කටාර්හි ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ඩබ්ලිව්. එම් කරුණාදාස මහතා මේ මස අගදී යළි කැඳවීමට තීරණය කර ඇතැයි විදේශ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කීය.
ශ්‍රී ලංකා තානාපතිවරයාගේ ගේ අනවශ්‍ය මැදිහත්වීම් හේතුවෙන් කටාර්හි ජීවත්වන ශ්‍රී ලාංකිකයින් පත්ව ඇති අපහසුතාවයට පත්වීම සම්බන්ධයෙන් කරුණු හෙලිවීමෙන් අනතුරුව ඔහු නැවත ගෙන්වීමට තීරණය කළ බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
මහාචාර්ය ඩබ්. එම් කරුණාදාස ඉකුත් දෙසැම්බරයේ දී තානාපති විය. හෙතෙම කොළඹ විශ්ව විද්‍යාලයේ ඉතිහාසය සහ ජාත්‍යන්තර සබඳතා පිළිබද ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම හොඳ පියවරක් . දේශපාලන සම්බන්ධකම් මත කෙරෙන මෙවැනි තානාපතිවරු පත්කිරීම මගින් සිදුවෙන්නේ ඒ රටවල සිටින ශ්‍රී ලාංකිකයින් අපහසුතාවයට පත්වීම විතරක් නෙමෙයි අපේ රටේ කීර්තියට , ප්‍රතිරූපයට බරපතල හානි සිදු කිරීමයි (ම)
මහාචාර වුනාට සියලු දේ සාර්ථකව කළ නොහැක, මොවුන්ට ඇත්තේ පොතේ දැනුම පමණි (බ)
කොළඹ විශ්වවිද්‍යාලයත් කාපු මිනිහෙක් (බ)
මෙයා දහම් පාසැල නැවැත්තුවා,මු අහනවා කොහෙද දහම් පාසැල පටන් ගන්න පෙර පුජාවක් පවත්වන්නේ කියල මේ වගේ අය එවල ශ්‍රී ලාංකිකයන්ට තියන තැනත් නැතිවෙනවා. මේ වගේ අය එවන්න ඉස්සර වෙලා මු වගේ එකෙක්ට තානාපතිකම කරන්න පුළුවන්ද බලන්න ඕනේ. (බ)
මෙයා කාලෙක ඉඳලම යූ එන් පී එකට හොඳට කඩේ ගියා. දැන් තේරෙනවා නේද මෙයාගේ මොලේ තරම. (බ)
කොහොම පුද්ගලයෙක් ද නේ (බ)