මිහින්තලේ රජමහා විහාරයේ මහ සෑයේ සුදු හුණු පිරියම් කිරීම ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (8) ඇරැඹිණි.
නීතිය හා සාමය දක්ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක, උතුරු මැද මහ ඇමැති පේෂල ජයරත්න ඇතුළු පිරිසක්ද එම අවස්ථාවට එක්වූහ.
මිහින්තලේ රාජමහා විහාරාධිපති වලවාහැංගුණුවැවේ ධම්මරතන නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් වැඩසටහන සංවිධානය කෙරේ.
උත්සව සභාව ඇමතූ ආරක්ෂක රාජ්‍ය ඇමැති කියා සිටියේ 1963 වසරේ සිට තමන්ගේ සීයා හා පියා මිහින්තලේ විහාරයේ ආගමික කටයුතු සමග සම්බන්ධව සිටි බවත් තමාටද ඊට එකතුවීමට ලැබීම පිළිබඳ සතුටක් ඇතිවන බවත්ය.
රජයක් ලෙස ආගමික සිද්ධස්ථාන ආරක්ෂා කිරීමටත් වැඩිදියුණු කිරීමටතකෙටයුතු කරන බව විජයවර්ධන මහතා පෙන්වා දුන්නේය.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුවන් විජයවර්ධන මහත්තයා ඇතුළු සැමට ගොඩක් පින්! (නි)
රටේ සිටිය නව පරපුරේ තරුණ නායකත්වය නන්නත්තාර වුණ දේශපාලුවන්ට ආදර්ශයක් (ම)
සාගල මහත්තයාගේ පියාණනුත් උදාර මනුස්සයෙක්. ඔහුගේ පුතණුවන්ද මේ වගේ උතුම් දෙයකට සම්මාදම්වීම මහා පිනක්. (නි)