ගාල්ල මහින්ද විද්‍යාලයයේ පසුගිය 2012 වසරේදී අ පො ස(උපෙළ) ඉහලින් සමත් වු සිසුන් හා ක්‍රීඩා ඇතුළු සෙසු දක්ෂතා දැක්වු සිසුන් 18 දෙනකුට ශිෂ්‍යත්ව ප්‍රධානය පසුගියදා කොළඹදී සිදු විය.
එහිදි සිවු දෙනෙක් සුවිශේෂි දක්ෂතා දැක්වුහ.
උදේශ් අබේනායක වාණිජ අංශයෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ මුල් තැනද ශ්‍රී ලංකාවේ 24 වැනියා ලෙසද ගණිත අංශයෙන් සමත් වු සිසුන් තිදෙනකු වු ඉසුරු ධනංජය දිස්ත්‍රික් දෙවැනියා හා ශ්‍රී ලංකාවේ 12 වැනි ස්ථානයද දසුන් ජයවර්ධන දිස්ත්‍රික්කයේ මුල් තැනට හා ශ්‍රී ලංකාවේ 10 වැනි ස්ථානයටද දසුන් මදුෂාන් දිස්ත්‍රික්කයේ දෙවැනියා ලෙසද ශ්‍රී ලංකාවේ 12 වැනියා ලෙසද සමත් වුහ.
මෙම ශිෂත්ව ප්‍රධානය සිදු කළේ මහින්ද ආදි ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාව මගිනි.සිසුන් සමග මහින්ද විදුහල්පති වසන්ත සිරිවර්ධන මහතාද (මැද) මෙහි වෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලගේ වලිගය කැපුවෙත් ගගෙන් එහා අය තමයි.(නදී)
කන්න බොන්න දුන්නට මොලයක් දෙන්න බැහැනේ.(නදී)
නිරංජනී, රත්නපුර පැත්තෙන් හොදට නාගෙන යන්න. (නි)
අපරාදේ කියන්න බැහැ නිරන්ජනීට හොඳ දක්ෂ විදිහට ගඟෙන් එහා පැත්තේ කෙනෙක් සළකලා තියෙනවා. ඒකනේ මේතරම් දකුණේ අය දක්ෂයි කියන්නේ (නි)
ළමයින්ගේ දක්ෂතා අගයනවා. නමුත් විදුහල්පතිතුමා සමග පොටෝ එකට ඉන්න කොට අපි නම් කොණ්ඩය ඔයිට වඩා කපනවා. මහින්දෙ ළමයි කොන්ඩේ වවනවද දන්නේ නම් නැහැ. විනය ගැටළුවක්. (නි)
දකුණේ ,උඩරට වගේ පළාත් බෙදා වෙන් කරන්නේ අපේ සිංහලයෝ පමණි. වෙන ජාතින් ළඟ මේ පහත් ගති නැහැ.අපේ ජාතියට පිළිලයක් මේවගේ සිංහලයෝ. මතක තියා ගන්න මහින්දය කියන්නේ ලංකාවේ විශාල උගතුන් පිරිසක් බිහිකරපු උසස් පාසලක් නිරංජනී ඔය සිංහලයෙක්ද මටනම් සැකයක් තියෙනවා.(නදී)
නිරංජනී වගේ මෝඩ විදියට හිතන මිනිස්සුත් මේ සමාජෙ ඉන්නවා. නූගත් මිනිස්සු උගත්කමට ගරහනවා, ඉරිසියා කරනවා. ඕක ඉතින් හැමදාම තිබුනං. කොහොම වුනත් නිරංජනී දකුණේ කෙනෙක් නොවුන එකනම් දකුණට වාසනාවක්. (අ)
රන්ජනී, ඔයාගේ කනෙන් රිංගනකම් මොකද බලන් හිටියේ? හරිම මෝඩි ඔයා (නි)
දරුවන්ගේ දක්ෂතා අගය කරනවා. මෙවැනි දෙයක් කීමට මේ සුදුසු අවස්ථාවත් නොවේ. එහෙත් සිංහල බහුලව සිටින පළාත් අතරින් දකුණ පිළිබදව නිරංජනී කියූ කතාව සත්‍යයක්. දකුණේ මිනිසුන් බොහෝ අවස්ථාවාදී මෙන්ම කපටියි. ඔවුන් අනෙක් අය අභිබවා ඉදිරියට යෑමේ රහස ඇත්තේ එතනයි. (නදී)
දරුවන්ගේ අධ්‍යාපනය නම් හොද ඇති. ඒ වුනාට මට නම් හිතෙන්නේ අධ්‍යාත්මික පැත්තෙන් නම් කිසිම දියුණුවක් පේන්න නැතිබවයි, විදුහල්පතිතුමත් එක්ක ඉන්න විදිහ දැක්කම. (නි)
මුලින්ම තිබුනේ පළාත් 3 රුහුණු, මායා, පිහිටි. ඉංග්‍රීසි ආණ්ඩුව එය පළාත් පහකට කැඩුවා. බස්නාහිර, මධ්‍යම, දකුණ, උතුරු,නැගනහිර ලෙසට. නැවත එය ඔවුන් පළාත් 9 කට වැඩිකළා. ඌව සහ සබරගමුව එකතු කරමින් එසේ කලේ නැවත මාතලේ 1818, හෝ වෙල්ලස්සේ 1848 කැරලි නොඑන ලෙසින්. දේශමාමක සිංහලයන් මරාදමා සිංහලයන් නැවත කිසිදා එකතු නොවන අරමුණින්. පළමු දකුණු පළාතට දැන් තිබෙන ඌව සහ සබරගමුවත් ඇතුලත් වුනා. මෝඩයිනේ දැන්වත් තේරුම් ගනිල්ලා.(නදී)
නිරංජනී, ඔය තරමට හිතට අමාරු නම් ඔයා ගගට පනින්න (නි)
නිරන්ජනිගේ ජානවල අවුලක් (අ)
දකුණේ අපට ඔහොම කියන්නේ අපි හැමදාම අනෙක් අයට වඩා ඉදිරියෙන් සිටි නිසයි. අද ලෝකයට 20/20 තරගය ආවෙත් අපේ සනත් ජයසූරිය වේගවත් ක්‍රිකට් ලෝකයට හදුන්වා දුන් නිසයි (නි)
ගඟෙන් එහා කියලා, දකුණේ අය කපටි කියන අපේ අය දිගටම ඇන කොටාගනිල්ලා. එතකොට අපේ රට මීටත් වඩා ආගාදයට යාවි. මේ අයට මෝඩයන්ට සිංහලයන්ට කිසිම එකමුතු කමක් නැහැ. සුදු ජාතිකයන්ට මෙරට පාවාදුන්නේ උඩ රට අය බව අමතකද ? කවදාද සිංහලයාගේ මෝඩකම් නවතින්නේ ?(නදී)
නිරන්ජනිට බය වෙන්න හේතුවක් තියෙනවා ... ගගෙන් එහා පැත්තේ ඉඳල ඇවිත් පිස්සු කෙලින කට්ටියගේ වැඩ දැක්කම නිරංජනී කියන කතාව වැරදි නැහැ , ඒ උනත් මේ අහිංසක ළමයින් මහා එවුන්ගේ වැරදි වලට පලි නැහැ (අ)
ඇයි ගගෙන් එහා පැත්තේ උනාම මොකද වෙන්නේ දෙපාරක් හිතන්න දෙයක් නෑ වැඩ කාරයෝ තමයි සැමදා දිනේවා මහින්දය (අ)
මහින්දියකු වීමත් ආඩම්බරයක්. අප මහින්ද පාඨශාලා කිර්තියෙනි වැජබේවා !!! (අ)
එදා දුටු ගැමුණු රජ්ජුරුවන්ගේ ලේ වල තිබුන හයිය තවමත් මිනිස්සුන්ට තියෙනවා.මොනවා උනත් සිංහල අපි එක පරම්පරාවක්..(දී)
ගඟෙන් එහා පැත්තෙ කට්ටිය කරන වැඩ දැක්කම අප්පිරියාවක් සහ බයක් දැනෙනවා. ඒ කට්ටිය කන් වලින් රිංගන්න කියපු දක්ෂයෝ.(නදී)
නිරන්ජනිගේ "කනෙන්" විතරද දන්නේ නෑ දකුණේ කට්ටිය රිංගුවේ.(නදී)
ඔව් ඉතින් ගඟෙන් එහා පැත්ත හැමදේටම හපන්නු. අපිත් එහෙමයි.(නදී)
නිරංජනීගේ කොහෙන් හරි දකුණෙ කෙනෙක් රිංගල වගෙයි . ඔයා ඉන්නේ ලංකාවේ කිසිම වැරද්දක් නොකරන අමුතුම මිනිස්සු ජාතියක් ඉන්න ප්‍රදේශයකද? කියන්නකෝ බලන්න අපිටත් ඒ කොහෙද කියල දැනගන්න. (අ)
අය්යෝ අය්යෝ ගඟෙන් එහාපැත්ත කිව්වම අප්පිරියාවේ බෑ! අපේ පැතිවල නම් කසාදයක්වත් කරන්නේ නැ ගඟෙන් එහා පැත්තේ කට්ටියත් එක්ක! ඒ තරමට ඒ කට්ටිය කනෙන් රිංගන්න දස්සයෝ. කයිරාටික පැත්තක්! (අ)
හැබැයි ඉතින් ගඟෙන් එහා පැත්තෙනේ! දෙපාරක් හිතන්න වෙයි! (නි)
මගේ ආදරඅනිය මහින්ද පුතුනේ, ඔබ සියල්ලෝම අපිට විතරක් නොව මුලු ලෝකයටම ආඩම්බරයක්. ඒත් මේ සමාජේ ඉන්න පහත සිතුවිලි තියන අයගේ ප්‍රතිචාර අපි ගනන් ගතයුතුද..? (නි)
ඇත්ත කිව්වම තරහ ගන්න කාරි නැහැ.මේක ඉතින් කව්රුත් දන්නා රහසක් නොවැ. ඇස් ඇරපු නැති බළල් පැටියාගේ කතාව! (නි)
හැකියාවන් වලට පිදු උපහාර වලට ගරහන්න එපා නිරංජනී (නි)
මට සමාවෙන්න. මම වැරදි දෙයක් කිවුවේ කියලා දැන් තමයි මට තේරෙන්නේ. මගේ ගම් පළාත් කියන්න මට ලැජ්ජයි. එත් දකුණේ කෙනෙක් වුනානම් මම ඔය වගේ මෝඩ විදියට හිතන එකක් නැහැ. දකුණේ මිනිස්සු ගැන මට පොඩි ඉරිසියාවක් තියෙනවා. (නි)
නිරන්ජනීට හදපතුලින්ම ඉරිසියාවක් පහලවෙලා. ඔයාට ඔය කියන ගඟ පනින්න අකමැත්තක් තියෙනවා නම් රත්නපුර පැත්තෙන් යන්න. (නි)
නිරන්ජනී අද මෝඩ කතාවක් කියල මදි නොකියන්න දකුනේ අයගෙන් අහගත්තා. ලොකු කොලයක් අරගෙන රතු පෑනෙන් ලොකුවට අද දවස දාලා ලියල තියන්න දිවි ඇති තුරු දකුණට නිග්‍රහ නොකරමි කියලා (නි)
ගඟෙන් එහා අය ඇස් ඇරගෙන පීනලා ආවේ නැත්නම් කොළඹින් බාගයකට වැඩිය ඉන්නේ මොකුන්ද කියලා ටිකක් හිතලා බලන්න නිරංජනී. (නි)
මට එක පාරටම හිතුනේ අර අපේ පුතාලට ආයෙත් තෑගි සහ සම්මාන දීලද කියලා. (නි)