(සිඩ්නි රුවන්)
මිහින්තලය අභය භූමිය අසල මුවන් දඩයම් කර මුවන් මැරූ සැකකරුවකු මුව ඔලු 3ක් සහ මුව මස් සමඟ අත්අඩංගුවට ගත් බව කහටගස්දිගිලිය පොලීසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කහටගස්දිගිලිය රන්පත්විල නිවාස 30 ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි අයෙකි.
මෙම සැකකරු තවත් පිරිසක් සමඟ මිහින්තලය පොලිස් වසමේ මිහින්තලය අභය භූමිය අසල මුවන් දඩයමේ ගොස් මුවන් තිදෙනෙකු මරා මස්කර ඔහුගේ මස් කොටස නිවසට රැගෙන විත් ඇත.
කහටගස්දිගිලිය පොලීසියට ලද තොරතුරක් මත නිවස පරික්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී මුව මස් කිලෝ 2ක් සහ මුව ඔලු 3ක් සොයා ගත් බව කහටගස්දිගිලිය පොලීසිය පවසයි.
සැකකරු කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ කහටගස්දිගිලිය පොලිස් ස්ථානධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඊ.එස් අබේසේකර මහතාගේ උපදෙස් මත වැටලීම් අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක ඒ.බී නිමලවංශ මහතාගේ මෙහෙයවීමෙන් සිදුකරනු ලැබේ.
බොහෝ බෞද්ධ ජනතාවගේ විරෝධතාව මධ්‍යයයේ පූජනීය බෞද්ධ ධාතු 300කට අධික සංඛ්‍යාවකින් යුත් පුරාණ එකතුවක්, බ්‍රිතාන්‍යය පදනම් කරගත් සුප්‍රසිද්ධ ලලිත කලා, එකතු
සබරගමුව සරසවි සිසුවාගේ මරණයට ඔහුට නවකවදය දුන් බව කියන සිසුන් සිසුන් සිව් දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය
පළාත් පාලන මැතිවරණයේදී ඡන්ද පත්‍රිකාවේ දේශපාලන පක්‍ෂය හෝ ස්වාධීන කණ්ඩායමේ නම් ඉදිරියෙන් මුද්‍රණය කර ඇති සලකුණ ඉදිරියේ තිබෙන හිස් කොටුවේ කතිර සළකුණ ල
වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අද (4) පස්වරුවේ අග්නිදිග ආසියාවේ විශාලතම බෞද්ධ විහාරස්ථාන වලින් එකක් වන බායි ඩිං (Bai Dinh)
කළුතර මහ නගර සභා අපේක්ෂක බන්දුල ප්‍රසන්න මහතාට නාඳුනන පුද්ගලයකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා රෝහල් ගත කළ බව කළුතර දකුණ පොලිසිය පවසයි.
වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අද (4) පස්වරුවේ හනෝයිහි පිහිටි වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ (CPV) මධ්‍යම කාරක සභා මූලස
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
මිහින්තලය අභය භූමියේ මුවන් මෑරු අයෙක් අල්ලයි
ජිල්බු Friday, 20 December 2024 01:14 PM
ඇයි ගෙවල් 30 හාදයෝ පොලීසියේ කොටස දුන්නැත්තෙ? ඔහොම නොවී තියෙයිද ඉතිං..?
Perera Friday, 20 December 2024 02:03 PM
මොවුන්ගේ නම කියලා කෑ ගහන්න කවුරුවත් ඉඳලා නෑ...
බකල ජයා Friday, 20 December 2024 04:03 PM
තිස්ස හිටියත් මේ පොලීසියෙන් ගැලවෙන්න බෑ.
Sugath Saturday, 21 December 2024 09:20 AM
කෝ දැන් මේ පරිසරවේදීන්? ඔවුන් නීති විරෝධී දඩයම් කිරීම ගැන තැකීමක් කරන්නේ නැද්ද? වඳුරන්ගේ ජීවිත විතරද වැදගත්? මොන විහිළුවක්ද... නීතියේ උපරිමයෙන් මෙම දඩයම්කරුවන්ට දඬුවම් ලබාදීමෙන් එය පූර්වාදර්ශයක් වනු ඇත.