
(බී.ජී.චතුරංග සහ දයාරත්න ඇබෝගම)
මිහින්තලේ රජ මහ විහාරස්ථානයේ ලක්ෂ 41ක විදුලි බිල නොගෙවීම හේතුවෙන් එම විහාරස්ථානයේ විදුලි බලය අද (3) විසන්ධි කල බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.
මේ සම්බන්ධයෙන් විමසීම සඳහා අප අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු සමුද්‍රනාථ ජයවර්ධන මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතාද මේ බව තහවුරු කළේය.
මෙරට තුළ බුදු දහම ස්ථාපිත කිරීමේ කේන්ද්‍රස්ථානය වූ, දළදා වහන්සේ, ශ්‍රී මහා බෝ සමිදුන් වැඩම කර වීමට මූලික වූ, මිහින්තලා පුද බිමේ විදුලි බලය අද (3) දහවල් විසන්ධි කළ බව, මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවා හැංගුණවැවේ ධම්මරතන හිමිපාණන් පැවසූහ.
තමා සෘජුව කතා කරන නිසා දේශපාලන නඩය තමන්ගේ ආසනය බේරා ගැනීම සඳහා ශාසනයෙන් පලි ගන්නා බව උන්වහන්සේ මෙහිදී පැවැසූහ.
එහිදී උන්වහන්සේ මෙසේද පැවසූහ.
" මිහින්තලා රජමහා විහාරස්ථානයේ මිහිඳු සෑය ඉදි කිරීම වැනි සංවර්ධන කටයුතු රාශියක් සිදු කෙරෙමින් පවතින මොහොතක තමයි මෙම විදුලිය විසන්ධි කිරීම සිදු කළේ,
ඒ හේතුවෙන් ඉදිරියේදී ජලයත් නොමැතිව යනවා, ධාතුන්වහන්සේලා තැන්පත් කර ඇති ඇති බුද්ධ මන්දිරය, පොලිස් මුරපොල, පුරා විද්‍යා ස්මාරක අක්කර දහසකට වඩා වැඩි මෙම පූජා භූමිය අද ඉඳන් අඳුරේ,
මේ නිසා මිහින්තලාවේ පුරාවස්තු අනාරක්ෂිත තත්ත්වයට පත්වනවා, මෙ භූමිය දඩයක්කරුවන්ගේ රජ දහනක් වෙන්න පුළුවන්. මේ සඳහා ද රජය අද සිට ක්‍රියාත්මක විය යුතුයි. ඒ විසන්ධි කරන්න ක්‍රියාත්මක වුණා වගේ, වගේම පුරාවිද්‍යා අංශ ආරක්ෂකයින් යොදා මෙම පුරාවස්තු ආරක්ෂා කළ යුතුයි.
ඉදිරියට මිහින්තලය වන්දනාවේ පැමිණෙන බැතිමතුන් විදුලි පන්දමක් හෝ හුළු අත්තක් රැගෙන එන්න සිද්ධ වෙනවා සතා සර්පයාගෙන් බේරී මිහින්තලාව වැඳ පුදා ගන්න නම්,
මේ 225 ම, මේ සිද්ධ කරන්නේ ශාසනයෙන් පලි ගැනීමක්, මේ අයට ඡන්දය දුන්නට අපිත් කියන්න ඕන.
විදුලිය විසන්ධි කිරීම හේතුවෙන් විහාරස්ථානයේ හිමිවරුන් මෙන්ම දායක දායිකාවන්ද දැඩි අපහසුතාවයට පත් වෙනවා මේ නිසා, අපි ඉල්ලා සිටින්නේ සංඝාවාස වලට මීටර් සවි කරලා වෙනම විදුලිය ලබා දෙන්න. ඒවා අපි ගෙවා ගන්නම්. ලක්ෂ 35ක් බිලක් ගෙවන්න විදියක් නැහැ. මුදල් නැහැ මෙය අවස්ථාවේ, කරුණාකරලා
නැතිනම් සූර්ය පැනල පද්ධතියක් සවි කරන්න.පින් සිද්ද වෙයි.අපට විදුලි එපා

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකර වාහනයක් විකුණන්න
මෙයා නම් බරපතල ප්‍රශ්නයක් .මෙය ස්ථිරවම විසඳා ගැනීමට අපි කවුරුත් සහය දෙමු
මේ පාපය ඇති .බුද්ධාගම ඔලුව උඩ තියන් එන්නේ චන්දෙ කාලෙට
ඔකෙ විතරක් නෙමේ අනවශ්‍ය විදියට විදිලිය නාස්ති කරන හැම පන්සලක් පල්ලියක් කොවිලක් ඔක්කොගෙම කපල දාන්න ඔනි.
විදුලි බිල ගෙවීම පැහැරහැරීම සම්බන්දයෙන් දේශපාලනය ගාවගන්න එපා. ඒකට ආගම, ජාතිය අදාලත් නැහැ. තමන් පාවිච්චි කල විදුලියට බිල ගෙවන්න හැමෝම බැදී සිටිනවා. විශේෂයෙන් මිහින්තලය වැනි විහාරස්ථානයකට පැමිණෙන බැතිමතුන් පන්සල් ඇවිත් පින් ලබා ගන්නේ නොමිලේද? බැතිමතුන්ව ලයිට් එළියෙන් කුල්මත් කරලා මේ රටේ මහජනතාවට බිල ගෙවන්න කියලද මේ කියන්නේ...? කෝ අනෙක් ආගමික ආයතන වල මේ අදෝනා...? සුළු බැතිමතුන් පිරිසක් හිටියත් ඔවුන් විසින් ඔවුන්ගේ දේවල් කරගෙන යනු ලබනවා. අනුන්ගෙන් සියල්ල පිනටම ලබා ගැනීමට හුරු පුරුදුවී සිටින මේ රටේ බහුතර සිංහල බෞද්ධයින්ට අඩුතරමේ තමන්ගේ ආගමික ආයතනයක් වත් අනුන්ට හෝ රජයට අතනොපා පවත්වා ගන්න බැරිද..? අනුන් කරන දේවල් ලෝකෙට පේන්න ලොකුවට කරන්නත් ඕනා. ඒ උනාට මුදල් වියදම් කරන්නත් බැහැ. කටින් නම් පින් කඳවල්..ලෝකෙට පේන්න තමයි ආධාරත්..තන්හාවෙන් බරවෙලා මැරුණත් බහිරවයෝ වගේ මේ මහපොලොවෙම උපදින්න ප්‍රාර්ථනා කරනෙවා. ලජ්ජා නැද්ද මිනිසුනේ උඹලට....
අපේ හාමුදුරුවනේ, මේ කාලවකවානුව රටේ සෑමදෙනාටම අමාරු කාලයක්. ඊයේ රෑ 12 ඉඳලා ජල ගාස්තුත් අහස උසට වැඩිකරලා. පූජා භූමි නඩත්තු සඳහා රජයෙන් මුදල් දෙනවා කිවුවට උන්ගේ ගෙවල් වලින් ගෙනත් දෙනවා නොවෙයිනේ. ඒකත් අන්තිමට ගෙවන්නේ ජනතාව. මේවාට යන වියදම බලලා ඒවා ලබාගන්න ක්‍රමවේදයක් පන්සල තුලින්ම හදාගන්න සියළුම වියදම් බැරිඋනත්. රටේ පාලකයෝ ආගමික ස්ථාන, ශාස්තෲවරුන් ට හැමදාමත් පහර ගැහුවා. නමුත් මේ කාලයේදී අත්‍යවශ්‍ය ආයතනවල පවා විදුලිය සිඳලනවා රෝහල් වැනි.
සියලුම ආගමික ස්ථානවල තිබෙන ආධාර පෙට්ටි හෙවත් පින් කැට වලට ලැබෙන මුදල් මෙවැනි කටයුතු වලට යොදාගත හැකි නොවේද ?
මිහිදු හාමුදුරුවො ඒද්දි ලයිට් තිබුනෙ නැහැනෙ. දැනුත් නොතිබුනා කියල අවුලක් වෙන්න ඔන නැ. නවතින්න එන බැතිමත්තු ඉන්නව නම් ලාම්පුවක් අරන් එන්න කියන්න.
මෙ නිවුස් එක දැක්ක විතරයි මට අපෙ ගෙදර වතුර බිල වැඩි උනා කියල එකපාරටම අමතක උනා. එ වගෙම තෙල් මිල වැඩි උන එකත් අමතක උනා.
අර පෙරේදා ලග තියාගෙන ධර්මයෙන්,අවවාදයෙන් අනුශාසනා කල වෙන්න ජනාධිපති තුමාට ඕක කියන්න.එයා මේ දවස්වල ඇප.මුදල් ගෙවනවා,පෙරහර වල් කරන්න බාර ගන්නවා,තව.දේවල් කරනවා.ඕකත් ගෙවලා දායි කීවම.
අර බද්රානිගේ වචන බලන්න...