ගාල්ල මහින්ද විද්‍යාලය හා බැඳුණූ ප්‍රෞඩ ඉතිහාසය හා ඒ තුල අන්තර්ගත රසවත් සිදුවීම් මෙන්ම ජාතික ගීය බිහි කිරීම නිදහසේ අරගලයේදී එම විදුහල ඉටු කළ ජාතික මෙහෙය මෙන්ම බිහි කළ ශ්‍රේෂ්ඨ ආදි සිසුන් ගැන කරුණු රැසක් ඇතුළත් තවත් ග්‍රන්ථයක්ද එළි දක්වා තිබේ.
මේ මහින්ද ශාස්ත්‍ර ශාලා හෙවත් ‘මා දුටු මහින්දය‘ නම් වු එම නවතම කෘතියේ කතුවරයා වනුයේ 1943 සිට මහින්දයේ පහළ බාලාංශයේ සිට උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලබා විද්‍යා ගුරු නියෝජ්‍ය විදුහල්පති වශයෙන්ද වසර 50 කට අධික කාලයක් මහින්දය හා එක්ව කටයුතු කළ නිශ්ශංක ද සිල්වා මහතායි.
මීට පෙර වුඩ්වර්ඩ්,අවුට් ඔප් හිස ලයිෆ් ඇන්ඩ් නොට්,සෙන්චරි ඔප් මෙමරිස්,මහින්දේ තමයි ඉස්කෝලේ ,හිස්ටෝරි ඔෆ් මහින්ද කොලේජ්,යට ගිය නිධානය ඇතුළු ග්‍රන්ථ රැසක් හා අනුර මාධව ජයසේකර නිර්මාණය කළ ‘මහින්ද පුරාණය‘ මෙන්ම බන්ධුල නානයක්කර නිර්මාණය කළ ‘මහින්ද මහිම‘ සංයුක්ත තැටි දෙකක් ද එළි දැක්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගාල්ලේ මහින්දයේ නිශාන්ක ද සිල්වා, මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ඒ.ජේ ප්‍රෙෂර්, මහනුවර කින්ග්ස්වූඩ් විද්‍යාලයේ එල්. ඊ බ්ලසේ වැනි ශ්‍රේෂ්ට විදුහල්පති වරුන් ආයෙත් කවදාවත් ලංකාවේ දකින්න ලැබෙන්නේ නැහැ. (ස)
මහින්දය එකළු කළ කඳු ගැටයෙහි පිහිටි "දවටගහවත්ත" ඉඩම පාසලට දන් දී ඇත්තේ මෙතුමන්ගේම නෑදෑයින් විසිනි. මෙම පොත විකිනීමෙන් ලැබෙන සියලු මුදල් මෙතුමා අඩු ආදායම් ලාභී මිහිඳු පුතුන් වෙත ශිෂ්‍යත්ව ලබා දීම සඳහා පිරිනමනු ඇත. පොතක් මිලදී ගෙන ඒ සද් ක්‍රියාවෙහි සහ කරුවකු වන්න. (නදී)
ගුරු පියාණෙනි, ඔබට බොහොමත් පින්. මොකද වෙනත් පාසල් වලින් අපොස උසස් පෙළ කරන්න ආපු ශිස්‍යන්ටද සැලකුවේ සමානව ඒ ගැන ගොඩක් ආඩම්බරයි. ඔබ තුමාට දිර්ඝා යුෂ ලැබේවා. (ස)
මම දවසක් පන්ති කට් කරලා ගේට්ටුවෙන් පනින කොටම නිශ්ශංක සර්ව දැක්ක මම පස්ස නොබලාම ගෙදරම ගියා එට පස්සේ දවසේ පන්තියට ඇවිල්ල මගේ මුනට හොදට එබිකම් කරලා මගෙන් අහනවා " තමුසේ නේද ඊයේ මගේ මුණ බල බලම පෙනල ගියේ " මම කිව අපෝ නැහැ සර් කියල යන්තම් බේරුනා (අ).
නිශ්ශංක ගුරු පියාණනි, ඔබේ කටහඬ දැනුත් මට ඇසෙනවා.ඔබතුමාට දිගාසිරි පතමි. (නි)
මහින්දයේ හිටපු ඔබ වැනි ගුරුවරුන්ට සදා ණය ගැතියි. (ස)
ඔබ තුමා නොහිටින්න මා මහින්දීයකු නොවේ....!!! ඔබට පින් ගුරු පියාණනි....!!!නිදුක් නිරෝගී සුවය ලැබේවා....!!!! (ස)
මේ මහින්ද ශාස්ත්‍රාලය කීර්තියෙන් වැජඹේවා! (නි)
නිශ්ශංක ගුරු පියාණනි, ඔබතුමාට දිගාසිරි පතමි (නි)
ගුරු පියාණෙනි, ඔබ මටත් උගන්වලා තිබෙනවා. අපේ පාසැල සැමදා දිනේවා! ඔබට දීර්ඝායුෂ ලැබේවා! (නි)
අපව නිවැරදි මගට ගත් ගුරු පියාණනි,ඔබතුමාට නිදුක් නිරෝගී සුව පතමි (නි)
මහින්දෙ වගේම ඔබේ නමත් දිලේවා !!!!! (ස)
"තමුසෙට භෞතික විද්‍යාව උගන්වන එකට වඩා පරෙවියන්ට පින්ග් පොන්ග් ගහන්න උගන්වන එක ලේසියි." මට තාම හොඳට මතකයි ඔබ මට කිව්වා ගුරුතුමනි. ඒ නිසාම මම හොඳට පාඩම් කරලා උසස් පෙළ භෞතික විද්‍යා විෂය සමත් වුන. (අ)
ඔබතුමාට දීර්ගායුෂ ලැබේවා! මේ මහින්ද ශාස්ත්‍රාලය කීර්තියෙන් වැජඹේවා! (නි)
මම මහින්දෙ නොව්නත් ,,මහින්දයට සැමදා ගරු කරනවා,, ඇත්තටම මේකේ දාලා තියෙන අදහස් දැක්කහමත් හරි ගෞරවයක් එනවා ඔබතුමා ගැන,, (ස)
නිශ්ශංක ගුරු පියාණනි, ඔබතුමාට දිගාසිරි පතමි.අපේ පාසැල සැමදා දිනේවා... (ස)