හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රත්නපුරෙන්, කුරුණෑගලින් හෝ ගම්පහෙන් තරඟ කිරීමට ඉඩ ඇතැයි ද, වැඩි කැමැත්ත කුරුණෑගල යැයි ද දැනගන්නට ඇත.
ඔහු කුරුණෑගලින් තරඟ කරන්නේ නම් ඔහුගේ සොයුරු ගෝඨාභය රාජපක්ෂ ගම්පට එතියි කියති. තමා ඡන්දයට ඉදිරිපත් වන බව ගෝඨාභය මහතා තවම ප්‍රකාශ කර නැත.
හිටපු ඇමැති ටී බී ඒකනායක මහතා පවසා ඇත්තේ හිටපු ජනපති කුරුණෑගලින් ඡන්දයට ඒම ස්ථිර බවයි. එහෙත් රාජපක්ෂ මහතා හෝ සන්ධාන ලේකම් හෝ ඒ බව මෙතෙක් ප්‍රකාශ කර නැත.
මහින්ද රාජපක්ෂ මහතා ගම් ප්‍රදේශය වන සුපුරුදු හම්බන්තොට අතහරිනුයේ කරුණු කිහිපයක් මත බවත්, එකක් නැගී එතියි කියන එක්සත් ජාතික පක්ෂ රැල්ලක් බවත්, අනෙක සිය පුත් නාමල්ට ඉඩ කඩ සලසා දීමට බවත් දේශපාලන ආරංචි කියයි.
පුළුවන්නම් බෙලිඅත්තෙන් තරඟ කර ජය ගන්නැයි ඇමැති රාජිත සේනාරත්නගේ පුත් චතුර සේනාරත්න හිටපු ජනපතිට අභියෝගයක් ද කළේය.
බැසිල් රාජපක්ෂට එල්ල වී ඇති මූල්‍ය අක්‍රමිකතා චෝදනා නිසාත්, ජනපතිවරණ ඡන්ද ප්‍රතිඵලය නිකුත් වීමෙන් පසු රට හැර ගිය නිසාත්, මහින්දගේ පරාජයට ප්‍රධාන හේතුව ඔහු නිසාත් ඔහු ගම්පහට ඉදිරිපත් කිරීමේ අවධානමක් ඇතැයි සන්ධානයේ කිහිප දෙනකු ප්‍රකාශ කර ඇතැයි ද, තවත් ප්‍රශ්නයක් වී ඇත්තේ ඔහු තරඟයට ඉදිරිපත් වී ප්‍රසන්න රණතුංග මහතා වැනි අයකු ඔහුට වඩා ඡන්දය ගතහොත් සන්ධානයේ ප්‍රතිරූපයට හානියක් වන බවට මතයක් ඇති නිසාත් යැයි ද දේශපාලන ආරංචි කියයි.
මෛත්‍රීපාල සිරිසේන ජනපතිය හිතවත් කණ්ඩායම වෙනම මහ ඡන්දයට තරඟ කළහොත් සන්ධාන මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්තට සහ ශ්‍රීලනිප මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපාට හිටපු ජනපතිගේ කණ්ඩායමේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකක් දීමේ ගිවිසුමකට එළඹීමේ යෝජනාවක් ද මේ දිනවල ඔවුන්ගේ පාර්ශ්වයෙන් ඉදිරිපත් වී ඇතැයි ද දැනගන්නට තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට "මහ රජතුමා " අනාගත ඔටුන්න අහිමි, කුමාරයා හැටියට නම් කර තිබ්බ එක්කෙනා එන්නේ කොහෙන්ද ? පාර්ලිමේන්තු අසුනක් තරඟ කරන කෙනෙක් ඒ ප්‍රදේශයේ පදිංචි කරුවෙක් කියා මැතිවරණ නීතියක් ශ්‍රී ලංකාවේ නැද්ද ? (ම)
මහින්ද, ගෝඨා කොහෙන් ආවත් උඩින්ම දිනුම්. (නදී)
කණිෂ්ක, ඔයා රටත් ලෝකයත් දන්නේ නැති කෙනෙක් වගෙයි පෙනෙන්නේ. (නදී)
අනාගතයේදී අපේ දරුවන්ට ලැබෙන්නේ මොන වගේ අනාගතයක්ද කියල අපිට බොහොම පැහැදිලියි .(ම)
රටට යන කළක්, අප ශ්‍රී ලංකාව .....!(හේ)
ජයවේවා! (නි)
ඒ කියන්නේ නැවතත් රට අරක්ෂා වෙලා, සංවර්ධනය කඩිනම් වෙන එකද? සමහරු හිතන්නෙ එහෙමනේ.(හේ)
කුරුණෑගල ජනතාවගේ අභිප්‍රාය වන්නේ තම දිස්ත්‍රික්කය සංවර්ධනය කළහැකි තම භුමියේ උපන් අයෙකු මිස තම ඡන්ද කොට්ඨාශයෙන් පිට අයෙකු නොවේ. (නි)
එනවා වගේම ගෙදර යන්නත් ලෑස්තිවෙලා එන්න. (හේ)
මේ අය ජය ගනීද?(හේ)
මහින්දට මොකද මේ සමහර අය මේ තරමට වෛර කරන්නේ?මෙතුමා නේද අපට යුද්දේ ඉවර කරලා දුන්නේ.රට සංවර්ධන මාවතට ගෙනාවේ?අපේ රටේ මිනිස්සු මේ තරම්ම පිරිහුණු අයද?(හේ)
අපි සිරිසේන මහත්තයට බැහැලා වැඩ කළා. දැන් අපිට කෙලවලා, (ම)
ජනපතිවරණයක් තියල කෝටි ගණන් සල්ලි නාස්ති කළේ අැයි? එදාම මෛත්‍රී ඉල්ලන්නේ නැතිව ඉන්ට තිබ්බේ. (බ)
තුන් කට්ටුවට මෙවර ජය ගැනීමට හැකියාවක් නොමැත.(හේ)
ගෝඨාභය මහත්තයා තරග කළ යුත්තේ කොළඹින්.(හේ)
ගෝඨාභය මැතිතුමාව සාදරයෙන් පිලිගන්නවා ගම්පහට .(හේ)
රට දියුණු උනේ, රට සංවර්ධනය උනේ, යුද්ධය නැති උනේ මහින්දගේ කාලයේ (නදී)
හිටපු ජනාධිපතිවරයෙක් අගමැති පුටුවට තරඟකරනවා දැක්කේ ලොකේ පළවෙනි වතාවට. (නි)
රටට නිදහස ලබාදුන් යුග පුරුෂයින්ට අපේ ආශිර්වාදය. (නදී)
කොහෙන් ආවත් කෑම ස්ථීරයි. (නදී)
දැන් නැවත වරක් මේ කට්ටිය කරලියට එන්ඩ වගේ ලෑස්තිය සුදුවන් සංස්කෘතිය නැවත පටන්ගනී නේද රටකට ගිය කල. (ම)
රැලම නැවත එනයි යන්නේ.ලංකාවේ දේශපාලනය ගැන ලැජ්ජයි.(ම)
පාඩමක් ඉගෙනගෙන නැති හැඩයි එහෙනම් කම්බා හොරු සමග ආයෙත් හෙලුවෙන් ඉන්න ලැහැස්තිය දේශපාලනෙත් තිත්ත වෙනවා දැන්නම් (බ)
රට යුද්ධයෙන් නිදහස් කරගත් සංවර්ධනය කළ රටට හිතවත් කව්රු ආවත් ජයවේවා (බ)
අපි රටේ අනාගතය ගැන සිතිය යුතුයි. තිස් වසරක යුද්දයෙන් පසු නැගිටින ලංකාව සියලු දෙනා එකතුව වැඩකර ගොඩනැංවිය යුතුයි (බ)
සෞදියෙ අයට කොහෙන්ද දන්නෑ සුදුවෑන් ආවේ. අපි දන්න විදිහට සුදුවෑන් වලින් ගියේ සමාජ විරෝධී අපරාධ කාරයො. (බ)
අපේ රටේ මිනිස්සු හරිම කල්පනාව අඩු කට්ටියක්. ඉක්මනට අමතක වෙන ගතියකුත් තිබෙනවා. එ් බව මහින්ද පාර්ශවය හොඳට දන්නවා. එ්ක තමා අපේ රටේ කර්මය. කණගාටු හිතෙනවා. (බ)
මේ කොමෙන්ට් දාන අය ලංකාවේද කියලා මට සැකයි. මේ අය ලංකාවට කරපු සේවය දන්නේ නැතිව වගේ. කෝ හොරු ඇල්ලුවද? බිළිදුන් ගණන් ගහලනම් ඉතින් ලෙහෙසිනේ අල්ලන්න. ලංකාවේ සුදුව දැන් නැද්ද.?මිනිසුනේ දැන් 21 වැනි ශතවර්ෂය (බ)
ජනපති වෙලා කාගෙත් දිනු ආදරය එනමුත් ගියේ උන්දෑ වෙන පාරකය අගමැති වෙන්ඩ ඇඳගෙන යළි සාටකය මේ පෙන්නන්නෙ බලයට ඇති කෑදරය (බ)
කුරුණෑගලින් උඩින්ම දිනුම් මහින්ද මහත්තයා. අපි නිදහසේ මරබිය නැතුව වැටිලා ඉන්නේ මහා පොළව රැකදුන් මහින්ද රාජපක්ෂ මැතිඳුන්ගේ එඩිතරබව නිසයි. (නි)
මේවා දවල් හීන . සිරිසේන මහත්තයා ලංකික ජනතාව මුළා කලා මදිවාට රාජපක්ෂ රැලටම ඡන්ද අපේක්ෂකත්වය දෙන්න යන පාටයි .(ම)
යහ පාලනයට මහන්සි වුණ අපිට දැන් සනීපයි. (ම)
රට ගැන හිතන කොන්ඳ පන ඇති නියම නායකයා මහින්ද (නදී)
අනේ අපට දෙවියන්ගේම පිහිටයි (ම)
මේවාට තමයි කියන්නේ අපි ඉල්ලන් කෑවා කියන්නේ.(ම)
මේ සැරේනම් රටටම "සොරි.කොම්" තමයි.(ම)
කොහොමත් මුළු පවුලම නෑවිත් ඉන්නේ නැහැ එත් එයාලා එන්නේ මොන පක්ෂයෙන් ද කියලා නැති එකයි ප්‍රශ්නය (ම)
මේ වෑයම පරාජය කර නැවත රටම නිදහස් කරගන්න පෙරට එන්න ඕනේ කාලයක් මේක .(ම)