ශ්රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසකවරයකු ලෙස තමන් උභතෝකෝටික ප‍්‍රශ්නයකට මුහුණ දී සිටින බව හිටපු ජනාධිපති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද රාජපක්ෂ මහතා අම්බලන්තොට රිදීයගම දී පෙරදින (4) පැවැති ජනතා හමුවකදී පැවසුවේය.
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉල්ලා අස්වන්නැයි ඇතැම් අය යෝජනා කරද්දී තවදුරටත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේම රැඳී සිටින ලෙස තවත් පිරිසක් ඉල්ලා සිටීම එයට හේතුව ලෙස ප්‍රකාශ කළේය.
අද වන විට තමන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේත් එක්සත් ජාතික පක්ෂයේත් පොදු සතුරා වී සිටින අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සෙසු පක්ෂ අත හැර තනිව මැතිවරණයකට මුහුණ දුනහොත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පරාජය වන බව රාජපක්ෂ මහතා පැවසිය.

![DSC01660[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/DSC016601.jpg)
![DSC01664[2]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/DSC016642.jpg)
![DSC01667[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/DSC016671.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවිත්‍ර,මහින්දට ශ්‍රී ලංකා පක්ෂය නැතුව ආවත්, විමල්ට ආවත් සිද්ධවෙන්නේ එකම දෙයයි. ඇඩ්‍රස් නැතුව තමයි ගෙදර යන්න වෙන්නේ. (නි)
ඔබ පසුගිය කාලයේ සිදුවුණ වැරදි හදාගෙන ඕනෑම පක්ෂයකින් එන්න. අපි ඡන්දෙ දෙනවා. (නි)
මෙයා නිකම් කතා කරන්නේ ඔක්කොම කරන්නේ අපි කියන නිසා වගේ. මෙයා බබා. (ස)
කළ හොඳ නරක අප පස්සෙන් එනවා.... (නි)
ඔබතුමා හොඳයි. ඒත් ඔබතුමා වටේ ඉන්න අයට තමයි අපි කැමති නැත්තේ (නි)
අපි නිදහස් පක්ෂයට තවත් ඡන්දෙ දෙන්නේ ඔබතුමා හිටියොත් විතරයි. (නි)
ඔබතුමා මේ වෙනකොටත් බලයේ හිටියා නම් , අපිට මේ වෙනකොට මොන මොන ප්‍රශ්න ඇතිව තිබෙයිද කියලා හිතාගන්නත් අමාරුයි (නි)
කරුණාකර ඔය බලයට කෑදර රටට ද්‍රෝහී අය අතහැර ප්‍රගතිශීලී ජනතාවට නව පෙරමුණක් හදන්න.දැන් ශ්‍රීලනිපයක් නැහැ අපිට පෙනෙන හැටියට. (නි)
ශ්රී ලංකා නිදහස් පක්ෂය ලංකාවේ කිසිම ඡන්දයක් තනි පක්ෂයක් ලෙස දිනාගෙන නැහැ කවදාවත්. (බ)
වාර දෙකක් ඉදලා විශ්‍රාම අරගෙන පැත්තකට වෙලා හිටියනම් පක්ෂ පාට භේදයක් නැතිව හැමෝගෙම ගෞරවයට පාත්‍ර වෙනවා.(ම)
අපි අලුත්ම පක්ෂයක් හදමු (නි)
අපිට නම් තියෙන්නේ ඉතින් එදාවේල හොයාගන්න ප්‍රශ්නය තමයි (නි)
ඔබතුම කිවත් අපි ශ්‍රී ලංකා එකට ජන්දෙ දෙන්න නෑ ගෙදරට වෙලා නිදා ගන්නවා ! (ම)
දර්ශන, ඔබ හරි. ඒත් මේ වගේ රටට ආදරයක් තිබෙන කෙනෙකුට නිශ්ශබ්දව බලාඉන්න බැහැ (නි)
මෙතුමාට තිබෙන ගැටලුව මේකද?? (නි)
මහින්ද මහත්තයාව අපි කවදාවත් තනිකරන්නේ නැහැ (නි)
ඇති විශාල ජනකායක් !(ම)
මා දන්නා දේශපාලනය ඔබ පමණයි (ම)
ඔන්න ඔය ප්‍රශ්න අමතක කරලා හිත සැහැල්ලුවෙන් ඉන්න. (නි)
ඔන්න ඔය දේවල් අමතක කරලා දාන්න මහත්තයෝ (නි)
ඔබතුමාගේ යුතුකම, අපේ සිහිනය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඕනෑම කෙනෙකුගේ නායකත්වය යටතේ දිනවීමයි. අවස්ථාවාදීන්ට රැවටෙන්න එපා. (නි)
බලයට තිබෙන කෑදරකම නිසා නේද තවදුරටත් බලයේ ඉන්න හදන්නේ? ඇයි දෙයියනේ රටට ආදරයක් තිබෙනවා නම් පාඩුවේ ඉන්න බැරි? (නි)
අම්මෝ! මෙතුමාටත් තිබෙන ප්‍රශ්න? (නි)
කාලය හොඳ ප්‍රශ්න විසඳන්නෙක් (නි)
ඔබතුමා විතරක් නෙවෙයි. අපිත් අලි ප්‍රශ්නයකට මැදි වෙලා..(ම)
ශ්රී ලංකා නිදහස් පක්ෂයේත් එක්සත් ජාතික පක්ෂයේත් පොදු සතුරා බවට පත් වුණේ තමන් විසින්ම බව අමතක වගෙයි. (ම)
අපි කොහොමද ඔබතුමාට උදවුවෙන්නේ? (නි)
ගරු හිටපු ජනාධිපතිතුමනි, ටික කලකට හෝ දේශපාලන කටයුතු වලින් ඉවත්ව දේශපාලන නොවන ආගමික සහ සමාජ කටයුතු වල නියැලෙමින් ජනතාව අතර හිඳින්න. ඔබේ වටිනාකම අදට වඩා හෙට ජනතාවට වැටහෙනු ඈත. එසේ නොවුණහොත් අද සිදුවන සියලු වැරදිත් ඔබතුමා පිටම පැටවෙනු ඇත. (නි)
මොකටද අප්පේ මේ වගේ ප්‍රශ්න හිතේ දරාගෙන දුක් විඳින්නේ? විශ්‍රාම සුවෙන් සැනසීමෙන් ඉන්න පුළුවන් කාලයක් නේද මේ? (නි)
ජයග්‍රහණය කරා යන ගමනේ පසුබැසීම් ද සිදුවිය යුතුයි (බ)
ශ්රී ලංකා නිදහස් පක්ෂයක් දැන් නැහැ..දැන් තියෙන්නේ අලි වලිගයක් විතරයි..සැබෑ විපක්ෂයට නායකත්වය දෙන එක ඔබගේ වගකීම..යුතුකම..ගහන්න ගහන්න වදින මිනිහත් මෝඩයෙක් දැන් මේ විකාර බැලුව ඇති..තව දුරටත් නිදහස් පක්ෂයක් ඔබට නැහැ..බණ්ඩාරනායක මහත්තය එදා යු අැන්පියෙන් එලියට බැස්ස වගේ එලියට බැහැල නව දේශපාලන බලවේගයක් බිහි කරන්න.ඊලග මැතිවරණයට තව වසර පහක් තියෙනවා..ඒ කාලය ඇති ඒ බලවේගය ශක්තිමත් කර ගන්න..ඔබ කිව්වත් නැවත මයිත්‍රී හෝ මේ ද්‍රෝහී රැල සිටින ශ්‍රී ලංකා එකට අපේ ඡන්දය නැහැ..අපි ඒක දානවා බල්ලට..(බ)
ඔබ තුමා ජනපතිට සහයෝගය දුන්නොත් ශ්‍රී-ලංකා නිදහස් පක්ෂත් ජනතාවත් දිනුම්, නැත්නම් රනිල් අලියා දිනුම්.(ම)
ගොඩක් කට්ටියට දැන් තියෙන්නේ අලි දමපු ප්‍රශ්නයක් තමා (ම)
අපිට නම් හිතෙන විදිහට දැන් රටට ජාතියට හිතවත් ශ්‍රීලනිපයක් නැහැ. අපේ ඡන්දෙ නම් අපි දෙන්නේ නැහැ. ඡන්දය කැබලි වලට ඉරලා ඡන්ද පෙට්ටියට දානවා. (නි)
ජාතික ප්‍රශ්නවලට මුල් තැන දෙමුද ? (ම)
අපි සැමදා ඔබ සමඟයි මැතිතුමනි! (නි)
ඔබ කවදත් ගත්තේ නිවැරදි තීරණ... (නි)
ඔබට ජයවේවා! (නි)
පසුගිය වැරදි ගැන හිතලා, අඩුපාඩු ගැන නැවත හැරී බලා, සුදුසුම කට්ටිය තෝරාගෙන එන්න. අපි ඔබතුමා එනතුරු මඟ බලා සිටිනවා. නව බලවේගයකට පුර්ණ සහය! නිර්පාක්ෂික අපි කැමති ඔබතුමාට (නි)
ඔබට ජය වේවා! (ම)
ඔබට ජය වේවා! (ම)
ශ්‍රීලනිපයේ එජාපයේ විතරක් නොවෙයි, ඔබතුමා ඒත් එක්කම මුළු ලෝකයේම පොදු සතුරා බවට පත්වුණේ 2009 මැයි 18 වෙනිදා, යුධ ජයග්‍රහණයෙන් පසුව. ඒ ගැනත් හිතුවා නම් අද මෙහෙම වෙන්නෙ නැහැ. (නි)
සුනිල්,එහෙම කරලා පුලුවන්ද? තමන්ගේ සිහින වලට මොකද වෙන්නේ? (නි)
තවත් අවුරුදු 2 ක් හිටියා නම් බලන්න තිබුනා..... (නි)
අපිට තියෙන ප්‍රශ්න වල හැටියට මේවත් ප්‍රශ්නද? (නි)
ඔන්න ඕවා ඔක්කොම අල්ලලා දාලා දේශපාලනයට සමුදෙන්න මහත්තයෝ (නි)