හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නඩත්තු කිරීමට කොපමණ මුදලක් වැයවේදැයි දැන්වීමට කල් අවශ්‍ය බව මුදල් ඇමැති රවී කරුණානායක මහතා පසුගිය ඇමැති මණ්ඩල රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.
ඔහුගේ කාර්ය මණ්ඩල වියදම්, ප්‍රවාහන වියදම් හා අදාළ කරුණු කාරණා ගැන කොතෙකුත් වැයවේදැයි ගණන් බැලීමට අවශ්‍ය බව ඔහු කියා ඇත. මෛත්‍රිපාල සිරිසේන ජනපති එහිදී කියා ඇත්තේ හිටපු ජනපතිගේ ආරක්ෂාවට දැන් වෙන්කර ඇති පිරිස ඉදිරියේදී පහළ දැමිය යුතුද යන්න ගැන ආරක්ෂක මණ්ඩලයෙන් උපදෙස් ලබාගන්නා බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට බේරාගත්තේ එක්කෙනෙක් විතරක් මුල් වෙලා නෙමෙයි. මහින්න්දත් යමක් කළා තමයි. ඒක ඔහු තනියම කළ දෙයක් කියල ඒත්තුගන්වන්න නිකම් මෝඩ කතා කියන්න එපා. සරත් ෆොන්සේකා මහත්තයට සළකපු හැටි අපිට මතකයිනේ! (නි)
නිලන්තගේ කතාව නම් හරියට හරි (නි)
මහින්ද මහත්තයාගේ ආරක්ෂාව අඩුකරලා එතුමාට අනතුරක් වුණොත් මොකද කරන්නේ? කොටි හෙවණැලි තවමත් තිබෙනවා. මේ රටේ කිසිම සිංහලයෙක් පක්ෂ භේදයකින් තොරව එතුමාට ගෞරව කරන්නේ යුද්ධය අවසන් කරන්න ගත් එඩිතර තීන්දුව නිසා (නි)
අපි වගේ දුප්පත් රටකට කරන්න පුළුවන් දේවල් නෙමෙයි මේවා. ඔය කවුරුත් මෙන්න මගේ වත්කම කියලා පෙන්වන්නේ නැහැනේ. අපි මහින්ද මහත්තයාට සදාකල් ගරුකරනවා . ඔහුට සියලුම දීමනා සැප සම්පත් දෙන්න. ඊටකලින් මෙන්න මගේ වත්කම, මට ජීවත්වෙන්න ආදායම මදි කියලා පෙන්වන්න. (නි)
කොහොමත් ගොඩක් අයට තිබෙන එකම හිසරදය මහින්ද තමා.. (නි)
ජනාධිපතිගේ සිට ඇමතිවරු මන්ත්‍රීවරුන් සඳහා දෙන විශ්‍රාම වැටුප් සහිත මාසික වැටුප් ක්‍රමය අහෝසි කළයුතු යැයි මම යෝජනා කරනවා. එය දීමනාවකට පමණක් සිමා කළයුතුය. මේ සඳහා ජනමතයක් ඇතිකිරීම අත්‍යවශ්‍යයි. රටේ පාලකයින් නොබියව ජනතාව සමඟ ඉන්නට අමුතු ආරක්ෂාවක් අවශ්‍ය නොවේ. (නි)
මහින්ද කළ දෙයින් හතරෙන් එකක්වත් මේ ආණ්ඩුව කළෙත් නැහැ, කරන්නත් බැහැ වගෙයි (නි)
නාලකගේ කතාවට එකඟ වෙමි. අපේ රටේ මිනිස්සුනේ ඉතින්. ආත්මාර්ථකාමී. (ම)
රට බේරාගත්තු හැමෝගෙම ආරක්ෂාව අයින් කරන්න. ඊට පස්සේ මැරුණාට පස්සේ ලොකුවට රාජ්‍ය ගෞරව සහිතව මිහිදන් කරන්න. (ම)
රජයේ සේවකයින් අවුරුදු 50ක් 55ක් සේවය නිම කරලයි විශ්‍රාම වැටුපක් ගන්නේ. මැති ඇමතිවරු වසර 06කින් එය ගැනීම අනුචිත නැත. අඩුම ගන්නේ වසර 20ක්වත් සේවය සපිරූ අයට පමණයි මෙය දිය යුත්තේ. අවුරුදු 20න් 25න් 30න් පාර්ලිමේන්තු ආපු අය ගොඩේ ගොඩ. ආයේ තවත් රස්සාවල් කරන්න බැරි නෑනේ ? මේ සියල්ල නඩත්තු කිරීමට සිදු වන්නේ පොදු මහජනතාවට. විශ්‍රාමිකයන් අතර වැඩිපුරම මුදලක් වැය වන්නේ මේ අය වෙනුවෙන් වෙන්න ඕනේ. පොඩි පහේ විශ්‍රාම වැටුපකුත් නොගෙවන්නේ? (ම)
දැන් දරුණු කොටිත් ඔක්කොම නිදොස් කර නිදහස් කරන එකේ වහාම මහින්ද මැතිතුමාගේ ආරක්ෂාව අයින් කරන්න සිරිසේනට හරිම උනන්දුයි වගේ? (බ)
කොටි එළියේ ... මහින්දව ආරක්ෂා කරන්න ...(බ)
මහජනතාවට සේවය කරන්න මේ තරම් උනන්දු අයට නොමිලේම සේවය කරන්න දෙනවා නම් තමයි මම නම් කැමති. (ර)
මහින්දගේ නඩත්තු වියදම් රටට බරක් කියලයි මම නම් හිතන්නේ. (නි)
අනේ දැන් කතා ඇති (නි)
කරත්තෙකට හතර පැත්තෙන්ම ගොන් බැදලා දක්කන ආණ්ඩුවක් මේක. වෙන්නේ මොනාද කරන්නේ මොනාද කියලා මේ ගොල්ලන්ට වගේ වගක් නෑ.....(රේ)
රට බේරාගත් නායකයා ආරක්ෂා කරන වියදම දරන්න රටේ ඕනෙම පුරවැසියෙක් කැමතියි. රටට කිසිම සේවයක් නොකරන වැවේ මාලිගාවේ කී දෙනෙක් ඉන්නවද? අපිට දුක ඒගැන.(ම)
මහින්දගේ ආරක්ෂාව ගැන නොසලකා සිටියොත් එය මේ රජයට පාරාවළල්ලක් වනවා නොඅනුමානයි ..(රේ)
අනේ දිලිප්, උචිත අනුචිත තේරුම් ඉගෙන ගෙන එන්න මුලින්ම..(බ)
ඇත්තටම මුළු රාජ්‍ය තන්ත්‍රයේම අනවශ්‍ය වියදම් කපා දම්මටනම් කමක් නැහැ , මොකද අපි තාමත් දුප්පත් රටක් වන නිසා (බ)
ඇමරිකන් ජනාධිපතිවරුන්ට රජයෙන් ආරක්ෂාව අවුරුදු දහයකට පමණයි. 1997 ට පෙර ජනාධිපතිවරුන්ට ජීවිත කාලයටම රජයෙන් ආරක්ෂාව ලැබෙනවා. (නි)
අනේ ඔව්. මහින්දගේ ආරක්ෂාව අඩුකරන එක තමයි දැන් ලොකුම ප්‍රශ්නය (නි)
ඇත්තටම හිටපු ජනාධිපතිවරු හෝ වේවා, හිතන්න වෙනවා දුප්පත් රටේ ජනතාවගේ සල්ලි කොපමණ මුදලක් මාස්පතා තමන් වෙනුවෙන් වියදම් කරනවද කියලා. තමන්ට ලැබෙන විශ්‍රාම වැටුපට අමතරව තව විශාල ගණනක් වැයවෙනවා නම් අවංකව හිතලා ඒ මුදල් රටේ යහපතට යොදවන්න පුළුවන් නම් කොයිතරම් හොඳද? (නි)
අනේ අවුරුද්දකටත් කිට්ටු වෙලා , තවම මෙයාලට කරන්නේ කොහොමද කියල හිතාගන්න වත් බෑ . ඔහොම යන් (බ)
මෙවැනි දේ අනුමත කරන අය සිටීමත් දුකකි (නි)
රට බේරාගත් කියන කඩතුරාව ඉවත්කරලා බුද්දියෙන් ප්‍රශ්නය දිහා බලන්න. (අ)
අප මහින්ද කල දෙය අමතක නොකළ යුතු අතර ඔහුට කරන්නට බැරි වූ දෙය කරනට වත්මන් පාලකයන් වගබලා ගතයුතුයි . ඔහුගේ ආරක්ෂාවේ වගකීම වත්මන් රජය සතු අතර අපගේ වත්මන් ආරක්ෂාවේ නිර්මාතෘ ඔහුය (අ)
මම නම් හිතන්නේ අන්තිමේදී පොදු සම්මුතියකට එයි. අපිට තමයි හුළං!! (නි)
බන්දුලගෙන් අහල 2500/= දුන්නනම් හරි.(රේ)
කොහොම නඩත්තු කළත් කොපමණ වැය කළත් එම මුදල් මහජන බදු මුදලින් නිසා , කිසිම ඇමතිවරයකුට හෝ මන්ත්‍රී වරයකුට බල පාන්නේ නැහැ , එහි බර දරන්නේ අහිංසක මහජනයා පමණි (හේ)
මහින්ද රැකගැනීම අපේ යුතුකමක් (නි)
මහින්ද මහතා නඩත්තු කරන්න අවශ්‍යයි. ඔහු එඩිතර නායකයෙක්. (නි)
රටක් බේර ගත්ත ජාතියේ නායකයා. අද මේගොල්ලෝ නිකම්ම මහින්ද කියලා කථා කරන තත්වෙට දාන්න හදනවා. කොටි නිදහස් කරලා ආරක්ෂාව දෙන්න එ්ක හොඳ දෙයක්. (ස)
අනේ ඔව්. මහින්දගේ ආරක්ෂාව අඩු කරලා ඒ ටික අර නිදහස් කරපු කොටි සැකකරුවන්ට දෙන්න (රේ)
රට බේරාගත් නායකයා ආරක්ෂා කරන වියදම දරන්න රටේ ඕනෙම පුරවැසියෙක් කැමතියි. රටට කිසිම සේවයක් නොකරන වැවේ මාලිගාවේ කී දෙනෙක් ඉන්නවද? අපිට දුක ඒගැන.....(බ)
කොහොමත් ඉතින් ඔහු නඩත්තු කළයුතුයිනේ (නි)
මහින්ද මහතාට ආරක්ෂාව දිය යුතුයි.එහෙම බැරිනම් සරත් ෆොන්සේකා මහතාගේ ආරක්ෂාවත් ඉවත් කරන්න(රේ)
මහින්ද මහත්තයා නම් රටට වැඩක්වත් කරල විශ්‍රාම වැටුප ගන්නවා. ඒත් මොනවත් නොකළ පාර්ලිමේන්තුවේ ඉදගෙන අපේ ඊරි මාංශ උරාබීපු නිකම්මු කීදෙනෙක් පාර්ලිමේන්තුවේ නිකම් ඉදල විශ්‍රාම වැටුප් ගන්නවද. මේ ඇමතිත් බොරු කයිවාරුව විතරයි. (බ)
රට බේරාගත්, රට දියුණුකළ මහින්ද නඩත්තු නොකර අපි වෙන කවුරුන් නඩත්තු කරන්නද? (නි)
අනේ ඔව්. මහින්දගේ ආරක්ෂාව අඩු කරලා ඒ ටික අර නිදහස් කරපු කොටි සැකකරුවන්ට දෙන්න. (ස)
අනවශ්‍ය වියදම් කපා දමමු. (ර)
මෙතන අදහස් දාලා තිබෙන හුඟ දෙනෙකුට දැන් තමයි කරුණු කාරණා වැටහීගෙන එන්නේ. ඔයාලම නේද මේ අයව පත්කරගෙන පාර්ලිමේන්තුවට යැව්වේ. දැන් කියනවා අරවා මේවා සාධාරණ නැහැ කියලා. බයිලා තමයි ඔක්කොම. (නි)
ඔයිට වඩා හොඳ නැද්ද අවුරුදු පහක පමණක් මන්ත්‍රී ධුර දැරීමෙන් පසු හිමිවන විශ්‍රාම වැටුප සංශෝධනය කරන්න ක්‍රමවේදයක් සම්පාදනය කරානම්? (ර)
මහින්ද මහතා ආරක්ෂා කරගැනීම ජාතික වගකීමක් (නි)