නව වසර උදාවන අවස්ථාවේ හිටපු ජනපති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා සිටියේ කතරගම දේවාලයේය.
දුමින්ද දිසානායක, විජිත් විජයමුණි සොයිසා ඇතුළු යහපාලන ආණ්ඩුවේ මැති ඇමැතිවරු පිරිසක් ද දේවාලයට ගොස් සිටියහ.
මහා ජනකාය අතරේ විජයමුණි මහතා දුටු හිටපු ජනපතිවරයා ඔහුගේ හිසට අත තියා නව වසරට සුබ පැතීය.
පසුගිය ජනපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය දැක්වූ විජයමුණි මහතා මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති වීමෙන් පසු ඔහුගේ පිලට පැමිණියේය. ‘අප්පච්චි මළා‘ යැයි ඔහු කී ප්‍රකාශයක් ඒ දිනවල ආන්දෝලනයකට තුඩු දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද හැමෝම ඉදිරියේ ඉන්නේ සිංහයෙක් වගේ (නි)
එය තාමත් සිංහයෙක් තම ....එකනේ යහපලනෙට එයාව වට්ටගන්න බැරි වෙලා තියෙන්නේ....... (කෞ)
අබය, ඔබ සිංහයන්ගේ ජීවන රටාව හොඳින් දැනුවත් අයෙක් බව සිතිය හැකිය. (කෞ)
අප්පච්චි ඔබ අපගේ දෙවැනි දුටුගැමුණු රජුය. අප සැම ඔබ සමඟය. සියලු දෙවි දේවතාවන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා! (නි)
තමන්ට එරෙහිවුණ කෙනෙකුගේ හිසට අතතියා නව වසරට සුබ පැතීමට තරම් හිත හදාගන්නේ කොහොමද? (නි)
මිනිසෙකු සිංහයකු වන්නේත් නරියකු වන්නේත් ඔහු කරන ක්‍රියා අනුවය (නි)
නයෝමි,හොරාකෑම ගැන කොතරම් අවබෝධයක් ඔබට තිබුනත්, මෙතැනදී වැරදීමක් වෙලා තිබෙනවා. මහින්ද කියන්නේ රට බේරාගත් ඉතාම ශ්‍රේෂ්ඨ නායකයෙක්. එතුමාගේ වටේ හිටිය අය තමයි එතුමාව ඔය තැනට පත්කළේ. (නි)
ඔබ තුමා ගැන සතුටුයි (කෞ)
මහින්ද මහත්තයා කවදත් ශ්‍රේෂ්ඨයෙක් (නි)
මහින්ද කියන්නේ හොඳ මිනිසෙක් , නමුත් වටේට සිටියේ වල් සත්තු .(කෞ)
විජිත මුනි බයේ දුවන්න ඇති හොල්මනක් කියල (කෞ)
සිංහයෙක් කියන්නේ කකුල් හතරෙන්ද (කෞ)
දෙවියෝ ගැන දැනගන්න පී කේ හින්දි චිත්‍රපටිය බලන්න (කෞ)
දුටුගැමුණු රජතුමා හොරා කාපු බව මම දන්නේ දැනුයි. ඉතිහාසයේ එහෙම කියලා තිබුණාද ? හිටපු රජවරු දුප්පතාගේ දේ හොරා කාල නෙවෙයි රාජ්‍ය පාලනය කලේ. එදා හිටපු ශ්‍රේෂ්ට රජවරුන්ටත් කරන අපහසයක් මේක . (කෞ)
නයෝමි, දැන් ඉතිහාසය වෙනස්. වහල්කම ඉහවහා ගිය රටක මොනවද කියන්න බැරි? (නි)
පරිණත මනසක නොසැලෙන ආත්ම විශ්වාසය. (ර)
ඔබට මාගේ සුබපැතුම්.! (ර)