වත්මන් රජය බලයට පත්වී අවුරුද්කුත් මාස හතකට පසු පසුගිය රජයේ වැරදි ගැන ප‍්‍රශ්න කිරීමට මාධ්‍යවේදීන්ට හෝ පුරවැසියන්ටවත් අයිතියක් නැතැයි ඒකාබද්ධ විපක්‍ෂයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
ඔහු මේ බව පැවසුවේ බොරැල්ල එන්.එම් පෙරේරා මධ්‍යස්ථානයේදී මාධ්‍ය හමුවකදීය.
ඒකාබද්ධ විපක්‍ෂය බදාදා (27) මහනුවරින් ආරම්භ කරන්නට යන පා ගමන සම්බන්ධයෙන් මෙම මාධ්‍ය හමුව පැවති ඊට එයට ආණ්ඩුවෙන් ද බාධා ඇතැයි ඔහු කීවේය.
ප‍්‍රශ්නය
එදා විපක්‍ෂයේ විරෝධතාවලට බාධා ඇතිනොකළ බව, ක‍්‍රීඩාංගන වෙන් නොකළ බවද කියන්නේ?
පිළිතුර
එහෙම වුණා යැයි හිතමු. ඒත් ඒකම කරන්න මේ ආණ්ඩුවට අයිතියක් තිබෙනවාද? එහෙම වී නැති බව මම නැවත නැවතත් සහතික වෙනවා. මේ ආණ්ඩුව බලයට පත්වී අවුරුද්දකුත් මාස හතකට පස්සේ මාධ්‍යවේදියෙකුට තියා පුරවැසියෙකුටවත් ඔහොම ප‍්‍රශ්න කරන්න අයිතියක් නැහැ. මම ඒ ප‍්‍රශ්නය ගැන කනගාටු වෙනවා. අද එදා ආණ්ඩුවත් ඒක කළා නේද අහනවා නම් ඔබ නියෝජනය කරන්නේ ආණ්ඩුවේ පාර්ශවයයි. ඔබ මැදයි ඉන්න ඕනෑ.
ප‍්‍රශ්නය
අද වෙන්නේත් එදා දේම නේද කියා ඇසීම වරදක්ද?
පිළිතුර
ඔබ උදව් කරන්න එපා. ආණ්ඩුව වෙනුවෙන් පෙනී ඉන්නත් එපා. මාධ්‍ය නිදහස, ලිච්ඡවී ප‍්‍රතිපත්ති ගැන කතා කරන ආණ්ඩුවක් දැන් ගෝත‍්‍රික හා අශීලාචාර උපක‍්‍රම යොදාගන්නවා නම් එය විවේචනය කර අපට ඇඟිල්ල දික්කරන්න.
ප‍්‍රශ්නය
එදා ආණ්ඩු කාලයේත් බලයට එන්නට පෙර විවිධ පොරොන්දු දුන්නා. ඒත් ඊට පටහැනි දේ වුණා. දැන් ඒ ගැන ඇසීම වරදක් වෙන්නේ කොහොමද?
පිළිතුර
අපෙන් වූ අතපසුවීම් ගැන අපි පුන පුනා කියා තිබෙනවා. ඒ දේ වලට ජනතාව අපිට තීන්දුවක් දුන්නා. දැන් ජනතාව මේ ආණ්ඩුවට බලය දුන්නේ හීනෙන්වත් වැරදි නොකරන්නයි.
ඒකාබද්ධ විපක්‍ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන,ලංකා සම සමාජ පක්‍ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ, ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන කෙහෙලිය රඹුක්වැල්ල, මහින්දානන්ද අලූත්ගමගේ, සී.බී රත්නායක, රොෂාන් රණසිංහ, නාමල් රාජපක්‍ෂ, රංජිත් සොයිසා යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම මාධ්‍ය හමුවට සහභාගී වූහ.
COMMENTS
ඇයි අහන්න බැරි.(හේ)
මේ අය තමන් විසින්ම සවුත්තු වෙනවා.(හේ)
මේ රජය මිනිස්සු බලයට පත්කළේ අවුරුදු 5 ඉවර වෙනකම් මහින්ද රාජපක්ෂට බැන බැන ඉන්න නෙමෙයි. වැරදි තිබුනා නම් ඒවා නිවැරදි කරලා රට ඉදිරියට ගෙනියන්නයි. එ්ත් අද එහෙම වෙනවද කියන ප්‍රශ්නේ අපිට තියෙනවා. (හේ)
ඔබ සැබෑ මහත්මා දේශපාලකයෙක්. (ර)
අපි නොදන්නා ඒකාබද්ද විපක්ෂය... (ර)
සහෝදරයා, කන්න හිතුනම කබරගොයාත් තලගොයා කරගන්න මේ අයගෙන් ඕවා අහල පලක් නෑ... (ර)
මේ ඩලස් මැතිතුමා චන්ද්‍රිකා මැතිනියගේ රජයේදී ඉතා මහත්මා දේශපාලනය කළා පමණක් නොවේ, දුෂණයට, වංචාවට, හොරකමට, නාස්තියට එරහිව කටයුතු කළා. ඒ වගේම තමා වාසුදේව නානයක්කාර මහතාත්. දැන් මේ වෙනස ගැන කනගාටුයි. (බ)
ඩලස් සහ කණ්ඩායම හිතාගෙන ඉන්නේ මිනිස්සු මැරිලා ඉපදිලා කියලද දන්නේ නෑ. යම් කෙනෙකුගේ හෝ කණ්ඩායමකගේ අතීත චරියාව තමයි අනාගතය ගැන කියන්න තියෙන හොදම සාධකය වෙන්නේ. මේ අය බොරු කියන. බොරු කරන පිරිසක් බව පැහැදිලියි නේද? (බ)
අපිව හැමදාම ගොනාට අන්දලා මුන් රොත්තම එක මෙසේ ඉදගෙන ඊළඟ ඡන්දෙදි අාපහු අපිව කරත්තේ බදින ගානටම සෙට් කරන්නේ කොහොමද කියල හිතාගන්න කාලය හොයනකම් එක එක යාත්‍රා කියල දෙන තණකොළ මිටිය ඔය ඉන්න 225 කාල දානකම් මේ රටට යහපතක් නම් වෙන්නේ නැහැ.(බ)
මොන ව්‍යවස්ථාවෙද එහෙම තියෙන්නේ? බාගෙට පිස්සු. (බ)
මේ රට රැකගැනීම වෙනුවෙන් නිසි වැඩපිළිවෙලක් නැත්නම්, මෙතන අපි මොනවා කිව්වත් ජනතා මතයෙන් වත්මන් පාලකයින්ට රැදීමේ අයිතියක් නැත. මිනිස්සු ජනාධිපතිවරණයක් හෝ මහා මැතිවරණයක් හෝ ඉල්ලන්නේ නැත. ඉල්ලන්නේ පළාත් පාලන ජන්දය පමණයි. ඉතින් ඒක මේ බලාධිකාරිය විසින් වළක්වනවයි කියන්නේ ජනතා මතයට විරුද්ධයි කියන එකමයි. ඇයි මේ අය ජන්දය නොතියන්නේ? ඇයි ඒකට බය? වැරදි කරලා නැත්නම් බය වෙන්න උවමනා නැහැනේ. (ර)
මොනාද මේ කියන්නේ.(හේ)
එහෙම අහන්න තරම් වැරදි ඒ කාලේ වුනේ නැහැ නේද මන්ත්‍රී තුමා ? ඒ රජයේ හිටපු දේශපාලකයෝ කොච්චර යහපත් අය ද ?(හේ)
අයිතියක් නැත්තේ මොකද?(හේ)
අනේ උඹල කරනකන් හරි. ඒවා අහන්න බැරිද, එහෙනම් මේක උඹලටම ගිය රටක් නේ. දැන් ඉතින් බලය නැති නිසා පිස්සුවෙන් වගේ ඉන්නේ. (බ)
අප්පොච්චිගේ කාලේ කරපු වැරදි ගැන අහන්න හොද නැහැ ,එතකොට අප්පොච්චිගේ කාලේ කරපු හොද ගැනත් අහන්න හොද නැද්ද (බ)