩුවක් තිබුණු කාලෙක බී ඒ සිරිසේන මහතාගේ ඇත්ත පත්‍රයේ හෝ එවක ශ්‍රීලංකා පක්ෂයේ පත්‍රයේ සතිපතා කොසොල් රජ්ජුරුවන්ගේ සිහිනය බැගින් විස්තර කරද්දී අපට සිතුණේ ඒවා ඒ පාලන කාලය නිමිති කරගෙන දුටු සිහින බවයි. දැන් 17 අවුරුදු ශාපයෙන් දශක දෙකකට පමණ පසුත් යුඑන්පී රජයක් බලයට පත් වුණාම හැමටම කොසොල් රජ්ජුරුවන්ගේ සිහින යළිත් මතක්වීම නම් අහම්බයක්වත් සෙල්ලමක්වත් නොවෙයි! (නි)
අනේ මේ පොඩි ළමයා උඩ ගිහිල්ලා තියෙන තරම! තාත්තගේම පුතා තමයි. ඒ කට නම් ඒ හැටියටම පිහිටලා තියෙනවා! (නි)
අපේ මහින්ද මහත්තයාට ඔය කවුරුත් සමකරන්න පුලුවන්ද? (නි)
පහුගිය අවුරුදු දහයක කාලයේදී මෙයාට කොසොල් රජුගේ සිහින ගැන මතක් නොවුණ එකයි පුදුමේ. පන්සල් වල දිගින් දිගටම දේශපාලන මාධ්‍ය සාකච්චාඡා. අනේ සාදු! (නි)
ඔහොම හීන බල බල යනකොට ඇහැරුන දවසට තමයි වැඩේ. (ර)
ගෙබි පැටවුගේ කටේ සැර. මේවගේ ගෙබි පැටවූ 25 ලංකාවේ සිටියොත් ලංකාව කයි .(නදී)
දේශපාලන අනාගතයක් නැති බව කතාවෙන් ම පේනවා (ම)
දූෂිතයන්ට නාම යෝජනා දුන්නොත් ඩාලිපාර වටලනවලු. ඒ කියන්නෙ දූෂිතයන්ට නාමයෝජනා දෙන්න එපා කියලද? එතකොට ප්‍රශ්නයක් වෙනවනේ ඉතින් (නි)
තරුණ ඉලන්දාරි මේ වගේ කතා කියන එක පුදුමයක් නොවේ. (නි)
හැබැයි කතාව නම් මසුරන්! (නි)
හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ. තවත් ඇමැති කෙනෙකුගේ පුතෙක් දේශපාලනයට එන වග පැහැදිලිය. අපේ රටේ දුප්පත් අම්ම තාත්තගේ උගත් දරුවන්ට දේශපාලනයට එන්න වරම් නැද්ද. මැති ඇමතිවරුන්ගේ දු පුතුන්ට දේශපාලනය තමන්ට ලැබෙන උරුමයක් වෙලා.මේ ක්‍රමය ඉක්මනට නැති කරන්න ඕන (බ)
නියම කතාව මහත්තයෝ! (නි)
ඇත්ත කතාව! (නි)
මහින්ද යාපා දන්න කෙහෙල්මල (බ)
මැරිච්ච සිංහයාගේ පිටේ ගෙම්බොත් නගිනවාලු. මේ අපේ රට බේරා ගත්තු උතුමෙකුට ලැබෙන කෙලෙහිගුණ (බ)
ඔබ උදව් කරන්නේ රටේ ජනතාව ප්‍රතික්ෂේප කළ අයෙකුටයි. (නදී)
ලයන්, ගුණයක් නැති කතා කියන්න එපා (නි)
නොදන්නාකමට අහන්නේ.ඔය දැන් පත්වෙලා ඉන්න සමහරුන්වත් ජනතාව එකපාරක්වත් ප්‍රතික්ෂේප කළේ නැද්ද? (නි)
පෙරකල ගුණේ අයියගේ බයිලා කාමරේ සිට - පෙත්තා ගයයි ගී පාපැදි පදිනවිට - එන වැසි කලදී ඉවරයි අහරත් ඔබට - ගම්පහ පැරදුනේ කරු තරු බබාලට (නි)
අනේ අම්මපා! ගිය උඩ? (නි)
මහින්ද මහත්තයට විරුද්ධ අයවත් මම හිතන්නේ නැහැ ඒ කතාවට හුරේ දායි කියලා.ඒ තරමට අප්‍රසන්නයි. කෘතිමයි.හරියට කටපාඩම් කරගෙන ඇවිත් පාසල් විවාද තරඟයක කථිකත්වය පෙන්වන්න හදන පොඩි එකෙක් වගේ. තමන් අකමැති වුණත් මහින්ද මහත්තයා කළදේත්, කළහැකිදේත්, එතුමා වටේ තිබෙන ජන බලයත් එතුමාගේ ප්‍රතිවාදීන් හොඳින් දන්නවා.බුද්ධිමත් තරුණයෙක් කවදාවත් ඔය විදියේ කතාවක් කරන්නේ නැහැ.හිතාගෙන ඉන්නේ මෙයාලා තමයි මහින්ද මහත්තයව ගෙදර යවන්න මුල්වුණේ කියලා. (නි)
කට නම් හොඳටම පිහිටලා තියෙනවා. (නි)
අර රටම කතාවෙන ප්‍රශ්නය ගැනත් ඔහොම්මම කිව්වා නම් ඉවරනේ! (නි)
කතාව නම් කියලා වැඩක් නැහැ (නි)
නියම කතාව. ඡන්දෙන් පස්සේ පුතාට සහ තාත්තට යන්න අතක් තියේද කියලයි අපි බලාගෙන ඉන්නේ. මේ වගේ අය දේශපාලනයෙන් අතුගාලා දාන්නා ඕනෑ. (නි)
නියම උත්තරය! (නි)
සිංහයෙක් පිටුපස්සේ නරි දුවනවා කිව්වම දෙපැත්තේ ඉන්න අයට මොනවා හිතෙන්න ඇත්ද? (ම)
අනුන්ගේ කුණු හෝදන්න කලින් තමන්ගේ කුණු ටික හෝදගත්තොත් නරකද? මහින්ද මහත්තයව ගෙදර යවන්න එක හේතුවක් වුණේ මේ කටවල් කියලා සමහරුන්ට අමතකයි වගේ... (නි)
පුතාලගේ කටවල් නෙවෙයි සීමාව ඉක්මවූ වැඩත් මට්ටු කර ගත්තේ නැති නම් කොයි පක්ෂයේ තාත්තලාට උනත් යන එන මන් නැති වෙනවා. (ස)
කට හොඳ නැති පුතාලා ට දොස් කියල වැඩක් තියද දේශපාලක තාත්තලා භාගයකට වැඩිය හක්කේ දත් ගලවන්න කිට්ටුව කට ඇර ගත්ත ගමන් වගේනේ ! (ස)
මහත්තයෝ,ඕවා සැබෑවෙන්න පටන් අරගෙන බොහොම කල්. (නි)
ගිය උඩක්... (ර)
ඒ තරුණ මන්ත්‍රී කළ කතාව මමත් අනුමත කරන්නේ නැහැ. හැබැයි මට හිනාගියේ අනුන්ගේ කතාකරන විලාශය කැතයි කියන පිවිතුරු යහපාලගේ මෙතන ලියන කතා විලාශය මතක්වෙලා. (නි)
කතාව නම් සහතික ඇත්ත තමා, මෙතුමා කියන (නි)
නියම උත්තරය...! (නි)