හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සමග හිටපු වෙළඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු බරපතල දූෂණ හා වංචා විමර්ශනය පිළිබඳ ජනපති කොමිසමට අද පැමිණියේය.
පසුගිය ජනපතිවරණ සමයේ ස්වාධීන රූපවාහිනියේ පළ කළ දැන්වීම්වලට රුපියල් 10,773,058 ක මුදලක් ගෙවීමට ඇතැයි කියන සිද්ධියකට ප්‍රකාශයක් ලබාදීමට ඔවුහු එහි ආහ.
ස්වාධීන රූපවාහිනියේ ගණකාධිකාරිගේ සාක්කියේ පිටපත් රාජපක්ෂ මහතාගේ නීතිඥ ගාමිණී මාරපන මහතාට ලබාදීම සඳහා පරීක්ෂණය අතරමග නතර කිරීමටද සිදුවිය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරදක් කර නැත්නම් මොනවට බයවෙනවද? (නි)
මහින්ද මහතගේ කැත ෆොටෝ දල කඩේ යනවා (අ)
කන්න නෑ. බෙහෙත් නෑ.කන්න නැතිව අම්මල දරුවන් සමග ගඟට මුහුදට පැනල මැරෙනවා...රජවරු,කුමාරවරු,බිසෝවරු ගහපු හතරවරම් ගැහිලි වලට ලංකාවක් ඉතිරි වීම ගැනයි මම පුදුම වෙන්නේ.ලංකාවට දෙවිවරුන්ගේ අල්ල බැල්ම තියෙනවා කියල විස්වාස කරන්නෙත්. (බ)
මම මෙතුමාගේ දේශපානය අනුමත කරන කෙනෙක් නෙමෙයි. නමුත් මෙතුමා මිනි කදු ගොඩගහන එක නැවැත්තුවා. කරුණාකරලා මෙතුමාට පාඩුවේ ඉන්න දෙන්න. මෙතුමාව අපහසුතාවයට පත්කරන එකෙන් වෙන්නේ මෙතුමා වටේ ජනතාව එක්රොක් වෙන එක. ඒක එජාපයට අවාසියක්.(ම)
බලන්නකෝ මේ මුහුණේ හැටි...පුදුම බයකින් වගෙයි ඉන්නේ. (නි)
කරුණාකර මෙතුමාට පාඩුවේ ඉන්න දෙන්න. (අ)
මෙයාගේ මුණ හොර පුසෙක් ගේ වගේ. (ස)
රුපියල් 10,773,058 ක මුදලක් කියන්නේ ගසා කාපු සමස්ත ධනස්කන්දයෙන් 0.0001 කක් පමණයි. (ස)
“ඇවන්ට්ගාඩ් ආයතනය ඒ විතරක් නෙවෙයි. පාර්ලිමේන්තු කතාවේදී තවත් දූෂණ ගණනාවක් එළිදරව් කළා. මිලියන 600ක් වැය කර සිල් රෙදි මිලදී ගැනීම, සී.එස්.එන්. නාලිකාව ආරම්භ කිරීම සහ ක්‍රිකට් ක්‍රීඩා විකාශන අයිතිය එම නාලිකාවට ලබාදීමෙන් රජයේ රූපවාහිනී ආදායම රුපියල් මිලියන 2800ක් අහිමි කිරීම, සිරිලිය සවිය රාජ්‍ය නොවන ආයතනයේ වංචා, ඛනිජ තෙල් නැව් 08ක් ගෙන්වීමේදී රුපියල් මිලියන 1037 ක පාඩුවක් සිදු කිරීම, CWG හම්බන්තොට 2018 නමින් සමාගමක් පිහිටුවා රුපියල් මිලියන 713කට අධික මුදලක් වංචා කිරීම, දිවිනැගුම බැංකු අරමුදල් වංචාව, වරාය අධිකාරියේ වංචාදූෂණ, පුෂ්පා රාජපක්ෂ පදනම, ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරයට රජයේ මුදල් යෙදවීම වගේ විශාල දූෂණ ප්‍රමාණයක් තියෙනවා. ඒත් ආණ්ඩුව ඒ ගැන කතාවක් නැහැ“ අනුර දිසානායක කීවේය. (ස)
තිලක් ලංකාවට ගෙන්න ගත නම් සේරම හොයා ගන්න තිබුන..අපරාදේ මේ රජය මේ තරම් ර කරදර වෙන්නේ. (අ)
දැන් මේවද අපිට කියුවේ කෝ නම් ගම එක්ක කියපු මෙගා ඩීල් ? (අ)
රටටම බොරු කිව්වත් තමන්ගේ හදවත දන්නවනේ අසරණ මිනිසුන්ගෙන් මොන තරම් ධනස්කන්දයක් ගසා කාවද කියල.(ම)
මුහුණෙන් නම් හොඳටම බයවෙලා පාටයි (නි)