රහුණු කතරගම දේවාලයේ පාරම් පරික කපු මහතකු වූ රංජිත් පද්මසිරි අධිකාරම්ට එම තනතුරේ කටයුතු කිරිම වළක්වාලමින් හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් ඇතුළු තිපුද්ගල විනිසුරු මඬුල්ලක් 2014දී දුන් අතුරු තහනම ඉවත් කිරීමට අගවිනිසුරු කේ ශ්‍රී පවන් මහතා ඇතුළු විනිසුරු මඬුල්ලක් අද නියෝග කළේය.
සෑම වසරකම මායක කාලයක් ඔහුට ප්‍රධාන කපු තනතුරේ කටයුතු කිරීමට අවසර දෙන ලෙස රුහුණු කතරගම දේවාලයේ ලේකම් දයානන්ද අධිකාරීට නියෝග කැරිණි.
රුහුණු කතරගම දේවාලයේ ප්‍රධාන කපු තනතුරේ පාරම්පරික නීත්‍යානුකූල හිමිකම ඇති එකම උරුමකරු ලෙස තමන් ප්‍රකාශයට පත් කරන ලෙස ඉල්ලා රංජිත් පද්මසිරි අධිකාරී මහතා 1997 වසරේදී ගල්කිස්ස දිසා අධිකරණයේ නඩුවක් ගොනු කළේය.පසුව සෑම වසරකම මාසයක කාලයක් කපු තනතුරේ කටයුතු කිරීමට අවසර දෙමින් 2005 වසරේදී එම නඩුව සමථයකට පත් කරන ලදී.
එම සමථය අභියෝගයට ලක් කරමින් එම දේවාලයේ හිටපු බස්නායක නිලමේ ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා විසින් ප්‍රතිශෝධන අයැදුම්පතක් ගොනු කළ අතර පසුව එයද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදී. රංජිත් පද්මසිරි අධිකාරී මහතාගේ පාරම්පරික අයිතීන් පිළිගනිමින් එම තනතුරේ කටයුතු කිරීමටද ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දෙන ලදී.
පසුව රංජිත් පද්මසිරි අධිකාරී මහතාට එම කපු තනතුර ලබා දීමට එරෙහිව හිටපු ජනාධිපති ජ්‍යෙෂ්ඨ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වන පද්මසිරි රාජපක්ෂ ඇතුළු පිරිසක් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළහ.එම පෙත්සම 2014.07.21 දින සලකා බැලු එවකට අගවිනිසුරු මොහන් පීරිස් මහතා ඇතුළු ත්‍රී පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් රංජිත් පද්මසිරි අධිකාරී මහතාට එම කපු තනතුරේ කටයුතු කිරීම වළකාලමින් අතුරු නියෝගයක් නිකුත් කළේය.
රංජිත් පද්මසිරි අධිකාරී අගවිනිසුරු කේ. ශ්‍රී පවන් මහතා ප්‍රමුඛ වෙනත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් අද (28) ඉවත් කරනු ලැබුවේ මෙම අතුරු නියෝගයයි.
රංජිත් කපු මහතාට මෙම නඩුව අතරතුර කාලයේ දී කිසියම් පිරිසක් පහර දුන්හ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් පේනවනේ රාජපක්ෂලාගේ තරම! මේ අයට තවම කඩේ යන මෝඩ රැලක් ඉන්න එකයි පුදුමේ (නි)
තම පියාගේ නඩුව වෙනුවෙන් අනේක විධ වූ දුක්ඛ දෝමනස්සයන් මැඩ ගෙන දශක දෙකක කාල පරාසයක් තුළ අභීතව, අධිෂ්ඨාන පෙරදැරිව ඉතා ඉවසීමෙන් ඉදිරියටම ගමන් කරමින් තම අරමුණ ජයග්‍රහණය කරගත් ඔබටත් , ඔබගේ ආදරණීය පියාටත් පව්ලේ සියලුදෙනාටමත් මගේ ගෞරවනීය ආචාරය පළ කරන අතරම තෙරුවන් සරණ සහ කඳ සුරිඳුගේ ආශීරවාදයත් ආරක්ෂාවත් නිබඳව ලැබේවා!! (හේ)
කඩුවෙල බන්දු ඔබ හරියටම හරි - මේ ඇත්තමයි කියන්නේ - අපේ ගෙදර කුස්සි අම්මාට තියෙනවා ඔය මෙයාට වැඩිය නිතිය ගැන හොඳ දැනුමක් (අ)
මොහාන් පිරිස් දීපු තීන්දු කියක් දැන් අහක දැම්මද? ඔය වගේ මිනිස්සු නඩුකාරයෝ කරපු අයටයි මඩු වලිගෙන් ගහන්න ඕනෑ
මොහාන් පීරිස්ලා ගැන නම් කතාකරලා වැඩක් නැහැ (නි)
මෙම ප්‍රවෘත්තියේ ඉන්නා රාජපක්ෂලා ගානෙන්ම රටට වෙලා තිබුන දේ තේරෙනවා (නි)
එකල තිබුන "නීතියේ ස්වාධීනත්වය“ මැනවින් පැහැදිලි වෙනවා (නි)
අනේ මන්දා දැන් දැන් වෙන දේවල්? (නි)