IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


මහාධිකරණ විනිසුරු මාරුවීම්

මහාධිකරණ විනිසුරුවරුන් සහ සිවිල් අභියාචනා මහාධීකරණ  විනිසුරුවරු 19 දෙනෙක් ජනවාරි පළමු වැනිදා සිට  මාරුකරනු ලැබ සිටිති.

කොළඹ අංක එක මහාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය ගල්කිස්සට

 ගල්කිස්ස සිවිල් අභියාචනා මහාධීකරණ විනිසුරු රෝහිණි වල්ගම මහත්මිය කොළඹ අංක එක මහාධිකරණයට

කොළඹ සිවිල් අභීයාචනා මහාධිකරණයේ විනිසුරු ඩබ්ලිව් ජී නෙළුම්දෙණිය මහතා කොළඹ අංක එක වානිජ්‍ය මහාධීකරණයට

 මහනුවර සිවිල් අභියාචනාධිකරණ විනිසුරු ලියෝන් සෙනවිරත්න මහතා කොළඹ සිවිල් අභියාචනාධිකරණයට 

මහනුවර සිවිල් අභියාචනාධීකරණයේ විනිසුරු  අරුණ රණසිංහ මහතා  කොළඹ අංක දෙක වාණිජ මහාධිකරණයට

මහනුවර අංක දෙක මහාධිකරණ විනිසුරු ආමේන්ද්‍ර සෙනෙවිරත්න මහතා  කොළඹ අංක තුන වාණිජ්‍ය මහාධිකරණයට

කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රීතී පද්මන් සුරසේන  මහතා කළුතර  මහාධිකරණයට

 කළුතර මහාධීකරණ විනිසුරු  අමල් තිලකරත්න  මහතා හලාවත  මහාධිකරණයට

හලාවත මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක ගුණතිලක මහත්මිය කොළඹ  මහාධිකරණයට

කොළඹ මහාධිකරණයේ  විනිසුරු ශිරාන් ගුණරත්න මහතා  රත්නපුර මහාධිකරණයට

රත්නපුර මහාධිකරණ විනිසුරු  මොහාන්  සෙනෙවිරත්න මහතා බලපිටිය මහාධිකරණයට

බලපිටිය මහාධිකරණ විනිසුරු ඒ ඒ ආර් හෙයියන්තුඩුව  මහතා කෑගල්ල  සිවිල් අභියාචනා මහාධිකරණයට 

ගම්පහ  සිවිල් අභියාචනා මහාධීකරණයේ විනිසුරු ශිරෝමී පෙරේරා මහත්මිය කෑගල්ල සිවිල් අභියාචනා මහාධිකරණයට

 උතුරුපළාත් බද සිවිල් අභියාචනා මහාධිකරණ  විනිසුරු  නිශ්ශංක බන්දුල  කරුණාරත්න මහතා ගම්පහ සිවිල් අභියාචනාධිකරණයට

කොළඹ අංක එක වාණිජ මහාධිකරණ විනිසුරු ගාමිණි අමරසේකර මහතා කෑගල්ල මහාධීකරණයට

 කොළඹ අංක දෙක වාණිජ මහාධීකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා  මහනුවර සිවිල් අභියාචනා මහාධිකරණයට

කොළඹ අංක තුන මහාධිකරණ විනිසුරු චමත් මොරයාස් මහතා කොළඹ මහාධිකරණයට

කෑගල්ල මහාධිකරණ විනිසුරු  මේනකා විජේසුන්දර  මෙනවිය මනුවර  සිවිල් අභියාචනා මහාධිකරණයට

බදුල්ල අභියාචනා මහාධිකරණ  විනිසුරු උදය කරලියද්ද මහතා මහනුවර අංක දෙක මහාධිකරණයට



අදහස් (0)

මහාධිකරණ විනිසුරු මාරුවීම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 327 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site