මාර්තු 10 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු හත්දෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න මහතා අද (13) සිතාසි නිකුත් කළේය.
පසුගිය ජනපතිවරණයේදී ජන්ද වැඩට යොදා ගත් ලංගම බස් වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් දාහතර කෝටි විසිලක්ෂයක් අයකර දෙන ලෙස ඉල්ලමින් මේ නඩුව පවරා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගාමිණී කියන විදිහට තමයි හේමන්ත කතා කරලා තියෙන්නේ! (අ)
තිලක්-ඩුබායි අහපු එක මම අහන්නත් හදලා පළ නොකරන නිසා ඇසුවේ නැත.හොඳ ප්‍රශ්නයක්. (බ)
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
මේ නඩුව ඉක්මණින් අවසන් වෙනතෙක් අපි බලා ඉන්නවා (නි)
මේ නඩුව කවදා අවසානයක් වෙයිද දන්නෙ නැහැ (නි)
අලුතින්ම හොයාගත්ත මගඩිය දන්නවද...?රත්තරන් ටොන් 40 ක් ජපන් කොම්පැනියකට හොරෙන් විකිණීම. රුපියල් මිලියන 232788 ක හොරකමක්. (අ)
මට මතක හැටියට වෙල්ගම ඔය කාලේ කිව්වා සත පහක්වත් නයට බස් දෙන්නේ නැහැ කියල , දැන් වෙල්ගම මොකද කියන්නේ (ම)
කලබල වෙන්න දෙයක් නැහැ. අපි බලමු (නි)
වරදක් කර නැත්නම් බයවෙන්න දෙයක් නැහැනේ (නි)
ඔහොම යමුකෝ! (නි)
මේවා නම් විකාර වැඩ. රට සංවර්ධනය නොකර කුණු කන්දල් අවුස්සමින් කාලය ගත කරනවා. ඇත්තටම මේ ආණ්ඩුව මොන සංවර්ධනයක් ද කරන්නේ, නඩු හබ දමමින් විතරයි ඉන්නේ. කෝ මිනිස්සුන්ට දෙන සහන? මෙහෙම පාලි ගන්න ගියොත් කොතනින් කෙලවර වෙයිද දන්නේ නැහැ. වැරදි හොයනවානම් 77 ඉඳල හොයන්න ඕන. වෛරයෙන් වෛරය නොසන්සිදේ. කොච්චර කල් මිනිස්සු ඉවසයි ද මේ දේවල්? (ස)
වැරදී හොයල දඬුවම් දිය යුතුමයි. (ස)
ලබන අවුරුද්දෙද අහන්නෙ. මෙහෙමත් නඩු අැහිලි. මෙවන් සිද්දියක් වෙලත් අවුරුද්දකට පස්සෙද නඩු අහන්නෙ, බොරු වැඩ. මහජනයා නොමග යවන වැඩ. (ස)
අයිටීඑන් නාට්ටියේ දෙවෙනි කොටස බලාපොරොත්තු වන්න. (ස)
හේමන්ත, ඔබගේ ඉල්ලීම් ආත්මාර්තකාමීයි .ඔයිට වඩා නරකද දෙපයින් නැගිටිලා රට ගැන බලා නොයිඳ රටට වැඩදායි පුද්ගලයෙක් උනොත්. (ස)
මේව මහජන මුදල් අනිසිබවිතා කිරීමක් . මේ ගැන හොයන්න ඕනේ. දඬුවම් දෙන්න ඕනේ . එ්ක පලිගැනීමක් නෙමේ. (ස)
රාජපක්ෂවරුන්ට රුපියල් දාහතර කෝටි විසිලක්ෂයක් කියන්නේ කජු ඇට කොස් ඇට වගේ. දැන්වත් බොරු ශෝබන නවත්වල ඩුබායි රටේ බැංකු ගිණුම් 8 යක දාල තිබෙනවා කියන රුපියල් කෝටි 46782 (ඩොලර් කෝටි 339) ගැන හොයන්න.දෙන්න පුළුවන් උපරිම දඩුවම් දීපල්ලා. (බ)
ශිෂෙල් රටේ බැංකු වල,ඉතාලි රටේ සෙන්ට් ෆ්රැන්සිස්කෝ බැංකු වල,ඩුබායි රටේ බැංකු වල පුරවල තිබෙන අසරණ මිනිසුන්ගෙන් ගසා කාපු ධනස්කන්දය නැවත ජනතා අයිතියට පත් කරන්නේ කවදද?දඩුවම් දෙන්නේ කවදද? (බ)
අපිට කොච්චර කාලයක් බලාගෙන ඉන්න වෙයිද දන්නෙ නැහැ මේකේ අවසානයක් දකින්න? (නි)