IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මහින්ද දෙන්නා රිමාන්ඩ්

රිච්මන්ඩ් මහින්ද ආදරවන්තයන්ගේ මහා ක්‍රිකට් ගැටුමේ දී පොදු දේපලට හානිකරන ලදැයි සැකපිට අත්අඩංගුවට ගත් මහින්ද විද්‍යාලයීය ආදි සිසුන් දෙදෙනා 28දා දක්වා රිමාන්ඩ් කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ශානක කලංසූරිය මහතා අද නියෝග කළේය. පසුගිය සෙනසුරාදා ක්‍රිකට් තරඟය පැවැත්වෙමින් තිබියදී ක්‍රීඩාපිටියට කඩා වැදුණු පිරිසක් ඉවත්කිරීමට පොලීසිය උත්සාහ ගැනීමේදී මහින්ද ආදි සිසුන්ගේ කූඩාරමක් දෙසින් පොලීසියට ගල් සහ පොලු එල්ලවන්නට විය. එම අවස්ථාවේ පොලීසිය ද අවස්ථා කිහිපයක් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරන ලදී. පොලීසිය පවසන්නේ ඇතිවූ කලබලකාරී අවස්ථාවේදී ‍ගාල්ල මහජන ක්‍රීඩාංගණයේ පොදු දේපලවලට රුපියල් 780,000ක අලාභයක් සිදුව ඇති බවයි. මේ සිද්ධියට අදාල සැකකරුවන් 17 දෙනකු හඳුනාගැනීම සඳහා විද්‍යුත් මාධ්‍ය සතු දර්ශන ලබාදෙන ලෙස ලෙස පොලීසිය කරන ලද ඉල්ලීමට අනුව මහේස්ත්‍රාත් වරයා එම නියෝගය විද්‍යුත් මාධ්‍ය ආයතන වෙත නිකුත් කළේය.

විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥයන් කියා සිටියේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය නගර සභාව සතු පොදු දේපලක් නොව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතු පුද්ගලික දේපලක් බවයි. තරඟයට පෙර ක්‍රීඩාංගණයට සිදුවන අලාභහානි වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කැර ඇති බව ද ඔවුන් අධිකරණයට දන්වා සිටියේය. මේ කරුණු සළකා බැලූ මහේස්ත්‍රාත් වරයා ක්‍රීඩාංගණය පොදු දේපලක්ද යන්න තීරණය කිරීම සඳහා ගාල්ල නාගරික කොමසාරිස් වරයාගෙන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයනයෙන් සාක්ෂි ලබාගෙන වාර්තා කරන ලෙස පොලීසියට නියෝග කළේය.



අදහස් (0)

මහින්ද දෙන්නා රිමාන්ඩ්

යසවර්ධන Tuesday, 25 March 2014 06:20 PM

එතකොට ක්‍රීඩාංගනය නඩත්තු කරන්නේ කවුද? (නි)

:       0       0

රණතුංග Tuesday, 25 March 2014 10:37 PM

දැන් බැලුවාම මේවගේ මැච් වලින් වැඩක් නැහැනේ (දී)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 26 March 2014 02:36 PM

හිතන් ඉන්නෙ මෙයාලගේ බූදලෙ කියලනේ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 525 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site