‘ශ්රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර ගනුදෙනු හිටපු මහ බැංකු අධිපතිවරයකු වූ අජිත් නිවාඩ් කබ්රාල් කාලෙත් තිබුණා. මහින්ද රාජපක්ෂ කාලයේ කබ්රාල් ගේ නැගණිය අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණාගේ පර්පෙචුවල් ට්‍රෙසරීස් සමාගමේ අධ්‍යක්ෂවරියක්. මේ ආණ්ඩුව ආවට පස්සේ ඔය වැඩේ මහා පරිමාණයෙන් සිද්ධ වුණා. මහින්දගේ කාලේ ටිකක් සුළුවෙන් සිද්ධ වුණා. අදත් ඔය වැරදි වැඩේ කෙරෙනවා. ඔය වැඩේ කරගෙන යන අය අතරේ විවිධ රහස් තියෙනවා. එක්තරා පිරිසක් ඒ රහස් රැකගනිමින් ඔවුන්ගේ බඩගෝස්තරය කරගෙන යනවා. මෙය අර්ජුන් මහේන්ද්‍රන් පිළිබඳවම ප්‍රශ්නයක් නොවේ. තවත් පුද්ගලයන් රැසක් සම්බන්ධයෙන් වැඩපිළිවෙළක්. මේ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලවා පරීක්ෂණයක් කළ යුතුයි‘ යැයි අජිත් පී.පෙරේරා නියෝජ්‍ය ඇමැතිවරයා බණ්ඩාරගම දොඹගොඉදී පැවැති එජාප ජන හමුවකදී පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අජිත් , මේවා කවුරු කළත්. මහා වැරදි වැඩ අපේ රට මෙපමණ කාලයක් නොදියුණු වෙන්න මේ තක්කඩි වැඩ අනිවාර්යෙන්ම , හේතු වෙන්න ඇති . දැන්වත් මේ කුට උපක්‍රම සදහටම නවත්වන ක්‍රම සැකසිය යුතු කාලයයි (බ)
ඇමති තුමනි, එක එක තැන කියන්න කතා අහල හෙම්බත් වෙලා ඉන්නේ. කරුණාකරලා මාධ්‍ය සාකච්ඡාවක් පවත්තල එ්කට නිසි ක්‍රියා මාර්ගයක් ගන්න.නිකරුනේ තැන තැන කට තිබුන පලියට කතාකරන්න එපා. (බ)
ඔබතුමා අනාගත ගෝඨාභය රජයේ මුදල් ඇමති කරනවා අපි (බ)
මේක විරුද්ධ පක්ෂයේ කෙනෙක් කිවුවා නම් යහපාලන රජයට මඩ ගැහීමේ ව්‍යාපාරයක් යයි කියන්න තිබුණා. රජය කරවන ඇමති කෙනෙක්ම මෙවැනි දෙයක් කියන්නේ එවැනි අදහසකින් නොවන බව මින් පැහැදිලි වෙනවා. කෙසේ වුනත් කයිවාරු ගසමින් කාලය නාස්ති කරනවා වෙනුවට හොරුන් අල්ලා නඩු මගින්, උන් ගහපු රුපියල් කෝටි ප්‍රකෝටි රටේ සංවර්ධනයට යොදා ගන්න රජයේ බලාපොරොත්තුවක් නැද්ද ? (බ)
අපොයි නැහැ ඇමතිතුමෝ....ඔය බැදුම්කර වංචාව තනිකරම මහින්දගේ වැඩක්.අර්ජුන් මහේන්ද්‍රන් අහිංසකයා ඕව දන්නෙම නැහැ. (බ)
අනේ ඉතින් ඔබේ ඒ කාලේ ඒවා ගැන කිව්වේ නැත්තේ තොපි නිදාගෙන හිටියද නායකයත් මාට්ටු වෙලා තියෙද්දී ඔය බයිලා කියලා තව පීචන් වෙන්න එපා. ලබන සැරේ බණ්ඩාරගමින් දිනන එක ගැන නම් හිතන්න එපා. දැන්ම හිත හදා ගන්න (බ)
ඒ කාලේ ඒවා කළ නිසා තමා ඔහෙලව ගෙනාවේ යහපාලනය ගේන්න. ඔහෙලත් ආ ගමන්ම පටන් ගත්තේ මහා පරිමානයෙන්ම ලොකු හොරකම් කරන්නනේ...දැන් කරන්නේ හොරු රකින එකනේ...(බ)
කාවවත් මාට්ටු වෙලා නෑ දහම්, සාධාරන සැකයක් තියෙනවා කියල විතරයි තියෙන්නේ මහේන්ද්‍රන් ගැන. පරීක්ෂණ කරමු එදාට බලමු කවුද වගකියන්න ඕන කියල (බ)
ඉතින් ආඩම්බර වෙන්න ඕනිනේ. ඔයාලගේ ආණ්ඩුවෙන් කරන්නේ ඔක්කොම ලොකු වැඩ,මෙච්චර කාලෙකට මේ වගේ දැවැන්ත සංවර්ධන ව්‍යපෘති කවුරුවත් කරලා නෑ කියල (බ)
මෙයත් දැන් ජනාධිපතිතුමා අනුකරණය කරන්න පටන් අරන් වගේ (බ)
මෙය අපේ ගමේ තවත් ගොවියෙක්. ගමේ ජනතාව ගොනා කරනවා (බ)
ඔන්න නියම ඇමතිවරු..යහපාලනය තහවුරුකරන ඇමතිවරු...අජිත් පෙරේරා අවංකයි (බ)
නියමයි (බ)
අපට බලන්න දෙන්න වාර්තාව (බ)
මොනවද මේ කතාකරන්නේ. මේක යටගහන්න කරන්න පුළුවන් හැම දෙයක්ම කරලා බැරි තැන දැන් දොඩවනවා. (බ)
ලංකාවේ ඉන්න අැමැතිවරු බහුතරයකට හිටපු ගමන් කැබිනට් මණ්ඩලය , පාර්ලිමේන්තුව , දේශපාලන වේදිකාව , ගමේ බජාර් එක මාරු වෙනවා . ඔවුන් කැබිනට් මණ්ඩලයේ කතා කළ යුතු දේවල් දේශපාලන වේදිකාවේ සහ බජාර් එකේ කියවනවා , බජාර් එකේ හැසිරෙන විදිහට ගුටි කෙලගනිමින් කුනුහරුප කියමින් පාර්ලිමේන්තුවේ හැසිරෙනවා . (බ)
ඔබේ අවංක භාවයට අපේ ප්‍රණාමය . දහම් බැදුම් කර ගැන මුලින් ගිහිල්ල ඉගෙන ගන්න ??? ඔබට ඒවා තේරුම්ගන්න පුලුවන්ද ??? (බ)
මහා පරිමාණයෙන් නම් සිද්ධ වෙන්නේ නෑ.(හේ)
මෙතුමා කථා කරන්නේ මෙහෙමද ? (බ)
එතකොට මේ මහා පරිමාන වංචාකරුවන් රැක ගැනීමට අදත් කතා කරන දේශපාලකයන් (බ)
අජිත් පෙරේරා මැතිතුමනි කෝප් දියාරු බවත් මුල්‍ය වංචා සිදුවී ඇති බවත් ඔබ පැහැදිලවම දන්නා බව පෙනේ . කෝප් එකක් ඔබට අවශ්‍ය නැත . ගුණ ගරුක ඇමති කෙනෙක් හා පුද්ගලයෙක් හැටියට සියලු වරදකරුවන් නීතියට ගේන්න . අලාභය රජයට/ මහජනතාවට අයකර දෙන්න . කතා වලින් වැඩක් නැත .(බ)
මේ වංචාව ඔප්පු කළහැකි ලිය කියවිලි තිබෙනවානම් මොහුට විරුධව නඩු පවරන්නේ නැත්තේ මොකද ? ෆොන්සේකා මහතා මුලින් අල්ලාගෙන ගිය නඩු පැවරුවේ පස්සෙනේ ? (බ)
මහින්ද මහතා ගැන කියව කියව හිටිය මිසක් වෙන දේවල් ගැන හිතුවේ නැනේ. මෙතුමන්ලගේ කට්ටියම දුන්න වැඩේ. යහපාලන රීතිය අනුව වගකිව යුතු මැති ඇමැතිතුමන්ලා පවා ඉල්ලා අස්විය යුතුයි. එතුමන්ලටද නීතිය ක්‍රියාත්මක විය යුතුයි. එහෙම නැතුව සාධාරනීකරණය කරන්න එකයි එක එක සංදර්ශන දාන එක නෙවයි. කවුරු කරත් වැරදි වැරදිමයි. (බ)