හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (15) පෙරවරු 8.55 පමණ ගාමිණී මාරපන ඇතුළු නීතිඥවරුන් කිහිපදෙනකු සමඟ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටුවා ඇති බරපතල වංචා දුෂණ සෙවීමේ ජනාධිපති කොමිෂන් සභාවට පැමිණියේය.
පසුගිය ජනපතිවරණ සමයේ ස්වාධීන රූපවාහනියේ ඡන්ද දැන්වීම් වෙනුවෙන් මුදල් නොගෙවීම හේතුවෙන් ආයතනයට අලාඵ කිරීම හා ප්‍රතිවාදී අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රචාරය කිරීමට ගිවිසගෙන තිබූ දැන්වීම් ප්‍රමාණයට වඩා අඩුවෙන් ප්‍රචාරය කර එම ආයතනයට ලැබිය යුතු මුදල් අහිමි කිරීම යන චෝදනා සම්බන්ධයෙන් ජනපති කොමිසම විශේෂ පරීක්ෂණයක් සිදු කරයි.
මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතේ ඔහු ජනපතිවරණ සමයේ රැගෙන ගිය ස්වර්ණමය ජයකුන්තයද විය.
(ඡායාරූප - ඉෂංක සුනිමල්)
බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව අසල ජනතාව රැස්ව සිටි අයුරු (ඡායාරූප - ලහිරු හර්ෂණ)
වීඩියෝ- ලහිරු හර්ෂණ
















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද මහත්තයාට සිදුවුණ දේ ගැන ඇත්තටම මට නම් හරිම දුකයි (නි)