හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බ්‍රහස්පතින්දා (15) බරපතල වංචා දුෂණ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතව ඇත.
පසුගිය පාලන සමයේදී රාජ්‍ය ආයතන වල සිදු වූ බව කියන මහා පරිමාණ වංචා සහ දුෂණ සිද්ධීන් පිළිබඳව සොයා කොමිසම හමුවේ විභාග කරන පැමිණිල්ලක් සම්බන්ධයෙන් පෙනී සිටින ලෙස කොමිසම හිටපු ජනාධිපතිට දන්වා ඇත.
පසුගිය ජනාධිපතිවරණ සමයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපකෂ මහතාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් ස්වාධීන රූපවාහිනි සේවය ඔස්සේ ප‍්‍රචාරය කිරීමට ගිවිස ගෙන තිබු දැන්වීම් වලට වඩා රුපියල් කෝටියකට වඩා වැඩි දැන්වීම් ප‍්‍රමාණයක් ප‍්‍රචාරය කරවාගෙන ඒ වෙනුවෙන් මුදල් නොගෙවීම මඟින්ද ප්‍රතිවාදී අපේක්ෂක මෙතී‍්‍රපාල සිරිසේන මහතාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් ප‍්‍රචාරය කිරීමට ගිවිස ගෙන තිබු දැන්වීම්වලට වඩා අඩුවෙන් ප‍්‍රචාරය කිරීම නිසා ස්වාධීන රූපවාහිනි සේවයට ලැබීය යුතුව තිබු ලොකු මුදලක් අහිමි වීම මඟින්ද රජයට පාඩු සිදු කිරීම සම්බන්ධයෙන් මෙම පරීකෂණය සිදු කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සත්‍යයා,ඔයා අනුන්ගේ වැරදි හදන්න ඉදිරිපත් වෙන්නේ ඔයාගේ වැරදි ඔක්කොම හදාගෙනද? (නි)
කෝ අර පිවිතුරු යහපාල කියන කෙනා? කියන්නේ නැද්ද මේකට මොකුත්? (නි)
පිවිතුරු යහපාල කියන්නෙත් මහින්ද රාජපක්ෂ ම තමා. නැත්නම් වස්ත්‍රයක් ඇඳගෙන මහින්ද සහ පවුලේ අයගේ පවිත්‍ර තාවය ගැන ලියන්න මිනිහෙක් මේ ලකේ හොයන්න පුලුවන්ද? (අ)
හරියට රජකම් කරන්න බැරි මිනිසුන්ට ඔටුන්නත් බරක්. මම නම් මේ හැම දෙයක්ම කල්තියා දුටුවා. මේ සිද්ධියෙන් පසු ඔහුගේ මානසික වැටීම කාටවත් වළක්වන්න බැහැ. සියල්ල සිදුවන්නේ ඒ දේවල් සිදුවිය යුතු ආකාරයටමයි. (නි)
මහින්ද රාජපක්ෂව ඉක්මන ට ඇතුළට දාන්න , නාමල් වත් ගන්න , අරගෙන ඩයස්පෝරාව සතුටු කරන්න ඡන්ද පොරොන්දු අනුව , කෝ අර සිරිලියට මොකද වුණේ ? එකත් අර මළමිනී ගොඩෙට අරන් කරපු චිත්‍රපටිය වගේ නේද දේශීය හා ටිකට් අරන් දීලා ගෙන්වපු විදේශීය මාධ්‍ය ඉදිරියේ . කමක් නැහැ වැරදි ඔප්පු කරන්න බැරි නම් අනුමාන කරලා හරි රාජපක්ෂ ලව ඇතුළතට දාන්න , ඊට පසු අර භයනාක කොටි ටික එලියට දාන්න . හැබැයි රට වෙනුවෙන් සටන් වැදපු රණ විරුවෝ බොරු චෝදනා හද හද මව මව දැන් ගෙඩියට දාන්න එපා . අද වෙනකොට හමුදාපති වරු පස් දෙනෙක් ප්‍රශ්න කරන්න යනවා එක්කෙනෙක් ඇර. මේ කාව සනසන්නද ? මේ අදහස් දාන උදවිය ප්‍රවෘති බලන්නේ නැද්ද ? නැතිනම් රට පාවා දෙනවා පෙන්නේ නැද්ද ? මහින්ද ව ප්‍රශ්න කළා , නාමල් ව සැකකළා කියලා , ජිනීවා වල රට පාවා දීම වහන්න බැහැ එත් අපේ මේ ප්‍රබුද්ද පාටකයෝ ඇයි මේ ? වාහන බදු වැඩි කරලා , ආදයම් බදු වැඩි කරලා , ඩොලර් එක පා කරලා මහා දවල් මංකොල්ල කාපු මහා බැංකු පාඩුව පියවන්න බැහැ. කොහොමද වෙනස අවු 30 යනකන් ආදායම නිකන් පැන්ෂන් එකක් එනවා වගේ . කමක් නැහැ කමක් නැහැ , මහින්ද ගොඩක් වැරදි කළා , හැබැයි ලොකුම වැරැද්ද තමා කොටින්ව පරාද කරපු එක , එක නිසා එකට දඩුවම් දෙන්න . හැබැයි දැන්වත් රණ විරුවෝ හිරේ යන එක නවතන්න , නවතපු සංවර්ධන වැඩ කටයුතු ඉදිරියට ගෙනයන්න . ඩොලර් එක පාලනය කරලා රුපියල ස්ථාවර කරන්න . මොනවා නැතත් කමක් නැහැ රට බේරා ගත රණ විරුවෝ පොඩි හෝ ලොකු වේවා බොරු නඩු පටලවා දැන් ගෙඩියට දාන්න එපා . (අ)
ඔබට සාධාරණය ඉටුවේවා! (නි)