හිටපු ජනපති හා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා අයවැය දෙවැනි වර කියවීමේ ඡන්දය විමසන අවස්ථාවේ පාර්ලිමේන්තුවේ නොසිටියේය.
ආරුමුගම් තොණ්ඩමන් හා ඩග්ලස් දේවානන්ද මහත්වරු අයවැයට පක්ෂව ඡන්දය දුන්හ.
ජනතා විමුක්ති පෙරමුණ අයවැයට එරෙහිව ඡන්දය දුන් අතර පක්ෂයේ තීරණයට පටහැනිව සන්ධානයේ ඒකාබද්ධ විපක්ෂය අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේය.
මන්ත්‍රීවරු 12 දෙනෙක් ඡන්දය දීමට පැමිණ නොසිටියහ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා අයවැයට පක්ෂව ඡන්දය දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමා කට අරින්න බයයි. පුදුම උගුලක තමයි මෙතුමා පැටලුනේ. රජකම් කළත් කළකම් පලදෙනවාමයි (නි)
මහින්ද මහත්තයාගේ සහයෝගය අයවැයට ගන්න නම් කෑම ගණන් ගොඩක් බස්සන්න වෙනවා. (නි)
පිටබැද්දර ජයාට නම් මහින්ද මහතා පෙන්නන්න බැහැ. නමුත් සඳරුවන් කිව්වා වගේ, බල්ලෝ බිරුවට කඳු පාත්වෙයිද? (නි)
එතුමා කොහොමත් දුරදිග සිතාබලා කටයුතු කරන කෙනෙක් (නි)
මහින්ද මහත්තයා ගත් තීරණය හොඳයි (නි)
මෙතුමා මොකද දන්නෙ නැහැ ආවේ නැත්තේ? (නි)
හිටපු බරපතල අපරාධ කරපු කොටින් නිදහස් කරනවා, හමුදාව කුඩුවට දානවා. තිලක්-ඩුබායි, පිටබැද්දර ජයා වගේ අයට ඒවා පෙන්නේ නෑ. (බ)
වෙලාවට වාර්තා කරාවිද (බ)
අපේ පැරණි කියමනක් තියනවා බළලුන් ලවා කොස් ඇට බාවනවා කියලා. මට ඒ කතාව මතක් වුණා (බ)
මේ මනුස්සයට ගෙවන පඩිය අපරාදේ. නිකන් ඇවිල්ල වාඩි වෙලා ඉඳල යනවා. පැරදිලත් අපේ සල්ලි කනවා. (බ)
බල්ලෝ බිරුවට කදු පාත්වෙන්නේ නෑ. ඔහොම ඉන්න වෙලාව එනකම් තව ටික කාලයි ඉන්න ඕන (බ)
මෙතුමා පාර්ලිමේන්තුවට ආවත් තාම වචනයක්වත් කතා කළේ නැහැනේ. හැමදේම මඟහරින හැඩයි. (නි)
අනේ අපි නොදන්නා මහින්ද මහත්තයා! (නි)
ඒක එතුමාගේ කැමැත්ත (නි)
එතුමා වෙලාව පැමිණියහම ගාණට එයි (නි)
මදැයි! හිතාගෙන හිටියේ අගමැති වෙන්න. ඉන්පස්සේ විපක්ෂ නායක වෙන්න.......... (නි)
පන්සල් වලට ගිහින් බණ කියන්න යන්න ඇති. (බ)
අර සේනාවත් එක්ක කුමන්ත්‍රනයකට ලෑස්ති වෙනවද දන්නේ නැහැ (බ)
පව් මහින්ද පස්සේ ගිය අය පව්.(හේ)
පව් අප්පා බය හිතෙන්නවත් ඇති ආවොත් පරදී කියලා. මාසෙකට ලක්ෂ 3.5 කට වඩා පින් පඩි ගන්නත් බැරිවෙනවනේ (හේ)
මේ ක අදහස් ඔක්කම මනින්දට බැනල ? ඇත්ත තත්වය කවුරැත් කියලා නෑ(රේ)
අනේ ඔක්කම ඉතින් තමන්බේ වාසියටම තමයි (රේ)
හිටපු ජනාදිපතිතුමා දිය යටින් ගින්දර ගෙනියන හැටි රටටම පෙන්නුවා (රේ)
එයට දැන් දේශපාලනය එපා වෙලා වගෙයි. වහ කදුරු වගේ තිත්ත වෙලාද, නැත්නම් කලකිරිලද ? (රේ)
එදා තිබු යුදබිය නැතිකර, සැමගේ සහය අරන් රට බේරාගත් නායකයෙකි එනිසා අපි ඔහුට ගරුකලයුතුය . එහෙත් එදා එක බියක් තිබිණි .....? නමුත් අද ඇත්තේ යහපලනයකි එයටද මිනිසුන් ඉතා බියය. එමක්නිසද....?එය ඇසිය යුත්තේ තමු තමුන්ගේ හදවතින් ඒ ඇයි දැයි කියා ... (රේ)
ගොඩක් දෙනාට "මහින්ද , මහින්ද මහින්ද" ඇරෙන්න වෙන මොකුත් කියන්නත් බැහැ, කරගන්නත් බැහැ. අනේ රටකට ගිය කලක්! මහින්ද පැමිණ තිස් වසරක ත්‍රස්තවාදය තුරන්කර, රටේ මරණ බිය නැතිකර, සියවසකටවත් නොකෙරුණ තරමේ වරාය, ගුවන්තොටුපොළ, ගුවන් පාලම, මහා මාර්ග, කවදාවත් නොදැකපු සුපිරි අධිවේගී මාර්ග ඔක්කොමත් රටට දීලා, බටහිර අධිරාජ්‍යයන්ට හිස නොනමා ජාතියක් කෙළින් සිටෙව්වා. කවුරු මොනවා කිව්වත් දැන් ඔය මොකුත් නැහැ (නි)