“රටේ සම්පුර්ණ ණය ප්රමාණය රුපියල් කෝටි 847500 ගෙවන්න වේලා තියෙනවා. එයින් අපේ රාජ්‍ය ව්‍යවසාය ආයතන මාගේ අමාතංශයේ පමණක් ඇති ආයතන වල රුපියල් බිලියන 1142 ණය ගෙවන්න තියෙනවා. ගිය වසරේ ආණ්ඩුව රුපියල් බිලියන 100 ක් ගෙව්වා. ජනතාවට සහන දෙන ගමන් පහුගිය ණය අපිට ගෙවන්න වෙලා තියෙනවා.” අමාත්‍ය කබිර් හෂිම් මහතා පැවසීය.
“මාගේ අමාත්‍යංශය යටතේ තියෙන ශ‍්‍රී ලංකා ගුවන් සේවය. ගත්තාහම පාඩුව ඩොලර් බිලියන 933 යි. එය පාලනය කලේ හිටපු ජනාධිපතිගේ මස්සිනා කෙනෙක්. හරියට බස් එකක් දුවනවා වාගේ තමයි ශ‍්‍රී ලංකා ගුවන් සේවය දිව්වේ. 2008 කිසිම ණයක් නැතිව තිබුණු ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගම 2015 වෙනකොට ඩොලර් බිලියන 933 ක ණයක් එක්ක බැරකම් වත්කම් වලට වඩා වැඩි කරලා. නැති කරලාම දැම්මා.” යැයි ද ඔවු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොරන්න ගත්තට කොරගන්න බැරුව අරයා මෙයා ගැන කියවනවා මිසක් කරපු දෙයක් තියනවද.? (ර)
දැන් බලයට ඇවිල්ලා කොච්චර කාලයක් වෙනවද මොනවද කලේ.? (ර)
දැන්ද මේවා දැක්කේ? (නි)
පසුගිය අවුරුද්දේ ගත් ණය ගැන කතා නැද්ද? එතකොට පසුගිය අවුරුද්දට රුපියල අවප්‍රමාණ වීමෙන් මෙතෙක් ගත් මුළු ණය ඉහළයාම කොතරම්ද? මේ ණය ඉහළගියේ කෙතරම් සංවර්ධන වැඩ කරලද? කටින් නම් ගොඩක් වැඩ කරනවා වගෙයි පෙනෙන්නේ (නි)
ඕවා කියව කියවා ඉන්න. හැමදාම ඕපාදුප කියවනවා විතරයි. ජනතාවට වැඩක් කරන්න කල්පනාවක් නැද්ද? (නි)
හරි ඉතින් ගිය රජයේ අඩුපාඩු හදන්න නේද ඔයාලා ආවේ? (නි)
හරි ඉතින් දැන් ඔයාලා බලය ගත්තේ පරණ අය කළ වැඩ හොඳ නැහැ, අපි කරලා පෙන්නන්නම් කියලනේ. ඒකනේ අපිත් අප්පච්චි ගෙදර එළවලා ඔයාලව පත්කරගත්තේ. දැන් මොනවද මේ කියවන්නේ? (නි)
ඒක තමයි වෙනස කියන්නේ.(හේ)
අපි අහලා තියෙනවා දකුණු ආසියාවේ හොඳම ගුවන් සේවය ශ්‍රී ලන්කන් කියලා. ඔයා ඔය මොනවාද කියවන්නේ? මහින්ද කාලේ ආර්ථිකය වැටෙන්න දුන්නේ නැහැ. ෆිච් රේටින් ඉහළ ගියා. දැන් පහළට වැටෙන්නේ මහින්ද නිසාද? බැරිකම වහගන්න යන ඔයාලා පැස්බරා වගේ වෙන්න යන්න එපා. (නි)
අපේ රටේ තිබුනේ මී වුන ආර්ථිකයක් (හේ)
අනිකාට අවලාද නගනවා කරන දෙයක් නැහැ. (ර)
ඔය ගුවන් සේවය ඇතුළු ගොඩක් දේවල් පිටරරට විකුණලා නේද තිබුනේ? දවසකට බිලියන ගණන් වියදම් යන යුද්ධයකුත් කරන ගමන් විකුණපු ගුවන් සේවය රක්ෂණ සංස්ථාව ඇතුළු සියල්ලත් ආපසු මුදල් ගෙවා රජයට ගෙන, අලුතින් වරායවල් ගුවන් තොටුපළවල්, අධිවේග හදලා, පොහොරත් නිකන් දීලා, කොළඹ ඇතුළු නගර වල ගුවන් පාලම් උද්‍යාන හදලා, බඩුමිල වැඩිවෙන කාලෙට හමුදාව දාලා වවලා එළවලු හාල් මිල අඩු කරලා, අන්තිමට ගෙදරක වැඩකට කෙනෙක් හොයාගන්න බැරි තරමට රැකියාවල් වැඩිවෙලා, සති අන්තයේ වන්දනා ගමනක් යන්නට බස් එකක් හොයාගන්න බැරි තරමට මිනිස්සු විනෝද ගමන් යන, හැම පාසලකටම පරිගණක විද්‍යාගාර ලැබිලා මේ රට සුරපුරයක් වෙමින් තිබුන යුගයක් ඒ. දැන් හැම දෙයක්ම කඩාවැටිලා (නි)
මිලියන් සහ බිලියන් ...? (නි)
කතාව පැත්තකින් තියලා රටට වැඩක් කරමුද මහත්තයෝ. ඔය කතා දැන් අපිට අහලා ඇතිවෙලා ඉන්නේ. (නි)
අර කියපු දුෂණ නැවැත්තුව නේද? දැන් ගොඩක් ඉතිරි කරගෙන ඇතිනේ... තෙල් වලින් එන ලාබය....(බ)
ඔහෙලගෙ බයිලා විතරයි, කවද වැඩක් කරයිද දන්නේ නෑ!(බ)
හඬ මිස වැඩ නැත! (බ)
රටේ සමස්ත ණය ප්රමාණය රුපියල් කෝටි 847500 ඒ කියන්නේ ඩොලර් බිලියන 60.5ක් නම් ශ්‍රී ලන්කන් එකේ විතරක් ඩොලර් බිලියන 933 ක ණයක් තියෙන්නේ කොහොමද කියල පොඩ්ඩක් කියන්න බැරිද. අපිව තවත් ගොනාට අන්දවන්න ඔබතුමන්ලට බැහැ.(බ)
දැන් අවුරුදු 1,1/2 ක්ම කියෙව්වේ මහින්ද හොරා මහින්ද හොරා කියන එක විතරයි. හොරකම් කලත් අඩුගානේ ගොවියාට පොහොර ටික 350 ට දුන්න. පාරවල් ටික හැදුව රට සැහෙන්න සංවර්ධනය වුණා. අපි තමුන් පත් කරගත්තට කරපු වැඩකුත් නැහැ අපේ බෙරේ පලුවකුත් නැහැ තාමත් කියවන්නේ මහින්ද හොරා කියන එක විතරයි. ඉතිරි අවුරුදු 3 ත් ඔකාම කිය කියා ඉන්න. (බ)
රජින්ද අපි දේශපාලනේ කරාට ගණන් ඉගනගත්තේ නැ මොකද අපි කඩේ යන්නේ සල්ලි නැතිවනේ (බ)
අපිට නම් ඔබතුමාලගෙයි, රාජපක්ෂ ආණ්ඩුවෙයි කිසිම වෙනසක් නැහැ. දෙගොල්ලොම කතාව ජාත්‍යන්තරය ජයගන්න වුණාට රටේ මිනිසුන්ට ආහාර, අධ්‍යාපනය හා බෙහෙත් ටික හරියට දෙන්න අසමත් අයනේ (නි)
මේ දේශපාලනඥයින් හිතාගෙන ඇති රටේ ඉන්න ඔක්කොම මෝඩයෝ කියලා. තමන්ගේ බැරිකම වහගන්න අනුන්ට චෝදනා කිරීමෙන් පලක් නැහැ. රටේ ණය බර ක්‍රමිකව 1948 සිටම වැඩි වුණා. ඊට මේ රට පාලනය කළ සියළුම දේශපාලන පක්ෂ වගකිව යුතුයි. මහින්ද සමයේ රටේ ණය බර වැඩිවීමට හේතුව පැහැදිලියි. එකක් තිස්වසරක යුද්ධයක් අවසන් කිරීම. ඒ සඳහා අවි කිසිම රටක් අපට නිකන් දුන්නේ නැහැ. දෙවැනි කරුන වරාය, ගුවන් තොටුපල හා මාර්ග සංවර්ධනය. (නි)
විපක්ෂයේ සිටිද්දි, ඡන්ද පොරොන්දු හදද්දී මේවා දැනගෙන හිටියේ නැද්ද? (නි)
හිතාගෙන ඉන්නේ රටේ මිනිස්සු මෝඩයි කියලද? බලය ගනිද්දී ඕවා දැනගෙන හිටියේ නැද්ද? දැන්වත් කතා නවත්තලා වැඩ පටන් ගත්තොත් හොඳයි (නි)
මහත්තයෝ, ගිය දේවල් ගියා. දැන් පාතාලයෝ වැඩ! අපේ ජීවිත අනතුරේ (නි)
ඔය ඉතින් පේනවානේ කරලා තිබෙන හරිය (නි)
ඩොලර් බිලියන 933 ක්? (නි)
සියලුම මුදල් අපචාර වලට වගකිවයුතු අය නිතිය ඉදිරියට ගෙනා යූතුයි. මේ වගේ පව් ගෙවන්න වෙන්නේ රටේ බහුතරයක් දුප්පත් ජනතාවටනේ. කෝටි ගණන් ගිලල දැන් තවත් ගිලින්න මාන බලනවා. ජනතාව අවදියෙන් සිටිය යූතුයි. (නි)
පහුගිය කාලෙත් ඔය ණය ගෙවාගෙන ගියානේ. ඔබතුමලත් ඒවා දැනගෙනනේ ආණ්ඩු බලය ගත්තේ. කතාව අඩුකරලා මේ නැඟගෙන එන පාතාලය පොඩ්ඩක් මර්දනය කරලා ඉමුද? මේ අවස්ථාවේ ඉටු කළයුතු කඩිනම් මහජන සේවය ඒකයි. (නි)
තිබෙන තත්වය කියන්නේ ජනතාව මේවා දැනගත යුතු නිසා. 2015 ගෙවන්න තිබෙන ණය පොළී හා වාරික නිසා ආණ්ඩුව ඉතා අරපරිස්සමෙන් තමයි කටයුතු කරන්නේ. ලංකාවේ මිනිසුන්ට වගකීම කියන නාමයක් නැහැ. (නි)
දැන් රට අරන් අවුරුද්දකට වැඩිනේ. හදන්නකෝ රට කතා නවත්තලා (නි)
අනේ අපි දන්නෙ නැහැ ඕවා (නි)
කතා, ඉලක්කම් වලින් වැඩක් නැහැ. මිනිසුන්ට පෙනෙන්න වැඩක් කරන්න (නි)
ඕව කිය කියා ඉන්න. වැඩක් තවම කළේ නැහැ. (නි)
සුනිල්, ණය කන්දරාව හැටියට මෙහෙම හරි රජය පවත්වාගෙන යන එක වටිනවා. (නි)
තව අවුරුදු 5ක් ගියත් මෙයාලා මේ රාජපක්ෂ තැටිය තමයි ගහන්නේ (නි)
දැන්වත් ජනතාව මෝඩයට අන්දවන්නේ නැතුව වැඩක් කරන්න (නි)