මෛත්‍රීපාල සිරිසේන ජනපති විසින් අද ස්වාධීන මැතිවරණ කොමිසම පත් කරනු ලැබීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය යටතේ පත් කැරුණු මේ කොමිසමේ සභාපති මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ය.
හිටපු නීති කෙටුම්පත් සම්පාදක ජනාධිපති නීතීඥ නලීන් ජයන්ත අබේසේකර හා යාපන සරසවියේ මහාචාර්ය සැමුවෙල් රත්නජීවන් හර්බට් හූල් සෙසු සාමාජිකයෝ ය.
මහින්ද දේශප්‍රිය මහතා පසුගිය මහා මැතිවරණයට පෙර විශ්‍රාම ගිය නමුත් ඔහුගේ සේවය ජනපති විසින් දික් කැරිණි.
(මහින්ද දේශප්‍රිය මහතා)
(රත්නජීවන් හූල් මහතා)
(ජනාධිපති නීතීඥ නලීන් ජයන්ත අබේසේකර)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැතිවරණ කොමිසමේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්න. (ම)
ඒව හොඳ වැඩ මහින්ද දේවප්‍රිය මැතිදුන් ඉතා නිර්භීතව සහ අපක්සපාතීව අගන සේවයක් කල නිලධාරියෙක් (රේ)
මහින්ද දේශප්‍රිය මහත්මයා ජනතා හදවත් දිනාගත්තෙ තමන්ගෙ සේවය නිර්භීතව හා අවංකව ඉටුකළ නිසයි. (නි)
රාජ්‍ය සේවයට කැපවුනු මහින්ද දේශප්‍රිය මැතිතුමාට රාජ්‍ය නිලධාරීන් වශයෙන් අපගේ ප්‍රණාමය පුද කරමු. අනිවාර්යයෙන්ම එතුමා කොමිසමේ වගකීම නොපිරිහෙලා ඉටු කරාවි. (ස)
ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ, අද්විතීය නමක් රැන්දු, රටට අවංකවම ආදරය කරන, නිර්භීත, අපක්ෂපාති මහින්ද දේශප්‍රිය මහත්මයාණෙනි, මේ කාර්යය සාර්ථකව යහමින් කරගෙන යාමට අවශ්‍ය දිරිය ශක්තිය ඔබට නොඅඩුවම ලැබේවා. සුබපැතුම්. (ස)