උගන්ඩා ජනාධිපතිවරයාගේ පදවි ප්‍රාප්ති උත්සවයට සහභාගි වීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (11) අලුයම 3.15 ට කටුනායක ගුවන්තොටුපළින් උගන්ඩාව බලා පිටත්ව ගියේය.
එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ. 349 දරන ගුවන් යානයෙන් ඩුබායි හරහා උගන්ඩාවට පිටත් වීම සඳහා රාජපක්ෂ මහතා කටුනායක ගුවන්තොටුපළේ අති විශේෂ අමුත්තන්ගේ කුටියට පැමිණ සිටියේ උගන්ඩා ජනාධිපතිවරයාගේ පදවි ප්‍රාප්තිය වෙනුවෙන් පැවැත්වෙන උත්සවයට ලැබී ඇති අරාධනාවකට අනුවය.
මෙම සංචාරය සදහා මහින්ද රාජපක්ෂ මහතා සමග සතියක කාලයක් විදේශ ගත වීමට අවසර ඉල්ලා හිටපු ජනපති පුත් යෝෂිත රාජපක්ෂ කඩුවෙල අධිකරණයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් එම අයැදුම කොළඔ මහාධිකරණය හමුවට යොමු කරන ලෙසට නියෝග කැරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උගන්ඩාව ගැන දන්නා අයනම් එහෙ යන්නේ නැහැ . අපේ රජතුමා එහෙ ජනාධිපතිටත් මිලියනයක් ආධාර දුන්නා .හිතා ගන්නකො ආරාධනා නොකර කොහොමද ? (බ)
ඉඩි අමීන් වගේ ගෝත්‍රිකයො හොයන්නෙත් ඒවගේම ගෝත්‍රිකයොම තමා (බ)
අපේ මිනුස්සු වගේ නිහින ජාතියක් තවත් නැහැ හිටපු ජනාධිපති තුමා බටහිරට කත් ඇද්දේ නැහැ කොන්ද කෙලින් තියන් වැඩ කළා මේ වගේ තුනට නැමුණේ නැහැ බටහිර රටවල් ඉදිරියේ අපි ඒගොල්ලන්ට නැමුන නම් තවමත් යුද්දේ තමයි අපේ මිනිස්සුන්ට මුල මතක නැහැ මහින්ද වැරදි කරන්න ඇති නමුත් රටත් වැඩක් කළා කියන එක අපි නිහතමානීව පිළිගන්න ඕනි (බ)
රටේම සල්ලි ගසාකෑවහම, එයට මිනිස්සු පුරුදු කළහම බළල්ලු වගේම පොරකනවා මිසක් රටක් පරපුරක් යහපත් සමාජයක් ගැන හිතන්නේ නැහ. පොඩි ළමයාත් පුරුදු වෙන්නේ හොරකම් කරන්න ලොකු අය කරන දේවල් බලලා. (නි)
ඔය ගමන් ස්වාසිලන්තේ යාලුවත් බලලාම ආවා නම් හොඳයි නේද (නි)
අද අපේ රටේ බොහෝ දෙනෙකු නායකයෙකුට තිබියයුතු ගතිලක්ෂණ, ගුණධර්ම මොනවද කියා දන්නේ නැත. (නි)
රජීව් අදහස් කළේ, එ්කාධිපතියෙකුට, එ්කාධිපතියෙක් උගන්ඩාවදී මුණගැහෙයි කියලද? (නි)
මහින්ද රාජපක්ෂ කියන්නේ කොන්ද පණ අැති නායකයෙක්. ලැජ්ජාවක් නැතුව රටේ ජනාධිපති කියලා කියන්න පුළුවන්. මහින්ද රාජපක්ෂ යුද්ධය තියන වෙලාවෙදිත් බටහිර රටවලට බය වුණේ නැහැ. අද යහපාලනයට ඡන්දේ දීපු නැති අයට විතරක් නෙමෙයි, ඡන්දේ දීපු අයටත් වැට් එක වදිනවා. රටේ කිසිම සංවර්ධන වැඩක් වෙනවද? ඇමතිලට බදු නිදහස් වෙනවා. පාරිභෝගිකයාට බඩේ පහර. ඔන්න ඕකයි යහපාලනය... (නි)
රොහාන් දයාදර, ඔබ හරියටම හරි. කෙනෙකු ඇසුරු කරන අය දිහා බලා ඔහුව මැනගන්න පුළුවන් කියන එක ලෝක ප්‍රසිද්ධ කියමනක්. (නි)
කරුණාකරලා 2015 මහ බැංකු වාර්තාව බලන්න. 2015 අපේ රජය කෝටි ලක්ෂයක් ණය බර වැඩිකරලා. මේ රජයේ පඩි වැඩි කිරීමට සහ අනෙකුත් මැතිවරණ සමයේ දීපු සහන වලට සහ රුපියල අවප්‍රමාණය වීමේ ප්‍රතිඵලයි. කණ්ණාඩි ගලවා මහින්ද රට පාලනය කළ අයුරු බලනු මැනවි. (නි)
ෂා මුහුණේ තිබෙන ලස්සන (බ)
ඔය ගමන් ස්වාසිලන්තේ යාලුවත් බලලාම ආවා නම් හොඳයි නේද කියල සමහරු කියනවා ඒ ඊර්ෂාවට ඔබතුමාට කියනවා ඒ ව ගණන් ගන්න එපා (ම)
මහින්ද රාජපක්ෂට ඇරයුම් ලැබෙන්නේ උගන්ඩාව ස්වසිලන්තය , ඉරාකය ලිබියාව වාගේ රටවලින් , විශේෂ වැදගත් රටවල් ඒවා ලෝකයේ , අපිට ආඩම්බරයක් (හේ)
ගිය සැරේ ගිහිල්ලා වෙන වෙන අය හම්බවුනා. මේ සැරේ මොන ප්ලෑනක්ද දන්නේ නැහැ.(හේ)
එක වගේ කුල්රුල්ලෝ එකට ලගිනවා.(හේ)
මේකයි, ඒ රටේ අය තාම දන්නේ නැහැ හිටපු ජනාධිපති බලයෙන් පහ කරා කියලා.(හේ)
පහු වෙලා හරි මහින්ද මහත්තයාට තියෙන ඉල්ලුම නැති වෙලා නෑ (ම)
මෙතුමා වටේ හැමදාම හිටියේ ගතයුත්තක් නොමැති මේ වගේ මිත්‍රයෝ තමයි. (ම)
උගන්ඩාවේ එක්කනා හයවෙනි වතාවටලු දිවුරුම් දෙන්නේ, හිත හදාගන්නත් එක්ක යන්න ඇති. (ම)
බලයේ ඉන්නකොට මේ මිත්‍රයාට හොඳට හැමදේකින්ම සළකන්න ඇති. එ්කයි බලය නැතිවුණත් මෙයාටම එන්න කියන්නේ (නි)
තමන් ඇසුරු කරන පිරිස දෙස බලා ඕනෑම පුද්ගලයෙක් කවුද කියා අවබෝධ කරගත හැක. අප්‍රිකාව අදටත් දුප්පත් වෙලා තියෙන්නේ දුෂිත නායකයෝ නිසා (නි)
උගන්ඩාව හොඳයි. වෙන ඉතින් කොහේ යන්නද? (නි)
මෙතුමාව විනාශ කළේ පිටින් ආ අය නොවෙයි. එතුමාගේ පරම්පරාවේ සහ පවුලේ අයයි. වටේ හිටපු කෛරාටික සහචරයින් ටිකයි. ඔය හැමෝම හිතුවා එතුමා එක්ක රනිල් මහත්තයම තමයි ජනපතිවරණයට තරඟ කරන්නේ කියලා. දැන් ඒ හැමෝටම ඉන්න වෙලා තියෙන්නේ "කටු කෑවා නම් දුක විඳපන් බළලෝ" න්‍යායට අනුවයි. (නි)
දැන්වත් මහින්දට කඩේයන උදවියට තේරෙන්නේ නැද්ද ඔය ඇත්තන්ගේ සම්බන්ධකම් තියෙන්නේ ලෝකෙන්ම කොන්වූ අය එක්ක කියලා. (නි)
මොහු තවම තමන් යන මඟ වෙනස් කළේ නැහැ නේද? තවමත් මොහුට මිනිස්සු අඬන්නේ මොන පදනමක සිටද? පහුගිය වසර දහය තුළ මිනිස් මොළ කුරුවල් වූ තරම.!!! (නි)
එකම ජාතියේ අය එකම අත්තේ වහන්නේ. (ම)
බලය නැතත් නම විශිෂ්ටයි. මහින්ද නම ලෝකයම පිළිගන්නවා (නි)
සුබ ගමන් ජනාධිපතිතුමනි. ඔබතුමා අපට පමණක් නොව ලෝකයටම වටිනා නායකයෙක් (නි)
මෙයාට ඔච්චර ජනතාව කැමති නම් මොකද පැරදුනේ? මම හිතන්නේ විදේශීය කුමන්ත්‍රණයක් වෙන්න ඇති (නි)
ඔන්න නායකයෝ ලෝකයම පිළිගත්. කුහක හිත් වලට සත්‍ය අවබෝධ වේවා! (නි)
අපේ සිංහල මිනිසුනේ, යුද්ධය දිනන්න උදව් කළේ සුද්දෝ නොවේ. පාකිස්තාන්, ලිබියාව, චීනය වගේ රටවල්. උගන්ඩාව කියන්නේ අහිංසක දුක්විඳින මිනිස්සු ඉන්න රටක්. සපත්තු විකුණන්න ඕනෑ සපත්තු තියෙන රටක නොවේ, සපත්තු පාවිච්චි කරන්නේ නැති රටකට. මහින්ද හිතන පතන විදිහ වෙනස්. එ්ක තමා එතුමාගේ ජනප්‍රියත්වය (නි)
ගහට ගහක් මොරටුවේදී මුණගැහෙනවලු.... (නි)
නන්ද මහත්තයෝ, මට නම් හිතෙන්නේ දුක්විඳින බළල්ලු අපිමයි කියලා. යහපාලනයකට ඡන්දෙ දීලා දැන් නැහෙන්නේ අපි (නි)
බටහිර රටවල් අමනාප යුද්ධය කරද්දී ඇතිවුණ ප්‍රශ්න නිසා නේද? (නි)
නන්දගේ අදහස හරියටම හරි (නි)
ලෝකය කියන්නේ ශ්‍රී ලංකාවයි, උගන්ඩාවයි, ස්වාසිලන්තයයි විතරක් නම් කොයිතරම් හොඳයිද කියලා මහින්දට හිතුන වාර අනන්තයි අප්‍රමාණයි වෙන්න ඇති. එතකොට ඉතින් ලෝකෙම පිළිගන්න නායකයෙක් වෙනවනේ (නි)
ඒ කියන්නේ අපේ රටේ ඉන්න එකම නායකයා මහින්ද බව හැමෝම දන්නවා (ම)
රොමේෂ්, ඔබට නම් එහෙම හිතෙනවා ඇති නොදන්නා කමට, එහෙත් මහින්ද මහතා සංචාරය කළ රටවල් සහ මුණගැසී ඇති රාජ්‍ය පාලකයන් ගැන දන්නා අයෙක් ඔවැනි දෙයක් පවසනු නොමැත, අස්ථාවරව තිබු රටක් ස්ථාවර කළ මෙතුමාට මෙතරම් මඩ ප්‍රහාර මැද නොසලී ඉන්නට තිබෙන ශක්තිය ගැන පුදුම වෙමි (බ)
ජනපති එංගලන්තයට, හිටපු ජනපති උගන්ඩාවට. තේරෙන අයට තේරෙයි (බ)
බටහිර රටවල් වලට අනුව නටන නායකයන්ට ඔවුන් කැමතියි අපේ රට ස්වාධීන රටක් (බ)
මහින්ද රාජපක්ස පැරදුනේ නැහැ පැරද්දුව මිනිසුන්ට බොරු කියලා මුලා කරලා දැන් පේනවා නේද සත්‍ය (හේ)
සුබ ගමන්.(හේ)
උගන්ඩාවට ගිහින් එන ගමන් ස්වාසිලන්තෙටත් ගිහින් එන්න පුළුවන් (නි)
යමුනා, ඔබ අපේ රටේ දැන් ප්‍රශ්නය ඉතා කෙටියෙන් කියා තිබෙනවා. "පහුගිය වසර දහය තුළ මිනිස් මොළ කුරුවල් වූ තරම!!" (නි)
වීරයෝ නම් වෙනත් රටවලටයි යන්නේ (නි)
ලෝක නායකයෝ වෙන්න හැමෝටම බැහැ. ඒ නිසයි හිටපු ජනාධිපතිතුමාට ඇරයුම ලැබුනේ (නි)
රටේ ධනස්කන්දය ගසා කාපු අය ලංකාවෙ වගේ කොහෙවත් නැහැ. (බ)