යුද්ධය අවසන් කරමින් වැදගත් කාර්ය භාරයක් කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපති මහින්ද රාජපක්ෂ මහතා සිය ධුර කාලය වැඩි කර ගැනීමෙන් පක්ෂයට බරපතල හානියක් සිදුවීයැයි කොළඹ විශ්ව විද්‍යාලයයේ මහාචාර්ය සරත් විජේසූරිය මහතා ශ්‍රීලනිප මහා සමුළුවේ ආරාධිත දේශනය පවත්වමින් කීවේය.
එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක මහතාගේ සිට වත්මන් නායක මෛත්‍රීපාල සිරිසේන දක්වා ශ්‍රීලනිපයේ නායකත්වය දැරුවන්ගේ සමයේ පක්ෂයට වූ සුබ සිද්ධිය ගැන ඔහු කතා කළේය.
මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේ රටේ යම් කාර්ය භාරයක් වූ බවත්, යුද්ධය අවසන් වූයේ ඔහුගේ කාලයේ බවත් කී විජේසූරිය මහතා රාජපක්ෂ මහතා තම ධුර කාලය වැඩි කර ගැනීමෙන් පක්ෂයට අවැඩක් වූ බව කීවේය.
තමා ධුර කාලය වැඩි කර ගැනීම ගැන විජේසූරිය මහතා කියද්දී රාජපක්ෂ මහතා සිනාසෙමින් ජනපති දෙස ද බැලුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෙළින් කතාකිරීමම ලොකු භාග්‍යයක් විජේසුරිය මැතිතුමනි (නි)
ඔහොම කතාකරන්න එපා මහත්තයෝ (නි)
අපේ ඉතිහාසය කියවනකොට රජ කාලෙත් කේවට්ටයෝ ඉඳල තියෙන බව පෙනෙනවා. (ම)
නිතිය හැමට එකසේ සැළකුව හොත් ඊට පස්සේ වැරදි එළිවෙන්න ගත්තහම හැංගෙන්න තැනුත් නැති වෙයි. තව ටික කාලයක් ඔහොම එළිපිට ඉන්න පුළුවන් වෙයි. මොනවා වුණත් හිතට එකඟව තමුන් කළ කී දෑ ගැන හා ඒවායේ ප්‍රතිළුල ඇස පනා පිට දැක ගන්න පුළුවන් අන්ධ භක්තිකයන්ට ඉදිරියේදී.(ම)
මහාචාරය තුමා මොනවද අනාගත බලාපොරොත්තු (ම)
පිවිතුරු කට්ටිය කොහොමත් ඔහොම තමියි හැමෝටම නෙමි යහපාල සුළු පිරිසකට (ම)
ඒ වුණත් අපි නම් දැක්ක විදිහට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට තිබුන පිළිගැනීම වෙන කාටවත් තිබුනේ නැහැ ඊයේ නිදහස් පක්ෂ සමුළුවේ... (නි)
නින්දා ප්‍රශංසා හැමදේම ඉවසන්න පුරුදුවෙන්න ඕනෑ (නි)
අදටත් යුද්ධයෙන් මිනිස්සු බැට කෑවා නම් අදටත් මිනිස්සු තේරුම් ගනීවි මහින්ද මහත්තයාගේ අගය. දැන් ඔය ලොකු කතා කියන කාටවත් බැරිවුණානේ යුද්ධය අවසන් කරන්න. (නි)
කලින් කලට එක එක වීරයෝ එළියට එනවා (නි)
කතාව ඇත්ත නම් ඒක කියන්න බය වෙන්න ඕනෑ නැහැ. (නි)
ටොක්කකුත් ඇනලා කණත් මිරිකුවා නම් තමයි හොඳ!!! (නි)
මහින්ද මහත්තයා මේවට සැළෙන්නේ නැහැ (නි)
යුද්දෙන් මිනිස්සු දහස් ගණනින් මැරෙනකොට නිශ්ශබ්දව හිටපු අය කියන දේවල් මිනිස්සු සත පහකට ගණන් ගන්නේ නැහැ (නි)
මහින්ද මහත්තයා කියන්නේ නොසැළෙන උදාර චරිතයක් (නි)
ඕවායෙන් සැළෙනවා නම් ඔතනට එන්නේ නැහැනේ. (නි)
විජේසුරියට අමතකවෙලා, එතන හිටපු සේරම දෙනා, ජනාධිපතිත් ඇතුළුව මහින්දගේ දුරකාලය දීර්ඝ කිරීමේ 18 සංශෝධනය අනුමතකල අයයි (අ)
පක්ෂය වැටිලා තියෙන තත්ත්වය,මෙයාට වඩා උගත්,පැරණි සාමාජිකයකු එතන ඉදලම නැද්ද (අ)
මහින්ද මහත්තයා ඔයවගේ කතා එදා ඇහුවෙත් නැහැ.අද අහන්නෙත් නැහැ.එයාට කාගෙවත් උපදෙස් ඕනෑත් නැහැ. හැබැයි ඇහුවා නම් ඔහොම වෙන්නෙත් නැහැ (නි)
දැන් ලොකු කතා කියනවා. මමත් කොළඹ කැම්පස් ගිය කෙනෙක්. කලින් නම් කිසිම සද්දයක් තිබුනේ නැහැ. (නි)
අපිත් එයාගෙන් ඉගෙනගත්තා. කවුරුත් දන්නවා හැටි.අනිත් අයට අැඟිල්ල දික්කරන්න කලින් තම තමන් දිහා බැලුවා නම් හොඳයි නේද? (නි)
එතුමා නොසැළෙන චරිතයක් කියලා අමතක වුණාද? (නි)
රජ මැදුරේත් අඟුපිලේත් හොඳින් නිදන, හැදී ගෑරුප්පුවෙන් මෙන්ම කෙහෙල් කොළෙත් කන්න දන්නා, දිනුවත් පැරදුනත් ඒ සියල්ල සම සේ සිතන, අනුන්ගේ ජයේදීත් සුබපැතුම් එක්කරන, හතුරුකම් කළ අයට වුව මුහණ දී සිනාවෙන අව්‍යාජ ලොව උතුම්ම නායකයා මම දකින .... (නි)
කවුරුත් බලය ඇතිදා සැළකුවට නැති දා මඩගහනවා. මොනවි වුණත් අපි අද නිදහසේ ඉන්නේ යුද්ධය අවසන් කළ නිසා. එහෙත් දැන් යුද්ධයක් තිබ්බද කියලත් කාටවත් මතක නැහැ. ඇත්තෙන්ම අපි ඔහුට ණයගැතියි. (නි)
සෑම නිවසකම නගරයකම පිළිම තනා ගරුබුහුමන් කළත් කමක් නැහැ මහින්ද මැතිඳුන්ට. ඔහු සදා අමරණීය චරිතයක් (නි)
ඉස්සර ඔහොම කතාවක් කළා නම්... (නි)
ඉනෝකා, විසිවෙලා ඉන්නකොට තව මොනවා සැළෙන්නද? (නි)
මෛත්‍රී, රනිල් යහපාලනය නිසා මහින්ද සහ එවක හිටපු පාලකයෝ සැලුනා. නැත්නම් බලන්න තිබුණා ඔවුන්ගේ දුර්දාන්ත දේශපාලනය! (නි)
ඕවායෙන් සැළෙනවා නම් ඔතනට එන්නේ නැහැ. (නි)
මහාචාර්යවරුන්ට පොතේ වැඩ මිසක් රටේ වැඩ බැහැනේ. ඒ අය දේශපාලනයට ආවොත් නිසැකයෙන්ම රට කාබාසිනියා වෙන්නේ ගින්නට පුළුන් දැම්මා වගේ (නි)
ඔබතුමා වගේ අය මෙරටට සම්පතක් (නි)
මෙය එක අතකට පල නොකියා පලා බෙදීමක්. අනෙක් අතට ඉල්ලාගෙන කෑමක්. බලයට කෑදර වුණහම ලැජ්ජා වෙන්න වෙනවාමයි. (නි)
'යුද්ධය අවසන් වුයේ' කියන කියමනින්ම පක්ෂග්‍රාහීබවක් පෙන්වනවා. යුද්ධය අවසන් කළේ පසුව විරසක වුවත් මහින්ද රාජපක්ෂ මැතිතුමා හා ජෙනරාල් සරත් ෆොන්සේකා යන සුසංයෝගය පිටිපසින් වූ අතිදක්ෂ යුධ සෙනෙවියන් රැසකගේ සහභාගිත්වයෙනි.අති පණ්ඩිතයෝ ඒ දණ්ඩෙන් නොගොස් ඇළට බැස එගොඩ වෙති. එහෙත් අමුඩය තෙමෙන බව නොදනිති (නි)
අපි නොදන්න කට්ටිය! පිරුණු කළේ දිය නොසැළේ (නි)
රටක් වටිනා මේ රුහුණු පුතාට ,රට ගොඩගත් මේ විරුවාට පසුගිය දින වල මොනතරම් හොරා කියමින් නිගරු කළාද? (නි)
කමක් නැහැ. යුද්ධය ඉවර කළානේ. (නි)
මැතිවරණ කාලයට එක විදියක්.දැන් තව විදියක්. මේක තමයි දේශපාලනේ හැටි (නි)
මහින්ද තණ්හාවට කාලය දික්කර ගත්තේ නැහැ. එතුමා සොයාගෙන මිනිසුන් ගියා. (නි)
ඔව් නිරුල්, පහුගිය මැතිවරණයේදී පුදුම ජන ගංගාවක් එතුමා සොයාගෙන ගිය නොවැ (නි)
එතුමා මේ ප්‍රකාශයෙන් අපහසුතාවයට පත්වුණා වෙන්නත් පුළුවන් (නි)
අතුල වගේ කෙළෙහිගුණ නොදන්නා අය ඔහොම තමයි හිතන්නේ. අවුරුද්දක් දෙකක් යනකොට තේරේවි මහින්ද මහතාගේ වටිනාකම. අද බය නැතුව පාරේ යන්නේ එතුමා 2005 සිට රටේ නායකයා වුණු නිසා. අද වුණත් මහින්ද කාගෙන්වත් ටොකු කන්නේ නැහැ. ඇත්තටම ටොක්කක් ඇන්නොත් ප්‍රතිචාරය බලාගන්න පුළුවන්. අපි ඒක මුල්කිරිගල ඡන්දෙදි වගේම 1994 දකුණු පළාත් සභා ඡන්දෙදිත් දැක්කා. අසාධාරණයට විරුද්ධව නැඟීසිටි නියම නායකයෙක්. (නි)
ඇත්ත කතාව (නි)
කොහොමද බලන්න ඒකෙත් හැටි... (නි)
විජේසුරිය මහත්තයගේ මේ වදන් අපිට අරුමයක් නෙමෙයි.හැමෝටම වගේ පෙනෙන විනාශය මහාචාර්යතුමා දැකලා නැහැ වගෙයි (නි)