රන්ගිරි දඹුළු රජ මහා විහාර සංඝ සභාවෙන් වසර හයකට පෙර ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ගැන බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ඇතුළු වගඋත්තරකරුවන් සුදුසු පියවර ගත්තේ නම් භික්ෂූණී ශාසනය පුනර්ජීවනය කිරීමට පියවර ගත හැකිව තිබිණැයි ද, එසේ නොකිරීමෙන් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් නිර්දේශ කරයි.
රංගිරි දඹුළු රජ මහා විහාර සංඝ සභාව 2009.10.20 වැනි දින කොමිසමට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළේය.
භික්ෂුණී ශාසනය නොපිළිගැනීම, හැඳුනුම්පත් නිකුත් නොකිරීම ආදී කරුණු කිහිපයක් නිසා ඔවුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බව කියමින් ඉනාමළුවේ සුමංගල රංගිරි දඹුලු පාර්ශ්වයේ මහා නායක හිමියෝ ද, මුල්කිරිගල සීලප්‍රිය මහින්ද්‍රා මෙහෙණිය ද මෙම නඩුව ගොනු කළහ.
බුද්ධ ශාසන අමාත්‍යංශ ලේකම් හා බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් වගඋත්තරකරුවන් කැර තිබිණි.
පිටු 23කින් යුත් කොමිෂන් සභා නිර්දේශය පවසනුයේ මහානායක ස්වාමීන් වහන්සේලා භික්ෂුණී සසුන ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කර ඇති බවයි.
තෛනිකායික සංඝ සභා 31ක් හා මහා නායක හිමිවරුන් 31 නමක් සිටිය දී මෙවැනි ජාතික මට්ටමේ ශාසනික ගැටළුවක් සම්බන්ධයෙන් වගඋත්තරකරුවන් මහානායක හිමිවරුන් සිව්නමකගේ පමණක් අදහස් විමසා කටයුතු කිරීම සුදුසු නොවන බව කොමිසම කියයි.
මෙම ගැටළුව සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය වෙත කරුණු ඉදිරිපත් කර ඒ සඳහා සුදුසු ගිහි පැවැදි විද්වත් කොමිෂන් සභාවක් පක් කර ගනිමින් එම ගැටළුව විසඳීමට අව්‍යශ පියවර ගන්නැයි මානව හිමිකම් කොමිසම වගඋත්තරකරුවන්ට නිර්දශෙ කරයි.
ආගමික සංස්ථාවක දී විසඳාගත යුතු කරුණක් සම්බන්ධයෙන් සෘජු මැතිහත්වීමක් කිරීමට කොමිෂන් සභාව අපේක්ෂා නොකරන බව ද කොමිසම සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උත්තරීතර භික්ෂුණි ශාසනය බුදුන් වහන්සේ විසින් මහා ප්‍රජාපතී ගෝතමිය වෙනුවෙන් ආනන්ද තෙරුන් කළා වූ ඉමහත් ඉල්ලීම පරිදි පිහිටවන ලදී. තවත් ඉදිරියට අවුරුදු 2000 කට වැඩි කලක් බුද්ධාගම පවතින බැවින් භික්ෂුණී සසුනද එතෙක් පැවතිය යුතු බව මගේ හැඟීමයි. (නි)
බුදුහාමුදුරුවො එක තැනක කියල තියෙනවා ශාසනය රැඳිලා තියෙන්නෙ භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා කියන කණු මත කියලා. කාන්තාවන්ට පැවිද්ද ලබා නොදීමට විවිධ හේතු පෙන්වමින් බාධා කිරීම, කාලෙකට ඉස්සර පහළ කුලවල යැයි සැලකෙන පුද්ගලයන් මහණ කර නොගැනීමට කටයුතු කිරීමට සමාන කරන්න පුළුවන්. (බ)
මට නම් හිතෙන්නේ ඒ ඉල්ලීම් ගැනත් අපි සාධාරණව හිතන්න ඕනෑ කියන එකයි. (නි)
අපි බලමු මොකක්ද සිද්ධවෙන්නේ කියලා (නි)
මාලි, දැනට දසසිල් මෑණිවරුන් ලෙස දිවිගෙවන හා සසරින් ගැළවීම අරමුණ කරගත් දහස් ගණනක් සිල්වත් මෑණිවරුන් අපේ රටේ සිටිනවා. (නි)
සමීර සමඟ මමත් එකඟයි (නි)
චන්දිම විජේබණ්ඩාර මහතාට මමත් එකඟයි (නි)
අනවශ්‍ය තර්කකිරීම් පසෙකලා භාග්‍යවතුන් වහන්සේගේ වචනයට ගරුකර ක්‍රියාකළ යුතුය. අදටත් දසසිල් මාතාවන්ට තම ධම්මානුධම්ම ප්‍රතිපත්තියේ යෙදීමේ බාධාවක් නැත. එය මාර්ගඵල නිවන් පිණිසම හේතු වේ. (නි)
නැතිවූ භික්ෂුණී ශාසනය නැවත පිහිටුවන්න මේ හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝද (බ)
කලකදී අපේ නැතිව තිබුණු උපසම්පදාව අපි ගෙනාවේ සියම් රටෙන්. ඒ වගේම අපේ උපසම්පදාවට සම්පුර්ණ පිළිගැනීම තිබෙනවා. එසේනම් භික්ෂුණී ශාසනයද සම්පුර්ණ පිළිගැනීමකට ලක්විය යුතුයි. (නි)
කවුද කියන්නේ භික්ෂුණී සාසනය නෑ කියලාග ඒක ඉතා හොඳින් ගොඩක් රටවල ක්‍රියාත්මකයි. ලංකාවෙන් චීනයට හඳුන්වා දුන් භික්ෂුණී සාසනය එහි තවමත් රැකිලා තිබෙනවා. හොඳට ඇස් අැර බලන්න. අන්ධයන් වගේ බොරු කියන්න එපා (බ)
මාලි,භික්ෂුත්වයට ගෞරවයත් සමගින් අදහස් ඵල කලා නම් හොඳ බවයි මගේ හැඟීම. එය ඔබ අදහන ආගම හා සෙසු ආගම සම්බන්ධව ද එකසේ පුජනිය විය යුතුයි. (බ)
බුදුන් වහන්සේ භික්ෂුණී පැවිදිකම ලබා දුන්නෙ කීප වරක්ම බෑ කියලයි. හේතුව පසුව එය දෙන වෙලාවෙදි කිව්වා භික්ෂුණී පැවිදිකම නිසා සසුනේ ආයු කාලය බාගයකින් අඩු වෙන බව. පසුකාලීනව ලෝකෙම භික්ෂූන් විතරක් ඉතුරු වෙලා භික්ෂුණී සමාජය නැති වුනා. ලංකාවෙ නැතිවෙලා තිබුන භික්ෂූන් නැවත ඇති කලේ තායි, බුරුම රටවල පෙර සිට දිගටම පැවතුන පිරිසිදු ථෙරවාද භික්ෂූන්ගෙනුයි. මුල්කාලෙද් ලංකාවෙන් චීනෙට ගිය භික්ෂුණී අයගෙන් දැන් එහෙ ඉන්නෙ මහායාන වුන අය මිසක ථෙරවාද අය නෙමෙයි. මහායානික සංඟයා සහ ගිහියන් අතර වැඩි වෙනසක් නෑ.