අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය මැතිසබයේ පැවැත්වෙමින් තිබිණි. මහ නගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තු ලොබියේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමීපයට ගියේය.
ඔබතුමා විපක්ෂ නායක කාලේ කළු කෝපි බොමින් මහින්ද රාජපක්ෂ හිටපු ජනපති සමග අරලියගහ මැදුරේදී කථා කළ බව සිහිපත් කළේය. දැන් ඒවා වෙනස් වෙලා යැයි ඔහු කීවේය. දැන් කළු කෝපි බීමට මහින්ද රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ ළඟට යනවා නේදැයි විමසීය. දැන් ඇත්තේ යහපාලනයක් බවත් ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලකයන් මොන කෝපි බිවුවත් අපිට කමක් නැත. එය ඔවුන්ගේ ව්‍යාපාරික ලෝකයයි. ඔවුන් හදන කෝපි බොමින් රජකම් ලබාදීමට තරම් අය තවමත් අපි අතර සිටීම කණගාටුවට කරුණකි. මෙහි ප්‍රතිචාර දක්වා ඇති අයට අනුව ප්‍රතික්ෂේප කළ දේ නැවත වැළඳගැනීමට යාම එකම මඩ ගොහොරුවේ ලැඟීමක් නොවන්නේද? (නි)
දේශපාලඥයෝ ගොඩක් හිතන්නේ මේ රටේ මිනිස්සු මෝඩයෝ කියලා. මෙයාලා ගොඩක් අය හැරෙන හැරෙන පැත්තට කතාකරනවා. අපිට නම් මොවුන්ගේ මුහුණ බලන්නත් ලැජ්ජයි. මොවුන්ට ඡන්දය දෙන අපිට තමයි මඩු වලිගයෙන් තලන්න ඕනෑ. (නි)
මහින්ද ගාවාගන්නේ නැතුව කාටවත්ම ඉන්න බැහැ වගෙයි (නි)
අපි නම් ඒ කාලෙත් කෝපි බිව්වෙ අපිම හදාගෙන. දැනුත් එහෙමයි (නි)
ආයෙත් ආප්ප කාලා ප්ලේන්ටි බොයිද දන්නේ නැහැ (ම)
කැබිනට් එකේදී අවසන් මොහොත දක්වා කසාය බීපු ගොළුවන් සේ සිටි සමහර අයගේ කතා අපි දන්නවා (නි)
අපි නොදන්නා චම්පික. කාලෙන් කාලෙට වෙනස් වෙනවා තමන්ගේ වාසියට. කලකදී වහ කලකදී රසයිලු (බ)
ඕව ඔහොම තමා කට්ටිය මාරු වෙනවා (බ)
ආනන්ද දොඩන්ගොඩ මහතාගේ කතාව අනුමත කරමි. සත්‍යය එයයි (නි)
නියම වාලන්පුරිය හමුවුනේ චම්පිකටයි. (බ)
නන්දලාල් අමතක වෙන එක අපේ සිංහල කමේ හැටිය (බ)
මහින්ද රාජපක්ෂ ජනාධිපති කාලයේ රනිල් පමණක් නොව එකල විපක්ෂයේ බොහෝ දෙනෙකු මහින්ද මහතාගෙන් කෑවා බීවා , උදව් උපකාර ගත්තා , එතුමත් විරුද්ධවාදීන් ලෙස නොසලකා තමා ළඟට එන ඕනෙම කෙනෙකුට උදව් උපකාර කළා , එ්කට තමා යහපාලනය කියන්නේ (බ)
එයාලා කොහොමත් හොඳ මිතුරෝ. දේශපාලනය නිසා නෑදෑකම්, යාළුකම් නැති කරගන්නේ ගමේ මෝඩයෝ (නි)
කෝපි බිවුවහම හැමදේම වෙනස් වෙනවා (නි)
යහපාලනයෙන් සුදු වෑන් සංස්කෘතිය වෙනස් කරලා දුන්න එකම ඇති. නැත්නම් පාසල් වෑන් එකක් ගේ ඉස්සරහ නතර කළත් පුදුම බියක් දැනෙන්නේ. (බ)
නන්දලාල්, දැන් මේ යහපාලනය ගැන පොඩ්ඩක් අපට කියලා දෙනවද? මොකද ඔබට එය හොඳයි වගේ පෙනුනාට අපිට නම් එහෙම නැහැ. අපිට නම් මේක විහිළුවක්. ඔබත් විහිළුවක් (නි)
දෙපැත්ත කන්නේ කවුද කියලා අපි නම් දන්නවා (නි)
නන්දලාල් සහ සෑම්ගේ (ඉහත) කතාව වැරදි. මහින්ද නැත්නම් තවම ලේ විලේ රටම. (බ)
කළු කෝපි හෝ වෙන ඕනෑම දෙයක් බොන්න හෝ කන්න මහින්ද රාජපක්ෂ ලං කරගන්නා අය ඉතාම පරෙස්සම් විය යුතුය. එයා මොන අංචියක් හරි ඇදල, මෙච්චර මහන්සියෙන් හදා ගත් යහපාලන රජය විනාශ කරලා ආයෙත් බලයට එන්න බලන අවස්ථාවාදියෙක් බව ජනපති, අගමැති ඇතුළු හැමදෙනාම පැහැදිලිවම තේරුම් ගන්න ඕන. (ස)
මහින්දට බැහැ දැන්නම් කාවවත් අන්දන්න (නි)
අනේ අපි නම් මේ එදාවේල හොයාගන්නේ කොහොමද කියලා කල්පනා කරනවා (නි)
තිලක් ඩුබායි, සුදු වෑන් සංස්කෘතිය අවසන්කළාට, අලුතින් පටන්ගත් කළු ඩිපෙන්ඩර් සංස්කෘතිය එය හා සමානය. වාහනය සහ පාට වෙනස් වුණා විතරයි. (නි)
රනිල් අසාර්ථක නායකයෙක් වෙන්න පුළුවන් . නමුත් තමන්ගේ ප්‍රතිවාදීන්ට උගුල් ඇටවීම නොකරන , තම ප්‍රතිපත්ති මත පමණක් ක්‍රියාත්මක වෙන නියම ප්‍රජාතන්ත්‍රවාදියෙක් හැටියට හඳුන්වන්න පුළුවන් . (අ)
ඔය කොපි බිව්වත් , ආප්ප කන එකක් නැහැ , (හේ)
කළු කෝපි බොන්න කට්ටිය මෙච්චර ආසද? (නි)
සෑම්, යහපාලනය තිබුණේ මහින්දගේයි, අර ආනන්ද දොඩන්ගොඩ මහතා කිවුවා සේ (නි)
කළු කොපි කියනේ මොනාද ? (ර)
දැන් මේක හරි ජනප්‍රිය පානයක්නේ (නි)
ඔය කතා කියන කොයි කවුරුත් ගිය ආණ්ඩුවේ හිටියේ කසාය බීපු ගොළුවෝ වගෙයි. එහෙම හිටියේ වාසි ගැනීමට බව අපි දන්නවා. මහින්ද රාජපක්ෂ කියන්නේ හිත හොඳ දේශපාලඥයෙක්. (නි)
කෝපි කොහොමත් කළුයි , කළු කෝපි කියා විශේෂයක් නැහැ , නමුත් කෝපි වර්ග සහ සාදන ක්‍රමය අනුව එහි රසය ගුණවත් බව ඇති කර ගන්නත් නැති කරගන්නත් පුළුවන් , (හේ)
ආනන්ද දොඩන්ගොඩ හරි (නි)